ම්හුක්...නිරූ...හ්හ්..මටෝන් නෑ උඹව...මටෝන්...නෑහ්.....මාව ගනන් ගන්නෙම නෑනෙ...ඒකට අර සෙනිරු අයියා බාන්න ඕනා...අපේ සැලාට තියන ආදරේ.....අපෙ සැලා කොයන්නෙ මොනාද සෙනූ කරනවා.....
.....
මේ ඇහුනද....මටෝන් නෑහ්.....කන් ඇහෙන් නෑ වගේ රගපාන්නෙ ඇයි නිර්වාන් ...වයි....ආ...වයි...මටෝන් නැ...හ්
එපා නම් නිකන් ඉදින්.....
ආ...ආ..ආ හරිම අගෙයි ආ...ඔයා නම් හරිම අගෙයි නිරූ.....මුනටම කිව්වනෙ.....ම්හුක්....දැන් ඉතින් මාව දැලේ දාගන ඉවරනෙ....ඒකනෙ මේ වෙනස් කම්.....පස්සෙන් එනකොට නම් කොහොමද කිව්වෙ...." සද සේ බැස නොගා මගෙ ලොවෙ රැදෙන්නම්....ම්ම්ම්..." කියලා ..ඒකට දැන්....
........
ම්හුක්...එපා වෙනවා අප්පා...දැන් එතකොට ඔයා මාව බලන්න එන්නෙ නෑමද නිරූ.....නෑමයිද.....?
කිව්වනෙ සැරයක් නෑ කියලා ...මොකට එන්නද ලමයො....කෑ නොගහා ඉන්න නිකන් බොරුවට තෙහෙට්ටු වෙනවා....
මං ඇද උඩ පෙරලුනා.....එහාට පෙරලුනා මෙහාට පෙරලුනා මීට ටික වෙලාවකට කලියෙන් යකෙක් තරම් නපුරු උන නිර්වාන් අනිත් පාර මොකූත් නොවුන එකා වගේ එයාගෙ කාමරේ පුරාවටම තිබුන පොත් ටික විතරක් එකතු කෙරුවා..හැබැයි පොත් විතරයි එතනින් එහා එක දෙයකට අත ගැහුවෙ නෑ....තියන අහන්කාර කම මුගෙ....දෙන්න හිතයි මූට....
මං බලාගන උන්නා ....නපුරු කම ඇගෙ හතර අතිම්ම පෙරෙන නිර්වාන් අවසානෙදි මොකූත් නොවුන එකා වගේ...කොටිම්ම සාන්තුවරයෙක් වගේ පොත් ටික අහුලන් ආපිට මෙසෙ උඩින් තියලා ඉනට අත් දෙක තියාගන කාමරේ දිහා බලාගන උන්නා...
මුලු කාමරේම ෆර්ෆියුම් සුවදයි....ෆර්ෆියුම් බෝතල් කුඩු වෙලා ගිහින්...කුඩු කියන්නෙ කුඩු සුන් වෙලා ගිහින්....ඒ හැම එකකිම්ම ආවෙ එයා ගාවින් එන අර නිදිමත එන වැනිලා සුවද වෙනකොට මං සුවදට ඉව අල්ල අල්ල එහා මෙහා ඇඹරෙන කොට එයා මා දිහා රවාගන බලන් උන්නා...
ඇයි.....ම්හුක්
නැගිටින්න....
මං තරහයි...
ම්න්....
මං තරහයි නිර්වාන්....ඔයා මාව ගනන් ගන්නෙ නෑ....
නැගිටින්න...පැය භාගයක් පරක්කුයි....
මං තරහයි මට ඕන ඉංග්‍රීසියක් නෑ..මං මේ ගින්දර වගේ උන තියාගන ඔයාව බලන්න ආවා....ඒත් ඔයාට ගානක් නෑ...
නැගිටින්න....
මම මේ ඇගපතෙ අමාරුව එක්ක ඉන්නෙ..ඒත් ඔයාට ගානක් නෑ...
නැගිටින්න....
මම මේ සහලවලා උන ගැනිලා ඉන්නකොට ඔයාට ඒක වත් ගානක් නෑ...
නැගිටින්න....
මං කියෙව්වා..මා දිහා කිසීම හැගීමක් දැනීමක් නැති එකෙක් දිහා බලන්නා වගේ බලාගන උන්න නිර්වාන් මට දැන් තුන් හතර පස් වතාවක් නැගිටින්න නැගිටින්න කියනකොට නිර්වාන් ඒත් සද්ද නැතුව උන්නා...හැබැයි මං බලාගන එයාගෙ උගුරු ගැටෙ දෙපාරක් තුන් පාරක්ම උඩ පහල යනවා....ඉනට අත් දෙක තියන් උන්න එයා ලාවට ඔලුවත් වැනුවා...නිකන් දැන් උඹට නැගිටින්න බැරිද කියලා අහන්න වගේ....
සුතර්මා ....හ්...චින්තක ....දෙවනි පුතුගෙ ග්‍රහ අපල දෝස දුරු වේවා කියලා බෝ අත්තක එල්ලන්න කාලෙ හරි වගේ.......!!
නිර්වාන්.....මේ අහන්නකො...
මං තව එක පාරක් කියන්නම් .....නැගිටින්න.....
යෝහ්..මෙ....අහන්නකො....බබෝ
කිව්වම අහලා නැගිටපන් සයාශ් !
හරි හරි අනේ ...හරි ඉතින් කෑ ගහන්නෙ.....තිරිසන්නු වගේ අනේ...
මං නැගිට්ටා...නැගිටලා ඇදෙන් බිමට බැහැලා තනි කෙලින් හිටගත්තා ....යාලු කරගන්න කලින් නම් චූටි චූටි ගගා පස්සෙන් ආව නිර්වානයා වැඩෙ උනාට පස්සෙ...කොටිම්ම මං ඒකට ආදරෙයි ....ටිකක් නෙවෙ..මහ ගොඩාක් ආදරෙයි කිව්වට පස්සෙ මාව තඹේකට ගනන් නොගෙන මට අන දෙනකොට මම ඇදෙන් නැගිටලා එයාගෙ මූන දිහා රවාගනබලන් උන්නා....
නිර්වාන් ...මං හිතනවා මං ඔයාට ආදරේ නෑ වගේ කියලා .....
.....?
මං හිතනවා...ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න තරම්
සයාශ් .....ජීවත් වෙන අන්තීම තත්පර දෙක තුනේදි කෝල් එකක් ගන්න ලැබුනොත් කාටද ගන්නෙ.....
වෙන කාට ගන්නද....අම්මටයි අප්පච්චි ටයි...අපෙ සැලාටයි....වෙලාවක් ඉතුරු උනොත් අපෙ සුතර්මට....මට ඒ ඇරෙන්න වෙන වෙන ගෝතයො කොහොමත් නෑ....
ම්න්....
වෙන කාට ගන්නද....ඔයත් ඒ පාර අර එෆ් බී එකේ තියන සමයන් පෝස්ට් කට පාඩම් කරන්න ගත්තද...හරිම අගෙයි නිර්වාන් ....
ගෲප් කෝල් එකක් අරන් දෙන්නද ම්ම්ම්ම්
කාටද....මෙවෙලෙ....අනේ...මට බෑ කාටත් කතා....මේ...පොඩ්ඩක් හෝව්...මේ....ඇයි....ඒ.....ඈ.....
මාව පොඩ්ඩක් අන්දුන් කුන්දුන් වෙලා ගියා..ජීවත් වෙන්න තියෙන්නෙ තත්පර ගානයි නම් කාටද කතා කරන්නෙ අහපු නිර්වාන් අනිත් පාර මගෙ දිහා රවාගන බලාගන ඉදලා ඉදලා මා දිහා බල බල ලාවට එයාගෙ ඔලුව කසන ගමන් ගෲප් කෝල් එකක් අරන් දෙන්නද අහනවත් එක්ක ආයම පාරක් කට කොනකින් ලාවට හිනා වෙනකොට මං අඩියක් දෙකක් පස්සට ආවා....
අනේ..මුනිතාස අයියෙ.....හ්....
අප්පච්චි ...බාල බෑනා මිනිමරුවෙක් අප්පච්චි ....නොම්බර දාහතේ නොම්බර නැති වෙන්න යන්නෙ අප්පච්චි ...
න්..නිර්වාන් ....අපි ක්ලාස් එකට යමුද....
ම්න්...යමු...හැබැයි...ඊට කලින් වෙච්ච වැරදි ආපහු හරි ගැස්සුවා නම්...
මං යන්න හැදුවා.....ඒත් යන්න හදපු මගෙ ගමන හරස් කරපු එයා කෙලිම්ම උලුවැස්සට අත තියාගන යන්න කලින් වෙච්ච වැරද්ද හරි ගැස්සුවා නම් කියනකොට මම මගෙ ඇස් දෙක දහ අතේ කැරකෙව්වා....
මං වැරද්දක් කෙරුවෙ නෑනෙ නිරූ.....චූචී....ඔයාගෙ චූචී.....වැරද්දක් කෙරුවෙ නෑනෙ.....
....සයාශ් ..කියපු වචනයක් ...විසිකරපු ගලක්...ආපිට ඇදලා ගන්න බෑ...
නැතුවා...අනිවා ඉතින් ආය....
එයා ඇහි බැම රැලි කරගත්තා ....කියපු වචනයක් විසිකරපු ගලක් ආපිට ගන්න බෑ කියපු මම එයාගෙ පැත්තට කතා කරනවත් එක්කම ඒ මුන තවත් ටිකක් නපුරු පාට වෙනකොට මම ඇහි පිල්ලම් දෙක තුනක් ගහලා....දෙතුන් සැරයක් කරාබුනැටි ....පප්පාඩගම...ආඩතෝඩ මොන මොනවදෝ දාලා හදන මදිනකොට කට දැවිල්ල ගන්න ක්ලෝගාර්ට් වලින් අතුල්ලපු මගෙ සිගිති දසන් විහිදවලා හිනා වෙලා එයා දිහා බැලුවා උනත් එයා නෙවෙ අහක් කෙරුවෙ...
නිරූ.....සර් ඇවිත් ඇතිනෙ....
....
යන්න දෙන්නකො....මං කරපු වරදක් නෑනෙ අනෙ.....
.....
මුරන්ඩු කම් කරන්න එපා ලමයො.....අත ගන්නකො....
....
ඔයාට මං සින්දුවක් කියලා පෙන්නුවොත් .....👉👈....." හැප්පි...හැප්පි...හෑ.....පි....හැපි හැපි...හැප්පි...හෑ.....පී.....happy happy...haa.....ppy...👉👈
....
වරදක් කලත් සිතකින් නෙවෙනෙ....නිරූ...යන්න දියන්කො....බොසා....
මට ඔය රස්තියාදු කාර් කට කඩන්න හිතෙනවා සයාශ් ...තමුසෙට හිතෙන හිතෙන වෙලාවට ආදරෙයි කියන්නයි.....ආයම හිතුනම ආදරෙ නෑ කියන්නයි.....මං මොකෙක්.කියලා හිතුවද චූටි...ආ....???හොදට මතක තියා ගන්නවා...නොදැන වැරදීම් වෙන්නෙ එක පාරයි...හැබැයි...දෙවනි පාරත් ඒකම උනොත්...ඒක හිතල කරන වරදය සයාශ්
....තේරුනානෙ....
.....
මං අහන්නෙ තේරුනාද...ආ?
තේරුනානෙ.....චූචිට.....
මොනවද.....මොනවද තේරුනෙ....
බනින්න එපානෙ...නිර්..වා..න්....
මන් බිම බලාගත්තා හිතන්නෙ බලන්නෙ නැතුව කටට එන පලියට ආදරේ නෑ කියන්න හදපු මාව මරන්න ගිහින් නූලෙන් බේරපු නිර්වාන් මගෙ රස්තියාදු කාර කට කඩන්න හිතෙනවා කියනවත් එක්කම මට අතින් කට වහන් හොරා වගෙ ඉන්නකොට එයා ලොකු හුස්මක් අරන් මගෙ ගාවට ආවා....
ඕන දෙයක් එක්ක සෙල්ලම් කරපන් චූටි....හැබැයි...ආදරෙ එක්ක නම් එපා.....එපා කියන්නෙ එපාම තමයි...මං දෙයක් එපා කියන්නෙ එක පාරයි ...දෙපාරක් කියන්නෙ නෑ...
න්..නිර්වාන් ....
මං ඔලුව ඉස්සුවා.....එයා ඉන්නවා...එයාගෙයි මගෙයි අතර තිබ්බෙ හුස්මක දුරක් වෙනකොට එය් මා දිහා රවාගන බලන් උන්නා....ඒ ඇස්වල තිබුනෙ පුදුම නපුරු කමක් ....ඒ ඇස් වල තිබුනෙ මිනිහෙ මරන්න පුලුවන් බැල්මක් වෙනකොට මං ආයම බිම බලාගත්තා ..මගෙම ටි ශර්ට් එක මං රෝල් කරන්න.ගත්තා .....
ඔහොම...බලන්...ඉන්න...එපානෙ...
නිර්වාන් ...මට බයයිනෙ.....

නපුරු බැල්ම ගාව ඇගම පන නැති උනා....
බොරු කියන්න ඕනනෑ...නිර්වාන්ගෙ එක බැල්මකුත් ඇති මගෙ ඇගම අඩපන වෙලා යන්න....චූටි අසනීපයක් උනත් මොන ලෝකෙන් හරි එක තත්පරේකට හරි ඇවිදින් බලන නිර්වාන්ගෙ නපුරු ආදරේ ගාව එක බැල්මකුත් ඇති මාව අසරන වෙන්න...
මා දිහා බලන්න...
එයා අනිත් පාර මිමිනුවා....ඒ ඇස් වලට බයෙ බිම බලාගන උන්න මට එයා දිහා බලන්න කියනවත් එක්කම මං හිමීට ඔලුව ඉස්සුවා ...
තුරුල් වෙන්න ඕනෙද....
නි...ර්
ඕනද....එපාද....ඕනා නම්....ඕන තරම් ඉඩ තියෙනවා...හැබැයි එකෙක්ට...ඒ තමුන්ට විතරයි ...එනවා නම්....
.එනවා....අනේ...එනවනේ....මට ඕනනෙ...
එයා ගාව හුස්මක තරම් දුරින් උන්න මං අනිත් පාර එයාගෙ අත් දෙක් අස්සට රිංගනකොට එයා එහෙම්ම මාවත් තුරුල් කරන් බිත්තියට හේත්තු උනා...
මහ අහංකාර වචන...තුරුල් කරගන්නද නෙවෙ...තුරුල් වෙන්න ඕනද ....බැරි වෙලාවත් මං බෑ කිව්වා නම්....මොනව වෙන්න ගියාද ....
එයා මාව තුරුල් කරගත්තා ....එක අතකින් නෙවෙ..අත් දෙකෙම්ම.....එයාගෙ බෙල්ල ගාවට වගේ ඔලුව තියන මං පපුවට ඔලුව තියාගන ඇස් දෙක එක තත්පරේකට පියා ගත්තා...කොච්චර නපුරු උනත්...නිර්වාන් මට ආදරෙයි....ඒක මට දැනෙනවා....තුරුල් කරගත්තු මගෙ ඔලුව හිමීට එයා අතගෑවා....හැබැයි වැරදිලාවත් හාදුවක් තිබ්බෙ බෑ...හිස කෙස් අස්සෙන් ඇගිලි අරන් ගියා.....සැරින් සැරේම උනද බැලුවා....එයාගෙන් ඈත් වෙන්න ඉඩක් නොතියම එයා මාව තුරුල් කර ගත්තා ...
එයා මාව එහෙම්ම තුරුල් ක්රන් ඉන්නකොට මං එයාට ඔහොම නපුරු වෙන්න එපා කිව්වා.....හැබැයි ඒකත් බයෙන් බයෙන්.....
ඔහොම නපුරු වෙන්න එපානෙ නිරූ.....මං බයයිනේ....ඔහොම...සැර කරන්න ...එපානෙ....මට...දුකයිනේ.....
මං හෙට දවසෙන් බාගයක්ම නෑ
චූටි....පරිස්සමින් ඉස්කෝලේ යන්න...ඇගට අමාරු නම් නොයා ඉන්න....ඉනටර්වල් එකෙන් පස්සෙ හවුස් මීටින් වලට ගනි...ගියාට කමක් නෑ.....තමුන්ට මොකුත් කරන්න තහනම්.....පාඩුවෙ ඉන්න තරමට...මගෙ ලේ ඉතිරි වෙවි...ඉස්කෝලෙන් පස්සෙ ඉන්න කිව්වොත් ඥන් පඥන් ගෑවිලි නෑ...දෙකහමාර වෙනකොට ගෙදර ඉන්න ඕන....තේරුනාද....
මං අහන් උන්නා....එයාට තුරුල් වෙලා උන්න මට එයා එක එක දේවල් කිය කිය කියනකොට මම හූ මිටි වත් තියන්නෙ නැතුව අහන් උන්නා....
මන් කියන දේ අහන්ද ඉන්නෙ ම්ම්ම්...
ඔව්...අහන් ...ඉන්නෙ.....
ම්ම්ම්...දැන් පහලට යන්න...සර් ගාව පුටුව මගෙ..මට එහාපැත්තෙන් ගිහින් වාඩි වෙන්න....පුලුවන් නම්...අද දැකපු දේවල් අමතක කරන්න සයාශ් ..මන් කැමති නෑ ඔයා බය වෙනවට...මං කැමති නෑ....උඹ අඩනවට..කොටිම්ම අහක් යන දේවල් හන්දා....
නිරූ....
මිනිස්සු හැමදාම කෙරුවෙ කතාව නොදැන චෝදනා කරපු එක විතරයි චූටි....කවුරුත් ඇහුවෙ නෑ...උඩින් බලලා ලේබල් කෙරුවා විතරයි ....කවුරුත් ඇහුවෙ නැ ඇයි ඔහොම තරහ ගන්නෙ කියලා .....
මං එයා දිහා බලාගන උන්නා...බොරු කියන්න ඕන් නෑ....කොච්චර මුරන්කන් කෙරුවත් දග උනත් හුරතල් උනත් මමත් අස්සෙ රිංග රිංග හොයන්නෙ ආදරේ ....ඒ වගේම යකෙක් වගේ තරහා ගත්තු අතට අහුවෙන හැම දේම පොඩි පට්ටම් කරපු එයා හොයන්නෙත් එයාට හම්බුන් නැති ආදරේ කියලා නට දැනෙනකොට මට ඇත්තටම එයා ගැන වේදනාවක් දැනුනා...මං අනුකම්පා කරන්නෙ නෑ...මට එයා ගැන වේදනාවක් දැනුනා....
මං ඔයා කියන දේ අහන් ඉන්නම් නිර්වාන්
මං මිමිනුවා...කුටු කුටු ගෑවා.....
මං ආයම එහෙම කියන්නෙ නෑ...මං ආදරෙයිනෙ නිරූ ...චූචි ආදරෙයිනෙ ගොඩක්.....
ම්න්...
නිර්වාන් .....
කෑ නොගහා ඉන්න මං එන්නම් බලන්න....
ම්හුක් ..මහ නරකයෙක් අයියො ඔයා නම්...කියන්න දෙන්නෙ නෑනෙ...
මං දන්නවා නහයෙන් අඩන්න හදනකොට ..
මං හිනා උනා....හිනා උනා විතරක් නෙවෙ එයට එකක් ගැහුවත් එක්ක...ඒත් එයා මොකුත් කිව්වෙ නෑ....ඩිපූටියා වගේ මාව බලන්න එනවද...එනවද අහන වාරයක් ගානෙම බෑ කියපු එයා අවසානෙදි බලන්න එන්නම් කියලා මහ අහංකාර විදිහට කියනකොට මං හිනා උනා... .
ඔච්චර හිනා වෙන්න එපා...
ඇ .ඇයි ....ඒ
එහෙම තමයි ....පුරුදු වෙනවා බුම්බන් ඉන්න...
ආ...ආ..ආ....ඒක හරි මගුලක්නෙ අයියො....හිනා උනාට සල්ලි ගන්නෙ නෑනෙ...අනේ....
ඒ උනාට ඕන් නෑ....
ආ...ඒ ඇයි ඉතින්...
තමුසෙ හිනා වෙනකොට ලස්සනයි ...ටිකක් නෙවෙ මහ ගොඩක්.....එතකොට ...
එතකොට ..ඔව්...ඉතින් ..එතෝට මොකත වෙන්නෙ ඔව්....ඈ මොකත වෙන්නෙ ඈ අග්ගියෙ ඔව් ඈ ....දැන් ඔයා මගෙන් අහන්න උඹට මසක්කන්ද කියලා....
.....විකාර...
නෑ අනේ මසක්කන්ද කියලා අහන්න ඕනෙ....
අහන දෙයක් නෑ දන්නවා
අනේ...ඇත්තමයි ..ඇත්තමයි නිර්වාන් .....
කටවහන් පලයන් දැන්...විනාඩි හතලිස් පහක් මෙතනම ඉවරයි
ඉතින් හොදයිනෙ අනේ.....තව පැය එකයි කාලයිනෙ
ඒ අනිත් උන් දෙන්නට ..උඹටයි මටයි නෙවෙ....අඩු වෙච්ච විනාඩි හතලිස් පහ කවර් කරපන්
පෝ...හ්...මහ පොත් ගුල්ලෙක්නෙ....
ම්න්...මං පොත්ගුල්ලෙක්...මොකද මට අම්මා වගේ බෙල්ලෙ පාලුවට ඔලුව තියන මෝඩ ගහක් වෙන්න ඕන් නෑ...නූගත් යක්කු...
නිර් ...වා....න්
එයාගෙ මුන ආයම වෙනස් උනා....බැන බැන උනත් මාව හුරතල් කරපු එයා එකපාරම වෙනස් උනා...ආයමත් ඒ මුන තරහවෙන් කලු උනා...එයා ගානක් නැතුවම අම්මට නූගත් කියලා කිව්වා...අපේ අම්මා අප්පච්චි උනත් අට පාස් උනා විතරයි ...ඉන් එහාට ඉගන ගත්තු අය නෙවෙ...එහෙම ඉගන ගත්තා නම් අම්මා අප්පච්චි ඔච්චර දුක් විදින් නැනෙ...එයාලාට නොලැබුන දේ අපිට මග ඇරෙන්නෙ නැති වෙන්නයි අම්ම අප්පච්චි ඔච්චර දුක් විදින්නෙ...ඒ කියලා කවදාවත් මගෙවත් ලොකූගෙ වත් කටින් විහිලුවටවත් පනින්නෙ නැති වචනයක් නිර්වාන්ගෙ කටින් පනිනකොට මං බලාගන එයාගෙ අර පැතලි කම්මුල් තවත් එකට තද වෙනවා..එයා දත් මිටි කනවා...
කොළඹට කිරි ගමට කැකිරි වගේ තමයි....නගරෙ මිනිස්සු දේශපාලනේ ගැන මොනවම හරි දැනන් උන්නත්...චන්දෙ කාලෙට ඇරෙන්න මන්ත්‍රී කෙනෙක් ඇමතියෙක් බේතකට වත් නොදකින අපිට උන්ගෙ කෙරුවාවන් ගැන ලොකූවට ගානක් තිබුන් නෑ....ඒත් නිර්වාන්ලා එහෙම නෙවෙ....බාහිර ලෝකෙ එක්ක හරි හරියට හැප්පෙන්න දැනන් උන්නා.....කට ඇරලම ඇමති හොරුන්ට බැන්නා....කිව්වත් වගේ දියවන්නාවෙ ඉන්න උන් බාගෙට බාගෙකම ඉන්නෙ බෙල්ලෙ පාලුවට ඔලු ආව උන්....එයාගෙ අම්මම මන්ත්‍රී කෙනෙක් වෙනකොට නොදැන ඉදීද....අරක්කු කාරයො කුඩ්ඩො...චේන් කඩන උන්....
එයාගෙ ඇමති තාත්තත් චේන් කඩාපු එකෙක්ද දන්නෙ නෑ....ඔව්වා අහන්න ගිහින් මේකා මගෙ බෙල්ල කඩයි.....නෑ ඉතින් චූටිට ඇහුනනෙ එයාගෙ අප්පච්චි පොලිකාරයා නෙවෙ කියනවා.....අහුන දේනෙ අනේ...ඉතින්...
නිර්වාන් ....
ම්න්....
අර...ඔයාගෙ...ඇමති....අප්ප්...භ්භ්...අ..අනේ...හ්....න්.....න්..නි
මට කතා කරගන්න බැරි උනා...මට හිතා ගන්නවත් බැරි උනා...මොකක්ද උනේ කියන්නමම ඇරෙන්න දැනන් උන්න එකම කෙනා නිර්වාන් විතරක් වෙනකොට මට දැනුන එකම දේම දේ මගෙ හුස්මහිර වෙන එකයි මම අත පය ගහන එකයි විතරක් වෙනකොට නිර්වාන් ඇස් රතු කරන් මාව වෙව්ලන ගමන් උන්නා....
න්..නි....ර්..ආව්හ්..මට...හු...ස්
මං දැගලුවා...දැනුන බයට වේදනාවට හුස්ම නැතුව යයි කියන බයට මඑඇස් වල කදුලු පිරෙන කොට මෙච්චර වෙලාම අත් දෙකෙන් තුරුල් කරන් උන්න නිර්වාන් ඇස් පිල්ලමක් ගහන පමාවට මාව එක පාරම බිත්තියට ගහන් බෙල්ල මිරිකගන්න කොට අනේ මං අත පය ගැසුවා....මට රිදෙනවා කියන්න කට ඇරියා ...
නි....කැහ්....කැ....හ්....බ්බ්...ක්....
....
න්....කැහ්...මට....රිදෙනවා.....අයි...යෙ....
සයාශ් ....මේ ලෝකෙ තියන තුප්පහිම කතාව කියලා මට බැනපන්...මං ඒකත් ඉවසන්නම්...හැබැයි.....උඹ කවදාවත් ...මට ඔය ඇමතියා මගෙ අප්පච්චි කියන එක නම් කියන්න එපා...කියන්න එපා කියන්නෙ...කියන්න නම් එපාමයි.....සයාශ්..මං අත් දෙක අල්ල හරි උඹට වැදලා කියන්නම්...මට ඉන්නෙ එක අප්පච්චි කෙනයි...එතනින් එහාට මොකෙක්වත් නෑ සයාශ් ...කරුනාකරලා ....එපා....
එයා මාව අතෑරියා .....බෙල්ල අල්ලන් බිත්තිය දිගේ පහලට රූටපු මං කදුලු පුරවන් හිර උන හුස්ම ආපහු උඩට ගන්න හදනකොට මං බලාගන නිර්වාන් එයාට ඉන්නෙ එක අප්පච්චි කියලා වැදලා කියන්නම් කියලා අනිත් පාර ආයම මාව දාලා එයාගෙ කාමරේ දිහා බලබල මන්තරයක් ජප කරන්නා වගේ එක අප්පච්චි එක අප්පච්චි ගගා මතුර මතුර අත් මිටි මොලවගත්තා ...
එයා හදන්නෙ ආයම නේ කාමරේ දෙවනත් කරන්න...අනේ මෙහෙම තරහා ගන්න හොද නෑනෙ....එයාට මහන්සී .....එයාට පව්....අනේඒ පපුවට මහන්සීනේ.....
මං නැගිට්ටා මට රිදවපු එයා අනිත් පාර ආය ආයම මුමුනනකොට මං බය උනා...එයාට ඒ වචනෙමොන තරම් වද දෙනවා ඇතිද....එයාගෙ ගෙදර ඉන්න අප්පච්චි එයාව ඈත් කරන්න හේතු උන එකම දේ ඒක වෙනකොට නොදැනුවත්ව වගේම මෝඩ කමට මම කියපු කතාවෙන් නිර්වාන් ආයමත් පිස්සු වැටෙන්න ගන්නකොට මං බය උනා....
න්..නිර්වාන්...අනේ..එපානෙ.....
එපානෙ...අයියෙ.....
ඔහොම.... තරහා ...ගන්නඑපානෙ...
මං කියන්නෙ නෑ....මං කියන්නෙ නෑ...නිර්...වා....න්...අනේ.....
මං දන්නවා...එයා අල්ලපු පාරට අනිවාර්යයෙන්ම මගෙ බෙල්ල රතු වෙලා ඇති.....එයා ඒතරම් තදින් මගෙ බෙල්ල මිරිකන් උන්නා....ඒතරම් තදට මාව බිත්තියට ගැහුවා....ඒ කොහොම උනත්...අමාරුවෙන් හුස්ම ඉහලට ගත්තු මං පිටිපස්සෙන් ගිහින් එයාව තද කරලා බදාගත්තා ..එයාට තරහා ගන්න එපා කිව්වා....මං ආය කියන්නෙ නෑය කියලා කිව්වා...පුපුරන්න ඔන්න මෙන්න තිබුන ගිනි කන්දක් හා සමාන තරහවෙන් පුපුරන නිර්වාන් ටිකෙන් ටික සන්සුන් උනා කියන්නද කොහෙද එයාගෙ පිටිපස්සෙන් එල්ලීගන උන්න, මගෙ අතින් අල්ල ගත්තු එයා එහෙම්ම මාව ආයමත් ඉස්සරහට අරගත්තා
මට .....සමා....වෙන්න.....නිර්වාන් ....මට...
ඇති ....ශ්ශ්ශ්
එයා ඇති කිව්වා ...සමාව ඉල්ලපු මට එයා ඇති කියලා කියලා කිව්වා විතරක් නෙවෙමගෙ කටත් වැහැව්වා ...
න්....ම්ම්ම්හ්....
කට වහපු එයා මගෙ බෙල්ල දිහා බලන් උන්නා...කටවහපු අත අයින් කෙරුවා උනත් එයා බලන් ඉන්න විදිහට මට දැන් කතා කරන්න බය හිතුනා...ඒ අස්සෙන් මේ බය වෙලා ඉන්නවා මදිවට මගෙ බඩ අස්සෙන් සමනල්ලු පියාඹන්නත් පටන් ගන්නකොට මං ආයම කන් කෙදිරි ගාන්න ගත්තා ....
එපානෙ...නිරූ.....ඔහොම බා...න් ඉන්න .....චූචි....( ලැජ්ජයිනේ...)
මට ඒ ටික සම්පූරන කරන්නවත් හම්බුන් නෑ...මගෙ දෙවියනේ නිර්වාන් උඹ නම් පිස්සෙක්....පිස්සුම හුත්තෙක්නෙ...මාව දිය වෙලා වැක්කෙරෙන්න ආවා....
එයා මාව ඉම්බා.....උම්මියක් උම්මියක් ගගා වද දිදී උන්න මගෙ යටි හිතට කලන්තෙ දාන්න ආවා....නෑ....අවංකවම මට කලන්තෙට ආවා විතරක් නෙවෙ...අර කාටුන් වල වගේ මගෙ නාස් පුඩුවලින් සුදු පට බූත ආත්මෙ එලියටයන හැටි පවාමන් දැක්කා....
මට ලැජ්ජයි කියලාකියන්නවත් හම්බුන් නෑ...එයාම තරහා ගිහින් මිරිකපු බෙල්ලට එයාම අනිත් පාර හාදුවක් තියනකොට ඉටිපන්දමක් වගේ දිය වෙලා උනු වෙලා වැක්කෙරෙන්න ගියපු මං තවමත් මගෙ බෙල්ල ගාවටමූන තියාගන චූටි චූටි හාදු තියන නිර්වාන් ගාව පිලිමයක් වගෙ ඉන්න්න් හැදුවත් ලැජ්ජාවෙන් උන්න මාව නලියන්න ගත්තා ....
ම්හුක්....නි...රූ.....චූ....චිට....ලැජ්ජයිනෙ...අනේ.....
.......
බඩත්....රිදෙනවනෙ...
.....ම්න්...
එයා කෙලින් උනා....මෙච්චර වෙලාම බෙල්ල ගාවට හාදු ගොඩක් තියපු නිර්වාන් අනිත් පාර කෙලින් වෙනකොට මගෙ මුන තනිකරම දෙලුම් ඇට පාට වෙලා තිබ්බා වගේම කොයි වෙලෙත් කච පච ගාන මගෙ කුඩික්කි කට වැහිලා ගියා මදිවට බොරුවටවත් මොනවා හරි දොඩවන්න කියා ගන්න දෙයක් නැති උනා.....
ද්..දැන් එතන රිදෙන්නෙ නෑ අනේ....ඔයා උම්මියක් තිබ්බනෙ....ඇහුනද...නිරූ....චූචිගෙ බෙල්ල...දැන්...රිදෙන්නෙ නෑනෙ.....
තවමත් මගෙ බෙල්ල දිහා රවාගන උන්න නිර්වාන් බලපු මං මගෙ බෙල්ල රිදෙන්නෙ නෑය කියලා කිව්වා.....මට රිදුනා....ඒත් එයා මා දිහා බලන් උන්න විදිහට මට දුක හිතෙනකොට මං බොරුවක් කිව්වා.....
බොරු කියන්න එපා සයාශ් ...ඉම්බා කියලා ඔතන වේදනාව හොද වෙන්නෙ නෑනෙ...මගෙ අතින් උනේ වැරද්දක්....ඉම්බා කියලා එඩ හොද වෙන්නෙ නෑ...
ආ...ආ....හරිනෙ අමාරුව.....නේ....හොද වැඩේ...අනේ මට හොදම වැඩේ...සාදු සාදු සාදු.....
හරිම අගෙයි ආ...හරිම අගෙයි...සත්‍යවාදි මන්ත්‍රී පුතුකිගෙ වචන ගැලපිල්ල නම් හරිම අගෙයි...අමොර්...අමොර්....රහසින් වත් මුසාවක් නොකියූ තැනැත්තා.....සැදැහවතා...
පිච්චමල්බිසව්තමෝ .....හරිම.අගෙයි ආ...හිත හදන්න ගියපු මට දුන්න උත්තරේ නම්...ප්‍රීතී....ප්‍රීතී...ආය.....!
අහකට පල නිර්වාන්....
මං රවාගත්තා ....මං ඒකව තල්ලු කෙරුවා ...හිත රිදේවි කියලා බයට බොරුවක් කියපු මම විහින් ලැජ්ජා වෙනකොට මං ඒකව තල්ලු කරලා.දැම්මා...
උඹට නම් රෝමාන්තික බාවය කියන එක කලදක් පිහිටලා නෑ....
ම්න්...
ම්න් ම්න්..ම්න් තමා...හැම එකටම ම්...මං මොනවා හරි කිව්වත්" ම්න්" මං මොනවට හරි බෑ කිව්වත්" ම්න්" මොනවා ඇහුවත් "ම්න්"ඔයිට එහා කතා කරන්න දන්නෙම නැද්ද නිර්වාන් ආ....
ම්න්...
අනේ ඇත්තමයි නිර්වාන් මට එන තරහවට.....මට...එන තරහවට....මට...මට...මට....
බොරුවට කෑ නොගහා පහලට යන්න.....
යා....හ්..නිර්වානයා...අපේ සැලා හරි....ඌ හරි...උඹගෙ නම අහක බලන් දාලා තියෙන්නෙ...කිසිම.ආදරයක් නැති ප්‍රේම වන්තයෙක් උඹ...අනේ අප්පච්චි ....මූට කියන්නකො...මට ආදරෙ කරන්න කියලා ....
නම්බර් එක දෙන්න....
කාගෙද ....
මගෙ....
කාටද...
අප්පච්චිට....
ඒ.මොකටද ....
උඹට ආදරේ කරන්න කියලා කියන්න ගගා අප්පච්චි ට බෙරිහන් දුන්නට වැඩක් නෑනෙ...මගෙ නම්බරේ චින්තක ගාව නෑනෙ නේ...ම්ම්ම්
මාව භ්‍රමණය වෙන්න ආවා...තරහව උපරීමෙටම තිබ්බ මං අපාය වගේ කාමරෙ ඉදන් උඩ පැනපැන අනේ අප්පච්චි ගගා කියවනකොට සාක්කුවට අත් දෙක දාන් උන්න හෙඩා ඒකගෙ නම්බර් එක අප්පච්චිට දෙන්න කියනවත් එක්කම මං මගෙ ඇස් ලොකු කරන් බලාගන උන්නා...
හරිම අගෙයි ආ...හරීම අගෙයි...අප්පච්චි ගෙ බාල බෑනගෙ වැඩිහිටියන්ට ගරු කිරීමෙ වත් පිළිවෙත් නම්...හරිම අගෙයි.... චින්තකලු....ආ..හරිම අගෙයි....ප්‍රීතී....ප්‍රීතී...හ්හ්!
මං එන්න හැරුනා.....කිස්ම ආදරයක් නෑ කියපු මං අනිත් පාර ඒ නරකාදියෙන් එලියට එන්න හැදුවා...ඒත් මං ආපහු බැලුවා...
ඔයා මහ හොද නෑ....කිසිම ආදරයක් නෑ.....කොයි .....න්..නිර්...වාන්....
.....
එයා මාව ඉම්බා.....!
දෙයියනේ...ආයමත්...!
කිසිම ආදරයක් නෑ කියලා චෝදනා කර කර කර උන්න මාව එක පාරම ඇදල ගත්තු එයා මගෙ නලලට හාදුවක් තියනවත් එක්කම මගෙ කට වැහිලා ගියා විතරක් නෙවෙ මගෙ ඇස් වලට කදුලු පිරුනා....මෙච්චර වෙලාම උන්න දගකාර සයාශ් වෙනුවට ..කලාතුරකින් මතු වෙන අර සංවේදි සයාශ් එලියට ආවා...
මං එහෙම්ම කදුලු පුරවන් එයා දිහා බැලුවා...
ඇයි....අඩන්නෙ.....
අඩන්..නෑ....මට.....කදුලු ආවා.....දන්නවද....මගෙ
අප්පච්චි ට...පස්සෙ...මගෙ නලලට හාදුවක් තියපු එකම කෙනා....උඹයි....නිර්වාන් ...
අප්පච්චි ගෙන් පස්සෙ.....
තියන අන්තීම කෙනත් මමයි....
මට වචන සම්පූරන කරල දාන්න නොදී එයාම ඒ වචන සම්පූරන කරලා දානකොට මං හිනා උනා.....මං හිනා උනා කියන්නෙ මගෙ ඇස් වලින් ආදරේ උතුරන්න මං හිනා උනා.....මොකද .....කොච්චර නපුරු උනත් මෙතන ඉන්න නපුරු නිර්වාන්ට මං පැලෙන්න ආදරේ කරනකොට මං එයාගෙ මුන අත් දෙකෙම්ම අල්ලන් මගෙ ඇගිලි තුඩු වලින් ඉස්සුනා...
නිර්වාන් අහලා තියනවද ...ලස්සනම කතා පටන් ගන්නෙ හිතන්නෙ වත් නැති පරිච්චේද වල කියලා ....
මං එයාගෙ මූන අතෑරියා ..නපුරු මූනෙ ලාවට වගේ හිනවක් ඇදෙනකොට ඇගිලි තුඩුවලින් ඉස්සීගන උන්න මං ඒ මූන අත ඇරලා එයාගෙ අතකින් අල්ලගත්තා ...
නිර්වාන් ....
ම්න්...
තරහා ගන්නෙ නැත්තන් දෙයක් අහන්නද....
ම්න්....
මං දන්නවා..කොච්චර නපුරු උනත්...ඔයා මට හරි ආදරෙයි කියලා .....
....
එහෙම නැත්තන් ඔයා මාව බලන්න එන්නෙ නෑනෙ....
....
ඩිපූටියා නම් අපේ සැලාට ආදරේට කියන්නෙ බබී කියලනෙ....නේද....
දන්නෙ නෑ...
එහෙම තමයි එයා කියන්නෙ.....ඔයා කවුරු කියලද අනෙ කියන්නෙ...
මං ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා බලන් උන්නා....නිර්වාන්ගෙ නපුරු ඇස් හීනි උනා....එයා කල්පනා කරනවද එයා දන්නෙ නෑලු.....ඩිපූටියා අපේ එකාට කතා කරන්නෙ බබී කියලා එයා දන්නෙ නෑලු....අනේ මොන බොරුද...මොන බොරුද.... ..මොන බොරුද...මේ මිනිහගෙ මොන බොරුද මේ...
හ්ම්...කමක් නෑ...ඔයා අකමැති නම් කියන්න ඕන් නෑ නිර්වාන් ....
....
ආදරෙයි කියලා එහෙම බලෙන් අහගන්න බෑනෙ නිර්වාන් නේද....
......
කමක් නැ....මට නැති උනත් අපේ ලොකුවට හරි ශෙනිරු අයියා ...ආදරෙන් සලකනවනෙ නේද....
.....
ශෙනිරු අයිය සලකන එකම මදිද...
.....
ශෙනිරු අයියා බබී කියලා කතා කරනකොට අපේ ලොකූගෙ මූන කොච්චර නම් එලි වෙනවද...
ඇයි ඌ කතා කරන්නෙ කටට ලයිට් ගහන්ද....?
මො...මොකක්ද.....ඇහුන් නෑ
මොකුත් නෑ.....
මුගෙ තියන ඊරිසියාව ....මං බලාගන මං ඩිපූටියට අයියා අයියා කියන වාරයක් වාරයක් පාසාම ඒ ඇස් දෙක එහා මෙහා වෙනවා...ඉතින් ඔච්චර නැහි නැහි ඉන්නෙ කියකො....මාත් එක්කො ඔයාට බබා පැටියො රත්තරන් වස්තුව කියන්නම් කියලා ...ඒවා බැ....ඒවා.බෑ....මන්ත්‍රී හාමුගෙ උද්දච්ච කම නම් තියනවා අම්බානෙකට ....
මං පහලට යන්නම්....දැන් පැයකුත් පහුන්වෙන්න එනවා...අපරාදෙ සල්ලි වියදම් කරන් ආවෙ ඉගන ගන්නනෙ....නාඩගම් නටන්න නෙවෙනෙ....
......
ඔය පුරුදු විදිහටම සයාශ් ...නැත්තන් හැමෝම....වෙනසක් නැතුව හැමෝම ඔය කියන චූටි කියන නමම කියන්න...ඒත් නැත්තන් කොයි වෙලෙත් මරාගන කන්න හදනකොට අර කියන්නෙ තමුසෙ තමුසෙ කියලා ඒකම කියන්න....මං තරහ නෑ...මං යන්නම්....
මං එන්න ආවා...අරූ අපාය මැද ගල් ගිලලා වගේ ඉන්නකොට මම එන්න ආවා...කොච්චර කිව්වත් මන්ත්‍රී පුතාව මගෙ වචන වලින් නම්ම ගන්න බැරිව යනකොට මං ගස්සගන පද්දගන එලියට එන්න ආවා...
ඒත් දොරකොඩ පහු වෙනවත් එක්කම මන්ත්‍රී පුතුකිගෙ ලට ඇරුනා....
ඔච්චර මුරන්ඩු වෙන්න එපා මගෙ ලමයො....
මගෙ ලමයො.....
එයා මට කතා කෙරුවෙ එයාගෙ ලමයො කියලා ...එතකොට එයා මට කතා කරන්නෙ ලමයො කියලද.....අරූට වගේ බබී කියලා නෙවෙද?
නිර්වාන් ....ඔයා....මට කතා කරන්නෙ එහෙමද....
....
ආ අනේ...කියන්නකො...අගේ නොකර
ම්න්....
චූචිට ආතරේට කතා කරන්නෙ මගෙ ළමයා කියලද නිරූ...හෙඩ් පිපෙට් අයියෙ.
ම්න්.....
ම්හුක්...ඔයා මහ...නරකයා අනේ...නිකන් බොරුවට කේන්ති ගස්සනවනෙ ඔයාගෙ ලමයව....ඔයා මාව පෝන්නෙකෙ සේව් කරන් ඉන්නෙත් එහෙමත අනේ👉👈
ම්න්....
යෝහ්...සුතර්මා .....සුතර්මා ....මල්ලිගෙ දරු පැටියා දැන් අන්සතුයි .....සුතර්මා .....හ්
මං දිව්වා....ගස්සන් පද්දන් යන ගියපු මං එයාගෙ ලගට ගිහින් ඵෝන් එක ඉල්ලන්න අත දික් කරනකොට එයා ගානක් නැතුව මට ඵෝන් එක දුන්නා...යෝ...ඇපලක්...ඇපලක්....මට මෙව්වා දන්නෙ නෑ....
තරහ නැතුව ඇගිල්ල ගහන්නකො නිරූ...
ම්න්..කොතනටද....
යෝ...නිර්වානයා....වනචර කම අනේ....මං කියන්නෙ මේ ලොක් එක ඇරගන්න....පින්ගර් පින්ට් එකට...
ම්න්....
මහ වලා අනේ....යෝ...වලා උනත් මගෙනෙ....
මං එයා ලව්වම ලොක් එක ඇරගන දන්නෙ නැති ඇපලේ වැඩ කිඩ හන්දා එරි එරි කන්ටෑක්ස් වලට ගියපු මම මගෙ නම හෙව්වා....
කෝ නිර්වාන් ....නෑනෙ....ම්හුක්....සේව් කරගනත් නැතිද මන්දා....යිඔ....හ්
මං හෙව්වා .....මට හොයාගන්නම බැරි වෙනකොට එයාඵෝන් එකමගෙ අතේ තියනකොටම මගෙ නම්බර් එක් හොයලා දුන්නා....
H.lamaya❤️
H.lamaya....මේ මොකක්ත මේ...එච් එක....මං ඔලුව කහ කහ එයා දිහා බැලුවා....
මොකක්ත නිරූ මේ....එච් එක...
හොරොව්පතානෙ ළමයා....
යෝ....යෝ....යෝ.....හ් නිර්වාන් ..අනේ...හ්හ්...අනේ අප්පච්චි ....මේ බාන්නකොහ්...දන්නෙම නෑනෙ....ආතරේ කරන්න දන්නෙම නෑනෙ...ඕකට දාන්න මගෙ....මගෙ ළමයා කියලා .....M.lamaya කියලා දාන්නකො...මං ඔයාගෙ ලමයනෙ....
ම්න්....
දාන්න ඉතින්...
දැම්ම දාන්න ඕනෙද ම්ම්ම්ම්
ඔව් මේ දැම්ම...
මෙතන දැම්මට කමක් නැද්ද....
යා නිර්වානයා...හ්!!!
කෑ නොගහා ඉන්න ලමයො
අපි දෙන්නා පහලට ආවා....ඒ එනකොටත් ඇදුරු තුමා සුද්දගෙ බාසාව උගන්න උගන්න උන්නා වගේම මං බලාගන සැල ලිහිනියගෙ මුන පුක වෙලා තිබුනා.....ඩිපූටියා නම් යස අගේට ඉදගන පාඩම.අහන් උන්නා...
දැන් ඉතින් මගෙත් මුන පුක වෙනවා තමා...ම්හුක්...මදැයි...ඉදාලා ඉදලා පැටලුන ප්‍රේමවන්තයො දෙන්නගෙ ඉංග්‍රීසි හැකියාව....
මම ඉදගත්තා .....නිර්වාන් මට එහාපැත්තෙ සර් ගාවින් ඉදගත්තා .....
නිර්වාන් ...පරක්කුයි පැයක්....
ම්න්.... පැය දෙකට තව පැයක් ඇඩ් කරගන්න...
දරුවො අද නම් බෑ....
ම්න්.....කවදටද පුලුවන් ...ඔයා වෙලාසන යන්න අහපු දවස් වලත් මම නෑ බෑ නොකියා යන්න දීලා තියනවනෙ...ම්ම්ම්ම්....ඇයි මන් කිව්වම බැරි....
අනේ නිර්වාන් ...එපානෙ.....
හරි....වැරද්ද අපේ...පුලුවන් දවසක පැය කවර් කරන්න ...දැන් පටන් ගන්න.....
මං ගල් ගැහිලා වගේ උන්නා ... එයා බයක් හැකක් නැතුව කියවනකොට මං අපේ එකාගෙ මුන දිහා බලනකොට ඌත් උරහිස් අකුලලා උගෙ ඇස් කොන් වලින් ඩිපූටියව පෙන්නල හිමීට මුනු මුනු ගෑවා...
"මූත් එක්කත් එපා වෙනව චූටි"
මං ඔලුව පාත් කර ගත්තා ....ඔලුව පාත් කර ගත්තු මට ඉංග්‍රීසි පොතේ අකුරු ඔක්කොම අනිත් පැත්තට පේන්න ගත්තා විතරක් නෙවෙ ඒවා නටන්නත් ගන්නකොට එක විදිහකට ඉන්න බැරි මං ඇබරුනා .මෙතන ඉදන් ගෙවුන හැම විනාඩියකම හෙඩා වගේම ඩිපූටියා ඇදුරු තුමා එක්ක කතා කෙරුවෙ වතුර වගේ ඉන්ග්‍රීසි වලින් වෙනකොට .....මායි අරුයි ගිරේට අහු උන මඩ පුවක් දෙකක් වගෙ බලන් උන්නා...
ප්ස්...ස්ස්....
මං උන්නෙ ලිය ලිය...අරුන් දෙන්නා චට බට ගගා සර් කාරයා එක්ක කියවනකොට අරුයි මායි දුන්න වැඩක් අඩ අඩ කරන්න ගත්තා ...ඒ චුට්ටකිම්ම මගෙ කකුල කවුරු හරි පැගුවා....
ලොකුවා.....
පාගලා තියෙන්නෙ ලොකුවා....ඔලුව උස්සල බලපු මට ඒකා ඇහක් ගහලා පහල තිබුන මිනි බාතෲම් එක පෙන්නනකොට මමත් ලාවට ඔලුව වැනුවා.....
එක්ස්කියුස් මී සර්...
යෙස් සයාශ් .....
මේ අයි ගෝටුද ටොයිලට්....
සර්ර්...මේත්....අයි ගෝටුද....කමක් නැද්ද .....ඒයාට එනකොට මටත් එනවා....
මං අරූ දිහා බැලුවා...මම එකටම යන්නම්...ඒ ගියහම උඹ වරෙන් කියන එක කට කඩාගන කුටු කුටු ගෑවත් අන්තීම මොහොතේ සැලලිහිනියා ගොම කරනකොට සර් හා කියන්නත් කලියෙන් මං පැනගත්තා ..
අම්මෝ....ඇති යාන්තන් ....නිවන් දැක්කා වගේ....චූටියා.....
උඹ නම් මහ මෝඩයෙක් ලොකූ....මං කිව්වනෙ....
අනේ චූටියා මට නම් බෑ බන් ලබන සතියෙ එන්න...අරූ ඉංග්‍රීසි කතා කරනවා නෙවෙ ඉංග්‍රීසි කනවා.....
මොකාද ....
කව්ද අපේ එකා....සෙනූ ...එපා වෙනවා....
මායි ඌයි දෙන්නම බාතෲම් එක අස්සෙ හොරු වගේ වෙලාව බල බල උන්නා....විනාඩි පහක් දහයක් ගෙවිලා යනවත් එක්කම අපි දෙන්නවම තුශ්නිම් බූත කරන් ඩිපූටියා මතු වෙනකොට මං හිමීට එලියට එන්න අවා....ඒත් ඌ මාව අල්ලගත්තා .....
....කොහෙද යන්නෙ ....
මේ...පන්තියට ....දැන් හරි.....
.සර් ගියා...සයාශ් ...
ආ..සර් ගියා නම් මං අපෙ නිරූ ගාවට යන්නම් නේ සෙනු අයියෙ.අපේ එක්කෙනා බලන් ඇති...
නෑ....ඔයාගෙ එක්කෙනා බලන් නෙවෙ ඉන්නෙ...
නිකන් ඉන්න සෙනූ....අවුස්සන්නෙ...ඔයා යන්න චූටි මේ අපෙ එක්කෙනාට පිස්සු.....
ඇත්තද...මට පිස්සුද.....ම්ම්ම්...මට පිස්සුද මගෙ බබීට මාව දැන් පිස්සෙක් වගේ පේනවද..
යෝ...සෙනූ.....නිකන් ඉන්නකො අනේ....
ආ..ආ..ආ...මේ මොකත මෙ....
මම අඩියක් පස්සට ගියා...අපේ එකාගෙ මනමාල කම මූනෙන් එකක් වෙන කොට ඩිපූටියත් ඊට නොදෙවෙනි වෙන්න මනමාල වෙලා තිබුනා..... මේවනෙ යකෝ...ලව්.....ම්ම්....අපේ එකාට ඔලුවට ගගහා පෙන්නන්න ඕන මේවා...ම්හුක්....ආතරෙ වැහෙනවා....
බබී....
ඇයි...සෙනූ....ඕ....මොකක් හරි රහසක්ද අනේ. ..
නෑ.....
එහෙනම්.....
හාච්චියක් වත් දෙන්නද.....
ආ..ආ....ආ....කටවල් කාගන්න වගේ යන්නෙ....මගෙ බඩත් එක්ක රිදෙනවා...අනේ....සෙනූ.....මේ චූටියත් මෙතන ඉන්නවනේ...කට නම්කන්න එපානේ.....
මගෙ ඇස් දෙක එලියට පනින්න ආවා...ඒ විතරක් නෙවෙ...මටත් නොදැනිම මම නියපොතුත් කන්න ගත්තා ...බබී...බබී.ගාන් ආව ඩිපූටියා අපේ එකාව බිත්තියට හේත්තු කරගන්නකොට ටිකට් නැතුව සෝ එක බලන්න ගත්තු මාව රතු වේගන රතු වේගන යනකොට රෝමියෝ ජුලියට් අක්කගෙ කට කන්න හැදුවා විතරයි මටත් හුස්ම හිර උනා මොකෙක් හරි කෑ දැත්තෙක් මගෙ ඇස් දෙක වැහුවා....
ලැජ්ජ නැති පොඩි එකා.....
ම්හුක්....නිරූ.....
දග නොකර අල්ලගන්න...
මං උන්නෙ බුම්මගන.....අනිත් උන් හැමෝටම ඔරෙන්ජන් ජූස් පොවාපු මට විතරක් සීනි නැතුව කිරි එක්ක රතුපාට උන පෙති දෙකක් පොවපු නිර්වානයා එක්ක මං උන්නෙ තරහෙන් වෙනකොට බයික් එකට නැගලත් මං යාරක් විතර පස්සට ගියා....මම එහෙම උනත් අරූ නම් ගැරඩියා වගෙ ඩිපූටියගෙ ඇගේ වෙලිලා උන්නා....
අර...අර...අරූගෙ කකුල පිච්චෙයි කියලා එහාට මෙහාටත් කරනවා...
අර...අර...අනේ...අම්මේ....බලාපියවිකෝ.....අමොර්..අමොර්...සාජහන් රජ්ජුරුවො ...
ටච් මහලක් තනවන්න බෑ...මට ඔබෙ සෙනෙහසට ....හිමී....
ආ...ආ..අනේ..යකො.... අරූ අතට උම්මියක් දීලා ඒක අපේ එකාගෙ සයිලන්සර් එකේ ගෑවුන කකුලෙන් තිබ්බ නේත....ඒවා සනීප වෙනවා ඇති අපේ එකාට බැරි උනාට...
හරිම අගෙයි...හරිම අගෙයි....නව යොවුන් වියේ ආදරවන්තයන්ගෙ හැසිරීම නම්....හරිම අගෙයි.....අමොර් ..අමොර් ...ප්‍රීතී ...ප්‍රීති...හ්
ඕක බදින්න වෙන්නෙ නෑ ඩිපූටියෝහ්.....
මං කෑ ගැහුවා...මුනත් දෙක කරන් උන්න මං එක පාරම කෑ ගැහුවා වගේම හෙල්මට් එක දදා උන්න නිර්වාන් එක පාරම මා දිහා හැරිලා බැලුවා...
ඊලග පාර කියන්න ඉඩ නොතියා ලගට වරෙන්...
ම්ම්හුක්...මට බෑ....සමාජ දුරස්තබාවෙන් ඉන්න එක කොවිඩ් වලට හොදයි.....
ඇත්තද.....හා...
නැ...නෑ..අනෙ....විහිලුවක්...නෙ...කෙරුවෙ.....නිරූ...යෝ.....ඉතින්....
යාරයක් පස්සෙන් උන්න මං වෙඩිල්ල වගේ නිර්වාන් ගාවට රූටලා එයා අන දෙන්නත් කලියෙන් මං එයාගෙ ඉන ගාවින් අල්ලගත්තා ....වැටෙන් නෑ...ඒ උනත් දන්නෙ නැද්ද.....බොරූවට මේ.....
නිර්වාන් ....
...
ඔයා හෙට ගියාම....චූටිට ඵොටෝ එවන්න අනේ....හාත....
....
නිරූ.....ඇහෙනවතේ....හෙමින් යන්නකො....හුලන්...පාරට...කටට....
පූච්චොත් යනවා අනේ.....
මං උන්නෙ මගෙ නිකට නිර්වාන් ගෙ උරහිස උඩ ගහන්....යන යාමට හුලන් පාරට එන පූච්චොත් මගෙ කට්ට යනකොට අරුන් දෙන්නා නම්....එතනත් ප්‍රේමෙන් වෙලි වෙලි උන්නා....ඩිපූටියගෙ ආදරේ තරම කොයි තරම්ද කියනවා නම් ඌ එක අත්කින් විතරක් හැඩල් එක අල්ලන් අනිත් අතෙන් අපේ එකාගෙ අත අල්ලන් ඉන්නකොට මම මෙහෙ ඉදන් අරක එවන්න මේක එවන්න ගගා බෙරිහන් දුන්නා....ඒත් නිර්වාණය නෙවෙ උත්තර බැන්දේ...
නිර්වාන් .....මේ අනේ.....ඔයා හෙට.....
කෑ ගහන්න එපා ලමයො මට බීරි නෑ...
මොනාද...ඇහෙන් නැ....මං කිව්වෙ .....ඔයා.....හෙට.......මට.....
එයාට ඇහෙන් නෑ කිව්වා..මෙච්චර හයියෙන් කියලත් බීරා වගෙ උන්න නිර්වානය අර ෆුල් ෆේස් හෙල්මන්ට් එක දාන් මගෙ දිහා බලලා මොනවදෝ මුමුනවා එක්කම මම ඊටත් වඩා හයියෙන් කියවනකොට කොහෙන්දෝ ආව තනි සුදු පාට හයි ලක්සරි ජීප් එකක්.....රංගෙ රෝවර් එකක්(range rover ) එකක් අපි ඉස්සරහින් ස්ලෝ එකේ ගිහින් පාර හරස් කරලා නවත්තනවත් එක්කම අපිට ඉස්සරහින් ගියපු ඩිපූටියා වගේම එ චුට්ටකින් නිර්වානුත් නැවැත්තුවා....
ඇයි....නිර්වාන්...
මං නවත්තපු වාහනේ දිහ බලලා මුමුනවා එක්කම.එයා දාන් උන්න හෙල්මන්ට් එක ගැලෙව්වා ....
.නිර්වානයා....මං හිතන්නෙ...නඩුව ඉහලට රිපෝර්ට් කරල වගේ.....
නඩුව...කාටද...කව්ද.....මොකාද රිපොර්ට් කරලා තියෙන්නෙ.....
නවත්තපු ජීප් එකෙ සිග්නල් ලයිට් විතරයි ...ඒත් තවමත් කවුරුත් බැස්සෙ නැති වෙනකොට දාන් උන්න හෙල්මට් එක ගලවන ගමං ශෙනිරුවත් අපබ්රංසයක් කියෙව්වා...
මට පේන්නෙ ..උඹට හෙට යනවට ශක්තිය දෛර්ය ප්‍රාර්තනා කරන්න ඇවිත් වාගේ...
ශෙනිරු ආයම කියෙව්වා ...ඒත් නිර්වාන් නෙවෙ වචනයක් කියෙව්වෙ....ඒ වෙනුවට එයා කෙරුවෙ කට පියන් බලන් ඉන්න එක වෙනකොට ඒ එක්කම අර ජීප් එකේ දොරක් ඇරුනා. ....
දෙවියනේ .... .
තනිකරම නිර්වාන්ගෙම අච්චුවක්...
ඒම මූන....ඒම පාට....ඒම බැල්ම.....
මගෙ කටත් ඇරුනා...
නිර්වාන්ගෙ තාත්තා කියන ඇමතියව දැක්කා විතරයි මගෙ කට දනිහෙ වදින තරමට ඇරුනා ... .මං හිමීට බයික් එකෙන් බැස්සා .....
තනි සුදු....හිමේ සුදු ජාතික ඇදුම ඇදන් උන්න එයාගෙ තාත්තා කියන ඇමතියා වාහනෙන් බැහැලා එයා දිහා බලන් උන්නා....ඒ ඇහිබැම රැලි වෙලා....ඒ විතරක් නෙවෙ...මගෙ නිර්වාන් රවන් ඉන්නවා වගේම එයාත් රවාගන වගේ උන්නා.....
නිර්වාන් .....
ඇමති තුමා.....හරස් කරගත්තු වාහනේ ගත්තා නම්....අපිට ආපිට යන්න තිබුනා... ...
කොහෙද මේ යන්නෙ ම්ම්ම්.....
මං හිතන්නෙ....යන තැන කියන්න මං බැදිලා නෑ කියලා ඇමති තුමා.....එහෙම නේ.....ම්ම්ම්ම්
උද්දච්චයි ....
අනිවාර්යයෙන්ම .....
අන්න ඒකම මදිද ....බැදීමක් තියනවා කියන්න ම්ම්ම්.....
උද්දච්ච කම ලේ වලින් එනවා නම්...මගෙ අප්පච්චිත් උද්දච්චයි .....ඒක ඇමති තුමා නොදන්නවා නෙවෙනේ ම්ම්ම්....
මම බෙල්ල එහාටත් හරවනවා මෙහාටත් හරවනවා....මේ නිර්වානයා කොච්චර කොහොම නෑ කිව්වත්.....රූපෙන් තනිකරම කාබන් කොපියක් වගේ උන ඇමති තාත්තා වගේම නහකාර පුතා දිහා බලන් උන්න මන් උන් දෙන්නගෙ සමාන කම් හොයන්න ගත්තා ...
දෙන්නම නහරකාරයො....
දෙන්නම උද්දච්චයො.....
ඒ විතරක් නෙවෙ ගහේ කටූ උල් කරන්න ඔන් නෑ කියන්නද කොහෙද දෙන්නම කතාව අවසානෙදි " ම්ම්ම්ම්ම්" ගානකොට මන් පියපුතුන්ගෙ ඇටෑක් ශෝ එක බලාගන උන්නා....
මන් ආවෙ රන්ඩු කරන්න නෙවෙ නිර්වාන් ....මන් ආවෙ කතා කරන්න....
මට වෙලාවක් නෑ ඇමති තුම...පේනවනෙ....මන් නිකන් රුකඩේ වගේ.....එක එකාගෙ ලාබල හීන වලට පන දෙන්න මට මගෙ දේවල් අතාරින්න වෙලා....
නිර්වාන් ...මොනාද ඔය කියවන්නෙ ආ
ඇමති තුමා....මං කියවන්නෙ මොනවද කියන්න දන්නෙ නැද්ද...නැත්තන් ....
එයා දන්නෙ නෑ නෙවෙ ...නොදන්නව වගේ ඉන්නවා නිරූ.....!
ඇත්තද ම්ම්ම්....කව්ද උඹට බහින්න කිව්වෙ...
න්..න්...මේ....
නැගපන්...මේ දැම්මම...දාගනින් ඔය හෙල්මන්ට් එක.....ඇමති තුමා.....ආව නම්....යන්න පුලුවන් ...මට නොදන්න මිනිස්සු එක්ක කතාවක් නෑ....
නිර්වාන් ...මුරන්ඩු වෙන්න හදන්න එපා...
ඇමති තුමා යතුර දුන්නා නම්.....
නොදුන්නොත් ...
නොදුන්නොත් ...ඒක....නොදුන්නොත් බලාගන්නම්.....
උද්දච්චයි ...මන් වගේමයි.....කනින් කොනින් ඇහෙන කතා....ඇත්තක් කියලා පිලිගන්න තව සාක්ශි ඕන නෑ නේද නිර්වාන් ම්ම්ම්ම්ම්ම්...මොකද ...මගෙ ලේ...කොයි වෙලෙත් රත් වෙලා තියෙන්නෙ කියන්න.....උඹව දැක්කම පේනවනේ.....
දඩාන්....!!!...
අනේ....හ්..නිර්වාන් ....!
🙂ආය හෙට....
බායි...
මම
Ferdeesha ❤️💚😘 ....