මගෙ ඇස් දිහාම බලන් එයා ආදරෙයි කිව්වා.. මං උන්නෙ මොන ලෝකෙද කියන්න මං දන්නෙ නෑ.. ඒ බැල්මෙන් මට ගැලවෙන්නම බැරි උනා... එයා උන්නෙත් මගෙ හුස්මක දුරින්.. ඒකත් මූනට මූන තියන්.. ඒ ඇස් දුවන්නෙම මගෙ දෙතොල් දිහාවට.. ඒත්.. එයා ආයෙ ආයෙ කතා කෙරුවා..
" දන්නවද සරූ.. ඒ කාලෙ තමයි ලස්සනම.. "
ලේසියකට කතා නොකරන එයා ආයෙ ආයෙ වචන එකතු කරන දිහා මං ඇහින්පිල්ලම් නොහෙලාම බලන් හිටියා..
"....."
" එදා ඒ විදිහට අපේ සම්බන්ධෙ පටන් ගත්තා... මගෙ නපුරු ආදරේ මැද්දෙ.. අපි අපිට ඕනෙ විදිහට ජීවත් උනා.. අපි දුක සැප හැමදේම බෙදාගත්තා.. එයාට මං නැතුව බැරි උනා.. මට එයා නැතුව බැරි උනා.. කොටින්ම අපි අපේ හුස්මටත් ආදරේ කෙරුවා.. පැය ගනන් වරු ගනන් ෆෝන් වලින් කතා කෙරුවා."
"ප්‍රශ්න උන්නෑ කියන්නෑ හුගක් බාදක ආවා.. ඒ සේරම මැද්දෙන් අවසානෙදි මං එයාව කසාද බැන්දා.. ඔයා මාව අහගෙනද ඉන්නෙ ම්ම්ම්? "
මගේ පපුව ඇතුලෙ එකම යුද්දයක්.. ඒක ඕනවටත් වඩා ගැහෙනවා.. ඇයි මං මේ මනුස්සය ලගින් අයින් වෙන්නෙ නැත්තෙ? ඇයි ඒ ඇස් ඇතුලෙ මාව ඒ තරම්ම අතරමං වෙන්නෙ...
" දරුවෝ "
මගෙ දිහාම බලන් එයා ආයෙම කතා කෙරුවා...
" අහ්හ් ස්.සර් "
" මාව අහන්ද ඉන්නෙ ම්ම්? "
එයාගෙ හඩට පියවි සිහියට ආව මං එයාගෙන් ඈත් උනා.. මගෙ අතට මිරිකන් හිටපු ඒ ඇදුම අත ඇරලා මං තවත් ටිකක් ඈතට උනාම එයා හිනාව හංගන් හිනා උනා....
" ඔ.ඔව් සර්.. ඔය කියන කාලෙ ඔයාලගෙ ෆොටෝ එකක් නැද්ද ඉතින්.. හරි ලස්සන ආදරයක් සර්ට තිබිලා තියෙන්නෙ.."
මං ඇහුවම සර් එයාගෙ ෆෝන් එක අරං ගැලරි එකට ගියා.. එහෙම්මම මට සර් පෙන්නුවෙ එයාගෙ පරණ ෆොටෝ එකක්.. මිස් එක්කම ගත්ත එකක්. මිස් එයාගෙ කම්මුලට හාදුවක් දීගෙන ඉන්න පිංතූරයක්.. ඒ ෆොටෝ එකට පස්සෙ සර් පෙන්නුවෙ තවත් එකක්.. ඒකෙ සර් මිස්ට හාදුවක් දීගෙන ඉන්න එකක්.. හේතුවක්න්ම් දන්නෑ.. හිත කිව්වෙම මේ හොදටම ඇතී කියලා.. මෙතනින් නැගිටලා යන්න කියලා.. මෙච්චර වෙලාම තිබ්බ අර සැහැල්ලුව මගෙන් කොහෙටදෝ යන්න ගිහින් තියෙද්දි අහේතුකව මගෙ මුලු හිතම බරවෙලා තිබුණා..
" ල.ලස්.සනයි. සර් මිස්ට හුගක් ආද.රෙයි නේද? "
" ම්න්.. හුගක් ආදරෙයි මං එයාට.. අමන්දා කියන්නෙ මගෙ මුලු ජීවිතේම "
මං හිනා උනා.. හිතට බරක් දැනුනත් මං එහෙම්මම හිනා උනා..
" හරියට මට අකිල අයියා වගේ.. මාත් එයාට හුගක් ආදරෙයි සර්.. මේ අවුරුද්දේ එයා ආවම මැරි කරන්න ඉන්නෙ මාත්.. "
මං එහෙම කිව්වා.. ඇයි මං ඒ දේවල් එයාට කිව්වෙ? දන්නෑ.. ඒකට හේතුව මොකක්ද කියන්නත් මං දන්නෑ.. ඒ කොහොම උනත් එයාගෙ මූණ ආයෙම අර නපුරු භාශ්වරසිංහම උනා වගේම මෙච්චර වෙලාම ගිරවෙක් වගේ කියවපු කට ආයෙම වැහිල ගිහින් තිබුණා..
" ම්න් "
ඒ එයාගෙ උත්තර... එහෙම්මම එතනින් නැගිට්ට මං මගෙ කෝපි කෝප්පෙ අතට ගත්තා.. ඒක හිස් උනත් එයාගෙ එකේ තව තිබුන හන්දම මං ඒක තියෙන්න ඇරියා..
" ගු.ඩ් නයිට් සර් "
එහෙම කියාගෙනම මං එතනින් එන්න ආවා.. හැබැයි මට එන්න පුලුවන් උනේ ටික දුරයි...
සලාංංංංං
වීදුරුවක් බිදෙන හඩත් එක්ක මං ආයෙම හැරිල බැලුවා.. මේ මනුස්සයට කෝප්පයක්වත් හරියට අල්ලගන්න බෑ.. ඕන එකක් කරගත්තදෙන්.. මට මොකද.. මොන මගුලට මට එයා එක්ක කේන්තියක් ආවද කියන්න දන්නෙ නෑ.. ඒත් මට තරහ ගියා.. ආයෙම ඒ දිහාව බලන්නවත් නැතුව මං කලේ මගෙ කාමරේට ආපු එක... ඇවිත් යොහාන්ට කෝල් එකක් ගත්ත එක...
" මගෙ ලව් එක.. කියපං.. "
එක රින්ග් එකෙන් ඌ කෝල් එක ආන්සර් කලේ මගෙ නැති උන හිනාව ආයෙම එද්දි.
" උබ කවදහරි ආදරේ කරලා තියෙනවද යොහාන්? "
" ඌප්ස් වයි නොට්.. මං මේ දැනුත් කරන්නෙ.."
මනමාල හිනාවක් දාමින් ඌ කිව්වම මං කලේ ඌට රවපු එක..
" රවද්දි ලස්සනයි. මං හැමදාම උඹට ඕක කියනවා.. "
" මං ඇත්තටම අහන්නෙ යොහාන්.. උබ කාටහරි ඇත්තටම ආදරේ කරල තියෙනවද?"
මං ආයෙ ඌගෙන් අහද්දිනම් මං බලාගෙන ඉද්දි ඒ මූන වෙනස් උනා..
" ම්ම්ම් තියනවා "
" ඒක කොයි වගේද? මං අහ.න්නේ.. ආදරේ දැනෙන්නෙ කොහොමද? "
මං ඇහුවම මේ මෝඩයා කොහෙන්දෝ ෆෝන් එක තියලා මට පේන්න ඈතට ගියා.. ගිහින් මගෙ දිහා බලාගෙන ඉදලා ඌ උගෙ අත් දෙකෙන්ම පපුව අල්ලගත්තා.. ඒක නිකන් අර මල්සරා හීයකින් විද්දම වගේ.. මූ පපුව අල්ලන් හිනා උනා.. මහ මෝඩයෙක්..
" දැක්කද.. ආන්න එහෙම තමා දැනෙන්නෙ.. "
" මෝඩයා.. උබනම් පිස්සෙක් යොහාන් "
" උබත් එක්ක ඉද්දි පිස්සු තමා කොල්ලට.. කුමාරයට අපහාස දාන් එන්නෙපා... මේ ඒක නෙවේ.. දැන් තනියමද කැලේට යන්නෙ? "
" නැතුව ඉතින්.. "
" ම්න්. පරිස්සමට ආ.. දන්නවා උබට ඔය ගමන් හුරුයි කියන්න. සත්තුන්ගෙන් නෙමේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙයන් හරිද? "
ඇස් හීනි කරන් අරූ කිව්වම මං හා කියන්න ඔලුව වැනුවා.. ඕකා ඔය කියන්නෙ භාශ්වරසිංහ ගැන.. ඒ මනුස්සයගෙන් මොනාට පරිස්සම් වෙන්නද..පිස්සු..
යොහාන් එක්ක කතා කරපු මම කාමරේ ලයිට් එක වහන්න කියල ගියත් ජනේලෙ ගාවින් එලිය බලද්දි මං දැක්කෙ එක දෙයයි.. ඒ එයා.. භාශ්වරසිංහ.. ඒකත් මගෙ දිහාම බලන්.. එයා තාමත් ඉන්නෙ එලියෙ.. විනාඩි ගානක්.. විනාඩි ගානක් හේතුවක් නැතුව එයා මගෙ දිහත් මං එයාගෙ දිහත් බලන් හිටියා... ඒත් ඇයි.. මං මොකටද මෙහෙම හැසිරෙන්නෙ.. ඕනෙ නෑ අභී.. ඔයා ආව වැඩේ කරන්න කියල හිත කියද්දි එයා බලන් ඉද්දිම ජනේලෙ වහපු මං ලයිට් එකත් වහන් ඇදට ආවා...
.......................
ඊයෙ රෑනම් හොදට නින්ද ගියා.. අරහෙන් මෙහෙන් මනස ඇතුලෙ අර බහිරවයව මතක් උනත් මං ඒක ආයෙම අමතක කරලා මගෙ අකිල අයියගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන මං ඊයෙ නිදාගත්තා.. මං හිතන්නෙ මිස්ලා නැගිටලද කොහෙද.. පාංදර හයහ මාරයි වෙලාව.. වොශ් දාලා ලෑස්ති උන මං කන්නාඩියෙන් ආයෙ ආයෙ මගෙ හැඩ බලපු මම පහලට එන්න ආවා.. ඒත් කවුරුත්ම පේන්න නෑ.. ඉන්නෙ භාශ්වරසිංහ විතරයි..ඒකත් කා එක්ක හරි කෝල් එකක. අනේ මන්දා උදේ පාංදරම බහිරවයව දැක්ක මට ආයෙම උඩට දුවන්න හිතුනා..ඒත් කොහෙ දුවන්නද.. එයා මාව දැනටමත් දැකල ඉවරයිනේ.. ඒ ඇස් මගෙ රූපෙ උඩ ඉදන් යටටම ගියා.. ඒකත් මොකක්දෝ හැගීමකින්... ඒ බැල්ම මට අපහසු උන නිසාම බිම බලාගෙන මං මගෙ පාඩුවේ පහලට ආවා..
" ඒන්දල් උයා නැදිත්තත? "
පහලට ආවත් හරි ජාන්වී එලියෙ ඉදන් දූවල ඇවිත් මගෙ අතේ එල්ලෙද්දි මං කෙල්ලව වඩාගත්තා..
" ඔව්නේ.. ඒන්ජල් උදේම නැගිට්ටා.. මගෙ පැටියත් නැගිට්ටද ම්ම්ම්? "
" ම්ම්හුක් ඕ.. අප්පත්තිත මත තුත්තු අදන්න අමතත වෙතානෙ. ඉතින් දාන්වී නැදිත්තා.. "
චූටි කට උල් කරමින් වචන ඇහිද ඇහිද කෙල්ල කියවන් ගියා.. අනේ මං ඒ බෝල කම්මුල් වලට හරි තදේට හාදුවක් තිබ්බා.. තාමත් එයාගෙ අප්පච්චි මෙතන ඉන්න නිසාම ජාන්විත් එක්කම මං එලියට ආවා..

මීදුම එක්ක පේන කහ මල් යාය... බැන්ගලෝර් එකෙන් එලිබැස්ස මගෙ මුලු හිතම පිරෙව්වා.. පුදුම තරම් ලස්සනයි. වෙනදට කූඩාරමක් ගහන් කෑලෑවෙම හිටියත් අද මෙහෙම තැන ඉදන් පාංදර ලස්සන දකිද්දි මට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා.. මං බලන් හිටියෙ එලියෙ වටපිටාව දිහා වෙනකොට මගෙ කම්මුල් වලට කුරුලු පැටියෙක් වගේ ජාන්වී ඒ චූටි තොල් වලින් හාදුවක් තිබ්බා...
" ආ.. මල්ලි නැගිට්ටද.. එන්න කෑම කමු.. කෑම මේසෙ දැන් තමා ඇරියෙ. චූටි දූ... කෝ එන්න පුතේ අම්මි ගාවට. ඔයා බයි කන්න ඕනේ.. "
" බා.. මත බයි අපා.. "
" එහෙම කියල බෑනෙ.. ඊයෙත් කෑවෙ නෑ.. අදනම් කන්නම ඕනෙ "
කෙල්ල මගෙ බෙල්ල ඒ චූටි අත් දෙකෙන්ම බදාගත්තා.. හරියට නිකන් මට බෑ කියන්න වගේ.. මිස් කොච්චර ජාන්විව මගෙන් ගන්න හැදුවත් කන්න තියන හොර කමට මේ කෙල්ල බෑමයි කිව්වා.
" මිස්.. කමක් නැත්තම්.. මං එයාට කවන්නද? පව්නෙ.. මෙහෙම හිටපුවාවෙ.. මං කවන්නම්"
" අනේ මල්ලි.. අපි හන්දා ඔයාටත් කරදර නේද"
" අයියෝ ඕක මොකක්ද මිස්. මං ඉතින් මෙයාට කොහොමත් ආදරෙයිනෙ.. නේද ජාන්වී.. ඒන්ජල් එක්ක බයි කමුද ම්ම්ම්?"
මං ඇහුවම මෙච්චර වෙලාම මගෙ බෙල්ල අස්සෙ මූන ගහන් උන්න කෙල්ල හොරාට ඔලුව උස්සලා හා කියන්න ඔලුව වැනුවා.. මහ කපටි කෙල්ලෙක් මේක..
" ඉන්න මං දූගෙ කෑම එක අරන් එන්නම් "
ජාන්විගෙ පිට අතගාගෙනම මිස් ආයෙම යන්න යනකොට කෙල්ලව මං වඩාගෙනම එහාට මෙහාට ගෙනිච්චා.. හරි හරියට හුරතල් කතා ගානක් එයා මගෙත් එක්ක කියෙව්වා.. මං තව පැයකින් දෙහෙකින් යන්න ඕනෙ නේද කියල මතක් වෙද්දි මට ජාන්විව දාලා යන්න බැරි තරම් ලෝභ හිතුනා... ඒ එක්කම කවුරුහරි මගෙ උරහිසට තට්ටු කෙරුවා.. ඒ එයා කියල දන්න මට මුලු ඇග දිගේම කරන්ට් එකක් වැදුනා වගේ දැනෙද්දි මං හැරිල බැලුවා... ඒත් මගෙ ඇස් තිබුනෙ ජිල් බෝල සයිස් වෙලා.. මගෙ ඇස් දැක්ක එයා ඔලුවෙන්ම ඇයි කියල අහද්දි මට දැනුනෙ ලැජ්ජාවක්.. මං හිතන්නෙ මගෙ මූණ රතු උනා.. මුකුත් නෑයි කියන්න මං ආයෙම ඔලුව දෙපැත්තට වැනුවෙ හිතට ආව ලැජ්ජාව හංගන්න උත්සාහ කරන ගමන් වෙනකොට මං තව ටිකක් එහාට යන්න හැදුවත් භාශ්වරසිංහ මට ආයෙම කතා කරා..
" සරූ "
මගෙ පපුව ගැහෙනවා.. කවුරුත් මට මගේ නම ඇරුනම වෙන නමකින් කතා කරල නැති වෙද්දි එයා මට සරූ කියන වාරයක් ගානෙ මගෙ පපුව ගැහෙන්න ගත්තා..
" දුවව දෙන්න. ඔයාගෙ අත රිදෙනවා ඇති "
එයා මගෙ ලගට ඇවිත් ජාන්විව එහෙම්මම වඩාගත්තා.. හැබැයි එයාගෙ අත යාන්තමට වගේ මගේ අත එක්ක ස්පර්ශ උනා.. කිව්වට විස්වාස කරන්න එයාගෙ අතේ ඒ උනුහුම මගෙ ආත්මෙම ස්පර්ශ කරා වගේ දැනෙද්දි මං ඉක්මනින් එයාගෙන් අඩියක් පස්සට තිබ්බා..මට තේරෙන්නෙ නෑ භාශ්වරසිංහ කියන පිරිමි රූපෙ ලග ඇයි මං මේ තරම් නොසන්සුන් කියලා..
" ආ ඔයා ආවද? කෑම ඇරල තියෙන්නෙ නුරේන්ද්‍ර.. දැන්ම කනවද? කට්ටියම එකට කනවද? "
එක අතකින් මට බබාගෙ කෑම එක දීලා මිස් කිව්වෙ භාශ්වරසිංහගෙ ඇදුමෙ කොලර් එක හදලා ඒ අතින් අල්ලලා අහද්දි. මගෙ ඇස් ගියෙ මිස් අල්ලපු එයාගෙ අත දිහාවට. එයත් එක අතකින් බබාව වඩාගෙන අනික් අතින් මිස්ව එයාගෙ ඇගට තුරුල් කරගත්තෙ හිනා වෙලා..
" මහන්සි පාටයි "
මිස්ගෙ කම්මුලක් පිරිමැද්ද එයා කිවුවම අනේ මිස් පොඩි එකෙක් වගේ කටත් උල් කරන් එයා දිහා බැලුවා..
" මගෙ මහත්තයට කන්න ටිකක් හදන එක කොහොමද නුරේන්ද්‍ර මහන්සියක් වෙන්නෙ.. තව කොල මැල්ලුම විතරයි හදන්න තියෙන්නෙ.. මං ඒකත් හදලම එන්නම් ම්ම්..."
" ම්න් "
ඒ අත් ගොබේට හාදුවක් තිබ්බ මිස් යන්න ගියා.. මාත් යන්න ඕනා.. මං ආවෙ මෙහෙම ඉන්න නෙමේ.. මටත් වැඩ තියෙනවනේ.. ජාන්විට කවලා මාත් එහෙම්මම පිටත් වෙනවා.. එහෙම හිතාගත්ත පොඩි පිගානෙ තිබ්බ බත් එක අනලා කරන්න පුලුවන් කෝලන් සේරම කරලා ජාන්විට එක බත් කටක් කවාගත්තා.. මගෙ අම්මේ... ලමයින්ට බත් කවන්න මේ තරම් අමාරුද...
" කෝ ආ කියන්නකො පැටියො "
" ම්ම්හුක් මත බා.. "
" අපොයි.. තාම එකයිනෙ මැනික කෑවෙ.. ආ අපි සෙල්ලමක් කරමුද.. ඔන්න ඔයා තමා කුරුලු පැංචා.. ඔන්න කුරුලු පැංචා කට ඇරන් ඉන්නවලු හරිද.. කෝ ඉතින් කට අරින්න... ආ... හරි.. ඊටපස්සෙ.. කුරුලු අම්මා.. මේන්න මේම මේම කෑම අරන් මේ...ම එනවලූ.... ඇවිල්ලා.... මේම කුරුලු පැටියගෙ කටට කෑම දානවලූ..ආ.. දැන් හව් ගාලා හපන්න.. කුරුලු අම්මා ආයෙම ගීන් කෑම අරන් එනකම් හව් හව් ගාල හපන්න.."
මං බත් කට උස්සන් එහෙට දිව්වා ආයෙ මෙහෙට දිව්වා.. කුරුලු අම්ම කෑම ගේන විදිහට මං ඒ කෝනේ ඉදන් මේ කොනට ඇවිදන් ආවා.. එහෙම එහෙම මං කොහොමහරි කෙල්ලට බත් කටවල් හය හතක් කවාගත්තා...
" ඒන්දල්.. තුලුලු අප්පත්තිතත් තවත්ත "
" ආ.හ් මේ. කුරුලු බබා කාලා ඉන්නකො. පස්සෙ අප්පච්චි කයිනේ මැනික.. "
" බා බා.. අප්පත්තිතත් තුලුලු අම්මා තවත්ත"
ජාන්වි කියපු දේට හිත ගැස්සුනත් මං හැදුවෙ කෙල්ලව රවට්ටලා කොහොමහරි කවන්න.. නෑ හරි ගියෙ නෑ.. කුරුලු අප්පච්චිටත් කවන්න කිය කියා කෙල්ල කියද්දි බත් කටක් අනපු මං එයාගෙ මුව ලගට ලං කෙරුවා.. ඒත් එයා බලන් ඉන්නෙම මගෙ දිහා.. ඔය හැටි මගෙ මූන දිහා බලන්නෙ මේකෙ පෙරහැරක් යනවා කියලද... හිතින් කීවත් මං නෙවේ ඕවා කියන්න ගියෙ.. මගෙ දිහාම බලන් ඉන්න එයාට මං ඇස් වලින් ඉගි කලේ කන්න කියලා. එහෙම්මම එයා කට අරිද්දි මං බත් කට කැව්වට මොකද මගෙ පපුව තව තව ගැහෙන්න ගත්තා..
" ආ ගුඩ් ගල්.. සේරම කෑවානේ.. "
" ඒන්දල් කල්ලෑද? "
" බෑ පැටියෝ.. ඒන්ජල් දැන් යන්න ඕනනේ.. ඒන්ජල් ආයෙ හෙට එන්නම් ම්ම්ම්.."
ජාන්විට කෑමත් කවපු මම අත හෝදන් ආයෙම ආවා.. ඒ වෙද්දි මැඩම් හිටියෙ එයාගෙ උකුල උඩ වාඩි වෙලා ඒ අත් එයාගෙ කර වටෙන් යවලා වෙනකොට මට තිබ්බ බඩගින්නත් නැති වෙලා යන්න ගියා..
" මල්ලි කන්න යමු.. නුරේන්ද්‍ර ඔයත් යං එන්න "
" ම්න් "
" කන්න බෑ මිස්. මට පරක්කු උනා.. මං දැන් යන්න ඕනෙ.. මිස්ල කන්නකො කමක් නෑ.. මං කොහොමත් පොඩි පොඩි කෑම ගෙනාවනේ.. බඩගිනි උනොත් ඒවා කනවා.. "
" ආහ්.. ඉන්නකො එහෙනම්.. මං කෑම එකක් ඔතල දෙන්නම්. බඩගිනී හැදුනම ඔය පොඩි පොඩි ඒවා කන්නෙ නැතුව බත් එක කන්න ම්ම්.. ඔහොම ඉන්න.. "
එයාගෙ ඔඩොක්කුවෙන් නැගිටලා මට බත් එකක් බැදන් එන්න ගිය මිස් දිහා බලන් හිටපු මං එයා දිහා බැල්මක්වත් නොදී බලන් ඉදලා එහෙම්මම අකිල අයියට කෝල් එකක් අරන් ටිකක් එහාට ගියා.. මෙයා වැඩට යන්න නැගිටින වෙලාව මේ.. ගිහින්ද දන්නෑ..
" ම්ම්ම් හෙලෝ.. බබී "
" ඔයා නැගිට්ටද? "
" ම්ම්ම් ඔව් සුදූ.. මේ දැන් නැගිට්ටේ. අද නයිට් ශිෆ්ට් එකෙත් වැඩ.. මං ඔයාට ගන්න හිටියෙ අද රෑට මට කෝල් කරන්න වෙන්නෑයි කියන්න.. "
" අනේ "
"අපි දෙන්නා වෙනුවෙන්නේ රත්තරන්."
පුදුම තරම් ආදරේ හිතෙන හඩකින් එයා කියද්දි අනේ මට එයා පව් කියල හිතුනා..
" ඒත්.. මහන්සි වෙන්න එපානෙ ඔය තරම් "
" කොල්ලෙක් උනාම මහන්සි නොවී බෑනෙ ම්ම්ම්.. මං එහෙනම් තියන්නද බබී.. ලෑස්ති වෙන්න ඕනා.. ආදරෙයි ම්ම්.. "
" හ්ම්ම්.. අයියේ "
" ඕ.. කියන්න "
" ආදරෙයි "
දඩස්ස්!!!!
මාව ගැස්සිලා ගියා.. අකිල අයියට ආදරෙයි කියල කිව්වත් හරි ආව සද්දෙට මාව උඩ ගියා.. මල් පෝච්චියක් කුඩු වෙලා.. මේ මනුස්සයා උඩ බලන්ද කොහෙද ඇවිදින්නෙ. මං ආයෙමත් අකිල අයිය එක්ක ටිකක් කතා කෙරුවා.. විනාඩි ගානකට පස්සෙ ෆෝන් එකත් කට් කරලා මං පඩිපෙල දිගේ උඩට නැගන් එද්දි පඩිපෙල දිගේ පහලට එන එයාව මට මූණට මූන හම්බ උනා...ඒ ඇස්.. ඒ ඇස් එක එල්ලේම බැලුවෙ මගෙ දිහා.. හරියට මාව මරන් කන්න වගේ.. හිතට ගැස්මක් දැනුනත් ඒ වගක් නොපෙන්නපු මම හැදුවෙ එයාව මග ඇරලා උඩට යන්න.. ඒත් එයා මං යන මග හරස් කරගත්තා.. එයාට ඒ පැත්ට්ගෙන් බැහැගන්න කියලා මං අනික් පැත්තෙන් උඩට යන්න හැදුවත්.. බෑ.. මේ මනුස්සය මාව ආයෙම හරස් කරගත්තා..
මං උන්නෙ එයාට එක පඩියක් පහලින්. එයා උන්නෙ මට එක පඩියක් උඩින් වෙද්දි මගේ යන මග හරස් කරපු එයා මං හිටපු පඩියට එයත් බැස්සා.. නිකන් නෙවේ මට ලං වෙලාම.. මගෙ පපුව මෙහෙමයි කියන්න බැරි තරම් වේගෙකින් ගැහෙද්දි එයා මට කොච්චර ලං උනාද කිව්වොත් මං ගිහින් බිත්තියෙ වැදුනා... මට දැන් උඩට යන්නත් බෑ.. ආයෙ පහලට යන්නත් බෑ.. මොකද මගෙ දෙපැත්තෙන් ඒ හැඩි දැඩි අත් දෙක එයා බිත්තියට තියාගත්තා.. බයේ ගැහෙන මී පැටියෙක් වගේ මං ඒ දෑත් මැද හිටන් බයෙන් වගේ එයා දිහා බලන් උන්නා... ඒ ඇස් ආයෙම මගෙ උඩ ඉදන් යටට ගියා.. දැන්නම් පපුව ගැහෙන එක කෙසේ වෙතත් මගෙ නලලෙන් දාඩිය බිංදු කීපයක්ම මතු වෙලා තිබුණා...
" කෑම ටික කාලා මිසක්.. මෙහෙන් එක අඩියක් එලියට තියන්නෑ හරිද? "
ඒ වචන ස්ථිරයි.. තරහෙන් නැතත් එයා ඒක කීවෙ තදින්..
" තේරුනාද? "
මගෙ මූනට ලං වෙලා ආයෙම එයා අහද්දි බයටම මට ඉබේටම කෙල පිඩක් ගිලුනා.. ඔව් කියන්න වචන කටට නාවත් මං එයාට තේරුනා කියල කියන්න ඔලුව වැනුවා..ඒ එක්කම මගෙ දෙපැත්තෙන් බිත්තියට තියන් ඉදපු ඒ අත් එයා ආයෙම ගත්තා වෙනකොට හීයක වේගෙන් මම කාමරේට දුවල ඇවිත් පපුව අල්ලන් ඇදට වැටුනා...
මොකක්ද දෙයියනේ ඒ උනේ.. මට කන්නත් බැරිනම්.. මම කන්නෙත් නැත්තම්.. ගිහින් කන්න මිස් බත් එකක් බැදල දෙන්නම් කියලත් කිව්වනම්.. මට කාලා යන්න කියන්න එයාට වැඩක්ද? කොච්චර හිතුවත් මෙව්වා එයාට කියන්නනේ බැරි...
.......................
" ආ කොල මැල්ලුම් කන්න අභිරූ මල්ලි හොරයි වගේ නේද? "
අපි හැමෝම හිටියෙ කෑම මේසෙ.. මගෙ ඉස්සරහම එයා.. එයාට එහා පැත්තෙන් මිස් හිටගෙන එයාට කෑම බෙදනවා..යන්න කලින් කාලා යන එක ලේසි කියලා මම මිස්ට කිව්ව බොරුව හන්දම මට කෑම මේසෙන් වාඩි වෙන්න සිද්ද උනා..ලෝභ කමක් නැතුවම ඔතපු බත් එකත් මිස් මට දුන්නෙ නිකන් හරි බඩගිනි ආවොත් කන්න කියල වෙනකොට ඒකත් ගත්ත මං බහිරවයගෙ තර්ජනය නිසාම කෑම බෙදාගත්තා.. හැබැයි කොල ඇරෙන්න.. මැල්ලුම්.. ම්ම්හුක්.. මං ආසම නෑ අනේ.. ඔව්ව කන්න පුලුවන් කෑමද..
" මං ඒවා වැඩිය ක..... අහ් නෑ මං ක. කන.වා මිස් කෝ දෙන්න "
මං මිස්ගෙන් ආයෙම කොල මැල්ලුම ඉල්ලගෙන බෙදාගත්තා. එයාගෙ රැවිල්ලත් එක්ක එයා මුකුත්ම නොකිව්වත් මට ඒවා වැඩිය කන්නෑ කියන්න හදපු මැල්ලුම මට ආපිට ඕනෙ හිතුනා... හැන්දක් බෙදාගත්තා.. ඒ ඇස් තාම මගෙ දිහා... තව හැන්දක් දාගත්තා... මං ආයෙම එයා දිහා බැලුවා.. ඒත් ඒ ඇස් රවාගෙනම ඉන්නකොට මං තවත් හැන්දක් බෙදාගත්තම එයා උඩට පහලට ඔලුව වනලා එයාගෙ පාඩුවේ කන්න පටන් ගත්තා..
" අමන්දා එන්න "
" අහ්හ්? "
" එන්න ලගට. උදේ ඉදන් වැඩ. "
එයා මිස්ට කතා කරපු සැනින් මිස් එයා ලගට ආවම හිටන් උන්න මිස්ව එයා එයා ගාවින් ඉන්දවගත්තා.. ඉන්දවලා එයාගෙ බත් පතෙන්ම බත් කටක් කවද්දි සත්තයි මට කාපු බත් කටත් හිර වෙන්න එනකොට මං ඒ වගක් නොපෙන්වා ඉක්මනින් ලග තිබ්බ වතුර වීදුරුව බිව්වා.. එයා නෙවෙයි මගෙ දිහා බැලුවෙ.. එකම එක බැල්මකින්වත් එයා ආයෙම මගෙ දිහා නොබලා කන්න ගද්දි ඇයි කියන්න දන්නෑ මගේ හිත රිදුනා.. මිස් දිහා බලනවා ජාන්වි සෙල්ලම් කරන දිහා බලනවා..මේකෙ වැඩ කරන ටිකක් වයස අත්තම්මා දිහාත් බලලා හිනා උන එයා මගෙ දිහා එකම එක පාරක්වත් නොබලා ඉද්දි අවංකවම මට දුක හිතුනා..
එයාගෙ පිගානෙන්ම එයා මිස්ටත් කවලා එයත් කෑවා.. අත ගගා උනත් මාත් බත් කටවල් කීපයක්ම කාලා කෙලින්ම උඩට ආවා.. මට තවත්නම් මෙහෙ ඉන්න බෑ කියලා හිතුනා..
හහ්.. මාව වැලිකැටයක් ගානටවත් ගනන් ගත්තෙ නෑ..මාව සතේකට ගනන් ගත්තෙ නෑ...අනේ ඉතින් මට වැඩක්ද.. මට මොකෝ.. මේ බහිරවයා පේන්නවත් ඔනෙ නෑ ආයෙනම්. මං යනව යන්න.. ශිට්.. අපරාදෙ අර වෙලාවෙ කොල බෙදාගත්තෙ.. කවද කාපු කොලද ඔය එක බැල්මක් නිසා අද කෑවට.. ඇයි අනේ..
මගෙ බඩු ටිකත් ලෑස්ති කරන් අවසානෙදි මං පහලට එන්න ආවා.. එයා ඉන්නවා ජාන්වී එක්ක.. අනේ කෙල්ලට ඒ අත් උඩ නින්ද ගිහින්.. ඒත් එයා මාව දැක්කෙ නෑ.. ඒ ඇස් මගෙ දිහා බලන්න කලින් මං අහක බලාගත්තා.. මාව ගනන් ගන්නෙ නැති කෙනෙක් දිහා බලන්නත් මට උවමනාවක් නෑ..
" මල්ලි යන්නද? "
ඒ එක්කම මිස් මගෙන් අහගෙන එද්දිම මගෙ ඇස් කොන් වලට පෙනුනා එයා ඔලුව උස්සලා මගෙ දිහා බලනවා.. අනේ අපිනම් බලයි..
" ඔව් මිස්. යන්න කියලා.. මං එහෙනම් යන්නම් "
" නුරේන්ද්‍ර මේ මල්ලිව ගිහින් දා... "
" එපා මිස් ඕනෙ නෑ! "
මං හිතන්නෙ මං ඒක කිව්ව සද්දෙ ටිකක් වැඩි උනා.. ඒ එක්කම ඒ ඇස් හීනි උනා පෙනුනත් මං ඒ දිහා නොබලා ආයෙම මිස් එක්ක හිනා උනා..
" එපා මිස්. මේවා මට පුරුදු තැන්නේ.. photographer කෙනෙක්ට තනියම කැලේට යනව කියන එක වෙනම හැගීමක්.. ඒ නිසා මං යන්නම්.."
" මල්ලිගෙ යාලුවා අපිට ඔයාව බලාගන්න කියල ගියෙ ඔන්න.. ගියාටනම් කමක් නෑ.. හෙට රෑ වෙන්න කලින් එන්න ම්ම්ම්.. සදුදා නර්සරි යන්න තියන නිසා හෙට රෑට අපි මෙහෙන් පිටත් වෙනවා.. ඒ වෙලාව අල්ලලා මල්ලි එන්න.. "
මිස් හිනාවෙලා කිව්වම හා කියන්න ඔලුව වනපු මම මිස්ටත් කියලා එහෙම්මම එන්න ආවා..එන මොහොතේදිවත් මට ඕන න් නෑ ඒ මූණ දිහා බලන්න.. ඇයි මං නොබැලුවේ? එයා මාව ගනන් ගත්තෙ නැති නිසාද? නැත්තම් බැලුවොත් ඒ ඇස් ඇතුලෙ අතරමං වෙයි කියන බය නිසාද? මම දන්නෙ නැහැ.. ඒ කොහොම උනත් භාශ්වරසිංහගෙන් ඈත් වෙලා ඉන්න එක මට පහසුයි..
.......................
මං කැලේට එන්න ආවා... පැය ගානක් ඇවිදලා ඇවිදලා මං ආස කරපු ෆොටෝස් කීපයක්ම ගත්තා.. දැන් කරුවල වැටීගෙනත් එන්න කිට්ටු නිසාම හොද තැනක් බලලා මං මගෙ කූඩාරම ගහගත්තා... නිදි මතක්නම් පේන මානෙක නෑ... ඒත්... මේ වෙලාවට කැමරාව අරන් ටිකක් පහල පැත්තට ගියානම් තව පිංතූර ටිකක් ගන්නත් තිබ්බා....
Wildlife Photographer කියන එක ලේසි නෑ.. ඒකට අනිවාර්යයෙන්ම ඉවසීම ඕනා... ඒ වගේම රිස්ක් එකක් ගන්නම වෙන වැඩක්.. මේක කොච්චර රිස්ක් වැඩක් උනත් අවංකවම මම මේකට ආදරෙයි.. මම කැමරාව තියාගෙන පැය ගනන් හිටපු අවස්තා තියනවා.. මං ඇත්තටම මේ හැම සතෙක්ටම ආදරෙයි වගේම මං එයාලට ගරු කරනවා... ඉතින් අදත් එහෙම දවසක්.. මට මේ ගස් කොලන් සත්තු අතරට ආව වෙලෙව් ඉදන්ම මගෙ හිත සැහැල්ලු උනා.. අර භාශ්වරසිංහගෙ ඇස් නිතරම මතක් වෙන්නෙ නැතුව ගියා.. කලුවර වැටෙන්න කිට්ටු උනත් මං කැමරාව අල්ලන් බලන් හිටියා.. මුකුත් නිසා නෙමේ යාලුවෙක් එනකම්.


පැය කීයක් හිටියත් අවසානෙදි මං මට ඕන විදිහට පිංතූර සෑහෙන ප්‍රමාණයක් ගත්තා... මං හොයපු සතා ඒ විදිහටම මට හම්බ උනා වගේම එයාලට කිසිම කරදරයක් නොකර ඈත ඉදන් මං ලස්සනට එයාලව කැමරාකරණය කරා.. හැබැයි නොහිතපු වෙලාවක වැහැපු වැස්ස නිසා ආයෙම කූඩාරමට දුවපු මං මගෙ අත් දෙක මමම පිරිමැදගත්තා..
සීතලයි....
ඒ අස්සෙන් කකුලත් කසනවා.. මං එහෙම්මම මගෙ කකුල බැලුවා.. යෝහ්හ් කූඩැල්ලෙක්.. මට හිනහ ගියා.. ඒකා මගෙ ලේ බීගෙන ඇලීගෙන ඉන්නවා.. ඌට තව ටිකක් වෙලා ඉන්න දුන්න මං විනාඩි ගානකට පස්සෙ හරි පරිස්සමට කකුලෙන් ගලවලා එලියට දැම්මා...
" පයිස්සමෙන් යන්න හා නේද "
කතා කරන්නත් කවුරුත්ම නැති තැන කූඩැල්ල එක්කත් කතා කරපු මං කූඩාරම ඇතුලෙ ඉදන් එලියෙ වහින වැස්ස දිහා ආසාවෙන් බලන් උන්නා.. වෙලාවකට මං මගෙ අතත් එලියට දාලා වැහි වතුර ඇල්ලුවා.. මේක නේද මං ආස ජීවිතේ... මං ආස කරපු ජීවිතේ මෙහෙම විදිද්දි තවත් මොනවද ඉතින්....
ගිනි මැලයක්වත් ගහන්න විදිහක් නෑ ධාරානිපාත වැස්ස නිසාම එන්න එන්නම අහස කලුවර උනා... කලුවරටනම් මං බය නෑ.. මොකද මට මේවා නුහුරු අත්දැකීම් නෙවේ හන්දා.. ඒත්.. එලියක් නැතුව ඉන්න ටිකක් අපහසු නිසා ඉටිපන්දමක් ගන්න හිතන් මං මගෙ බෑග් එක ඇද්දා..ෆෝන් එකේ සිග්නල් කොහොමටත් අහු වෙන්නෙත් නැති හන්දා වැස්සත් එක්කම සිංදුවක් අහන්න ඕන කියල හිතුන නිසාම මම ෆෝන් එක අරන් ආසම සිංදුවක් දාගත්තා...
ඉගිල්ලෙන්න සුසුම් අරන්
හිතට බර වැඩී
අතරමන්ද අහන්නෙපා
කදුලු දුක ඇතී...
රහස් එක්ක කතා කරන
ඇස් වලට එබී
හැගුම් වලට පණ දෙනවද
නුඹ කවදහරී...
මුලු පලාතම දැන් කලුවර වැටිලා.. කට කපලම කලුවරයි... සිංදුවත් එක්කම හයියෙන් බිම ඇද හැලෙන වැස්සෙ සද්දෙ විතරක්ම ඇහෙද්දි බෑග් එකෙන් ඉටිපන්දම ගත්ත මං ඒක පත්තු කෙරුවා.. කරලා ආපිට හැරුණා.. ඒ හැරෙද්දිම මගෙ ඉස්සරහා හිටපු කෙනාව දැකලා මාව පස්සට විසි උනා.. උනා විතරක් නෙමේ මාව වැටෙන්නත් ගියා..කීයටවත් බලාපොරොත්තු නොවුන රුවක් මගෙ කූඩාරම ඇතුලෙ මගෙ ඉදිරියේම ඉද්දි වැටෙන්න ගිය මාව ඉනෙන් අල්ලලා එයා අල්ලගත්තා.. මුලු ඇග දිගේම හිරියක් යනවා දැනුනෙ මගෙ පපුවෙ ගැස්ම ආයෙම ආයෙම වැඩි වෙද්දි වෙනකොට මං හුස්මත් උඩට අල්ලන් ඒ රූපෙ දිහා බලන් උන්නා..
තෙමිච්ච කොන්ඩෙ... ඒ කොන්ඩෙන්ම බේරෙන වැහි වතුර බිංදුව බිංදුව ඒ උගුර ගැට දිගේ පල්ලම් බැස්සා... කලුවර නිසා හරි හැටි නොපෙනුනත් මගෙ අතේ තිබ්බ ඉටිපන්දම් එලියෙන් මට ඒ මූන හරි ලස්සනට පෙනුණා.. කොච්චර බය උනත් මෙච්චර වෙලාම නොතිබ්බ සතුටකුත් හිත අස්සෙ පණ ගහද්දි මං ඒ ඇස් ඇතුලෙ ආයෙමත් අතරමං උනා... ඒ ඇසුත් ඇහිපියන් නොහෙලාම මගෙ දිහා බලන් හිටියා... ඒක මට අපහසුවක්.. එයාගෙ බැල්ම මාව අපහසුතාවයට පත් කලත් මොකක්දෝ හේතුවකට මට ඒ බැල්මෙන් කීයටවත් මිදෙන්න බැරි උනා... එයා ගන්න හුස්මත් මගේ මූන ස්පර්ශ කරද්දි මං ඒකට ආස උනා මිසක් වෙන කිසි දෙයක් මගෙ ඔලුවට ආවෙ නැති උනා...
මෙහෙමයි කියන්න බැරි වේගෙකින් මගෙ හිත ගැහෙනවා.. ඒත් මං එයා දිහාම බලන් ඉන්නවා... පත්තු කරපු ඉටිපන්දමේ ඉටි දිය වෙලා මගෙ අතට වැටුනත් නෑ මට නෙවේ ඒ වගක් දැනුනෙවත්... එයා මට තවත් ලං වෙනවා.. ඒ ඇස් මගෙ දෙතොල් පුරා දුවද්දි මහ දාරානිපාත වැස්සක එක පුංචි කූඩාරමක් ඇතුලෙ එයා මගෙ තොල් වලට පහත් වෙද්දි මටත් නොදැනිම මගෙ ඇස් පිය වෙලා ගියා.. ඒත්,
" හැගුම් වලට පණ දෙනවද
නුඹ කවදහරී..."
❤️ නෑ නෑ කිස් කලේ නෑ.. අභිරූ මොකත ඇස් පියාගත්තෙ.. මගුක් විසේනෙ ඉතින්..
❤️ භාශ්වරසිංහ සිංදුවෙ කෑල්ලක් ඒ කිව්වෙ හර්තේ..
❤️ අතට ඉටි වැටුනත් මේකාට සිහිය නෑ..මදන විසේ මදන විසේ..
❤️ ස්පර්ශයක්වත් නැතුව ආතරෙ කරල බලමුතෙ..
❤️ හැබැයි අනියමක් තමා 😂 මෙහෙමයි හර්තේ... මට ප්ලොට් එක කියන්න බැරි නිසා කතාවෙ ටැග්ස් දෙක බලලා ඉවසීමෙන් කියවන්න ඕනා ම්ම්ම්... මේ කතාවෙදි මං ඔයාලව සෑහෙන කේන්ති ගස්සයි. ඒකට සමාවෙන්න 👀 නමුත් හො.ම.ත.ග.යු මේක Yizhan.
❤️ මං ඒනම් ගිහින් එන්නම් හර්තේ.. කමෙන්ට් ඕනෙ කමෙන්ට්..
❤️ සසේ අක්කා ආතරෙයි ❤️