Cherreads

Chapter 8 - 08

මයුර...මයුර...කොල්ලො...

කොල්ලො.....

අ...අප්....අප්පච්චි .....

උඹට මොකද...?කමනි...මේ කොල්ලගෙ ඇග රස්නෙයිනෙ...මූ ඊයෙ ගෙදර ආවෙ නාගනද?

මං උන්නෙ මේසෙ උඩට ඔලුව ගහගන....ඒත් මම විතරයි ... එයා කෝ...එයා නෑ...charli charli are you here?එයා කිව්වෙ එච්චරයි ....එයා ඇහුවෙ මේක ටිකක් සෙල්ලම් කරමුද කියලා...මේක....මේ මොන මගුලක්ද...

කොල්ලො....උඹට උනද....කෝ බලන්ඩ උඹගෙ නලල....

අප්පච්චි කියවනවා.....අම්ම එහෙන් මගෙ නලලට අත තියලා ඇග රස්නෙයි ඇග රනෙයි කියනවා.....

අප්පච්චි ....කෑම එක.....

උඹ යන්ඩ ඕනෙ නෑ ඉදපන් මං ගිහින් දීලා එන්නම්

න්...න්න්..නෑනෑ...අප්පච්චි මං යන්නම්....මං යන්නම්

උඹට සහලවලා උණ.....

අප්පච්චි මාව නවත්තන්න හදනවා...එයා ගිහින් කෑම එක දෙන්නම් කියනවා....අර යකා මට සිහිය එන්නත් කලියෙම්ම උගෙ බහුබූත කොලෙ තියලා ගිහිල්ලා...

මාර මිනිහා තමයි....මට මතකයි...මාව වැටුනෙත් ඒකගෙ ඇග උඩට.....එච්චර වැටුන එකා මාව දාලා හරියනවද.....ඇරත් මං නොයා කොහොමද ....අප්පච්චි කොහොම යන්නද.....අර ගෑනි.....අර ගැනි ඉන්නවා.....නෑ..නෑ....අරුන් පව්...කල්පනයගෙ අතත් කඩන්ඩ හදපු ගෑනි.....අප්පච්චිට කොහොමත් මල් පේන්ඩ බෑ.....ගලවපන් කොල්ලො ඔක්කොම කියලා කිව්වොත් අප්පච්චි ගෙ බෙල්ල අනිත් අතට හරවයි ..

න්..නෑ...අප්පච්චි ...ම..මට පුලුවන්

මං නැගිට්ටා...මගෙ ඇගට පන කියන නාමයක් නෑ......මගෙ ඔලුව පුපුරන්ඩ තරන් වේදනයි ....

උඹට පුලුවන්ද .....අප්පච්චි හුප්පච්චි ගගා නැගිටගත්තට උඹට කෙලින් ඉන්ඩ බෑ....මෙන්න මෙහෙ ඉදපන් මං ඕක දීලා උන් එක්ක ගිහින් සුද්ද බුද්ද කරලා එන්ඩ....නැවතියන් නැවතියන්....

නෑ නෑ...අප්පච්චි ...මට පුලුවන් ..මට පුලුවන් .....

ඇත්ත අප්පච්චි කිව්වා මට කෙලින් කටින් ඉන්ඩ බෑ.....ඒත් මට නොයා කොහොමත් බෑ....මේසෙ උඩ තිබුන කොලේ හතරට නවලා සාක්කුවෙ ඔබා ගත්තු මන් අම්මා බැදලා තිබුන බත් පැකට් ටික බෑග් එකට ඔබා ගත්තා....

අම්මා....උදාරයා ඉල්ලුවෙ ඌරු මස්.....

දැම්මා...ඔය වෙනම තියන උරෙ තව හොදි මාලු පිනි ඇති....

ෆිජ් එක ගාවට ගියපු මං ඒ බෑග් එකටම තව බියර් කෑන් දෙක තුනක් දාගන එලියට එන්න ආවා....මගෙ පස්සෙන්ම අප්පච්චිත් එලියට ආවා.....

හෙමින් පලයන් රේස් නොගහා...උඹට කිව්වට අහන්නෙත් නෑ.....මෙහෙවරෙන් ඕක තව තද කරන්ඩ...

හෙල්මට් එක දාගන්න මගෙ ගාවට ආව අප්පච්චි හෙල්මට් එක තවත් ටිකක් තදකරලා රේස් නොගහා පලයන් කියනකොට මන් එන්න ආවා....

පාරෙ වාහන එකා කාරෙට.... එහෙන් යනවා..මෙහෙන් යනවා .. ඒ අස්සෙජ් මගෙ ඔලුවම කරකවනවා.....අප්පච්චි කිව්ව වගේම මට සහලවලා උන කියන්නෙ මගෙ ඇස් වලින් ගින්දර පිටවෙනවා....

මාරවිල හන්දිය පහුන්කරන් සෑහෙන දුරක් ආව මං එහෙම්ම බයික් එක මාදම්පෙ ඇතුල් පාරට හැරෙව්වා...ඇති යන්තන් ..මෙතන ඉදන් පාර පාලුයි....ඉදලා හිටලා යන නවසිය හතක් ඇරුනම සාමාන්‍ය විදිහට මේ සිල්වර්ටවුන් පාර පාලුයි වගේම ටිකක් අදුරුයි.....

මට නිකන් කලන්තෙට වගේ.....නිම්න....නිම්න මගෙ දිහා බලලා හිනා උන හැටියි.....අර කොලේ මගෙ දිහාවට දික් කරපු හැටියි මට ආය ආයම මතක් වෙන්න ගත්තා.....

එක්කො...මට වචනයක් කතා කරලා යන්න ඉන්න එපැයි...මොන මගුලටද නිම්න උඹ ගියෙ.....

මං උඹගෙන් නිම්නා කියන්නෙ උඹගෙ කවුරු හරිද ඇහුවා...ඒත් උඹ නෙවෙ මට උත්තර දුන්නෙ.....

උඹ එනවා....විකාර දෙයක් මගෙ ඔලුවට අතාරිනවා...ආපහු යනවා...

ඇත්තටම උඹට විකාරද නිම්න....උඹට විකාරද...උඹට සහලවලම පිස්සුද නිම්න???

මං නිම්නට බැන්නා...උන විකාරෙන් වගේ උන්න මං නිම්නට බැන්නා...හැබැයි ටික දුරයි...මට සිල්වර්ටවුන් පාරෙ යන්න හම්බ උනේ ටික දුරයි.....

තුන්මන් හන්දියෙ තිබුන ඊයෙ පෙරේදාවක නටාපු තොවිලෙක පෙරේත තටුව පහු උනා විතරයි මගෙ හැන්ඩ්ල් එක එකපාරම කැපුනා....මං හිතලා හැරෙව්වෙ නැති උනත් බයික් එක කැපිලා ගියා....කෙලින්ම පාරෙනුත් පිටට.....අගලට...අගලට කියන්නෙ ඊයෙ පෙරේදා කානු කැට බස්සවන්න හදාපු කානුවට....

ඒ එක්කම බයික් එකෙ පිටිපස්සෙ ශීට් එක බර උනා......හරියටම කවුරු හරි ඉදගත්තා වගේ...

ඔව්...ඒක මට දැනුනා.....උන හන්දා දැනෙන විකාරයක් කියලා හිතන්න පුලුවන් උනත් හැන්ඩ්ල් එක පාරෙන් පිට කැපෙනවත් එක්කම ශීට් එකට බර උන මොකා උනත් එක පාරම මගෙ අතත් සීතල කරවගන ආපහු හැන්ඩ්ල් එක අල්ලන් අයාලෙ යන්ඩ ගියපු බයික් එක හරි පාරට ගත්තා....තත්පරයක් ගියෙ නෑ.....මගෙ වම් උරහිස සීතල වෙලා ගියා....ගින්දර වගේ උන ගැනිලා උන්න මගෙ සර්වාංගෙත් එක්ක සීතලම සීතල වෙලා යනව එක්ක ආයම මට කලන්තෙට වගේ ආව..

ආයම මගෙ ඇස් පිය වෙන්න වගේ ආවා...උරහිස උඩට දැනෙන සීතල හීමින් නැති වෙලා ගියා උනත්..ඊලග පාර ඒ සීතල හැන්ඩ්ල් එක උඩ තිබුන මගෙ අත් දෙකඋඩට තවත් කවුරු හරි අත් දෙකක් තිබ්බා...

සීතලයි.....

මගෙ පිට අල්ල සීතලම සීතලයි....

අනේ..දෙවියනේ...

මගෙ උරහිස....මුලින්ම සීතල උනෙ මගෙ අත්වල පිට අල්ල උනත්...ඊලග තත්පරේදි ආයම මගෙ වම් උරහිස සීතල වෙනවා මට දැනුනා..... පස්සෙ...පුට කොන්ද.....අවසානෙදි මගෙ සර්වාංගෙම ....

දෙයියනේ...ඒකා මගෙ ඇගට හේත්තු උන...

ඒක හරියටම කියනවා නම්.....බයික් එකේ පිටිපස්සෙන් එනකෙනා එලවන් යා කෙනාගෙ උරහිස උඩ නිකට තියන් යනවා වගේ දෙයක් වෙනකොට බය උන මගෙ අතපයත් එක්ක වෙව්ලන්න ගත්තා.....

අනේ දෙයියනේ ....ආයමත්...ආයමත්....

ඇයි....ඇයි...

ආයම....ඇයි...

මටම වෙන්නෙ ඇයි...

මොන හේතුවටද....මටම....

ඒ අත්වල...සීතල.....ඊටත් ..අනේ...ඒකා ඉන්නෙ මගෙ ඇගට ඇලීගන...

මට බයික් එක නවත්තනවා තියා කට ඇරලා බයට කෑ ගහගන්නත් බෑ..කොටින්ම මගෙ උගුර කට මේ හැම දේම වේලිලා ගියා.....

හරියටම මහ රෑට නිදාගන ඉන්නකොට හීනෙන් වගේ කවුරු හරි අපේ ඇගට නැග්ගා වගේ....

ඒක දැනුනත් ඇස් ඇරලා කෑ ගහන්න බෑ වගේ.....

මහ රෑ දකින මූසල හීනෙකදි අපිට කෑ ගහගන්න වත් උදව් ඉල්ලන් දුවන්නවත් බැරිව අපේ සර්වාංගෙම අඩපන වෙලා යනවා වගෙ...

මාව සම්පූරනම අඩපන වේගන ආවා....

ඒකා ඉන්නවා...තවම ඉන්නවා..මගෙ ඇස්ලේටර් එක උඩ තියන අත ඒකට ඕන විදිහට මිරිකනවා....ඇර්ලා යාගන්න ඕන උනත්...මට යාගන්න බෑ....

ඒකා තවත් මට ඇලෙනවා....

තවත් මට ඇලෙනවා අවසානෙදි මගෙ කන් පෙත්ත සීතල කරගන ඒකා කතා කරන්න ගත්තා.....

"පරිස්සමින් මොකද ඔච්චර වේගෙන් ...."

 ක්...ක්....

මට ගොත හැහුනා...පරිස්සමින් ..මොකද ඔච්චර වේගෙන් කියපු එකා කරන්නෙ බයික් එකෙ පාලනේ ඒකගෙ අතට ගත්තු එක වෙනකොට කව්ද කියලා අහගන්නවත් මට කට පන නැතිව ගියා.....

"මේක හයිවේ එක නෙවෙ..."

උ...උ.....ඹ.....ක්...කව්...ද...කියපන්...

" ගොත නොගහ ඉස්සරහා බලපන්....ඔච්චර මෝඩධ් උඹ පස්ස හැරිලා බලන්නෙ.... මෝඩයා..තව ටිකෙන් අගලෙ උඹ"

තටමලා තටමලා...කොහෝම හරි මං කතා කරගත්තා...උඹ කව්ද කියලා අහන ගමන් පස්ස හැරිලා බැලුවත් එක්කම බයික් හැන්ඩ්ල් එක ආපහු කැපුනා.....පිටිපස්සෙ උන්න එකා මට බනින්න ගත්තා.....

හරියන් නෑ...මේක නම් හරියන්නෙම නෑ.....මේ මගුල හන්දා මාව දැන් බය වෙලා මැරෙනවා....

මේ මගුල මට තවත් කරන්න බෑ දෙයියනේ ...මොන මගුල කරාද මගෙ පස්සෙන් එන්නෙ...මං මොන මගුලක් කෙරුවටද...ගෙදර ඉන්ඩත් නෑ....වෙන ගෙදරකට යන්ඩත් නෑ....අනේ දෙයි හාමුදුරුවනෙ....මට පාරෙ බැහැල යන්ඩත් දැන් සැනසීම නෑනෙ.....

" ඇතුලෙ මොනවද තියෙන්නෙ.....??"

මං උන්නෙ බයෙන් ගැහි ගැහි.....ගෙදර ඉන්න ගෑනි හිතු මනාපෙට මට ගහනවා....මං ඔච්චර වැස්සෙ නානවා...ඒත් ..අද වෙනකන් මට ඉහෙන් බහින ලෙඩෙක් තිබුන් නෑ....

ඒත්...අද.....මට සහලවලා උන...මෙ ඔක්කොම...අර යක්සනී හන්දා...මේ ඔක්කොම අර යක්සනී හන්දා....

ඒ අස්සෙන් පිටිපස්සෙ එකා අහනවා ඇතුලෙ මොනවද කියලා....නාගන්ඩ නෑ එකියෙක් හොරෙන් බලනවා..ගෙදර ඉන්ඩ නෑ මහ එකී මාව කනවා....

දැන් පාරෙ එන්ඩ බෑ මිනිහෙක් මගෙ බෙල්ල කනවා...

ඒ අස්සෙන් ඇතුලෙ තියෙන්නෙ මොනවද අහනවා..බිජ්ජ...බිජ්ජ...ඇතුලෙ තියෙන්නෙ උඹගෙ බිජ්ජ.....ඇයි යකො.....

බ්බ්....බ්....බත්.....

මං ගොත ගැහුවා.. හිත යටින් බිජ්ජ බිජ්ජ ගගා උන්න මං බත් කියලා ගොත හැහුවා.....මූ අර පෙරේත තටුව ගාව උන්න එකෙක් වත් දෝ.....????

" බත් කියන්න දන්නවා..මං අහන්නෙ.....පිලී ජාති....."

 මං හිතන්නෙ මං හිතුවා හරි....මූ අර පෙරෙත තටුවෙන් ආව එකෙක්...බඩජාරියෙක්ද කොහෙද...එතනත් ගිලලා ගිලලා පාඩුවෙ යන මාවත් අල්ල ගත්තා....

අනික මුගෙ සැර.....ලොකු කම.....බය කෙසේ වෙතත් හොම්බට අනින්ඩ හිතෙනවා..බත් කිව්වම ඌ ඒක දන්නවලු...ඒක දන්නවා නම් අනිත් ඒවත් දැනගන්ඩ එපැයි...

මේක මගෙ කරුමෙ.....මේක මගෙ කරුමෙ....සංසාර කරුම ගෙවෙන්ඩ ගත්තම...හොලමනුත් පස්සෙ පස්සෙන් එනවා...එච්චරයි ....!

අනේ...ඇයි යකෝ....

වෙන උන්ට මේ කාලෙට විදින්නෙ මල් සරා...අනේ දෙයියනෙ ලබන්නෙ සිකුරා...අනෙ..දෙයියනෙ...මට....මට...මට වහ වැටෙන්නෙ හොල්මන්...ලබලා තියෙන්නෙ සෙනසුරු....

අප්පච්චිට කියන්න ඕනෙ කොල්ලට සෙනසුරු ලබලා සෙනසුරු අපලෙට හරියන්න බලු කපුටු දානයක් දෙන්න කියලා ..ඇයි දෙයියනේ...නැත්තන් මේ ආත්මෙට අප්පච්චි ට ලේලියෙක් අතින් බත් කටක් කන්න වෙන්නෙ නෑ.....

මල් සරා තාම මට විද්දෙ නැත්තෙ ඌට මට විතරක් විදින්න ඊතල නැද්ද කොහෙද .....

මල් සරා උඹත් ඇවිත් මහ බේසිකයෙක් පගො ......යන්තමින් හරි කාට හරි හිත ගියොත්....එක්කො ඒකි අන්සතුයි...නැත්තන් ජනසතුයි.......මං හිතන්නෙ...මගෙ මල්සරා ඇවිත් මැරුන එකෙක්...ඒකයි මගෙ පස්සෙන් හොල්මන් අවතාර එවන්නෙ.....

තත්පර ගානක් යනකන් මීක් සද්දයක් නැති උනා....හැබැයි මගෙ පිටිපස්සෙන් උන්න එකාගෙනුත් මීක් සද්දයක් නැති උනා හැබැයි ඒකා තාම මගෙ ගාව ඉන්නවා...ඒ සීතල එහෙම්මයි.....මගෙ අත් දෙක උඩ තිබුන අත් දෙකත් එහෙම්මයි....

හැබැයි ...ඒ ටිකකිම්ම ඒකා ආයම මට බනින්න ගත්තා...

"බැදපු මාලුයි...ඌරුමසුයි...උඹ දන්නෙ නැද්ද ඕකට දෙහි ගෙඩියක් වත් දාගන එන්ඩ...නැත්තන් අගුරු කෑල්ලක් වත්....මග කැරකොප්පුවක් තියනවා...ගිනි පූටක මද්දහන..."

 උ...ඌව්හ්.....අ..අනින්..නේ...උඹලා...ඔක්කොම...මට අනිනවා...මේ..මොන...රෙද්දක්ද.....යකො....

 බැදපු මාලුයි ඌරු මසුයි.....ඒකා ඒක හොයාගන....හොයා ගන්න පුලුවන් නම් ලබ්බටද අහන්නෙ...බැදපු මාලුයි ඌරු මසුයි කියපු එකා මට ඇන්නා...ඇන්නා කියන්නෙ මගෙ උරහිසටම ඒකා ඇන්නා...දෙහි ගෙඩියක් අගුරු කෑල්ලක් ඔබාගන එන්න බැරිද අහන ගමන් ඒකා මට බැන්නා....

දැන් එතකොට .....ඒකත් හොල්මනක්නෙ...අනේ..ඇයි දෙයියනේ....හොල්මනකගෙන් බෙරෙන හැටි උගන්නන්න මට හොල්මනක්ම එව්වෙ.....

ඒකා මට බැන්නා ඇන්නා....කැරකොප්පුවක් තියනවා දැන දැන ඇයි බැදුම් අරන් ආවෙ අහ අහ ඒකා මට පුලුවන් තරම් ඇන්නත් එක්කම ආයමත් ගැහුවා ...

"උඹ බොන එකෙක්ද.....??"

ම්..මේ මොන...රෙද්දක්ද යකො...මොන රෙද්දක්ද.....තොපි ඔක්කොම අනින්ඩයි ගහන්ඩයි.....එන්නෙ මං මොකෙක්ද ???ඔව් ම්ස්න් බොනවා....මං බොනව කියන්නෙ නානවා...මං බේබද්දෙක්....ඔව්....ඇයි....මට මේ මගුල දැන් ඇති වෙලා....

මට මීට වඩා නම් ඉවසන්න බැරිඋනා....ඒකා මගෙ තාත්තා වගෙ ඇන ඇන කියවලා මදිවට උඹ බොන එකෙක්ද අහලා ආයමත් අනිනවා එක්කම මගෙ බෙල්ල අනිත් අතට හැරෙව්වත් කමක් නෑ කියලා මේ පාලු පාර මැදම මං කෑ ගැහුවා .....

"උඹට බොන්න පුලුවන්ද ඉතින්...හිනා යනවනෙ බිව්වම....??'

මට මොකක්ද වෙලා ගියා...උඹට බොන්න පුලුවන්ද අහපු එකා ඊලග පාර කින්ඩියට බිව්වම හිනා යනවනෙ ඇහුවා ....ඔව්....මට බිව්වම හිනා යනවා..ඒත්....මං ලගකදි බිව්වෙ නෑනෙ....මූ දන්නෙ කොහොමද ...

සැකයි....දැන් නම් සැකයි...තරුන කටහඩක් තිබ්බට මේකා අපෙ අප්පච්චිගෙ තාත්තා වත්ද.....මං සීයගෙ පරන අරක්කු වත් තොල ගෑවෙ නෑනෙ.....

ස්..සියේ ....මේ උඹද....???

ඈ සීයෙ...මේ උඹද කියහන්කො.....සුමතිපාල ...මේ අපෙ අප්පච්චිගෙ අප්පච්චිද....??

සීයා උනත් දැන් හොල්මනක් නෙ වැඩිය ගරු නම්බු දීලා කතා කෙරුවොත් මගෙ ඇගට වහයි කියන බයට මං සීයට උඹ කියලා කතා කෙරුවා ...හැබැයි සීයා නෙවෙ උත්තර දුන්නෙ....සීයා නෙවෙ වචනයක් කිව්වෙ... .

කැරකොප්පුව පහු උනත් එක්කම එකපාරම බයික් එකෙ තිබුන බර සම්පූරනම හෑල්ලු වෙලා යනවත් එක්කම මාව හිරි වැටිලා ගියා.....

මේක නම් මහ කරුමයක් උනානෙ...ගෑනු මදිවට දැන් අප්පච්චිගෙ මහ තැනත් එනවද ??ඒත්.....කටහඩ....???

මං මගෙ ඔලුව දෙපාරක් තුන් පාරක්ම දෙපැත්තට වැනුවා...හරියටම නැති හොද සිහිය ආපහු ගන්න වගේ ....

තව චුට්ට දුරයි.... අනේ අම්මෙ ....ගිය ගමන්ම මං නම් වැටිලා බුදියනවා...මගෙ ඔලුවත් එක්ක බර වෙලා...

බලු බල්ලෙක් නැති සිල්වර් ටවුන් පාරෙ තට්ට තනීයම කියව කියව ආව මං එකම වෙගෙන් ආව මං ආයම බයික් එක ස්ලෝ කෙරුවා ....

නිම්න....

ඔව්මයි....නිම්න මොකද මෙහෙ...

එදා දැක්ක තැනමයි....අර ගහ ගාවමයි....අනෙ යකො මූ මට කලන්තෙ දැම්මට පස්සෙ මාරු වෙලා මීයා වගෙ ගෙදර යනවද .....

නිම්න.....

හිමින් සැරේ ගියපු මං නිම්න ගාවින් බයික් එක නැවැත්තුවා ...මේකට මලගෙයක්ද මන්දා හැමදාම අදින්නෙ සුදු...නයි මල්ල උරහිසෙ.....කතා ලියන එකෙක් කිව්වනෙ.....

නිම්න නැවතුනා.....මගෙ දිහා බලන් උන්නා.......

නිම්න කොහෙද යන්නෙ.....

ඇයි අයියෙ කියන්ඩ බැරි.....නිම්න..නිම්න...නිම්න...හැදෙන් නෑ...නිම්න ගාන්නෙ මගෙ මනුස්සයද....

ම්ම්ම්....ආසයි නෙ මනුස්සයා වෙනවට....විකාර....මරු බඩුව තමයි හලො තමුන්.....කලන්තෙ දාපුවම මාව අල්ලගත්තෙ නෑ..දාලා දිව්ව නෙ....දැන් එනවා අයියෙ හුයියෙ ගාන්න කියාගන

එයා ආයමත් පරන කතාවක් ඇද්දා....අයියෙ කියන්න බැරි ඇයි අහපු එයාට මං මාව දාලා පැනලා ගිය එකට ආඩපාලි කියනකොට එයා මං කියන දේ ගානකට නොගෙන එයාගෙ සුදු පාට ටී ශර්ට් එකෙ තිබුන තීන්ත පැල්ලමක් එක්ක ඔට්ටු වෙන්න ගත්තා .....

නිම්න....මං ඔයාගෙන් දෙයක් ඇහුවා.....

ඔයාට උන තිබුනා...ඇයි ආවෙ...ඇරත් මේ මද්දහනෙ තනියෙන් බැදුම් අරන් යන්න පිස්සුද එහෙම.....

ඕක නවත්තනවා .....ඕක නවත්තලා ...මං අහපු දේට මට උත්තර දෙනවා නිම්න ....ප්‍රශ්නෙන් පිට නොයා මට උත්තර දෙනවා....

මට තරහා ගියා.....මං එයාගෙන් කලිනුත් නිම්නා කියන්නෙ එයාගෙ අක්කද ඇහුවා....ඒකට උත්තර දෙනවා වෙනුවට මගුලක් දීපු එයා ආයාමත් හිතලම කතාඅ මග අරිනකොට තීන්ත පැල්ලම එක්ක ඔට්ටු වෙන එයාගෙ අතින් මං තදින්ම ඇල්ලුව...මගෙ අත ගින්දර වගේ...එයාගෙ අත අයිස් වගෙ.....සමහර විට මට උන හන්දා වෙන්න ඇති.....

ම්...මයුර...

මං ඔයාගෙන් දෙයක් ඇහුවා ....ඒ ඇහුවෙ එක හේතුවක් පිට නිම්න....මගෙන් ඇයි අහන්න එපා....මෙවෙලෙ මං ඉන්නෙ කිඹුල් කටක් ඇතුලෙ....හැම පැත්තෙම්ම හිර වෙලා..මගෙ ඔලුවට පිස්සු විකාර වගෙ...මං ඇහුවේ එක දෙයයි....නිම්නා කියන්නෙ තමුසෙගෙ කවුරු හරිද..අක්කා හරි නංගි හරිද.....ජයවර්ධන කියන අර පිස්සු මනුස්සයා තමුසෙගෙ කවුරු හරිද....මං මේවා අහන්නෙ වෙන මොකටවත් නෙවෙ අයිසෙ උගෙ ගේ අපි ගන්නෙ...

ඊටත්. ..ඊටත් .මං..මෙච්චර අහන්නෙ.....

අත ගන්ඩ...

නිම්න....

මුලින්ම.... ඔයාගෙ අත ගන්ඩ.....දෙවනි එක...ඔය කියන නිම්නා මගෙ කවුරුත් නෙවෙ...තුන්වෙනි එක හරියට කතා කරන්ඩ ඉගන ගන්ඩ.....රස්තියාදු කාරයා වගෙ...අදින්නෙ පලදින්නෙ මේ ඔක්කොම රස්තියාදු කාරයා වගෙ...එනවා යනව ඕයි අයිසෙ තමුසෙ.....මොනවද මයුර මේ වචන මේ බාසාව.....??කන් දෙකෙන් එකයි යකඩ සරුවාල...ඊටත් කොන්ඩෙ පාට....

මං ඇස් දෙක හීනි කරගත්තා .....අරකා මට බනිනවා...නිකන් නෙවෙ.....රතිඤ්ඤා කරලක් වගේ.....අත ගන්න කියපු ගමන් මං අත ගත්තා...හැබැයි එතනින් නැවතුන් නෑ...ඒකා මට අදාලම නැති දේවල් වලට බනින්න ගත්තා ...මගෙ කොන්ඩෙ පාටට....කනේ තිබුන කරාබු වලට....මං ඇහුවෙ එක දෙයක් දැන් මට බනින්නෙ වෙන දේකට...

මූ මගෙ ගෑනිද මිනිහද අම්මද අප්පද....ඔහොම කියවන්ඩ...හරි වයසට ගරු කරලා මොකුත් නොකියා ඉමුකො....

හරි....ඔයාගෙ ඒ ප්‍රශ්නෙට උත්තර ඕක නම්.....මයුර ..."අයියෙ..."ඔන්න මං අයියෙ කිව්වා....හොදට ඇහුනනෙ...මං හොදට කට ඇරල කට සද්දෙටම අයියෙ කිව්වා....දැන් ඔය නිම්නා ඔයාගෙ කවුරුත් නෙවෙ ජයවර්ධන මහතැනත් ඔයාගෙ කවුරුත් නෙවෙ....හැබැයි....මෙන්න මේ කොලෙ...මේ බහුබූතෙ මොකක්ද....මේක.මොකටද මට...ම්ම්ම්ම්

මන් සාක්කුවට අත දාලා ඒකා මට දුන්න කොලෙ අරන් වනන්න ගත්තා...

ඔයාට මාව විහිලුවක් වගේ පේනවද නිම්න....???

.....

අයියෙ කියන්න කියපු පලියට නක්කලේට වගේ කතා කරන්නෙ..මගෙ මුනෙන් මොනවා හරි කොලොප්පමක් පේනවද....මිනිස්සුන්ට කොලොප්පම් කරන්ඩ එපා මයුර....මිනිස්සු හැමෝම රෙස්පෙක්ට් එකක් බලාපොරොත්තු වෙනවා....

.දාගන උන්න හෙල්මට් එක ගලවගත්තු මන් ඒක බයික් ටැංකිය උඩින් තියන ගමන් මං අහක බලාගත්තා....මොකද මට මේකව තේරුම් ගන්න බෑ...මීට තත්පරේකට කලින් මගෙ හැදියාව ගැන චරිත සහතික දුන්න එයාම අනිත් පාර අඩන්න වගේ මුන හදාගත්තා ...දැන් නඩුයි බඩුයි දෙකම එයාගෙ....

මයුර...මං මං ඔයාගෙන් ඇහුවෙ එක දෙයයි....මට ඔයාව කොලොප්පමක් නෙවෙ....මං කිව්වනේ...මේක මගෙ හැටි ...ඇරත් මම මොන හේතුවටද දරුවො ඔයාට කොලොප්පම් කරන්නෙ...අනික ඔයා දැන් අයියා කියන්න කියලා කිව්වා..මං අයියා කිව්වා.....එතනින් පස්සෙ ඔයා මට කොච්චර දේවල් කිව්වද.....

ඔහොම කැතයි ඒකයි කිව්වෙ...ඇරත් ඔය කනේ එල්ලෙන හැට්ට කටු ගොඩ....පිලිවලකට ඉන්න ....

හරි හරි මේ...මේ...ඒක ගැන ඔයා හිතන්න එපා..මාව අදාල නෑනෙ...මගෙ ඇදුම පැලදුම ගැන් ඔයා හිතන්නම එපා....ඒවා හදන්න ඔයා කවුරුත් නෙවෙනෙ.....මං ඇහුවෙ ඔයාගෙන් මේක මොකක්ද....මේ කොලේ.....මට ඔයාට කියන්න තියෙන්නෙ මාව කොලොප්පමකට ගන්න එපා කියලා මොකද මේ දවස් වල මගෙ කලදසාව අන්තිම නරකයි....ඔයාට තේරුනානෙ...

මගෙ අතෙ තිබුන කොලෙ වන වන මං එයාට මගෙ දේවල් අදාල කරගන්න එපා කියනකොට එයා ලාවට ඔලුව වැනුවා...ආවා මෙතන මාව හදන්න....මගෙ අප්පච්චි නෙ...

මේක සෙල්ලමක්....

ඉතින්...මේක මට දුන්නෙ...

මගෙන් බැනුම් අහපු එයා අනිත් පාර මට උත්තර දුන්නා.....මේක සෙල්ලමක් කියපු එයා කෙලින්ම බැලුවෙ මගෙ ඇස් දෙක දිහා ..... ..වෙලාවකට අහිංසක පාට ගන්න වෙලාවකට නපුරු වෙන ඒ ඇස් දෙක දැන් මට හිතන්න අමාරු හැගීමකින් වැහිලා තිබුනා....

නිකන්....මේක...සෙල්ලමක්....හැබැයි....හරීම නරක සෙල්ලමක්....

න්...නරක සෙල්ලමක්....???

හ්ම්....ඔව්....නරකයි කියලා කියන්න පුලුවන් ....

නරක නම් මට දුන්නෙ...මං අහන්නෙ...නරක බව දැන දැන මට දුන්නෙ...???මේ තියන කරදර මදිවටද.....???

එයා කියනව ඒක නරකයිලු...ඒක නරක සෙල්ලමක්ලු...නරක දෙයක් නම් මොන රෙද්දට මටන් දුන්නද..දැන් මට වෙන්නෙත් හොද දේවල්ද....නෑනෙ.....ඒ මදිව මේකා මෙ මගුලත් මට දුන්නෙ.....

එයා නෙවෙ මීක් ගෑවෙ....එයා නෙවෙ ආය සද්ද කෙරුවෙ....ඒක නරක සෙල්ලමක් කියපු එයා ඊලග පාර කෙරුවෙ මගෙ දිහා . ...නෑ...මගෙ බෙල්ල දිහාව බලන් උන්න එක....ඒපාර බෙල්ල ඇදයි කියන්නද දන්නෙ නෑ යන්නෙ....නැත්තන් උගුරු ගැටේ ලස්සනයි කියන්නද දන්නෙ නෑ යන්නෙ...අයියා හුයියා ගෑවට මොකද තාම ලපටියෙක් වගෙ උගුරු ගැටෙ වත් පැනල නෑ...

ඔය මොකක්ද...

මොකක්ද.....

ඔය බෙල්ලෙ එල්ලන් ඉන්න කලු පටිය...

ආ..මෙක මේ..මං ඇහින්දා.....ඇහින්දා කියන්නෙ....අපි ගන්න යන ගෙදර බිම තිබුනෙ....

...එයා බලන් ඉදලා තියෙන්නෙ මගෙ බෙල්ල දිහා නෙවෙ...මගෙ බෙල්ලෙ තිබුන අර කලු පටි මාලෙ දිහා....එයා ඇහුවා ඒක මොකක්ද කියලා මං ටී ශර්ට් එක අස්සෙ තිබුන මස් කටු පෙන්ඩන්ට් එක අර්න් එයාට පෙන්නුවා...

හ්ම්ම්ම්...හ්ම්...ඒකට අයිතිකාරෙයෙක් ඉන්න ඇති....

වෙන්න ඇති....ඇට කට්ටක්....වටින එකෙක් නෙව්ව්....

නෑ...ඒක පපී නෙක්ලස් එකක්.....ඇරත් ඔයාට වටින් නැති උනාට අයිතිකාරයට වටිනව ඇති...

හරි කොහොම හරි මෙක මේ ඇට කට්ටක්නෙ...ඔයා කිව්වා වගේ බලු කට්ටක්ද කොහෙද ....වටිනවා නම් මොන මගුලටද ගලවල වීසි කරල තිබුනෙ...

කව්ද දන්නෙ...එයා ඒක වීසි කෙරුවමද .....නැත්තන් වෙන මොනවා හරි උනාද කියලා ....

.ඔන්න....ඔන්න...ආයමත්....මේකා තනිකරම අර කොටු පුරවන ප්‍රෙහේලිකාවක් වගේ...කිව්වොත් මගෙ ඔලුවට සමනල් ගැටයක් වැටෙන කතාවක් වෙනකොට මං ගලවපු හෙල්මන්ට් එක ආපහු දාගත්තා....

හ්ම්...දෙයක් කියන්නද මයුර....

ඒ පාර මොනවද...තවත් නරක දෙයක් නම්...ඒක නොකිය ඔයා ගාවම තියා ගන්න....මොකද...මේ දවස්වල මගෙ ඔලුවට ඔය හරස්පද පෙහෙලිකා ගැන තේරුම් ගන්න අමාරුයි....ඒකයි...

මයුර.....කෙනෙක් උදව්වක් ඉල්ලුවොත්...බෑ නොකිය උදව් කරන්න...සමහර විට...එයාට උදව් කරන්න පුලුවන් එකම කෙනා ඔයා නිසා එයා උදව් ඉල්ලනවා වෙන්න පුලුවන් .....මේ කොලේ ගැන කියනවා නම්...සෙල්ලම නරකයි ..හැබැයි.....දැන් කෙරුවට තේරුමක් නෑ....

ම්න්.....

...

ඔයා මේ ළඟ නම් ඉන්නෙ කියන්න මං ගිහින් දාන්නම්.....

එපා.....මං මේ ළඟ ඉන්නෙ....ගෙදර ගිහින් පෙනඩෝල් දෙකක් බොන්න ඔයාට උනද කොහෙද .....

ම්න්...මං යනවා....

එයා අවසානෙදි මගෙ අතේ තිබුන කොලේ ආපහු ගත්තා ....සෙල්ලම නරකයි කියපු එයාම ඒක මගෙ අතින් අරගන කවුරු උදව්වක් ඉල්ලුවොත් කරන්න කියලා එයා එහෙම්ම පාරෙන් එහා පැත්තට පැනල අතුරු පාර දිගේ යන්න ගියා....නිකන් නෙවෙ..මට පෙන්ඩෝලුත් බොන්න කිව්වා....ම්ම්ම්...ඒක නම්...එච්චර සෙට් නෑ...මුගෙ අවදානෙ වැඩී....හිතක් වත් පහල වේගන එනවද දන්නෙ නෑ....සොරි කොල්ලො...අපේ අප්පච්චි කියන්නෙ ලේලි කෙනෙක් ගැන.....

නිම්න...නිම්න...නිම්න...මට උඹව නම් තේරුම් ගන්න අමාරුයි නිම්න.....

නෑ දෝනි...අරූ ගියා කෑම ගේන්න...තව චුට්ටයි...අනික ඌ අහනකොට බෑනෙ කියන්න බෑනෙ....

හවසට මං ඔයාව බලන්න එන්නම්...ඔයා පාඩම් කරන්න...පාඩම් නොකර බෑනෙ...පේනවනෙ.....අපි අනාගත්තා...අනාගත්තා කියන්නෙ....ඉතින්...අපිට පිස්සු ගැහුවනෙ....ඔය කාලෙට ඕක වදයක් වගේ දැනුනට...අවුට් උනහම තමයි දෝනි අගේ දැනෙන්නෙ...

පේනවනෙ දෝනි දැන් අපිට .....ඔයාට ඒකනෙ මං කියන්නෙ සදූ....

මං ගෙදර ආවා....නිම්න යන්න ගියා...හැබැයි මගෙ ඔලුවට සමනල ගැට කෝටියක් විතර ගහල වෙනකොට කල්පනයා අර ඔන්චිල්ලාවෙ නැගන් ඒකගෙ දෝනියට ඉගනීමෙ වැදගත් කම කියනවා .මූට ලයිට්කනු පෝලිමයි...මට එස් දෙකක් වත් තියනවා...

(කල්පන)

"ම්...ආවද ..මං මේ බලාගන උන්නෙ....ඇයි තාම නැත්තෙ කියලා ...."

 ඔන්න...ඔන්න ආවා....ඔන්න ..ආවා....අනේ ඇයි දෙයියනේ මෙ....මට දැන් හෙන විතරයි ගහලා නැත්තෙ.... . .

"මොකද කට නැද්ද ආවා කියන්නවත්"

ආවා කියන්න පේන හින්දනෙ මාව කන්ඩ ආයමත් හොයන් ආවෙ...

" කට මොකද උඹගෙ....එනකන් පාරට වෙලා බලන් උන්න හන්දද....???"

........ බලන් ඉන්ඩ මගෙ අම්මද...නෑනෙ...කව්දබලන් ඉන්ඩ කිව්වෙ.....

"ඇයි...උඹගෙ අම්මට විතරද අම්මා වෙන්ඩ පුලුවන් ....ඇම්බැට්ට කමට කියෙව්වට...දැනගනින් මේක.....දරුවො ඉන්න අම්මලාට කාගෙ දරුවත් එකයි....."

මං කුටු කුටු ගාලා අහක බලාගත්තා....එනවා මෙතන කියවන්න.....මං කිව්වද මන් එනකන් ඉන්න කියලා .....නෑනෙ...

මගෙ පස්සෙන් කව්ද ආවා....ඒක දන්නවද ....ඒකත් ඔයාගෙම කවුරු හරිද ...අනෙ පින් අයිති වෙයි.....මට පොඩ්ඩක් සැනසීමෙන් ඉන්ඩ දෙනවද .....මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.....මට සැනසීමෙන් යන්න තිබ්බ එකම තැන ලැට් එක විතරයි...දැන් ඒකත් නෑ....

" පස්සෙන් ආව එකා උඹව කන්න හැදුවෙ නෑනෙ .....කෑගහන්නෙ මොකද.....?? ඒකා එන්ඩ ඇත්තෙ උඹගෙ පුලුටු සුවදට...කන්ඩ දුන්නට ලේ දුන්නට මොලෙ දෙන්ඩ බෑනෙ..."

 විකාර...මල විකාර....මලම විකාර....මට නම් දැන් මෙ කෙරුවාව තිත්ත වෙලා තියෙන්නෙ....

මං ආයම කූනු කුනු ගගා ගෑනිට බැන්නා..අ රකා අරහෙන් ඉවරයක් නැතුවම ඵෝන් එකට උම්මා දිදි මල් කඩනවා.....මේ ගෑනිත් ඉන්න තැන දැන් මට ලැජජාවෙත් බෑ...

අයියට ආදරෙයි කියන්න දෝනි.....

හරි...අයියත් ආදරෙයි සුදු අම්මිට....උම්ම්ම්මා.....පරිස්සමින්....

මට පොලව පලන් යන්න හිතුනා...වෙනමොකටවත් නෙවෙ..මෙතන ඉන්නෙ මං විතරක් නෙවෙ හන්දා.....

අර බලපන් අරක දිහා...ඕකා දැන් ඔය ඔන්චිල්ලාවෙ ඉදන් කැරකෙන්නෙ පැයක් තිස්සෙ....මූට දැන් වමනෙ යනවා .නැත්තන් කැරකිල්ල අල්ලනවා...අර බලපන්...මූ කතා කරන්න ගත්තු වෙලේ ඉදන් කකුලෙ මහපට ඇගිල්ලෙන් බිම හාරලා හරාලා...දැන් එතන බලු වලක් හැහිලා....ඉගන ගන්ඩ ලු....ඉගන ගන්ඩලු...මූ දෝනි දෝනි ගාන්නෙ....මේකගෙ දුවටද මේ වයසට මූට ලමයෙකුත් ඉන්නවද ....

යෝ...හ් .නෑ...ඒකගෙ කෙල්ල....ඌව හදන්ඩ බෑ...ඒකිව අතාරින්ඩ කිව්වට අහන් නෑ.. .....

මගෙ ගාව ඉදන් කනට මුමුනන ගෑනු පරානෙට මං මිමිනුවා.....

ඇත්ත....අර ගෑනු හොලමන කියපු කතාව ඇත්ත මූ අර ඔන්චිල්ලාවෙ කැරකිලා...කැරකිලා දැන් වමනෙ යනවා...ඊටත් කඩපු මලෙ ගැබුර කියන්නෙ එතන වලකුත් හැහිලා....

උම්මා කියලා තියන්න හැදුවත් මොකද....ආයමත් කතාව පටන් ගන්න හදාපු කල්පනයා දිහා බලන් උන්න මං අර ගෑනු හොල්මනට ඕන මගුලක් කර ගන්න දීලාඑන්න හැදුවා...මොකද.....ඌට වඩා අහන් ඉන්න මටයි දැන් ලැජ්ජ....

ඔහොම නවතිනවා.....

 ඒපාර ආය මොකද....

යන්න ගියපු මං නැවතුනා...මොකද ..නැවතුන් නෑ කියන්නෙ මං ගුටි කනවා....මට අද කට ගහන්න ගුටිකන්න...මේ මොනවටවත් හයියක් නැති කොට මං ආයම හිටගත්තා...

විභහගෙ කොහොමද ...??

මං දැන් ඒලෙවල් කරලා අවුරුදු ගානක්...දැන් ඒක මොකටද....මේ ගෙදරට එනකොට රිසාල්ට් පේපර් එකත් ඕනෙද...ඇයි.....ජයවර්ධනයට ඕනෙ කැම්පස් පාස් උන්ද ...

මං අහන්නෙ පාස්ද....ෆේල්ද...?

ඇයි අහන්නෙ...අනේ මේ .....පාස් උනත් ෆේල් උනත්..අදාල නෑනෙ...නේ....

මොකද උඹට ඩෝන් යන්නෙ ...ඒ කියන්නෙ උඹ ෆේල්...එහෙමනෙ....අනිත් උන්....උන් තුන්දෙනත් ෆේල්....ඒ කියන්නෙ...උඹලා හතරම දැන් ෆේල්.....

මට දැන් උන දෙපිටින් පල කියලා හිතන් මේ යකාට බත් එකෙම්ම දමලා අරින්න හිතුනා....මේ ගෑනි අපේ අම්මා වගේ.....ටීවි එකේ ශිශ්ශත්තෙ පාස් එකෙක් දැම්මත් බනිනවා...ඕලෙවල් එකෙක් දැම්මත් බනිනවා..යකො...දැන් ඒලේවල් අල්ලගන මේ යකත් බනිනවා...මේ ගෑනි ගනන් මිස් කෙනෙක්දො මන්දා.....

මේ.....ඇන්ටි.....මමයි...අපේ උනුයි....පෙල් හෝ...පාස් හෝ...අදාල කරගන්ඩ එපා...ප්ලීස්..මගෙ පස්සෙන් නෑවිදින්.....ආව දිහාවකට යනවද ...වදින්නම්...මෙක හරි වදයක්...මට හිස රදයක්...ඇත්තමයි....පව් කියලා දුක අහන්න හිතුනත් වදයක්...එකෙක් මගෙ ඇද කුද කියනවා...තමුන් මෙතන රිසාල්ට් අහනවා .අපි හතරටම ලයිට් කනු දැන් හරිනෙ....අහගත්තන්නෙ.....ඇයි....

ෆේල් නම්...අපි ලව්වා ආයම විභහගෙ ලියවන්නද ....නෑනෙ....

බැරි කමක් නෑ...මට හිතුනොත්....මං උඹලා හතර දෙනාව මකල හරි හදනවා....

පිස්සු විකාර...තනිකරම දවල් හීන...මැරිලත් කියවිල්ල....අන් ඔයාට මේ හොදින් කියන්නෙ...මගෙත් ඉවසීම පන්නගන්න එපා...බයයි බයයි කියල මං හැම වේලේම...අනේ....ඌව්...ඌව්....ක්..කට...ක්..කට...බ්..බ...බ...ම්ම්ම්ම්...හ්හ්...ක්....

ඌව්.අනේ ..අප්...පච්...ම්ම්ම්ම්ම්.....

 දුවපන්..ගිහින් කාපන්....කරන්න ඕන දේ නැති දේ මං කියන්නම්....කියවන්ඩ එනවා...බලපන් උඹලා දිහ වැදි පැටව් වගෙ ..කොන්ඩ වවාගෙන....බෙලි කටු එල්ලගන..කලිසන් වල කකුල් බීඩි බට වගෙ....හිටපල්ලකො.....හිටපල්ලකො...දුවපිය හයියෙන්....

උන ගැනිලා උන්න මං කට අල්ලන් ගෙට දිව්වා...අර ගෑනි මගෙ කට කෑවා.....කියවන් කියවන් ගියපු මගෙ කට අල්ලන් මිරිකුවා...මට විස්වාසයි ...දැන් නම් මට හොදටම විස්වාසයි මේ ගෑනි විනයබාර ගුරියෙක්...!!!

කල්පනයා.....ඔතන ඉන්නෙ නැතුව වරෙන් ගෙට මද්දහනෙ ගස් යට හැමනෙනවද.....

හිතේ තිබ්බ තරහට මං උගෙ දෝනියටත් ඇහෙන්නම බැනගන ගෙට යනකොට රවිදුයි උදාරයයි මේසෙ ඉදගන මූනට මූන බලන් මොනවදෝ මුමුනවා...අරූ එලියෙ ඉන්න වෙලේ මෙවුන් දෙන්නා මොනවද මුමුනන්නෙ....මුන්ටත් යක්කු වැහිලද....

මොනාද රවිදුවා කරන්නෙ.....

මං ගෙනාව බෑග් එක පුටුව උඩින් තියලා උන් දිහාවට යනකොට රවිදුවාහෝන්දු මාන්දුවෙන් වගෙ මා දිහා බැලුවා....

...ගේම් එකක්....

(රවිදු )

ගේම් එකක්.....

ඔව්....උඹත් එනවද මයුරයා.....වරෙන් .....උඹට මතකද බන් ඉස්සර ඉස්කෝලේ කාලෙ කෙල්ලො හූ තිය තිය කරපු කාසියෙ බූතයා...මේකත් ඒ වගේ...හැබැයි මේක කරන්න ඕනෙ අන්දකාරෙ ඉදන්...අපි දෙන්නා මේ ආතල් එකට කරන්නෙ...මු අන්දකාරෙට බයයිනෙ....බලමු...අඩුම ගානෙ මලගිය ප්‍රාන කාරයෙක් වත් එයිද කියලා .....

මගෙ දිහාව බලලා ගේම් එකක් කියපු රවිදු ආයම කොලේ දිහාවට හැරුනා වගේම අනිත් පාර උදාරයා මට උත්තර බැන්දා .. උන් ගේම් එකක් කරනවලු....මොකක්ද.....????

මං එහෙම්ම උදාරයා ලගට ගියා වගේම ඒකා හිමීට මුමුනන්න ගත්තා...කොලේ දැකපු මට හීන් දාඩිය දැම්මා.....

(උදාර)

 Charli charli are you here ?

දෙයියන්ගෙ නාමෙට උදාර....!!!

.👉👈......

More Chapters