සෙනුක වත්සල් දිසානායක.පාසලේ කැපී පෙනෙන චරිතයකි.හඬ නළුවෙක් සහ ගුවන්විදුලි වැඩසටන් මෙහෙයවන්නෙක්.සමාජජාලා අතරතරමක ප්‍රසිද්ධියක් උසුලන යොවුන් ගායකයෙක්
අයුක ශල්‍ය සිංහවන්ශ.පාසලේ ප්‍රසිද්ධ ක්‍රීඩා තරුවක්.පාසලේම සිටින ආඩම්බරකාර තරුණයෙක්.මිතුරන් කිහිපදෙනා අතර හැරෙන්න අනික් අය සමඟ කාලය ගත නොකරන තරම්.
චමිරු අශ්වින් සිංහවංශ.අතිශයින්ම සෙල්ලක්කාර තරුණයෙක්.බාහිර ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරී සමාජිකයෙක්.ශිශ්ය භටයෙක්.
භාතිය රාහුල් ඩි රෝයි.පාසලේ ප්‍රධාන ශිශ්ය නායක කමිටුවේ සාමාජිකයෙක්.ආදරය දිනාගත් චරිතයක්.
සෙසු චරිත :
රධ්‍ය ශනව් හෙලාක්ශ අධිකාරි,වරද් ෂනෙරු උද්යෝග,ජොනතන් ඇන්ඩෲ,මොහොමඩ් නෆ්රාස්,කියාන් සදේශ් ඩි සිල්වා,අභිරු ගෞරව ඒකනායක,සයෝන් සත්සර පෙරේරා,මහීශා ජොවානා අල්විස්,සුපුනි අරාශි ෆර්නෑන්ඩෝ
බිඳුණු කැඩපත්
-සේපාලිකා සෙසු කථාංගය
1.0
" කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා.. ඒත් ඔයා ළඟ නෑ ටහු-"
" අඩෝ අඩෝ හාමුදුරුවො එනවා.. සෙනුකයා ඕක නවත්තගනින් බල්ලො..!!"
මම හනිකට බෙර ගගහා හිටපු පෑන් දෙක සාක්කුව අස්සට ඔබාගෙන සෞඛ්‍ය පොත පෙරළගත්තා.. හම්මට මළල ක්‍රීඩා.. මළල ක්‍රීඩා නෙමෙයි පුතෙ හාමුදුරුවො උඹේ පද රචනය අහලා මෙදා පොටේ තාත්තගෙ පිරිවෙනට පෙත්සමක් යවයි පුතණ්ඩියා අමු කුණුහර්ප පද රචනෙට ගහලා ඉස්කෝලෙ ලමයි බඩ කළා කියලා.. කෝකටත් තෛලෙ දහම්පාසලේ පද්‍ය ගායනා තරඟෙට කිව්ව කවිය තමා.. මම දොහොත් මුදුන් දීලා වැඳගත්තා..
" සෙත් සිරි දෙන මහා ගුණ මුහුදාණන්~
සත් හට වන බව දුකට වෙදාණන්-"
හාමුදුරුවො වඩින වැඩිල්ලට දුවලා බෑ පියාඹන්නම වෙනවා.. විනාඩි එකයි තප්පර එකොළහක් ගියේ නෑ හාමුදුරුවො දහය එෆ් පන්ති කාමරයේ උළුවස්සට හේත්තු වෙලා අපි දිහා කන්න වගේ බලාගෙන හිටියා.. මම මගේ කවිය කන්ටිනිව් කළා.. හාමුදුරුවො වුණත් දැනගන්න ඕන මේ පන්තිය කියන්නෙ කොච්චර හොඳ පන්තියක්ද කියලා.. විශේශෙන්ම අන්තිම පෝළිම.. ඒකෙත් අපරදිග සංගීතය කරන සෙට් එක.. ඒකෙනුත් පන්ති නායකයයි උප නායකයයි වෙච්ච උන්ව..
" පන්ති නායකයා කියන එකා බැහැපිය එළීයට..!!"
මම මගේ එහාපැත්තෙ කට බලියගෙන නිදාගෙන ඉඳපු මගේ අතිජාත කල්යාන මිත්‍ර සිරිමත්ගෙ පොඩ්ඩක් අලුත් වර්ශන් එකට ඇඟිල්ලෙන් ඇන්නහම ඌ මගේ අතට එකක් ගහලා අනිත් පැත්ත හැරිලා මොනවදො නින්දෙන් කිය කිය හිනාවුණා..
හීනෙන් මූ වැලක් බලනවද..
මම ක්ශනිකව උගේ කලිසම දිහා බැලුවා.. නැගලා නෑනෙ.. එහෙනම් වෙන මොකක් හරි වෙන්නැති.. හීනෙන් ශෝන් මෙන්ඩිස් එක්ක පූල් පාටියක් දානවද කව්ද දන්නෙ.. දැන් ඒක නෙමෙයිනෙ මෙතන තියන ප්‍රශ්නෙ.. හාමුදුරුවො මහා කරුණාව පාන්න වැඩලා සහෝදරවරුනි..!!
" නැකිටපන් බල්ලො.. උඹට කතාකරනවා.."
" ආ-ච්චිඅම්මෙ අනෙව්-"
දෙතුන්පාරක්ම කතාකල්ලා මූ උගෙ ආච්චිඅම්මා ගැන කියවන ගත්තු නිසා මම ශේප් එකේ පන්ති උපනායක බැජ් එක ගහගෙන කන්ද උඩින් පායන හිරු මෙන් නැගිට්ටා.. හාමුදුරුවො දිහා බලලා මදහසකුත් පෑවා.. හාමුදුරුවො මට ඒකට රැව්වෙ මොන හිතකින්ද කියලා මම අදටත් කල්පනා කරනවා..
" උඹද පන්ති නායකයා.."
හාමුදුරුවො කෑගැහුව පාර මගේ මිත්‍රයා බයවෙලා පුටුවෙන් බිම.. පන්තියම හිනාවුණා.. නෙද්දකින්.. මේ පගා අපිට ලැජ්ජ කරනවා..
" හ්-හාමුදුරුවනෙ.."
" උඹ වරෙන්..පන්තියම වරෙන්.. ඔක්කොම ඔක්කොම.. මම දැන් පැය බාගයක් තිස්සෙ මේ බජව්ව දිහා බලාගෙන ඉන්නෙ.. කිව්වට නවත්තන්නෙත් නෑ.. අනිත් පන්ති උගන්නන්නෙ කොහොමද.. උඹලට මොළයක් නැද්ද-"
මම කරබාගෙන පන්තියෙන් එළියට පැන්න පාර හාමුදුරුවො අත දිගෑරලා දුන්නා පුපට වේවැලෙන් ශොට් එකක්.. මගේ නිකලැල් තට්ටමේ කැළලක් හිටියදෝ.. මම අත් දෙකෙන්ම පස්ස අල්ලගත්තා.. ඒකටනම් කඳුළුත් ආවද මන්දා.. ඒ එක්කම දිගට හරහට එළියට එන හැම එකා ගානෙම හාමුදුරුවො වේවැල වනනවා මට ඇහුණා.. මම මුලින්ම ගිහින් මැද මිදුළෙ දණගැහුවා.. සැක් සෙක්ශන් හතරක් මැද්දෙ ගැම්මට දණගහනවා කියන්නෙ.. කොල්ලො හිතුව තරම් මා-
" පීරියඩ් එක ඉවරවෙනකල් දණ ගහන් ඉඳපන්.. මීහරක් වගේ කෑගහනවා ඉවරයක් නෑ.. මේක මොකක් කියලා හිතාගෙන ඉන්නවද.. ෂනෙරු..!! සෙනුක..!! ජොනතන්..!! උඹලා තුන්දෙනා ඊළඟ වතාවෙනම් මගෙන් කනවා පුතේ.."
හාමුදුරුවො අපි දෙන්නගෙ මූණු දෙකට වේවැල වනලා අනිත් උන්ටත් රවලා ආපහු වැඩියා.. හාමුදුරුවො යනකල් ඉඳලා මම කකුල් දෙකේ පිටිපස්සට බර වුණා.. එහෙම දණගහන් ඉන්න පුළුවන්ද දෙයියනේ මේ බාගෙට තණකොළ ගැලවිච්ච මැදමිදුලෙ..
" සෙනුක මට චූබරයිනෙ ඕයි.."
" අර මල්පැලේට අල්ලපන්.. හිකනලා තෝ නිදාගත්තා නේද මම අච්චර කතාකරද්දිත්.."
ෂනෙරුවා උගේ අර අමුතු බෝල ඇස් දෙක හෙන දුකින් බර කරගෙන මගේ දිහා ඇස් යටින් බැලුවා..
බෑනෙ කරන්න මූ එක්ක..!!
මේ ඉන්නෙ මගේ අතිජාත මිත්‍රයා වරද් ෂනෙරු උද්යෝග මල්හාමි.. ඌ මලක් කියලා ඌ හැමතිස්සෙම කියන නිසා මම හිටිය ගමන් ඌට මල්හාමි කියලා කියනවා.. නමේ අවුලක් නෑ.. ඌ මලක් වගේ තමා.. හෙන සුදු, බළල් ඇස් දෙකක් තියන.. ඒ ඇස් දෙකත් දුඹුරුපාට වෙච්ච එළම කොල්ලෙක්..
අපි දෙන්නා සෙට් වුණේ හයේදි.. හයේ තිබ්බ යාළුකම තමා දැන් මේ සහෝදර ප්‍රේමෙටත් එහා ගිහින් හෙන ලව් එකක් වෙලා තියෙන්නෙ.. මට තාම මතකයි මූ අපේ ඉස්කෝලෙ ගෝල්ඩ් බ්ලූ ෆයිල් කවරෙකුත් අත් දෙකින් බදාගෙන අම්මගෙ ඔසරි පොට අස්සෙ හැංගිලා පන්තියට ඇවිත් වාඩිවුණ විදිය.. උගෙ බළල් ඇස් දෙක තමා මට මුලින්ම මතක හිටියෙ.. ඒක ඇවිත් හෙන අමුතු ඇස් දෙකක්.. ඉර එළිය වැටුණහම උගෙ කණීනිකා පොඩි වෙනවා එහෙම හොඳට පේනවා.. වෙලාවකට ඌව දැක්කහම බය හිතෙන තරමට උගේ අමුතු ලුක් එකක් තියනවා.. මම ඇවිල්ලා ෂනෙරුට ලව්.. ඌත් දන්නවා ඒක.. ලව් එකක් කියන්නෙ සහෝදර ප්‍රේමෙටත් එහා ගිය එකක්.. හැබැයි ඒක රොමෑන්ටික් ලව් එකක් නෙමේ.. ප්ලැටොනික් ලව් එකක්.. උගේ ගාවින් හැමතිස්සෙම ඉන්න ඕන කියලා මගේ හිතේ හැගීමක් තියනවා.. වගේම ඌයි මායි අමුතු නූලකින් බැඳලා දාලා තියෙන්නෙ.. කොහේ ගියත් අමුඩෙයි පුපයි වගේ අපි දෙන්නා හිටියෙ එකට.. ඒක මේ ඉස්කෝලෙ බල්ලා බළලගෙ පවා ඉඳලා දන්න ප්‍රසිද්ධ කරුණු කාරණා වලින් එකක්..
එදා මූ හයේදි මගේ එහාපැත්තෙ ඉඳගෙන මුලින්ම ඇහුව වචන ටික මට තාම මතකයි.. සමහරවිට තව අවුරුදු පහනක්වත් යනකල් ඕක කිය කිය මම මූට විහිළු කරයි..
" හායි මම සෙනුක.. ඔයා කැමතිද මගේ යාළුවෙක් වෙන්න.."
" ආ..??"
ෂනෙරු මගේ දිහා බලාගෙන හිටියෙ බළල් ඇස් දෙකත් ලොකු කරගෙන බයවෙලා වගේ.. කොහොමත් ඌ මුල් කාලෙම හිටියෙ පන්තියෙ කොණකට වෙලා සයිලන්ට් එකේ.. එකක් මගේකා කොළඹට අලුත්.. අනික ඌට සමහර දේවල් මට කියන්න අවුල්.. විශේශෙන්ම තාත්තා ගැන කියන්න බයවුණේ මම එයාව යාළුකමින් අයින් කල්ලා දාවි කියලා.. ඒ වුනාට මමත් පහ වසරට යනකල් මේ ඉස්කෝලෙ හිටියා.. එකෙක් යාලුවෙක් වගේ මගේ හිතට සෙට් වුණේ නෑ.. ෂනෙරු ඇවිත් මගේ වයිබ් එකට හරියටම සෙට් වෙන අනිකා.. අපි දෙන්නා හරියට පස්ල් එකක එක ළඟ තියන කෑලි දෙකක් වගේ.. ප'ෆෙක්ට්ලි ගැළපුණා..
" මම ෂනෙරු.. මාත් එක්ක කතාකළාට තැන්ක් යූ.. සෙනුක.. මම ඔයාගෙ යාළුවෙක් වුණාට කමක් නැද්ද.."
එදා ඉඳලා ඌයි මායි හෙන ෆිට් එකක් වුණා.. පස්සෙ මම යන යන හැම මගුලටම මම ඌවත් ඇදගෙන ගියා.. ඒකෙ ප්රථිඵලයක් විදියට ෂනෙරුවා අපේ ඉස්කෝලෙ ප්ලේ නොකල ගේම් එකක් නෑ.. ඌ හැම ජාතියෙන්ම ගේම් ප්ලේ කළා.. යූ නෝ වට් අයි මීන්..?? කොහොම හරි මම හුඟක්ම ආස වුණේ ස්විමින්.. ෂනෙරු බැඩ්මින්ටන්.. ඒ ඇරෙන්න මීට් වලදි අපි බාස්කට්බෝල්.. වොලිබෝල්.. හොකී.. ජිම්නාස්ටික්.. හයි ජම්ප්.. ලෝන්ග් ජම්ප්.. රිලේ.. එකී මෙකී නොකී සේරම ප්ලේ කල්ලා.. අර පන්තියෙ කොණේ ඉඳපු කොල්ලා හතේදිම කලර්ස් නයිට් එකටත් ගියා.. ඉස්කෝලෙට හයේදි ඇවිත් හතේදි ඕල් අයිලන්ඩ් ප්ලේ කල්ලා කලර්ස් නයිට් ගිය එකම එකා විදියට ෂනෙරුවා ඉතිහාසගත වුණා.. ඔය හැම එකේදිම මම උගේ ලඟින්ම ඉඳපු නිසා මට පට්ට හැපී ඉතින්..
අනික තමා මේ පගා අපේ ඉස්කොලෙ ඉන්න හයික්ලාස් පොරක් ලයින් කළා.. ඒක ඉස්කෝලෙ අයියලා අතරෙ හෙන ප්‍රසිද්ධ රහසක්.. අපේ වයසෙ එවුන්ගෙන් නම් දන්නෙ මමයි ජොනායි තමා.. ඒ ඇරෙන්න ඒ ලෙවෙල් ක්ලාසස් වල උන් නම් මේවා හෙනටම දන්නවා..
රධ්‍ය අයියා කියන්නෙ ඉස්කෝලෙ හැම එකාට පට්ටෙටම ගරු කරන, හෙනම ගටක් තියන, නියම කොල්ලෙක්.. කොටින්ම මගේ රෝල් මොඩල් එකත් රධ්‍ය අයියා තමයි.. ඒකා කියන එව්වට සමහර වෙලාවට අයියලත් බයයි.. ඒ කියන්නෙ අයි ආර් සී කාරයෙක් වගේ නෙමෙයි.. නියම ගරුත්වයක් ලැබිය යුතු කොල්ලෙක්.. හැසිරීමෙන් කතාබහෙන් වුණත් රධ්‍ය අයියා කියන්නෙ හෙනම ජෙන්ට්ල්මන් කෙනෙක්.. ඉතින් හැමෝම රධ්‍ය අයියට කැමතියි.. රධ්‍ය අයියට මල්සරා විදලා හැබැයි දැන් ඉන්නෙ.. ඩයල් එක අපේ එකාට අමුතු බැල්ම දානවා.. අපිටනම් ඔව්වා කන්ෆර්ම්.. ඉස්කෝලෙ ඔය පලහිලව්ව ගැන නොදන්න උන් පවා අර හැමෝම කියනවට රධ්‍ය අයියට ෂනෙරුව අල්ලලා විහිළු කරනවා.. මගෙ යාළු පගාට එව්ව මොකුත් තේරෙන්නෙ නෑ.. ඌ තාම ඉන්නෙ සමනල්ලු පස්සෙ යන මානසිකත්වෙන්.. ඒකනිසා ඔව්වා මේ ඔළිඳ ඇටේ කළු කෑල්ල තරම් මොලේට දරාගන්න අමාරුයි.. අනික රධ්‍ය අයියත් දන්නවා මුගේ කට බැරිවෙලාවත් ඇවිස්සුනොත් නම්බුව බල්ලට දාන්න වෙනවා කියලා.. හැමදාම ඉතින් දුර ඉඳන් ලව් තමා.. අපි ලව් එකට සපෝට්..
රධ්‍ය අයියා කොච්චර හොඳ වුණත් උගේ යාළු ගැන්සියනම් මට පෙන්නන්න බෑ.. ඒකෙනුත් කියාන්.. ඒ කියන්නෙ අපේ ඉස්කෝලෙ රගර් ගහන.. අල්ලපු වැටේ දැනටම සිහින කුමාරයා.. ඌ නම් හොඳ එකා.. අපි ස්පෝර්ට්ස් රිලේටඩ් දේවල් වලදි නිතර හම්බෙනවා.. ඒකනිසා දන්නෙ ඌ ආඩම්බරයි වගේ පෙන්නුවට එහෙමම නෑ.. හිත හොඳ එකා..
හැබැයි අනික් ගෝත ඔලුබක්කා..!!! අන්න ඌ නම් මට ප්‍රශ්නයක්..
ඕකා නිසා මම මූණදීපු දේවල් බොහෝමයි.. ඔක්කොමත් හරි මූව මම දකින්නෙ එක වසරෙ ඉඳලා.. මූණ බුම්මගෙන.. පුදුම ආඩම්බරේකින් ඉන්නෙ.. අනික මහ මලෙන් උපන් හත්වලාමක්.. කිසි දෙයක් වෙන කෙනෙක් නැතුව කරගන්න බෑ.. ඔය මිනිහා ස්කවුච් කෑම්ප් එකකදි මගේ පළවෙනි කිස් එකත් හොරකම් කළා.. නෙදෝකින් ඒ කතා වස්තුවනම්..
ඕක වුණේ මෙහෙමයි..
මමයි ඔය අයුක කියන්න ගෝත ඔලුබක්කයි අපි දෙන්නම ස්කවුච් කළා.. ඒ කියන්නෙ පෝතක බාලදක්ෂයෝ.. ඉතින් අපි එකපාරක් ගහපු කෑම්ප් එකක මූ ටෙන්ට් එකට මොකක්ද ලබ්බක් කල්ලා මහ රෑ ඒක ඔලුව උඩට කඩාවැටිලා.. ඌ බයවෙලා.. ඊටපස්සෙ අඬලා බෙරිහන් දීලා මගේ ඇඟටත් කඩාගෙන වැටිලා මගේ කිස් එකත් අරගෙන පිස්සුවක් කෙළලා ගෙනියපු ගුරුවරුන්ට ඊළඟ සතියෙම මාරුවීමුත් ආවා ඔය සීන් එක නිසා..
අයුක අයියගෙ ෆැමලි එකම සම්බන්ධ දේශපාලනේට.. ඉතින් ඕකා එහෙම හැදෙන එක හිතන්න දේකුත් නෑ.. පුදුම ලොකුකමකින් ජීවත් වෙන්නෙ ඇමති පුතා නිසා.. හිනාවෙන්නෙ නෑ.. කතාකරන්නෙ නෑ. හැමතිස්සෙම මට ඒ මූණෙන් පේන්නෙ ඉරිතලලා ගිය දුකක් වගේ එකක්.. දවසක් ඌයි මායි නමය වසරෙදි පූල් එකේදි ගහගෙන මම උගේ බෙල්ලෙන් අල්ලලා, පූල් එක යට ගහලා, පාගගෙන ඉඳලා දෙන්නටම ක්ලබ් එකේ මාසෙකට මෙම්බර්ශිප් කැන්සල් වුණා.. ඒ කාලෙ ඉඳලම මම ඌ එක්ක වලි.. එහෙම වලි දාගන්න ගියෙත් මම විතරයි.. කොහොම වුණත් මට ඒ ගෝත ඔලුබක්කව පෙන්නන්නම බෑ.. බෑ කියන්නෙ බෑ බෑ බෑම තමා.. මූ වගේ හිපාටුවෙක්නම් මෙලෝම රහක් නෑ..
ඉස්කෝලෙ රධ්‍ය අයියගෙයි ෂනෙරුගෙයි පලහිලව්ව වගේම ප්‍රසිද්ධ අනික් රහස තමා අයුක අයියගෙයි මගෙයි ඇරියස් එක.. ඒක අවුරුදු ගාණක් මේන්ටේන් කරගෙන ඇවිත් සාර්ථක ලෙස තාම කරගෙන යනවා..
" ක්ලාස් එකට පලයන්..!! ලැගගෙන ඉන්නවා මෙතන හරක් ටික වගේ.."
මමයි ෂනෙරුවයි අනිත් උන් ක්ලාස් එකට පනින පස්සෙන් ගිහින් බිත්තියෙන් එහාපැත්තට පැනලා ඉස්කෝලෙ වොශෲම් දිහාට ඇවිදගෙන ගියා.. යන මගදි රධ්‍ය අයියා වවුල් පැටියා වගේ අව්වට පිච්චිලා හම ගිහින් දාඩිය පෙරාගෙන පඩිපෙළට වෙලා වතුර බෝතලේකුයි සිංහල සාහිත්‍ය පොතයි අතේ තියාගෙන පාඩම් කරනවා.. අයියලා කෑම්ප් ගිහින් ඇවිත් මම හිතන්නෙ.. අනේ මන්දා ඌ ඉන්නෙම අර කැඩෙට් රූම් එක අස්සෙමයි.. අපි එනවා ඇහිලද මන්දා ඩයල් එක පොතෙන් ඔලුව උස්සලා ෂනෙරු දිහා බැලුවා.. ඒ එක්කම මූණට හඳ පායලා වගේ අමුතුවට හිනාවුණා.. මම රධ්‍ය අයියට ඇහැක් ගැහුවම, ඒකා කොන්ඩෙ පැත්තට හදාගෙන මට ෂනෙරුව ඇස් දෙකෙන් පෙන්නලා ෂර්ට් එකේ කොලර් එකෙන් මූණ පිහාගත්තා..
අමො අමො රධ්‍ය අයියෙ..
" ආනෙහ්.. චූබරයි ඉක්මනට වරකෝ~"
ඒ එක්කම මගේ පිත්තල හිපාටුවා මාවත් ඇදගෙන වොශෲම් පැත්තට දුවන්න ගත්තා.. ඌ ස්ටෝල් එකකට ගිහින් දොර වහගන්නකල් මම ඉස්සරහා සින්ක් එකෙන් මූණ හෝදගත්තා.. දෙතුන්පාරක් මූණ හෝදගෙන කණ්නාඩියෙන් මූණ බලද්දි මගේ මූණ පිටිපස්සෙන් ඔලුබක්කෙක් හිටගෙන..!! මම ක්ශණිකව රවලා හැරිලා බැලුවා.. පපද බලන්නෙ කන්න වගේ.. ආවනම් පෙන්නනවා ඉතින්.. උනන්දුවක් නෑනෙ..
" ෂනෙරු මල්ලි කෝ.."
මෙයැයි මේ මගේ අහිංසකයව හොයන්නෙ අහවල් එකටද.. මම සාක්කුවට අත් දෙක ඔබාගෙන ඇහිබැමක් උස්සලා අයුක අයියා දිහා බැලුවා.. ගෝත ඔලුබක්කා..
" ෂනෙරු මල්ලි මොකටද.."
" අහපු එකට උත්තර දෙන්න..!!"
" ඇයි මොකද උඹ.. ගහන්නද.."
" ඔයා එක්ක ගහගන්නවට වඩා වැඩ තියනවා.. මේක ෂනෙරුට දෙන්න..!!"
අයුක අයියා අතේ තිබ්බ කොළ දෙකතුනක් මගේ පපුවට තියලා පිටිපස්සට තල්ලු කල්ලා මටම රවාගෙන එළීයට යන්න ගියාම මම එහෙමම ඌ යන දිහා බලාගෙන හිටියා..
ඒ කියන්නෙ..
අනිද්දා යන ට්‍රිප් එකට..
මේ ගෝත ඔලුබක්කා එනවද?????????