මුලු පන්තියම හූ තියලම හිනා උනා.....උන් හිතුවෙ මූ මේක මෙවෙල හදාපු සින්දුවක් කියලා...ඒත් මම විතරයි දන්නෙ මූ මේ කියන්නෙ අපෙ අම්මගෙ සින්දුවක් කියලා...ඔය ගෑනු මනුස්සයට මේක ඇහුනොත් හෙට ලයිව් එකක් ඇවිත් කියයි අහවල් ළමයා අරහෙම කෙරුවා..මගෙ මේකට වීව්ස් මෙච්චරයි .....අරයගෙ අරකට මෙච්චරයි කියලා ...වයසෙ වැරද්ද මන්දා.....උන්දැගෙ වැඩේම සසදන එක....
ඉදගනින්...ඉදගනින්...කලපනයා ඉදගනින් ලැජ්ජා නොකර.....
හරි..හරි...සර්....කියන්න ඕන දාට සින්දුව ගානට කියන්නම්...වැඩේ කිරි ගහට ඇන්නා වගේ උනා කියලා හිතාගන්නකො...එකපාරම කලර්ස් එලියට දැම්ම.....කිසි ලල් එකක් නෑ....සර්වත් එදාට කන්පියුස් උන්ගා බුන්ගා වෙයි
බලන්ඩ බැරියෑ උඹලගෙ ඇනිලි...ලැජ්ජා කරපල්ලකො සෙක්ශන් එකටත් එක්ක...ඉදගනින් තවත් කියවනවා....
පෝ...නෑ සර්...අපි දෙන්නා නම් සෙක්ශන් එකට ලැජ්ජා කරන්නෙ නෑ.....හැබැයි...ඉතින් සැමන් කුමාරට කියන්ඩ අනුන්ට විහිලුවක් වෙන්න කලින් ඇතුලෙ උන්ව කන්ට්‍රෝල් කරගන්න කියලා ...නහය විදලා ලනු දාලා මේච්චල් කරන්ඩ ඕන තරමට සමහරක් ඉන්නවා මීහරක් වැඩ කරන.....මොනවහරි වෙච්ච ගමන් සැමන් කුමාර දන්නෙ නම් ලියන්ඩ...හැබැයි කටයි කොන්දයි පන නෑ දෙයක් වෙන්ඩ කලින් නවත්ත ගන්ඩ.....
අල්පෝන්සු මහත්තයට කට උත්තර නැති උනා.....කල්පනයා නම් ලියාපු සමන් කුමාරයගෙ ඉදුම් හිටුම් නැත්තටම නැති කරලා දානකොට මං බලාගන ඌ අර නම් ලියපු කොලෙ ගුලි කරලා සාක්කුවෙ ඔබා ගන්නවා....එව්...හෙනම වේසයි ආ....හෙනම වේසයි....මල්පෑන්ටි පරාදයි....
සමන් කුමාර.....
සර්...
මොකක්ද උනේ කියනවා
ම්..මොකුත් නෑ සර්...
ඔව්..ඔව්...ඌට අනුව මොකුත් උනෙ නෑ....
පොඩ්ඩක් කට පියාගන්නව කල්පන..මං ඇහුවෙ පන්ති නායකයගෙන්නෙ....
හා...හා...ඔය විදිහට අහල බලන්ඩකො.....සර්ට උත්තර හම්බෙයිද කියලා.....අපි පොඩ්ඩක් මොනවා හරි කව්වම තමයි අහන් ඉන්න අමාරු..අනිත් උන් අලිපුකෙන් එලි බැහැපු උන් නෙ....ඒ හින්දා ගානක් නෑ..අනේ....සර් ඕන පුකක් ප්‍රීති වෙසක්....ඕකට කියන්ඩ මොනවා හරි උනාට පස්සෙ යැයි...යැයි ගාන්ඩ එපා කියලා .....
.අනේ..මයුර....කල්පනට...බනීවි....නවත්තන්නකො....එයා කියවගනම ඉන්නවා...
ආ...ඔව්වා ගනන් ගන්න එපා...වදන් බෙදලම ඌ පදම් වෙලා ඉන්නෙ වස්තු...
අවුලක් නෑ...ඕක සාමාන්‍ය දෙයක්.....
......
අල්පෝන්සු ඇදුරු සද සැමන් කුමාරයගෙන් නඩු අහනකොට කල්පනයා තවත් මුමුනන්න ගත්තා...වෙලාවකට මූට අපෙ කමනිව වැහෙනවා...කමනිත් ඔහොම්මයි....ඉවර කරන්නෙම නෑ....බැනගනම ඉන්නවා.....
උන් එහෙන් කියවගන්නකොට මගෙ ඇස් දෙක නතර වෙලා තිබුනෙ නිම්න ළඟ...ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියන්න වගෙ මට වස්තු කියන නවත්තගන්නත් බෑ...මගෙ කටින් වස්තු කියලා එලියට පනින වාරයක් පාසාම කොල්ලව ගැස්සෙනවා...
අල්ලන් මිරිකලා චප්ප කරලා දාන්න හිතෙනවා...ඒත් මේක බය උනොත්....යෝහ්....මුගෙ ලස්සන.....ම්ම්ම්..මගෙනෙ..මගෙනෙ....
ඒත්..වස්තු....මට හරි දුකයි බන්...හිතේ හැටියට මං ලෝබ කම් කරන්නෙවත් කොහොමද ?
ඔයාලා දැන් සින්දුවක් කියනවද මයුර....
ම්ම්ම්න්...නොකියා බෑනෙ....
මොකක්ද කියන්නෙ...
මොකක් හරි....එකක් කියනවා....
එයා හොර හොරාවට මා එක්ක මුමුනන්න ගත්තා...සැමන් කුමාරගෙ නඩුව අහපු ඇදුරු සදගෙ සාක්කුවෙ තිබුන නොකියා ගල් බාගෙ මුලු සේනානායකේටම ඇහෙන්න අඩන්න අරගන ඒක ආන්ස්වර් කරන්න එලියට යනකොට නිම්න එහෙම්ම මේසෙ උඩට ඔලුව තියා ගත්තා.....පව් කොල්ලට නිදි මතේද මන්දා...
නිස්සාර ....සංසාර....හීනේ ..අතීතෙ...
ඔබ ඉන්නවා...පෙනෙනවා....ම්ම්ම්...ම්ම්ම්.....
ඔයාට සින්දු කියන්න පුලුවන් නේ...
ම්න්.....පුලුවන් ...බැරි කමක් නෑ ඉතින්.....
ඔය සින්දුව ඔයා ලියපු එකක්ද.....?
හ්ම්.....මං ලියපු එකක්.....
මේසෙට ඔලුව තියාගත්තු එයා දිහා බලන් උන්න මං ඇහෙන නෑහෙන ගානට අභිශේකගෙ නිස්සාර මුමුනන්න ගත්තා එයා එක පාරම ඇස් ඇරියා....
නිම්න අහනවා නිස්සාර මං ලියපු එකක්ද කියලා ...මේකාල් හැටියට නිස්සාර එන්න තව හිතලවත් නෑ...එයා දන්නෙ නෑ....මට එයාව මෙහෙම දකින එක මොන තරම් අමාරුද කියලා ....එයා දන්නෙ නෑ...එයා මෙහම කියවනකොට මාව මොන තරම් පිච්චෙනවද කියලා....මං වහ වැටිලා තියෙන්නෙ සැනසීමක් නැති ආදරේකට.....
වෙලාවකට මට අහන්න හිතෙනවා...නිම්න ඔයාට පුලුවන්ද හැමදාම මගෙ හීන අස්සට ඇවිදින් ජීවත් වෙන්න කියලා ...වෙලාවකට මට හිතෙනවා...නිම්න....ඕන මගුලක් උන දෙන් කියලා මාවත් උඹගෙ ලගට ගන්නවද කියලා .....ඒත්....එයා මගෙන් ඉල්ලීමක් ඉල්ලුවා..එයාට සමාදානෙන්ම නික්මෙන්න දෙන්න කියලා ....
ගිලිහෙන බව දැන දැනම ආදරේ කරන මට හරි නම් දරාගැනීම වෙනුවෙන් සම්මානයක් දෙන්න ඕන....
ඔයා ඒ සින්දුව සම්පූරනම ලියලා ඉවරද.....
ම්න්...ඒත් අහන්න කෙනෙක් නෑ.....ඒක දුක හිතෙන සින්දුවක් ....
කොහොමත් ..සමහර සින්දු අහනකොට දුක හිතෙනවා නේද...කාව හරි මතක් වෙනවා වගේ දැනෙනවා නේද මයුර.....
.ම්ම්ම්ම්....නිම්නටත් එහෙම දුක හිතෙනවද....නෑ...මං අහන්නෙ....සින්දු අහනකොට නිම්නටත් කාව හරි මතක් වෙනවද ...
මං හිතන්නෙ අපෙ සමාගම චුට්ට චූට්ට හොද අතට හැරෙනවා....එයා තවම මේසෙට ඔලුව ගහගන...මං මගෙ වැලමිට මේසෙට ගහගන ඒ අතෙ අල්ල උඩට මගෙ ඔලුවෙම බර දීගන.....
නිම්න.....මං දන්නෙ නෑ..මම නිම්නව කොහොම විස්තර කරන්නද කියලා....දුකත් සතුටත් එකම නූලක අමුනගන ආව නිම්නව දකින වාරයක් ගාවම මගෙ පපුවට ආදරේ වගෙම විරහව එකපාරම දැනෙනවා...අහෙම්බෙන් හම්බ උනාට මොකද.....නිම්න එක්ක බැදුන බැදීම හරි සංකීර්නයි....හීන වලට ඇවිදින් එබෙන...අනූ...අනූ කිය කිය මගෙ පස්සෙ පාරෙ දුවන් එන නිම්න කියන්නෙ මේ මොහොතටත් මට සජීවි හීනයක් වගේ.....හීන අස්සෙදි අපේ අත් එකට පැටලෙනවා..කරුමෙ කියන්නෙ...ඇත්ත ලෝකෙදි ...ඒ අත් ආපහු ගැලවිලා යනවා....
මට කවදාවත් හීන පෙනිලා නෑ....දකින්නෙත්...හරි කලාතුරකින්....ඒත් ...ඒ හීන අස්සෙ කිසි තේරුමක් තිබුනෙත් නෑ මයුර....
එයා මිමිනුවා...එයා හීන දකින් නෑලු....මං එයාගෙ මූන දිහාව....ඒ හැගීම් දිහාව බලන් උන්නා.....දැල් ගහපු ලොකු ජනෙල් අස්සෙන් මෝරපු නැති ඉර එලිය ඇතුලට එනවා...ඒ ඉර එලිය ඇවිදින් කෙලින්ම මගෙ නිම්නගෙ මූන ඉඹිනවා.....
මට දැන් ඊරිසියයි .....ඇයි ඉර එලියට විතරක් තහනමක් නැත්තෙ ...ඉර එලියට කොහෙන්ද මට නැති අයිතියක්.....?
එයා ඇහි පිල්ලම් ගහනවා....ඉර එලිය වැටිලා නිම්නගෙ ඇහි බෝල දුඹුරු පාට වෙන්න ගත්ත ....එයාට තිබුනෙ අව්වට පාට වෙන දුඹුරු ඇස් දෙකක්...කෝපි පාට ඇස් දෙකක්...කැරමල් උන ඇස් දෙකක්...කෝපි පාටට වඩා..ඒක කැරමල් පාටයි කිව්වොත් හරි....
ඕනාවට වඩා ලස්සනට පේනකොට ඇස් වහ වදීද මන්දා....
මට අයිති වස්තුවව අනවසරෙයෙන්ම ඉඹින්න හදාපු ඉර එලියට එක රැවුමකින් තරවටු කරපු මං එයාගෙ මූනට ඉර එලිය වැටෙන්නෙ නැති වෙන්න මගෙ අත ඇල්ලුවා...
දැන් හරි....එයාගෙ මූන තව දුරටත් උර එලිය ඉඹින් නෑ....දැන් ඉතින් මගෙ විතරයි ...
ඇයි.....?
ඇයි අහෙන්නෙ...?
ඒවා හොදයිනෙ ....
ඕන් නෑ....ඉපදුන දා ඉදන්ම ඔය කියන ඒ බී සී ඩි හම්බෙනවනේ.....අද ඕන් නෑ....
මයුරට....පිස්සු ...
ම්න්.....පිස්සු...ඒක ඇත්ත...නිම්න අහලා තියනවද....මිනිස්සු.....මිනිස්සුන්ටම පිස්සු වැටෙනවා කියලා ....
ඒකෙ හරි වචනෙ...ඇබ්බැහි වෙනවා කියන එක නේද.....මිනිස්සු....මිනිස්සුන්ට මුලින්ම ආස වෙනවා....ආදරේ වෙනවා.....ඇබ්බැහි වෙනවා...අවසානෙදි .....එයා නැති වෙයි...එයා නැති උනොත් මට ජීවත් වෙන්න බැරි වෙයි...එයැ නැති හෙටක් ගැන මට හිතන්න අමාරුවෙයි කියලා මිනිස්සු බය වෙනවා.....ඉතින්...එතනින් පස්සෙ නම් ...මිනිස්සු හැගීම් හන්දා පිස්සු වැටෙනවා...
.පන්ඩිතයි.....
....නෑ...මං...කිව්වෙ...ඔයා අහපු දේට උත්තරයක්....ඒ කියන්නෙ....මයුර කාට හරි පිස්සු වැටිලද ....මං අහන්නෙ....මයුර කාට හරි ඇබ්බැහි වෙලාද...
ම්ම්ම්ම්....
කාටද.....
කිව්වට විස්වාස කරයිද දන්නෙ නෑ...එයා හරි අහිංසකයි.....
...ඇයි ඒ.....විස්වාස නොකරන්නෙ....
නිම්න....ප්‍රශ්නයක් අහන්නද....?
හා..අහන්න.....මොකක්ද.....
මං හිතන්නෙ....මේක වෙන්න ඇති දැල එලන්න හොදම මුහුර්තෙ ....මං හදන්නෙ....නිම්නගෙ වචන ආපිට නිම්නටම කරකවන්න....මන් එහෙම්ම නිම්නගෙ සිංහල විශය ලියන සී ආර් පොත යට තිබුන එයාගෙ ඩයරිය ගත්තා...
.
ම්..මයු...ර...
මං කියවන්නෙ නෑ....ඒත් ..දෙයක් ලියන්න තහනම් නෑනෙ....
මොනවද...
ඉද හිට වැටෙන
වැහිකෝඩෙක තෙමී ගන
කහමල් කිනිති පොලවට
ඇස් අයාගන
ප්‍රේමය ගිය පසුව සුළගෙ ගසාගන
දුරුතු සඳ වැටුනි අහසින් කඩාගන...
ගන්ගාධරගෙ යශෝදරා ලියපු මං හිමින් සැරෙ පොත එයාගෙ දිහාවට තල්ලු කෙරුවා ...මෙච්චර වෙලාම මේසෙට ඔලුව ගහන් උන්න එයා දඩි බිඩි ගාලා නැගිටන් මං ලියපු වචන දෙක තුන දිහා බැලුවා....
මයුර...ඉන්නෙ විරහ වේදනාවෙන්ද .....?
ම්න්...
ප්‍රේමය ගිය පසුව සුළගෙ ගසාගන....දුරුතු සඳ වැටුනි අහසින් කඩාගන....මේ ටික ලස්සනයි...ඒත් රිදෙනව නේද මයුර....අහසින් හදක් කඩන් වැටෙනවා කියන්නෙ...
ම්න්...රිදෙනවා...හුගක් රිදෙනවා...සමහර විට....වැටෙන හදට වඩා...දරාගන ඉන්න අහසට රිදෙනව ඇති වස්තු.....නිම්න....හත් පාට ආදරයක් කියන්නෙ වැරද්දක්ද.....?
සීනි නැති කෝපි එකක් ඉල්ලපු පරිනත නිම්න අහපු ප්‍රශ්නෙ මං ආපිට මගෙ පොඩි නිම්නට කැරකෙව්වා...එයා ගැස්සිලා ගියා.....ඉක්මනට වට පිට බැලුවා....එයා බය උනා
.ඇයි බය වෙන්නෙ .....මං ඇහුවෙ ප්‍රශනයක්...අතේ ඇගිලි පහම එක සමාන නෑනෙ.....ඉතින්...එහෙම ආදර කතාත් මේලෝකෙ තියනවා....ඇයි බය වෙන්නෙ....මිනිස්සු ඔක්කොම එකයි නෙවෙනෙ...
එ..එකියන්නෙ....මයුරගෙ...ආදරේ...
ම්ම්ම්.....දේදුනු පාට තැවරිලා...හත් පාට තැවරිලා.....වැස්සට පෙරාතුවම මට දේදුන්නක් පෑව්වා....
එයා....වද මයුරට නැති උනෙ...
.නෑ...එයාව මට නැති උන් නෑ...හැබැයි...එයාව මට හිමි උනෙත් නෑ.....හිමි අහිමිවීම් දෙක මැද මං නන්නත්තාර වෙලා ඉන්නෙ... .වෙලාවකට හුස්ම වැටෙන එයාම...වෙලාවකට.....හුස්ම නැතිව මගෙ ළඟ ඉන්නවා...ඒත් ඇත්ත කතාව...මායාවක් එක්ක ආදරෙන් බැදුන මම,මගෙ ආදරෙ මේ ලෝකෙ කොතනක වත් නෑ කියන තිත්ත ඇත්තත් මම එක පැත්තකින් තුරුල් කරන් එයාට ආදරේ කරනවා.....ඒ ආදරේට පරිමාවක් නෑ නිම්න... ඒ ආදරේ මනින්න මිනුම් මේ ලෝකෙ කොතනක වත් නෑ...මට ඕනෙ මෙච්චරයි ...එයාට මට කියාගන්න ඕන මෙච්චරයි .....
මං එයාට සීමාවක් නැතුවම හරි ආදරෙයි කියලා විතරයි නිම්න....මොකද...මට මග් ආදරේ ඔප්පු කරන්න සාධක නෑ...හිනා වෙන ඇස් තියන ඒ කොල්ලට මං හරි ආදරෙයි නිම්න....ආදරේ පරිසමාප්තිය මොකක්ද ඇහුවොත්..මට පෙන්නන තියන එකම උත්තරේ.....එයයි නිම්න....
.
.එයා බලාගන උන්නා ..මගෙ ආදරේ ගැන ...අදාල මනුස්සයටම කියනකොට එයා හරි දුකෙන් වගෙ මගෙ දිහා බලාගන උන්නා...
එයාගෙ නම මොකක්ද මයුර.....ඔයාට රිදෙන්නෙ නැති නම්...
නිම්න.....එයාගෙ නම...නිම්න....
න්..නිම්න...????
ම්න්...එයාට තියෙන්නෙත් ඔයාගෙ නමමයි....ඔයාගෙ ඇස් මයි.....ඔයාගෙ කටහඩමයි...ඔයාගෙම රූපෙමයි...මොන තරම් ප්රාතිහාර්යක් ද කියනව නම්....උඹ කියන්නෙ..මගෙ නිම්නගෙම පිටපතක් නිම්න.....
එයා මා දිහා බලාගන උන්නා..හරියටම එයාට මගෙ වචන අදහන්න බෑ කියන්න වගෙ ....තත්පර ගානක් මගෙ දිහා බලන් උන්න නිම්න හරි ඉක්මනට මම ලියපු අකුරු උඩ එයාගෙ ඇගිලි ගෙනිච්චා ...අවසානෙදි දුරුතු සද ගාවින් එයාගෙ ඇගිලි නැවතුනා.....
මයුර.....
ම්ම්ම්...
දුරුතු සද වැටුනි අහසින් කඩාගන....අහසකට තියෙන්න පුලුවන් එක හදක් විතරද....
ම්න් ..එකම හදයි...ඒත්..කරුමෙට....එලිය වැටෙන්නත් කලින්..මගෙ හද අහසින් ගැලවිලා බිමට වැටුනා....
මයුර ඔහොම දුක් වෙනකොට එයාටත් දුක ඇතිනෙ....මයුර කරන්න ඕනෙ...එයාගෙ හිතට සැනසීමක් දෙන එක....එයාව සතුටින් තියන්න ඔයත් සතුටින් ඉන්නව කියලා පෙන්නන එක.....ඔයා දුක් වෙන්න...දුක් වෙන්න...රිදෙන්නෙ එයාටම නේද....මයුර..ආදරේ කරන මිනිස්සු ..හැමදාම ආදරේ කරනවා කියලා ප්‍රාර්තනා කරන්නෙ...අනිත් කෙනාගෙ සතුටනෙ ...
.හ්ම්ම්...ඔයා ඇත්ත.......එයාට එතකොට සැනසීමක් ලැබෙවිද නිම්න...මං අහන්නෙ... එයා වෙනුවට මං තව කෙනෙක්ට ආදරේ කරන්න ගත්තොතින් ....එයාට සැනසීමක් ලැබේවිද....මං සතුටින් ඉන්නව දැක්කම...එයා සතුටින් ඉදීවිද....
ඔව්....එයාලා බලාපොරොත්තු වෙන්නෙ....අපි නැති දාක උනත්....ඉතිරි වෙන කෙනා සතුටින් ඉන්නවා දකින්න ඕනා කියන එකනෙ ....ඒකටනෙ ආදරේ කරනවා කියන්නෙ.....
මට පව් කියලා හිතුනා... එයා මන් ගැන අවංකවම දුක් උනා...එයා මගෙ විරහව ගැන දුක් උනා....ඒත් මං කියලා මොනවා කරන්නද.....මං මේ කරන්නෙ එයා ගැනම
එයාට කිය කිය...එයාවම ආයම ඉල්ලන එක වෙනකොට මම කියලා වෙන මොනවා කියන්නද.....
කොහොම උනත්...කතාව අවසානෙදි මයුර තනිවෙනවා....අතීතෙදිත්...වර්තමානෙදිත්...ආදරේ කෙරවල හිමිවීමකින් නැතුව අහිමිවීමකින්ම කෙරවල වෙනවා...
මගෙ දෛවය මොන තරම් දරුනුද කියනවා නම්.....මට ආදරේ කරන්න පටන් ගන්න අවසර දීලා තිබුනෙම විරහව එක්කම වෙනකොට මං ඇහිපිල්ලමක් වත් නොගහම නිම්න දිහා බලාගන උන්නා...
මයුරට....ඒ කියන්නෙ ඒ වෙනුවට ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවද.....
ම්ම්ම්ම්ම්ම්....මං ආත්මාර්තකාමියි වගේද නිම්න.....එයා වෙනුවට තව කෙනෙක් හොයා ගන්න එක....
නෑනෙ...නේද ....එයා නැති නිසානෙ....
මන් එයාගෙන් එහෙනම් අහන්නද.....
ඔව් ඔයා අහන්න...ඔයාට පුලුවන් අහන්න.....ආදරේ කියන්නෙ...විදවන එකම නෙවෙනෙ මයුර...
එයා කැමති වෙයිද නිම්න මට.....
මිනිස්සු ආදරෙ කරනකොට ඇයි අකමැති වෙන්නෙ.. ..මං හිතන්නෙ නෑ...ඔයාවගෙ කෙනෙක්ව කවුරුත් එපා කියයි කියලා ...ඔයා හරි කෙයාරින් කෙනෙක්.....ඒක මට දැනුනා.....එහෙම අයව එපා කියන එකම අපරාදෙ ....
මං හිනා උනා....මගෙ පන්ඩිත පැටියව මගෙ දැලට අහු උනා .....මං හිනා උනා...ඒත් ..එකම වෙලාවක මට දුක හිතුනා .....
වටපිට බල්පු මන් කාටවත් හොරාවට එයාගෙ අත අල්ල ගත්තා ...කොහෙන් පටන් ගත්තා උනත්....අවසානෙදි මං තනිවෙනවා....කොහෙන් පටන් ගත්තා උනත් අවසානෙදි මං අසරන වෙනවා.....
අද සතුටු උනත්.....අවසානෙදි මේ අතීතෙන් එලි බැස්ස දාක...
මේ හීනෙන් ඇහැරුන දාක මං අසරන වෙනවා....
කමක් නෑ....
වේදනාව සමනය කරන්න මං මගෙ ලග ආදරනීයම මතක ඉතිරි කරගන්නවා...
නිම්න...බැරිද.....මගෙ හිතෙ හිස්තැන් ආයම පුරවන්න .....
මං එච්චරයි ඇහුවෙ ...මං එච්චරයි කිව්වෙ...අපි ආදරේ කරමුද කියන එක නාහා මං එයාගෙන් මගෙ හිතෙ හිස්තැන් පුරවන්න පුලුවන්ද අහනකොට නිම්න බය උනා..එයා මගෙ අත්වලින් ඒ අත් උදුර ගත්තා ...
.....ඔය කිව්වට....සමහර විට එයාට බැරිව ඇති.....
කමක් නෑ.....ඒ අත මට හිමි උනත් අහිමිවෙලා ඉවරයි දැනටමත් ....

අල්ලන් යන්න බැරි අතක්
අරගන ඇවිද බොහො දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනි වීම ප්‍රේමයක්.....
.මම නෙවෙ මීක් ගෑවෙ.....මම නෙවෙ ආය එයාට වචනයක් කිව්වෙ...එයා මගෙන් හැංගුනා...මූනක් බැලුවෙ නෑ...නිස්කාරනේ අව්වෙ කර වෙනවා....පිස්සු මේකට....මං ඕක ඇහුවා කියලා බඩ කරනවද ....ගෙදර ආවම තමයි කට..
සිංහල ගුරා නැතිවම පලවෙනි පීරියඩ් එකෙ බෙල් එක වදිනකොට මන් නැගිට්ටා ....එහෙම්ම කල්පනයත් නැගිට්ටා...තව සිංහල පීරියඩ් එකක් ඉතුරුයි.....ඒත් කෝ අල්පෝන්සු ඇදුරු සඳ.....?? මන් හිතන්නෙ දෙවනි පීරියඩ් එකත් ගල්.....
ම්..මයුර ඔයා කොහෙද යන්න යන්නෙ ...
මූටයි මටයි දානෙකට ආරාධනාවක් ආවා...ඇයි අහන්නෙ ...ම්ම්ම්ම්
දානෙකට.....?මෙවෙලෙ...?
හ්ම්...කිරි අම්මා දානයක් ගිහින් එන්නම් ඈ.....පරිස්සමින් ඉන්ඩ ඕනා චූචි බුන්ජියා.....
ඇදන් උන්න කලිසම හද හද යන්න ලෑස්ති වෙන මා දිහා බලලා මගෙන් කොහෙද යන්න අහපු නිම්නට උත්තර බැන්ද කල්පනයා මගෙ කොල්ලට නමකුත් හදලා තිබුනා චූචි බුන්ජියා...චූචි බුන්ජියා තමයි අල්ලන අඩව් මම විතරනෙ දන්නෙ චූචි බුන්ජියගෙ.....පඩි කතා කියලා කියලා අවසානෙදි බෑ කිව්වා....චූචි බුන්ජියා හිටපන්කො.....කැමති නැත්තන් යන එන තැන් අහන්නෙ මොකටද....උඹත හෙන ඕපෙ වගේ නේ චූචි බුන්ජියො
මයුර.....
ඇත්ත...අපිට දානයක් ....කල්පනගෙ චූචි බුන්ජියා පරිස්සමින් ඉන්නකො එහෙනම් ම්ම්ම්...කල්පන කිව්වනෙ.....ඒ වචන අහක දාන්ඩ එපා කල්පනගෙ චූචි බුන්ජියො.....
මං ඒ මුන දිහා බල බලම ඇනුම් පදයක් කිව්වා....මං කැත නැතිවම කොල්ලව කල්පනයට පාවා දුන්නා.....කල්පනගෙ චූචි බුන්ජියා කිව්වා විතරයි හොර නිම්නයා මං බලාගන නියපොතු වලින් පොතෙ පිට කවරෙ සූරනවා.....උගෙ නෙවෙ නම්..මගෙ කියලා පිලිගනින්කො....නටන්නෙ මොකද ඔච්චර....රවන්න ගස්සන්න නම් අම්මෙ පුලුවන් ලෙසටම
ම...න් කල්ප...නගෙ....නෙවෙ...
මොනවද .....ඔයා මොනවා හරි කිව්වද නිම්න...
න්...නෑ...නෑ ...මං මොනවත් කිව්වෙ නෑ ...
ආ....කිව්වෙ නැත්තන් කමක් නෑ මට ඔයා මොනවා හරි මුමුනනවා වගෙ ඇහුනා ඒකයි එහෙනම් කල්පනගෙ චූචි බුන්ජියා පරිස්සමින් ඉන්ඩ අපි කැපුනා....
එච්චරයි කිව්වෙ ඇද වෙලා යන මූන දිහා බල බල මං පන්තියෙන් එලියට ආවා...
මයුරයා....ඇයි බන් හදිසියෙම...ආය ඇයි.....අයියො....අර කෙල්ල මා එක්ක හිනා උනා විතරයි ...ශිහ්..
හදිසියක්ම නෑ බන්.....උන් ඉල්ලන් කන්ඩ අපිට අඩ ගැහුවා.....ඉතින් උන්ට ගහල එන්න අපි යනවා....මොනවා උනත් උඹ පොඩ්ඩක් අපිට පේන දුරින් ඉදපන් රවිදුවා.....උඹ දිහා බලන්ඩ දෙකට නැවෙන්න ඕනනෙ....වට කරගත්තු වෙලේක උඹව හොයා ගන්න බැරි උනොත් ...
මං කියන්නෙ නෑ තොට...යකො මන් පහයි තුනක් ඒ මදිද....හිටපියව්කො මාත් දවසක උස යයිනෙ...
තුන කොතන උසද....අරකෙ දිගද අගල් තුන..... මයුරයා කිව්වත් වගෙ උඹ නම් මුල්ලකට වෙලා හිටගන උන්නත් කමක් නෑ නේ උදාර....උඹ ගිහින් කොහෙන් හරි බංකුවකින් ඉදන් ඉදින්...
අරකෙ අගල් ගාන කොච්චරද කියලා බලන්න නැග්ග වෙලාවක වරෙන්කො.....කල්පනයා තොගෙ කට කඩනවා ආ මං දැන්...ඇයි යකො....
පොඩි එකාට තරහා ගියා.....ඇහැට පේන්නෙ නැති රවිදුවට තරහ යනවා කියන්නෙම කව්ද බෝයි එකෙ ජුන්ඩයියට තරහා ගියා හා සමාන වෙද්දි ඌ උගෙ දිග උස ගැන කිය කිය මැරෙන්න හැදුවා වගේම මේ ඔක්කෝම අස්සෙන් කල්පනයා අමුතු සිග්නල් එකක් ඇල්ලුවා...
උදාර....මයුරයා....ම්ම්....පැහැදිලි වෙනසක් හැබැයි....මුගෙ හිත ඇත්තටම උදාරයගෙ පැත්තට නැවිලද..... මම මයුරයා ....අරූ උදාර....කෝ යා කියන අකුර...
උදාර...මගෙ ලැප් එක මාරු කරගන්න යන්න වෙනවා.....
ම්ම්....එන්න ඕනෙද.....
පුලුවන්ද ....එනවකො මයුරයට උගෙ චූචි බුන්ජියව දාලා එන්න බෑ...අනික රවිදුවට ඔව්වා ඒතරම් තේරෙන්නෙත් නෑ...ඌ ගිහින් ඉල්ලන්නෙ රෝස පාට....මා එක්ක යමුද උදාර....
..ම්ම්ම්.....
පැහැදිලි වෙනසක්.....හැබැයි...
දොලහෙ ආර්ට් එක ඉවර වෙනම තැනින් උඩට තිබුන පඩිපෙල දිගෙ උඩට නගින්න ගත්තු අපි තුන් හතර දෙනා ඇහැට පේන්නෙ නැති රවිදුවව පටන් ගන්න තියන වලියෙන් බෙරවන්න හදනකොට කවදාවත් නැතුව කල්පනයා උදාරයට පොඩ්ඩක් විතර වෙන හැන්දකින් බෙදන්න පටන් අරන් තියන හැටි හොදටම මීටර් උන මං උන් දෙන්නා දිහා බලාගන උන්නා...මරු හැබැයි .....අම්මෙ....බේබි හාමිට දැන් තමයි තනිකන්දෝසෙ...මරු ඈ.....
ම්ම්ම්....ම්ම්...කව්ද දැනන් උන්නෙ මේක මෙහෙම වෙයි කියලා .....ඒත් මුන් දෙන්නම එක වගේනෙ..මොකා පස්ස දොරෙන් ඇතුල් වෙයිද කියලා හිතාගන්න අමාරුයි.....හැබැයි කලප්නයා හැසිරෙන විදිහ නම් හරි වේසයි....අවසානෙදි පොඩි කොටා තනි වෙනවා...චුචි බුන්ජියගෙන් අහන්න ඕනෙ අපි දෙන්නට රවිදුවත් දාගමුද කියලා ...අම්මො..ඕකා ඇට ගලවයි මගෙ...පොඩි එකාට අහු උනත් එකයි..මහ එකාට අහු උනත් එකයි...පොඩි එකා ගහන්නෙ මං පොඩි නිම්නනෙ ගගා...ලොකු එකා ඇදලා අරින්නෙ ගහන්නෙ හදාගන්නෙ මල්ලි ගගා...කොහෙන් ගියත් මං මැරුම් කනවා...චපල උනොත් නැන්දම්මත් දෙසනවා...
මයුරයා....අන්න
ම්ම්ම්ම්.....ඉන්නව නේ.....ලෑතර සෙට් එක.....පොඩ්ඩක් ඉදපන්...අනුපාත සමානයිද බලන්න...අපෙ හතරයි....උන්ගෙ හයයි...
හරියටම බැලුවොත් අපේ තුනයි...රවිදුවව....නෑ එක්කො ඕන් නෑ....මුන්ට තරහ යනවා හරියට අනික කොට උන්ට පුලුවන් අනිත් උන්ට වඩා වේගෙන් ගල් ඇහිදින්න...
සින්දුවකුත් දාලා අඩේ.....බලපන්...ම්ම්ම්.....වෙරි ගුඩ්....හරි සෝක්.....වෙරි බියුටිපුල් .....
මයුරයා...දැන් මුන් මේ එන්ඩ කිව්වෙ ඇත්තටම ගහගන්ඩද...නැත්තන්...
සාමසාකච්චා නෑ...ගැහුවොත් හැහුවා උදාර.....අතර මැදදි සටන් විරාමයක් ඉල්ලුවොත්...දුන්නා ආවා....ආය ඥන් පඥන් ගෑවිලි නෑ...ඇට තැලෙන්ඩ ගහන්න තියෙන්නෙ මොනවා හරි උනත් අවුලක් නෑ..නැන්දම්මා විනය බාරනෙ...ඇරත් අරූට නම් උන ගැනෙන්න වනන්න ඕනෙ
අපි හතර දෙනාම උන්නෙ පාලුවට ගියපු ස්ලැබ් එක උඩ....පරන පුටු කෑලි...ගැලවුන ලෑලි කෑලි..කොන්ක්‍රීට් කම්බි එක්ක පාසි බැදිලා...ඒවා වේලිලා ගියපු ස්ලැබ් එක තනිකරම මහ මුස්පේන්තු පාටක් ගන්නකොට ඇස් බැස්ටො සිවිලින් කෑල්ලකට මුවා වෙලා හෙන අයියා ලයින් එකෙන් ඉදන් උන්න ඉදුනිලයා ඇතුලු පිරිස දිහා බලන් උන්න අපි අපි මුනු මුනු ගාන්න ගත්තා.....
උඹට හිතෙන්නෙ නැද්ද මයුරයා..මුන් නිකන් හැමදාම පප්පා ගමෙන් අම්බානෙකට කාගන යන රෝමන් කාරයො වගෙ කියලා ...අර බලපන්...අරූගෙ මූසල මුන ගාවම ඉදන් ඉන්න එකාට....අපෝ..ඌට නම් අපේ රවිදුවටත් ගැහුව හැකි...පව් යකො සුනාමි සහනාධාර ගන්ඩ ආව එකෙක් වගෙ...උගෙ මූන තනිකරම නියැන්ඩතාල් ආදි මානවයා වගෙ.....
හ්ම්..හ්ම්....
කොහොම උනත්....ඉදුනිලයා නම්..මගෙ මයුරයා...එකෙක් ඉල්ලන්ඩ එපා....ඒ මූසල පඩත්තර මූන දැක්කම එන ශක්තිය ගැන නම්...කියල වැඩකුත් නෑ.....ගහන එක නම් ගහන්න පුලුවන් මයුරයා...ඇට ගැලවෙන්න. ...
මං හිතන්නෙ මයුර උන් අපිව දැක්කා
ම්න්....
ඉන්න පඩත්තර පාන්ඩු සෙට් එක දැක්කම...බිත්තරයක් තම්බනවටත් වඩා අඩු කාලෙකින් මේ ගනුදෙනුව ඉවර කරන්න පුලුවන් වෙයි....
ම්න්...ඒක ඇත්ත.....මං මේ මට මොකාවද ගන්නෙ කියලා...එක්කො..අපි හතර දෙනාම ඉදුනිලයට නෙලමුද...අනිත් උන්ට නම් ගහනවටත් පාඩුයි ..අර බලපන් අතන වක ගහන් ඉන්න එකා...ඌ දැනටමත් බය වෙලා....රෙද්දෙ රෙවෙන්නෙ අද නම් ගමකට කන්නෙ වගෙ ඉන්නෙ ...
අදාල නැති ගලි බව්සර්නෙ මුන් අවුස්සන්නෙ...මොකද බන් උන් අරූව මසාජ් කරන්නෙ....ඈ මයුරයා
තලපති විජෙ කියලා හිතන් ඉන්නෙ ඒකයි.. ...හොදට අතපය මිරිකවන් ආව දෙන්කො....
මොකද මල්ලි...බයද.....කෝ අර ගේට්ටුව ගාව දාපු ලයින.....කට්ටිය වැඩිද.....කට්ටිය වැඩි නම්..අඩු කරන්නත් පුලුවන් ...
මම උන්නෙ සාක්කු දෙකට අත් දෙක දාගන...අපිව දැකපු ඉදුනිලයා ලෝඩ් පකීර් වගේ මිනි ඔලුවක් ඇදපු කලු පාට ස්කාෆ් එක්ත් වන වන අපි දිහාවට එනකොට අනේ අපේ උන් නම් ගානක් නැතුව උන්නා....ඈනුම් අරින උන් ඈනුම් ඇරියා ..නහය කසන උන් නහය කැසුවා.....ඇට කසන උන් ඇට කැසුවා... අරූ නිකන් දොස්තර හොද හිත එකෙ චව් චව් වගේ අපි දිහාවට එනකොට මං දාලා තිබුන සින්දුවට උපරිම සාදාරණයක් අරන්න කකුල පොඩ්ඩක් එහාමෙහා කෙරුවා..දලා තිබුනෙත් ශැගීගෙ boombastic eka...සිංදුව දාන්න ඇත්තෙ සමහර විට ගැන්ම ගන්න වෙන්න ඇති...නරක නෑ....නරක නෑ

Mr lover lover,mm
Mr lover lover hehe girl
She call me mr boombastic
Tell me fantastic ...
ආවද...මොකද බයද...
මම උන්නෙ ශැගීගෙ ලෝකෙ...පොඩි කාලෙදි කොච්චර වාත් කිව්වෙම මිස්ටර් ලෝපා ලෝපා කියලා ....ඒත්...ඇත්ත ලිරීක්ස් මිස්ටර් ලවර් ලවර්...හරියටම ශකිරගෙ සාමිනාමි ඒ ඒ....වක්කා...වක්කා...වගේ තමයි....
මයුර...මොකද ....කට්ටියට බෑ වගේලු ද.....උඹට මං පහලදි කිව්වනෙ....හැප්පෙන්න ඕන උන් එක්ක හැප්පියන් මේක අනුරුද්දෙ නෙවෙ කියලා ...උඹ අත ගැහුවෙ
ගූ ගොඩකට.....එහෙමද.....කියන්ඩ හැදුවෙ ඒක නම්....ඒක හරි...නැද්ද උදාරයා...
...ම්ම්ම්ම්ම්ම්....
ඉදුනිලයා මා එක්ක ෆේස්ටු ෆේස්....ගමකට කන මූන තිබ්බට මොකද මුගෙ කතාව ගමකට ගහන්න...එක අතකට ගහන්න අත පය උස්සන එකත් අපරාදෙ ....
උඹ මොකක්ද ගේට් එක ගාව දැම්මෙ....
මම අමුතුවෙන් දෙයක් දැම්මෙ නෑ ඉදුනිල්....මන් කිව්වන් මචන්.....උඹ අර කොල්ලට හෙන ටෝකක් දුන්නා....
ඌට බැන්නට උඹට රුදාව මොකක්ද ...ආ....ඇයි....ඇයි ආව දාම මං උගෙ චරිත සහතිකෙ දුන්නනෙ. ..
ඇයි ඇයි ගාන්නෙ...මොනාද ඇයි ඇයි අහන්නෙ ....උඹලට හේතු නැතුව ඒ ලමයට බනින්ඩ ඒ කොල්ලා උඹලගෙ බයිට නෙවෙනෙ. ...ඒ කොල්ලා මා දිහා බැලුවා කතා කෙරුවා....එච්චරයි ... උඹට ආව කැහියාව මොකක්ද ....?
අහපන් මයුරයා මූ එක එකකාට චරිත සහතික දෙන්ඩ ග්‍රාමසේවකද කියලා ....නෑනෙ....දැන් නම් නිදිත් මතයි.....ගහගන්ඩ එන්න කිව්වා නම් ගහගමුකො අඩෙ....ඇයි ඇයි ගග තටම තටම කෙකර බබා ඉන්නෙ නින්දත් යන්ඩ වගෙ... උඹ ආය ආය එකම එක අහ අහ වචන නාස්ති කරන එකෙ ගහපන්කො....උඹගෙ මූන බලන් අත උස්සන්නත් දුකයි.....
මට ඈනුමක් ගියා....ගහගන්ඩ වරෙන් කිව්වට මොකද අරූ අර සිගිති පාතාලෙ එකෙක් වගෙ ඇයි ඇයි ඇයි ගානකොට කල්පනයා කිව්වත් වගෙ මටත් නිදිමතක් ආවා...උගෙ අනිත් හෙන්චයියො ටික සැරින් සැරේම අපි හතර දෙනා දිහාවත් බල බල උන්ගෙ ලොක්කා අනදෙනකන් බලන් ඉද්දි අනුන්ගෙ කොන්තරත්තුවකට ගුටි කන උන් ගැනත් මට දුක හිතුනා....
ඉදුනිල්....එක චාන්ස් එකක් දෙන්නම්...අපි හතරම මෙතනට ආවෙ පීරියඩ් කට් කරලා....හරි එක්කො...උඹ වරෙන් මා එක්ක ඇරගන්න....මුන්ව යවපන්...අරුන් මේක ගැන දන්න පිත්තමක් නෑනෙ....උඹ කෙරුවෙ වරදක්....මේක ඉස්කෝලයක් මිසක් බන්දනාගාරයක් නෙවෙනෙ...ඇරත් නිම්න කව්ද උඹට බයිට් වෙන්න...උඹලට ආතල් දෙන්න ඌ කාගෙත් සුන්දරාද නෑනෙ...මං මේ හොදින් කියන්නෙ...උඹට පුලුවන් මේක මෙතනින් නවත්තලා මොකුත් නොවුනා වගේ යන්ඩ....හැබැයි ...බෑම වගේ නම්...
ඉතින්...කාපන්...එච්චරයි ....
ඇයි...උඹ බයද...උඹ පහලදි සින්හයා උනානෙ...ඇයි...සින්හයා බලු උනාද....
ආ..ආ..ඇති ඇති බන්..කියපන් කොතනටද උඹෙ ගහන්න ඕනෙ.....මටත් එක්ක කම්මැලි.....ගහපන්කො එහෙනම්.....ඔයතරම්ම ගැට්ටෙ අමාරුවනෙ....ඔන්න උදාරයා ඔය තෝරලා බේරලා ඇනපන්....ඔය.....
චටාස්.....
උ ....උඹ...උඹ එකටම ....ගහන්න කිව්වා...
හරි....අඩන්නෙ ඉතින්....ඇයි අඩනෙ.....ම්ම්...ඇයි ..අඩන්...නෙ.....ඇයි...ගැහුවා.....නම් රිදෙන්නෙ මටනෙ බන්...ඇයි උඹ අඩන්නෙ...ආ.....උඹ...අඩන්නෙ..ඇයි...කියපන්....ආ.....
ම්..මයුර...යා...මු..මූනටම...ගහන්නෙ....එපා..යකො....
බලන් ඉන්නෙ....ගහපියව්කො...
අනේ..අයියෙ....ගහන්න..එපා....
අපි...ආවෙ....ආව්ව්හ්.....ආ.....
.තොපි ආවෙ ගුටි කාලා යන්නම් කාලා දුවපියව්....
දුවපියව්...ආව මෙතන ලාම්පු අල්ලන්න.....
අ..අනේ...ඉදුනිල්...අයියේ...
තව දුරටත් මට මේ මගුල කරන්න බැරි උනා...ඉදුනිලයට ගහන්නත් ඕනේ...හැබැයි මිනිහට ගුටි කාගන්න බෑ...කට විතරයි ...මට ඒකා ගැහුවෙ එකා කම්මුල් පාරයි... ඒත් ඌ හැසිරුනෙ මං ඌට ගහපු විදිහට වෙනකොට මගෙන් දෙක තුනක් කාපු ඉදුනිලයා අනිත් පාර මගෙ අතින් ගැලවිලා අරුන්ව ඉස්සරහට එවලා මූ පස්සට පැන්නා...
ඒ..ඒ..ඉදුනිල්...මෙහෙ වරෙන්...මෙහෙ වරෙන්....සිල්ලර වැඩ එපා....උඹ දානෙට එන්ඩ කියලා දොරවැහුවා වගෙ වැඩක්නෙ මේ කෙරුවෙ.....එක කම්මුල් පාරයි...ඒකත් වැදුනෙ මට...මේ වරෙන්....මට වනාගන්න හම්බුනෙත් දෙක තුනයි ..මෙහෙ වරෙන්...මෙහෙ වරෙන්.....
මෙ..මේ....මයුර...මේක..මේකෙ...අනුරුද්දෙ නෙවෙ.....ඇයි...ඇයි.......
ඇයි...ඇයි....සිගිති පාතාලෙ වගේ...ඊලග පාර වෙන කතාවක් පුරුදු වෙයන් කියන්න..එකම තැටිය....එකම තැටිය..මං කිව්වනෙ...ගහන්න කලින් මං උඹට කිව්වා...මං...කිව්වා...තොට ....මේක හොදින්....බේර..මු....කියලා....
එ..ම..ම...
මං..කිව්වා...තොට මං කිව්වා...
ඒ..මයුරයා ....ඕකා.....මගෙ...ඕකා.මගෙ.....ඕකා....මගේ .....මෙහ් දීපිය ඕකව.....යෝහ්...කල්පනයට දීපිය ඕකව.....යෝහ් ...ඕකව කල්පනයා කලින් බුක් කෙරුවා.....දීපියකො.....යෝ.....උදාර.....ඉල්ලා දීපන්...ඉදුනිලයව.....
මට වැඩි දුරටත් ඉදුනිලයට ගහන්න හම්බුන් නෑ ...කල්පනයා ගහන එකාට ගහන එක නවත්තලා මගෙ ළඟ උන්න ඉදුනිලයව ඇදල අරගත්තා....
ඕකට වැඩිය ගහන්න එපා බන්....කට විතරයි ඔය ගහන එක කනට දෙකක් ගහලා නවත්තපන්....මූ මේ සිගිති පාතාලයක් අරන් ඇවිත්.....
මයුරයා...අපරාදෙ බන් අපි ආවෙ....නේ උදාරයා..මං හිතුවා කියපු විදිහට තොරනෙ හැඩ ඇති කියලා .....
මමයි උදාරයි රවිදුවයි උන්නෙ ඇස්බැස්ටො කෑල්ලට මුවා වෙලා..ඉදුනිලයා පගාව දීලා අරන් ඇවිදින් උන්න ළදරු පැටව් එක ඩෑස් එකයි කෑවෙ මාරු වෙලා යන්න යනකොට දානෙට ආව අපි වතුරත් නැතුව වේලෙන්න ගත්තා.....
ඉදා තොට ..ආයම තෝ අපේ චූචි බුන්ජියට අපහස කරනවද....කියපිය....ආය තෝ අපෙ චූචි බුන්ජියගෙ හිත රිදවනවද....
ක්..කල්පන....අතෑ...රපන්....උඹ...ඔය....
නයාට...ගහලා.....පොල්ල වරද්දගන්ඩ යන්නෙ.....
ඕ...අපි බයයි ..හරි බයයි.....අනෙ....ඉදුනිල්....කට තිබ්බට ගමකට ගහන්ඩ...කනට දෙකක් දුන්නම රෙද්දෙ රෙවෙනවා....උඹට ගහනවටත් පාඩුයි.....මයුරයා..මූට ස්තූතියි කතාවක් කරන්ඩ තියනව නම් ඒක කරලා යවපන්.....මෙලෝ රහක් නෑ.....
කල්පනයා අරූගෙ කන පලන එක නැවැත්තුවා....ඇත්තටම නීරසයි....රහ අතින් අන්තිමයි...සින්දුව දාන් උන්නට මොකද සින්දුව ඉවර වෙන්නත් කලින් වලිය අහවර උනා....
ඉදුනිල්...
ශර්ට් එකත් උඩින් දාගන කන අත ගගා කල්පනයට රව රව උන්න ඉදුනිලයා ගාවට ගියපු මං ඒකගෙ කලිසම් හක් එක පැන්නුවා...
ම්..මයුර...උඹ...උඹ මොනවද කරන්න හදන්නෙ කියපන්....
බය නොවි ඉදපන්....මන් හදන්නෙ උඩට ආව උඹගෙ ශර්ට් එක් යට කරන්න.....උඹ මගෙන් ඇහුවනෙ මාත් නිම්න වගේද කියලා ..ඔව්...මං නිම්න වගේ....හැබැයි මං උඹ වගේ මෙලෝ රහකට නැති මල්පෑන්ටි වලට ගහන් නෑ....මොකද...උඹ මෙලෝම රහක් නෑ....
හදාගනින් මේ කලිසම..මට අත දානවා කියලා යටටම අත දාන්ඩ බෑනෙ...ම්ම්ම්ම්ම්
දැන් දාගනින් ඔය ශර්ට් එකේ බොත්තන් ටික....කෝ උඹගෙ බැජ් එක...ටයි එක.....
රවිදුවා..බලපන් මුගෙ බැජ් එකයි ටයි එකයි....
මං කන රත් වෙන කාලා ඉන්න ඉදුනිලයගෙ ඇද කුද ආයම හැදුවා...අරූ නෙවෙමීක් කියන්නෙ....
පොඩ්ඩක් ඉදින් මයුරයා..මුගෙ කොන්ඩෙ හදන්න..කෝ...හැරියන් ...උඹ ආය... අපේ....චූචි බුනිජ්යා දිහාව...ඇහැක් ඇරලා...බලලා ...තිබුනොත්....කෑහ්...තුහ්.....
ඒ..ඒ....කල්පන...
පොඩ්ඩක් හිටපිය මෙතන ජෙල් වත් පොල් තෙල්වත් නෑනෙ...ඒකයි මේ...
මම අහක බලාගත්තා.....කල්පනයා ඉදුනිලයා ගෙ කපුටු කූඩෙ අතින් හදන ගමන් මගෙ කොල්ල දිහා ඇහැක් ඇරලා බලලා තිබුනොත් ගගා ඉදලා උගෙ අතට කෙල පාරක් ගහලා ඒක ඉදුනිලයගෙ ඔලුවෙ ඇතිල්ලුවා...දැන් ඉතින් හරි...ගලවපු බැජ් එක...ටයි එක..කොන්ඩෙ....යුනිෆෝම් එක....ගුටි කාපු මුනෙ ලාවට ගහපු රත ඇරෙන්න ඉදුනිලයා කලින් එකාමයි.....
.දැන් හරිනෙ...උඹ එන්න කිව්වා...අපි ආවා....උඹලා කෑවා...දැන් මේ යනවා....වැදගත් විදිහට පල්ලම් බැහැලා..පරිස්සමින් පන්තියට ගිහින් ඉදගනින්...මෙතනින් මේ චැප්ටර් එක ක්ලෝස්...ආය ඉල්ල ඉල්ල කන්න හදන්න එපා...මොකද....උඹගෙ මේ සිගිති ආතල් වලට අපිට පීරියඩ් කට් කරන්න බෑ....දැන් කන් දෙක පාත් කරලා...නැට්ට අකුලන් ගොනා වගෙ පලය....ම්ම්ම්ම්ම්...ආය....උඹගෙ කට ඇරෙන්න බෑ...හරි.....කෝ...යමන්....
මෙන්න මූට යන්ඩ පාරෙන් ඉඩ දියන්.....ඒ.....උඹ දැන් ගුටි කාපු නැති එකෙක් ගානට පලයන්...ලැජ්ජයිනෙ...
ඉදුනිලයා යන්න ගියා...අපි හතර දෙනා ස්ලැබ් එක උඩ ඉතුරු උනා..ඒ අස්සෙන් මං බලාගන උදාරයා හීන් සීරුවෙ කල්පනයා දිහා ඇස් කොන් වලින් බලලා අහක බලනවා....ම්ම්ම්..හරි....එහෙනම්..ඒකත් හරි....
මේ..බන්...උඹලා දැම්ම එන්නෙ නැත්තන්...මං යන්නද.....
ඇයි මොකො උඹට හදිස්සි....
මූට කෙල්ලෙක් ලයින් වේගන එන්නෙ.....ඒකයි ඔය.....
එහෙනම් වරෙන් අපි දෙන්නා යන්....
අරුන් දෙන්න.....
ආ....උන් දෙන්නා එයි....උඹ වරෙන්කො යන්න....උඹ ගිහින් කෙල්ලට ලයින් එක අල්ලපන්...කෝ...වරෙන් යන්ඩ අපේ නොදරු පැංචා...
මං රවිදුවව ඇදගන පල්ලම් බහින්න ගත්තා.....රවිදුවා යන්ඩ හදන්නෙ ඌට කෙල්ලෙක් ලයින් වේගන එනවයි කියපු උදාරයගෙ ඇස් වල කල්පනයා ගැන ආදර හැගුම් මෝජු වෙන මෝජුවිල්ල බල බල තව දුරටත් ඉන්න බැරි මම කෙලින්ම.රවිදුවව ඇදගන පහලට ඇවිදින් ඒකව් කොමර්ස් එකට යවලා මං ශේප් එකේ ආර්ට් එකට ආවා .....
ඉන්නව...ඉන්නවා..අර ඉන්නෙ.....අහක බලාගන මොනවා හරි කල්පනා කර කර...
බුහ්..!!!
එ..එ...හ්..අනේ.....ම්..මයුර.....මගෙ..දෙයියනේ....පපුව....ත් එක්ක ගැස්සුනා.....
බය උනාද ම්ම්ම්ම්ම්...පපුව ගැස්සුනා නම්....දෙන්න..මං අතගාන්නම්.....මොකද....සයිඩ් ගහලා....කල්පනගෙ චූචි බුන්ජියා කල්පනයා ගැන වෙන්න ඇති හිතන්නෙ...වැඩක් නෑ....ඌ ස්ලැබ් එකෙ උදාරයා එක්ක කොටුවක් පනිනව...
මගෙ තියන නොසන්ඩාල කමට මං ගිහින් කොල්ලව බය කෙරුවා...දැල් ගහපු ජනේලෙන් අනන්තයක් නැතිවම කල්පනාවක ගිලීගන උන්න එයාව පිටිපස්සෙන් ගිහින් මම බය කරනවා එක්කම මගෙ නිම්න බය උනා...හැබැයි.....ඊලග තත්පරේදි මගෙ කඩප්පුලි මට හන්දා කොල්ලා රවා ගත්තා...කමක් නෑ ..උඹ මගෙ වෙන කම්ම මන් උඹව කල්පනයට පාවා දෙනවා..
කොහෙද මයුර ගියෙ....ඔයාලා ...පීරියඩ් කීයක් කට් කෙරුවද...?
කොටුවක් පනින්න....ඇයි...
ක්..කොටුවක්....කා එක්ක...
කොල්ලෙක් එක්ක...ඇයි ඔයා කිව්වෙ එයාගෙ සතුට මාත් සතුටින් ඉන්න එක කියලා ...ඉතින්...ඔයා මාව රිජෙක්ට් කරා....මං වෙන කෙනෙක් හොයා ගත්තා
මෙච්චර ....ඉක්..මනට...
බෑග් එකට අත දාපු මං සෙන්ට් බට්ටෙක් අරගන ඇගේ හලා ගත්තා ...මං ගිය වෙලේ ඉදම්ම මට නොකියා මං ගැන වද උන නිම්නට මං කොටුවක් පනින්න ගියා කිව්ව විතරයි අර හද වගේ මූන ඥෑව් වෙලා පුක වෙලා ගියා...
අර අර....ඩෙස්ක් එක කොනිත්තනවා....අහනකොට එපා කිව්වා නම් ඉදපන්.....
ම...යුර.....
ම්ම්....
ඔයා ගාව පෙනඩෝල්....තියනවද
ඇයි....ඔලුව කැක්කුමද...
හ්ම්....ඔලුව චුට්ටක් රිදීගන එනවා වගෙ
අම්මෙ ඉතින්....අවදානෙනෙ මේ ඉල්ලන්නෙ....අරකටත් අවදානෙ ඕන උනහම කොයි වෙලෙත් ඔලුව කැක්කුම.....මේකටත් එහෙමයි....පව් ඉතින්....
පෙනඩෝල් නම් ...නෑනෙ....සික් රූම් එකෙ ඇති...නර්ස් අක්කගෙන් ඉල්ලන් එන්නද....
එ...එපා....කමක් නෑ....තව චුට්ට වෙලාවයි ගෙදර යනවනෙ .....
ඔව්නෙ....එහෙනම් ගෙදර ගිහින් පෙනඩෝල් බොන්නකො.....
මං කට තද කරන් අනිත් පැත්ත හැරුනා....හරී පව්....ඔලුව කැක්කුමලු හරියට....
වහින්න වගේ නේද ...මයුර...
.....ම්න්..
මට අද තෙමි තෙමි තමයි යන්න වෙන්නෙ...
......ම්න්..
අම්මා අද ටවුන් යනවා....අක්කට ක්ලාස්
........ම්න්...
තනියෙන් තමයි මට යන්න වෙන්නෙ...
........ම්න්...
මගදි කලන්තයක් වත් හැදෙයිද නන්නෙ නෑනේ මයුර....
.....හ්ම්...හ්ම්...
අතකුත් චුට්ටක් වෙව්ලනවා...මං හිතන්නෙ මං දුර්වලයි ...
......
ඔයා...කා එක්කද....දැන් උන්නෙ....
........
මයුරගෙ යටි තොල ඉදිමිලා ඇයි...
එයා මාව කිස් කෙරුවා ....වැරදීමකින් හැපුනා.....ඒකයි ඔය.....
ඔයා ඔය ටික ලියා ගන්න....මගෙ ඔලුව ටිකක් කැරකෙනවා මයුර....

අනෙ ඉතින් වුබර්ට...මම....මේකා මහ කපටි නයිදෙ කෙනෙක්....
එයාගෙම පොතක් බලාගන මගෙ පොතෙ මග ඇරුන ටික ලිය ලිය උන්න මට මගෙ ළඟ ඉදන් අවදානෙ ගන්න පොඩි නිම්නයා මට දහසකුත් දේවල් කියලා කියලා බැරිම තැන ඔලුව කැක්කුමයි කියලා මේසෙට ඔලුව ගහගත්තා ...මං එයා දිහාව බැලුවා ...
පව්....මගෙ මෝඩ හුරතලේ ...
වහින්න යන්නෙ....එයා කියපු කතාව හරි....ඒත්....බෙල් එක වදිනකන් විතරයි අපිට ඉන්න පුලුවන් .....ඒ තුන්දෙනා යවලා මට ඉන්නත් බෑ....අපි හතර දෙනාම එකට එකතුවෙන්න ඕනෙ.....ඒත්.....එයා ඔය කිව්වත් වගෙ යන්නෙ තනියෙන් නම්....මාදම්පෙ ඇතුල් පාරවල් හරි මූසලයි....
තියන තරහවට ඉදුනිලයලා එයාගෙන් පලි ගත්තොත්...
බොරු ඔලුවෙ කැක්කුම් අරන් හොරට නිදාගන ඉන්න නිම්න දිහා බලන් උන්න මං දැල් ගහපු ජනේලෙන් එලිය බැලුවා ...මුලු අහසටම වැහි මන්දාරම ගහලා.....
එයා ඔය නොකියා කියන්නෙ එයා එක්ක යන්න එන්න කියලා .....
ආදරෙයි ද අහනකොට ආදරෙයි කියලා නොකිව්වට මොකද එයාට ඕනෙ මා එක්ක යන්න.....
අදරෙයිද අහනකොට අත ගත්තට මොකද ...එයාට ඕනෙ මං එයාව ආරක්ශා කරනවා දකින්න....
ඉතින්...මේක වෙන්න ඇති මගෙ පොඩි නිම්නගෙ විදිහ...
....
නිම්න ....
මමත් මගෙ ඔලුව ඩෙස්ක් එකට තියාගත්තා ....දැන් අපි දෙන්නගෙ මූනු දෙක තියෙන්නෙ වියතක් තරන් දුරින් වෙනකොට මන් කාටත් හොරාවට අත දික් කරලා එයාගෙ අත මගෙ අතට පටලවගන්නවත් එක්කම එයා හිමීට ඇස් ඇරලා බැලුවා....
ම්හුක්...එපා...අල්ලන්න....
ඇයි ...
ඇයි..දැන්...ඔයා චපලයෙක් වේගන එන්නෙ...සවුත්තුයි හරියට
ඒම වචන...ඒම කට...ඒම කතා...මන්දා...මට මේ කතා අහලා උඩ පැන පැන නටන්න හිතෙනව...මොකද ..අර නිම්නම මෙතනත් ඉන්බෙ බව දන්න මගෙ හදවත පිස්සු නටන්න හදනවා....
මං චපල නෑ වස්තු....ඇහුවෙ...ඉඩක් දෙන්න පුලුවන්ද කියලා නෙ. ..
ඉතින් දැන් ඔයාට කව්ද ඉන්නවනෙ...ඇරත් ....මං ඔයාව හරියටම දන්නෙ නෑනෙ...
හරි.....හිමින් මාව දැනගන්න....ඔයාට රිදවනකොට මට තරහා යන එකෙන්ම මං උඹ ගැන වද වෙනවා කියලා හිතා ගන්න බැරිද වස්තු...ම්ම්ම්ම්...උඹ අඩන්න හදනකොට මට රිදෙනවා කියන එකෙම්ම උඹට හිතා ගන්න බැරිද ...
වැස්සක් එන්න එන්නෙ...
කතාව මාරු කරන්න එපා....
වහිනකොට සීතලයි
ම්ම්ම් ගිනි තියාගනින් එහෙනම්....
කිසිම රෝමාන්තික බවක් නෑ ඔයා ගාව.....
ම්න්...ඇත්ත....මගෙ කට සවුත්තු කම ඇරුනම ඔව්වානෑ.....
මට ඔයාව එපා.....
ම්න්...ඔව්...කල්පනයගෙ චූචි බුන්ජියනෙ...ඒකනෙ එපා කියන්නෙ....
අනෙ එපා...කල්පනව ජෝඩු අරන්න..මං කල්පනගෙ නෙවෙ....
එහෙනම්....එහෙනම් කාගෙද ම්ම්ම්.....
මගෙ බඩ කැලතෙනවා මයුර....ඔහොම බලන්න එපානෙ....
යටි බඩද....
හ්ම්....
කොටහලු වෙන්නද කොහෙද යන්නෙ....
මහ සවුත්තුවෙක්.....
මට හිනා ගියා ...බොරු කර කර..ආදරෙ හන්ගන මගෙ නිම්නගෙ වචන එක්ක හිනා ගියා...මට සවුත්තුවා කියපු නිම්න හරි ඉක්මනට මගෙන් මූන හංගගන එහ පැත්ත හැරෙනකොට කිව්වත් වගෙ මන්දාරම් අහස හොර හොරාවට අඩන්න පටන් ගත්තා.....වැහි කෝඩෙත් එක්ක ආව සීතලට ඇගම හිරි වට්ටවන් යනකොට එක තත්පරෙන් පන්තියම අන්දකාර වෙලා ගියා....
අම්මටම...සිරි....මයුරයා...වහින්න යන්නෙ.....
කල්පන...මූ ආවෙ කොයි වෙලේද....ඒකවත් නොදන්න මං මට පස්ස හරවන් උන්න නිම්නගෙ අත හොයාගන ආයම මගෙ අතට පටලව ගත්තා....
එහෙන් වැහි කලුවර ඇවිදින් පන්තියම ගිල ගන්නකොට වැහි බර අහස මල් වැහි බින්දු මහ පොලවට එවනකොට දූවිලි සුවද උඩුගම් බලා පීනන්න ගත්තා...කාටත් හොරාවට ඒ අත අල්ලන් උන්න මං මගෙ මහපට ඇගිල්ලෙන් ඒ අත පිරිමදිනකොට මගෙන් තවමත් මූන හංගන් උන්න නිම්නව හිරිවට්ටවන් මං ඒ අල්ලට හාදුවක් දෙනවත් එක්කම වැහි වලාකුලු දෙකක් එකට හැප්පිලා කන් දෙක බීරි කරන් යන තරමට ගොරවන්න ගත්තා.....!!!
ම්..ම...යුර.....
මං ආදරෙයි ඔයාට.....
මේක...පන්තිය...
ඒකියන්නෙ....ඔයා තරහා ගන්නෙ මං පන්තිය ඇතුලෙ හාදුව තියපු එකට....
පැත්තකට වෙන්න...
මගෙ කියල කිව්වොත් අතාරිනවා....එහෙම නැති උනොත් පිලිගන්නකම්ම මං අල්ලගන ඔයාව ඉඹිනවා...කෝකද හොද...ම්ම්ම්ම්ම්....
අ..අනේ...මයුර....
එහෙනම්...උඹ මගෙ චූචි බුන්ජියා කියල පිලිගනින්...
ම්..මයුර...මගෙ.....බ් බඩ.....
කැක්කුම් ගැන නම් කියන්න එපා වස්තු... කොයි වෙලෙත් කැක්කුමයි....ඔන්න බෙල් එක ගැහුවා...මං ඔයාව එක්ක යන්නම්.....හැබැයි....වැහි වතුරෙ නාගන උඹව ගෙදර ගිහින් අරින්න එන කොල්ලට හිත හැදෙන්න උත්තරයක් දියන් හොදද...!
මයුරයා...උඹට පිස්සුද.....යෝ...උදාර...මේ බලන්නකො....රවිදුවා මූට කියපන්කො....මේකා හදන්නෙ මෙ වැස්සෙ චූචි බුන්ජියගෙ පස්සේ යන්න.....නිම්නගෙ අම්මා අපිව කයි...අනෙ ගෙදර යන් අඩේ.....වැස්ස....බලපල්ලකො....මූට මදනයා ගහලනෙ...අපිවත් ලෙඩ කරවන්න හදන්නෙ.....
යෝ....උඹ නැතුව යන්ඩ බෑනෙ ...
උඹ මහ වේසයි අප්පා...
ඇයි යකො...කටවල් වහන් ඉන්නෙ...කියපල්ලකො...මූ නිකන් කාගෙත් සුරතලා වගේ...නිම්නයලම තුන් දෙනයි.....ඔච්චර ආන්බාන් කරන්න බැරි නම් එකෙක් මට දියන්...
ඒ අස්සෙන් චූ බරයි.....
අනේ..මයුරයා....මෙ වැස්සෙ උඹ පෙම්කෙලින්න හදන්නෙ ඇයි කියපන්කො.....රවිදුවා...කියකො.....
උදාර...ඇයි අඩේ...උඹලා බීරො වගෙ ඉන්නෙ....
උඹලා ඔක්කොම හරිම වේසයි අඩේ...
.වහිනවා...වහිනවා...දෙයියනෙ....කියලා ගමකට වහිනවා..
බෙල් එක වදිනවා එක්ක ගාතා කියන එක මට ඇහුනෙ හීනෙන් වගෙ වෙනකොට ගෙදර යනකොට උත්තරයක් දෙන්නම් කියලා එලියට දුවපු නිම්නයා මගෙ හදවතට වස්සලා ගියෙ ප්‍රේමනීය වැස්සක් වෙද්දි ගෙදර යාගන්න තදියම් උන කලපනයා නහින්ඩ හැදුවා..... උදාරයවයි රවිදුවයි කන්න හැදුවා .....ඒත් මම නෙවෙ සැලුනෙ.....උන් තුන් දෙනාව ඉස්කෝලේ තියලා නිම්න නගින බස් හෝල්ට් එක ගාවට යන්න ලෑස්ති වේගන උන්න මම මගෙන් පැනලා ගිය නිම්න එනකන් බලන්.උන්නා...මේකා හැංගුනා හැංගුනාමයිනෙ.....
කෝ.....
කෝ බන් උදාරය මේ කොල්ලා...නෑනෙ
උඹ හරකා වගෙ එකගෙ අත ඉඹින්ඩ ගත්තම ඌ ආය එයිද....
.හරි...හරි...ආදරේ ළඟ මිනිස්සු පිස්සො වෙනවනෙ....
ඒ උඹනෙ...මං පිස්සෙක් වෙන්නෙ කෑම ළඟ...
මං උන්නෙ මග බල බල...අරුන් තුන් දෙනා උන්නෙත් මග බල බල ....මහ වැස්ස නොබලා ළමයි අතුරුදහන් වෙලා යද්දි නිම්නගෙ බෑග් එක විතරක් තවම මේසෙ උඩ තිබුනා ....
එයා නෑ...
එයා නැත්තෙ ඇයි...
එන්න එන්නම වැස්ස තද කරනවා....මේ කොල්ලා.කොහෙ ගියාද....
මං බෙල්ල දික් කර කරමග බල බල උදාරයට මගෙ නිම්න නෑ කියනවා...උනුත් කොක්කු වගේ බෙල්ල දික් කරනවා
මේ බන්...නිම්න නෑනෙ.....උදාර....මේ කොල්ලා කොහෙ ගියාද....
අන්න...එනවා..අම්මෙ...අන්න...එනවා....
ඉක්මට වර මයුරයා.....සීතල වැඩ වෙනකොට මට ෆිට් එක එනවා.....
මං දන්නෙ නෑ...කල්පනයා තව මොනවා කිව්වද කියලා ...නිම්න එනවත් එක්කම මං මගෙ පොත් බෑග් එක ඔලුවෙ තියන් නිම්න පස්සෙන් එලි බැස්සා ....
වස්තු....
එයයි මායි වැස්සෙම අගු පිල් උඩින් දුවනවා.....ඒකා නිකන් කගවේනා වගෙ....වැස්සත් මොකද වැහි පිට වැහි හතක් වැස්සත් මන් උන්නෙ සතුටින් වෙනකොට මන් නිම්න පස්සෙ පැන්නුවා
මයුර වහිනවා...ඔයා ඉන්න....මන් යන්නම්..
ඔයා යන්නෙ කොහොමද .....කුඩයක් වත් නෑ තෙමි තෙමි....කමක් නෑ මන් එන්නම්
ඒක හිතන්න එපා මන් මගින් හබරල කොලයක් වත් කඩා ගන්නවා....තව චුට්ටෙන් බස් එක එනවා.....ඔයා නවතින්න....ඔයා අසනීප වෙයි
බෑ...මටත් හබරල කොලයක් කඩා දියන්.....මට උත්තරයක් ඕනෙ නිම්න.....අසනීප උනාට කමක් නෑ මන් හැමදාම සමහන් බොනවා....උත්තරයක් දීලා පල වස්තු...
මේ වැස්සෙ...මොන උත්තරද.....මං හෙට කියන්නම්කො....අනෙ ඔයා නවතින්නකො මයුර...
හෙට වෙනකොට මට පිස්සු හැදෙයි...බොරු පොරොන්දු දෙන්ඩ එපා.....මන් උඹ හින්දයි මේ වැස්සෙ නාන්නෙ....පොරොන්දු රැකපන් ....නිම්න...පොඩ්ඩක් හෙමින් දුවපන්කො...මේ කලිසමෙ ෆෝල්ඩ් එක හීනීයි....
ලොකු එකක්....ලොකු එකක් කඩාගන්න...
ම්.... මයු....ර....
මන් විතරක් නාන්නද....ගනින් මාවත් ලගට.....
ඔයා...වෙන කොලයක් කඩා ගන්න...කො
බෑ...මිනිස්සු රෝමාන්තික වෙන්නෙ තෙමිනොතෙමි යනකොට ...උඹට උස නෑ මෙහෙ දියන් ඕක.....
මමයි එයයි උන්නෙ බෑග් දෙක ඔලුවෙ තියාගන ...තව විනාඩි පහකින් බස් එක එනවා කියපු මගෙ නිම්නයා හෙට උත්තර දෙන්නම් කියන ගමන් අගල තිබුන ලොකු හබරල කොලයක් කඩාගන ආපිට එනවත් එක්කම කූඩාරමට රින්ගපු ඔටුවා වගෙ මාත් හබරල කොලෙ අස්සට රින්ගුවා මගෙ නිම්නයගෙ ඇස් ලොකු වෙලා ගියා....
හෝව්.....ඔයා මාව මෙහෙම අල්ල ගන්න...
මයුර ..අනෙ....දකී.....කවුරු හරි...
වැස්සනෙ....ඒකනෙ....
මන් කපටි උනා....හබරල කොලෙ උදුරාපු මං මගෙ එක අතක් නිම්බගෙ බෙල්ල වටෙ ඔතාගන එයාගෙ එක අතක් මගෙ ඉන වටෙ පටලවගත්තා ....
දැන් අපි දෙන්නම හබරල කුඩේ යට...මහ විසාලෙට රූස්ස ගස් වැවුන ඇතුල් පාරෙ වැහි මැද වැහි අන්දකාරෙ මැද මන් එයාව අඩමානෙට වගෙ තුරුලු කරගන හිමි හිමීට ඉස්සරහට යනකොට මෙච්චර වෙලා දුවපු නිම්න වැහි සීතෙම හති ඇරියා ....
රෝස පාට තොල් වෙව්ලනවා....වැහි වතුරට කොන්ඩා ගස් ඉත්තෑ කූරු වෙලා.....ඇගට ඇලුන සුදු ශර්ට් එක අස්සෙන් අඩමානෙට පෙනුන උරහිස් වගේම නාස් පොල්ල දිගෙ පහලට ආව වතුර බින්දුවක් එයාගෙ යටි තොල උඩට වැටෙන හැටි මන් මේ ඇවිදින ගමන් බලන් උන්නා....
මයුර.....
වස්තු.....
ඔ...ඔයා....ඒක ඇහුවෙ...
අවංකවම ....හොරයක් බොරුවක්.....රිදවීමක් .....කොනකවත් නෑ....මට ඕනෙ ඔයාට ආදරෙ කරන්න....බය වෙන්න එපා කාගෙවත් අඩුවක් පුරවන්න නෙවෙ....මට ඕනෙ නිම්න එක්ක ආදරෙන් බැදෙන්න....පොරොන්දු වෙනවා අඩවන්නෙ නෑ රිදවන්නෙ නෑ කියලා .....දැක්කෙ අද ඊයෙ උනාට කාරි නෑ වස්තු...මට උඹව දැනෙන්නෙ කල්ප කාලාන්තරේක ඉදන් .....
මං එයාව තවත් චුට්ටක් ලගට ගත්තා .. .බස් හෝල්ට් එකට තව අඩි දෙක තුනයි...
ඈතින් බස් එක එනවා.....මෙච්චර වෙලාම අඩාපු අහස චුට්ට වෙලාවකට ඇඩිල්ල නවත්තපු වෙලේක මන් මගෙ හිතේ තිබුන අවංකම හැගීම් එලියට දානකොට මගෙ නිම්න මා දිහා බලාගන උන්නා.....
එයා අඩන්න වගේ.....එයාට මේ වචන බර ඇති....
මාව...අඩවන්නෙ නෑනේද...මයුර.....
කවදාවත්ම නෑ....වස්තු....
.දාලා යන්නෙත් නෑනේද....
.කවදාවත්ම නෑ...මගෙනෙ...දාලා යන්නෙ කොහොමද .....උත්තරයක් දෙනවද මැනික...
මන් එයාට මැනික කිව්වා....කොල්ලගෙ මූන රතු උනා.....එයාට ලැජ්ජා හිතුනා....කොල්ලට කොච්චර ලැජ්ජා හිතුනද කියනවා නම් මගෙ ඉන වටේ පැටලුන අත එයා තවත් තද කෙරුවා වගේම ඊලග තත්පරේදි මගෙ අතින් හබරල කොලේ මට ඇතෑරිලා ගියා ...මගෙ හුස්ම නැවතුනා වගේ දැනුනා.....
.
හාදුවක් .....!!!!
දෙයියනේ....එයා
ඇගිලි තුඩුවලින් ඉස්සිලා මගෙ නිකටට හාදුවක් තියලා බස් හෝල්ට් එකට දුවන හැටි මං ඒ වැස්සෙ ගල් ගැහිලා බලන් උන්නා....
එයා මට උත්තරයක් දුන්නා.....
අවසානෙදි ....මගෙ නිම්න මට උත්තරයක් දුන්නා ...
ඒ එක්කම මන් එයාට කෑ ගැහුවා.....
වස්තූ...

උත්තරේ...නිම්න....මයුරගෙ...!!!!
...
🥺🥺🥺🥺