විනාඩි ගානක් උනා... එයා මට එයාගෙ දුවට ලං වෙන්න එපා කියද්දි මට මහා වේදනාවක් දැනුනා... ඉන් එහාට එයාවත් මමවත් නෙමෙයි කතා කෙරුවෙ. වාහනේ කන්නාඩියෙන් ඉදහිට අපේ ඇස් එකට යා උනත් අපි දෙන්නගෙන් කවුරුත්ම ආයෙ කතා කරන්න ගත්තෙ නැහැ...
" ගෙදරට යන පාර කියන්න "
ටවුන් එක කිට්ටුවටම ඇවිත් එයා මගෙන් ගෙදරට යන පාර ඇහුවා.. මොන හේතුවටද මන් දන්නෙ නැහැ මට එයාට අපේ ගෙදර පෙන්නන්න බැහැ වගේ හිතුනා.. එකක් අපේ ගේ පොඩී.. මට ඒක ලැජ්ජාවක් වගේ දැනෙනකොට මං එහෙම්මම යොහාන්ට කෝල් එකක් ගත්තා...
" යොහාන් ඔයා කොහෙද? "
" මං ටවුන් එකේ බං.. උබ ආවද?"
" හ්ම්ම්ම් මාත් ටවුන් එකේ.. එහෙනම් මං ඔරලෝසු කනුව ලගින් බහින්නද.. ඔයා එතනට එනවද? "
" අහ් මං ඒ හරියෙ තමා ඉන්නෙ උබ වරෙන් "
" සර් මාව අර ඔරලෝසු කනුව ලගින් දාන්න "
යොහාන් කෝල් එක කට් කෙරුවට පස්සෙ ඌ එක්කම යනව කියල හිතන් මං භාශ්වරසිංහට මාව ඉස්සරහින් දාන්න කිව්වා..මං බලාගෙන එයා කන්නාඩියෙන්ම මට රවනවා...ආ.. ඒ මොකද ඒ.. පිස්සුද කොහෙද.. මං එයාටමුකුත් කිව්වෙත් නැතුව එයාට වැඩක්ද මට එහෙම රවන්න...
" සරූ දැන් රෑ වෙලා.. අරහෙ මෙහෙ යන්න ඕනෙ නෑනෙ එක එක්කෙනා එක්ක.. මට ගෙදරට යන පාර කියන්න "
මං මගින් බහින එකට අකමැත්තෙන් වගේ එයා කිව්වෙ මගෙන් ආයෙම ගෙදරට යන පාර අහන ගමන්...යොහාන් කොහෙද එක එක්කෙනා වෙන්නෙ. කියන කෙනාමනෙ එක එක්කෙනා.. මටබොය ටික මේ මනුස්සයට කියාගන්නනෙ දෙයියනේ බැරි..
" මං එක එක්කෙනා එක්ක යන්නෑ සර්. ඒ මගෙ හොදම යාලුවා. අකිල අයියයි ලොකු අම්මායි ඇරුනම මගෙ ජීවිතේ ලගින්ම ඉන්න මනුස්සයා එයා.. ඒ නිසා මාව ඔහොම්මම දාන්න අර දැනටමත් යොහාන් ඇවිල්ලා.."
ඔරලෝසු කනුව පේන මානෙ දැනටමත් හිටන් ඉන්න යොහාන්ව පෙන්නලා මම එයාට කියනකොට එයා ඒ දිහා බලලා ලොකු හුස්මක් පිට කෙරුවා.. එහෙම්මම ඔරලෝසු කනුව ලගින් එයා වාහනේ නවත්තලා පිටිපස්ස බැලුවා.. ජාන්වි තවමත් උන්නෙ මගෙ අත් උඩ. දූට ලං වෙන්න එපාමයි කිව්වට මොකද ආයෙ ලං වෙන්නෙත් නෑ කියල හිතාගත්ත මං අවසාන වතාවට ඒ පුංචි කම්මුල් වලට හාදුවක් තිබ්බා... සර් බලාගෙනම ඉද්දි මං ඒ නලලටත් හාදුවක් තිබ්බා... එහෙම්මම මගෙ ඔඩොක්කුවෙන් මං ලමයව සීට් එකෙන් හෙමීට තියලා සර් දිහා බැලුවා...
" මගේ හදවත ස්පර්ශ කරන දේවල් වලට මං හරි බයයි සර්.. ඉතින් මං ඒවගෙන් හැම වෙලාවෙම ඈතට යනවා.. සර් කිව්වා වගේම ආයෙ මං සර්ගෙ දුවට ලං නොවී ඉන්නම්..දුවට විතරක් නෙමේ.. සර්ටත්... සමාවෙන්න මගෙ අතින් අපහසුතාවයක් උනානම්.. මං යන්නම් සර්"
මගෙ වචන එක්ක ඒ ඇස් ගැස්සෙනවා දැක්කත් කියන්න ඕනමයි කියල හිතුන දේ කීව මං මගෙ බඩුත් අරගෙන වාහනෙන් බැහැගත්තා... බැස්සත් හරි මෝඩ යොහානයා මාව ඇදල අරන් බදාගත්තා...
" අයියයියෝ මගෙ කිරි කෑල්ල... උඹ නැතුව පාලුවෙන් හිටියෙ අප්පා.. "
" එහ්හ්හ් මගෙ හුස්ම හිර වෙනවා දැන් අතෑරපංකො යොහාන්.. "
" ම්ම්හුක් ඇයි අනේ මට මගෙ දේවල් බදාගන්න බැයිද.. "
" ඕන්න පටන් ගත්.. ආහ්හ්හ් "
මං හිතන්නෙ අරූව අත ඇරපු පමාවට මං ආයෙම උගෙ ඇගේ එල්ලුනා.. වෙන මොකටවත් නෙමේ වාහනේ අද්දපු ඇද්දිල්ලට.. යකෝ මේ බහිරවයටනම් වෙස් පෙරලෙන එකේ සීමාවක් නෑනේ...
" අර මොකද බං අර.. ඌට නයිට්රයිඩර් ආවේස වෙලාවත්ද? "
" අනේ මන්දා යොහාන් ඒ මනුස්සයා හරි අමුතුයි.."
" හ්ම්ම් මටත් ඒක තේරුනා.. හරි මේ යමංකො.. උබට මහන්සිත් ඇති. ගෙදර යමු... දැන් හුගක් රෑ වෙලා.. "
මගෙ බෑග් කඩමලු ටිකත් ගත්ත යොහානයා එහෙම්මම මාවත් එක්කන් අපේ ගෙදර ආවා... ඒ එන මග දිගට උනත් මට සැරෙන් සැරේම ජාන්විව මතක් උනා.. ජාන්විගෙ අප්පච්චිවත් මතක් නොවුනම නෙමෙයි.. ඒත් මං ඒ ගැන නොහිතා ඉන්න උත්සාහ කෙරුවා... ලං වෙන්න එපාලු.. හහ්.. කව්ද දන්නෑ ලං උනේ.. මට වැඩක්ද එයාට ලං වෙන්න.. පිස්සුද කොහෙද.. අකිල අයියා ආවමනම් මං මේ භාශ්වරසිංහ ගැන එයාට කියලා හොද වැඩක් කරනවා අකිල අයියට කියලා..
" යොහාන් "
" ම්ම්ම්ම් "
" ලබන මාසෙ අකිල අයියා එනවා.. අම්මයි අප්පච්චිත් එනවලු.. "
යන අතරමගදි මං යොහාන්ට මගෙ එන්ගේජ්මන්ට් එක ගැන කියන්න හිතුවා.. අකිල අයියා එනව කිව්වත් හරි ඌ යන ගමනත් නවත්තලා මගෙ දිහා බැලුවා..
" ඒ.ඒ ඇයි එකපාරට? "
" එකපාරට නෙමේනෙ යොහාන්. දැන් අවුරුදු කීයක්ද හයකට වැඩී.. එන්ගේජ්මන්ට් එක ගන්න එන්නේ. මේ අවුරුද්දේ අන්තිමේදි වෙඩින් එක.. "
මං හිනා වෙලා කීවත් යොහාන්ගෙ මූණ කලු වෙලා ගියා.. මං දන්නවා ඌ ඒ තරම් කැමැත්තක් අකිල අයියට නැහැ... ඒත් ඉතින් ඒ මං ආදරේ කරන මනුස්සයනේ.. මේ මගේ යාලුවා.. මට මේ දෙන්නම ඕනේ.. ඒත් ඇත්තටම ඔයා අකිලට ආදරේද අභිරූ? මගෙ හිත මගෙන්ම ඇහුවා... මන්දා.. ඒක ආදරේ වෙන්න ඇති නේද.. නැත්තම් අවුරුදු හයක් හැමදාම අකිල අයියගෙන් රෑට එන කෝල් එක වෙනුවෙන් මං බලන් ඉන්නෙ නැහැනේ.. ඒක ආදරේ වෙන්න ඇති..
" අභී උබට මේ ගැන විස්වාසද ම්ම්? "
මගෙ දිහා විමසිල්ලෙන් වගේ බලාගෙන යොහාන් අහනකොට මං එහෙම්මම බිම බලාගත්තා.. බිම බලන්ම ඔව් කියන්න ඔලුව වැනුවා...
" අනික් දේවල් සේරම පැත්තකට දැම්මොත් මට වැදගත් උඹව විතරයි ම්ම්ම්...මං ආස නෑ මගෙ යාලුවව මගෙ ක්‍රශ් එකව වෙන කවුරුත්ම රිදවනවට... උඹට කවදහරි මේක කරන්න බෑ වගේ හිතුනොත්... හිතන්න එපා.. ආපිට දුවලා මගෙ ගාවට එන්න ම්ම්ම්... කවුරු නැතත් උඹට මං ඉන්නවා... "
මගෙ ඔලුව අත ගාලා යොහාන් කියද්දි අනේ මට ඌ ගැන දැනුනෙ කියාගන්න බැරි තරම් ආදරයක්.. කොච්චර නෝක්කාඩු කලා උනත් ඌ හැමදාම මෙහෙමයි.. උඹට අකමැති වගේනම් උඹට බෑ කියලා හිතනම්.. අභී උඹට ඒ දේ එපානම් මගෙ ලගට ආපිට වරෙන් කියලා ඌ මට නිතර දෙවේලේ කියනවා.. මං මොනාහරි වැදගත් වැඩකට යන්න කලිනුත් ඌ ඕක මට කියනවා.. මට ඇඩෙන්න ආවා.. උගෙ ඉස්සරහා අඩන්නත් බැරි කමට මං එහෙම්මම ඌව බදාගත්තා....
" මෝඩ කොල්ලා.. යමං හෙට නර්සරි නේද.."
" හුම්ම්ම් "
.......................
දින සති ගෙවිල ගිහින් මාසෙක කාලයක් ගෙවිල ගියා.. ඒ මුලු කාලෙ පුරාවටම මම මගේ හිතට දුන්න පොරොන්දුව ඉටු කෙරුවා.. නර්සරි එකේදි ජාන්විගෙන් මං ඈත් වෙලා කාටත් හොරෙන් කෙල්ල දිහා බලන් උන්නා.. නර්සරි ඇරෙන වෙලාවට ඔෆිස් එකෙන්වත් එලියට නාව මං ඔෆිස් එක ඇතුලට වෙලා උන්නා... කොටින්ම මං එදායින් පස්සෙ භාශ්වරසිංහව දැක්කෙ නැති තරම් උනා.. අහම්බෙන් දැක්කත් මං එයාව නොදැක්ක ගානට ඉන්න පුරුදු උනා.. ඒ බැල්ම මගෙ දිහා බලනව කියල දැනුනත් මං නෙවේ ආපිට ඒ ඇස් දිහා බැලුවෙවත්..
මේ කාලෙ පුරාවටම මම නර්සරි එකේ හැමෝම එක්ක හිතවත් උනා. ඉද හිටක මාව දකින ජාන්වී මට ඒන්ජල් කියල කතා කරන නිසාම මුලු නර්සරි එකටම මම අන්තිමේදි ඒන්ජල් උනා.. මට ඒ නම ගුරුවරු අතරත් කියන්න පට බැදුනා... ඉතින් හිතුවට වඩා හැමදේම හොදින් සිද්ද වෙනකොට දවසට සැරයක්වත් මට ඒ රුව මතක් උනා...
.......................
" කෝ ඒන්ජල් ඔයාගෙ යාලුවා "
" අනේ ලවන්‍යා මිස් ඒ බූරුවා ෆෝන් ආන්සර් කරන්නෑනෙ.. එන ගමන් කියලනම් කිව්වා "
හැමදාම ඉගෙන ගන්න ලමයින්ට අද සෙල්ලම් කරන්න විශේශ දවසක් කරපු නිසා ඒකට මාත් එක්ක යොහාන්ටත් නර්සරි එකේ ටීචර්ලගෙන් ආරාධනා ලැබුණා.. මොකද අපි දෙන්නත් එක්ක පුංචි ලමයි මේ ටික කාලෙට ගොඩක් ලං උන නිසා..
" හෙලෝ ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ස් ගුඩ් මෝර්නින් everybody.. අයිම් හියර්... "
ඒ එක්කම වගෙව් යොහාන්ගෙ හඩ අපේ පිටිපස්සෙන් ඇහෙනකොට ලවන්‍යා මිස් වගේම මම පිටිපස්ස හැරිලා බැලුවා.. යොහාන්.. අත් දෙකත් ශාරුක් කාන් වගේ දෙපැත්තට දික් කරන් ඒ ඇවිත් උන්නෙ යොහාන්..
" ආ මේ ඉන්නෙ මෙයා.. "
" අපි කෝල් කලා උඹට.. යමු යමු අර පොඩි එවුන් බලන් ඉන්නවා.. "
මං ලවන්‍යා මිස් එක්ක යොහාන්වත් ඇදන් එහෙම්මම ග්‍රවුන්ඩ් එකට ආවා..
" ඒන්තල් ඒන්තල් "
" අහ්හ් "
ග්‍රවුන්ඩ් එකට ගියත් හරි ලමයි අතර ඉන්න හිටපු ජාන්වි දූවලා ඇවිත් මගෙ කකුල් දෙකේ එල්ලුනා.. ලං වෙන්න එපා කිව්වත් මෙහෙම මේ දරුවා මගෙ ලගට එද්දි මං බනින්නද ගහන්නද? මට කීයටවත් ඒක කරන්න බැරි නිසා මං එහෙම්මම කෙල්ලව වඩාගත්තා... අනේ ජාන්වි ලගින් එන්නෙ එයාගෙ සුවද.. මගෙ පපුවට එකපාර මොකක්දෝ වෙලා ගියා.. ඒත් ඒ ගැන අමතක කරමින් ම්ං එහෙම්මම ඒ කම්මුල් ඉබගත්තා...
" අපි සෙල්ලම් කරමු හොදද.. "
" හලී... තෙල්ලම් තලමූ "
කෙල්ල හිනාවෙලා කියද්දි මං කෙල්ලව එයාගෙ යාලුවො ලගින් ආයෙම තියලා බාස්කට් බෝලේ අතට අරන් ලමයි සේරම මායි යොහානුයි වටේට රවුමක් හදවගත්තා... පුංචි බබාලා නිසාම පොඩි සෙල්ලම් විදිහට බෝල පාස් කරන්න අපි තීරණය කෙරුවා..
" හරි.. අපි ටීම් දෙකකට බෙදෙමු.. ඒන්ජල්ගෙ ටීම් එකයි යොහාන් අංකල්ගෙ ටීම් එකයි හරිනේ? "
" හරේඒඒඒඒ "
මං අහද්දි පොඩි උන් ටික උඩ පැන පැන හරී කිව්වා.. එහෙම්මම අපි පිල් දෙකකට බෙදිලා බෝල පෝස් කරන්න පටන් ගත්තා.. සමහර පැටවුන්ට අල්ලගන්නත් බෑ.. ඇයි ඉතින් චූටීනේ.. ඒ කොහොම උනත් ලමයි ටික මාරම සතුටින් සෙල්ලම් කෙරුවා. බෝල පාස් කෙරිල්ල පැත්තක තියලා ඊටපස්සෙ අපි තව වෙන වෙන සෙල්ලම් කෙරුවා..
" අම්මෝ ඒන්ජල්ට මහන්සීනෙ.. අපි දැන් කාලා ඉමුද? "
මං අහනකොට පොඩිඋන් ටික මූන ඇදකරගත්තෙ බෑ කියන්න වගේ.. ලමයින්ට ඉතින් සෙල්ලම කිව්වොත් කන්නත් එපානේ.. ඒත් ලවන්‍යා ටීචර්ගෙ කීමට හැමෝම කන්න පටන් ගත්තෙ අහම්බෙන් වගේ අං ජාන්විව දකිද්දි.. අනේ එයා අඩනවා.. අනිත් ලමයි කෑම කනකොට ජාන්වි විතරක් අඩනවා දැක්ක මං අඩියට දෙකට කෙල්ල ගාවට දුවලා ගියා..
" ඇයි මැනික මේ? ඇයි ඔයා අඩන්නේ. "
මං ඇහුවත් කෙල්ල අත් දෙකෙන්ම මූන වහන් අඩනවා.. මං එහෙම්මම වටපිට බැලුවා.. ජාන්විගෙ බෑග් එක බැලුවා.. කෝ මේකෙ කෑම පෙට්ටිය?
" කෝ වස්තුව ඔයාගෙ කෑම එක? කෝ නාඩා ඉන්නකො.. ඒන්ජල්ට කියන්න ජාන්විගෙ කෑම එක කෝ? "
" ඉහ්ක්. ඒ.ඒ.ත. ඉහික් "
" අහ් හා.. හරි හරි අඩන්නෙපා ම්ම්ම්.. අම්මිට කෑම පෙට්ටිය දාන්න අමතක වෙලාද?"
මං අහනකොට අනේ කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා.. පව්.. මට දුක හිතුනා.. අනික් ලමයි කෑම කද්දි ජාන්වි ඇඩුව හේතුව තේරුණ මං එහෙම්මම කෙල්ලව බදාගත්තා... ආයෙ දෙපාරක් නොහිතපු මං යොහාන්ට කියලා මම මට කන්න ගෙනාපු සැන්ඩ්විච් එක ජාන්විට දුන්නම අනේ අං බලාගෙන පොඩි එකී ආසාවෙන් ඒක කන්න පටන් ගත්තා...
මිසුත් මාරයි.. ඇයි දෙයියනේ දරුවගෙ කෑම එක එහෙමත් අමතක කරන සිරිතක් තියනවද... කේන්තියෙන්ම හිතපු මං කෙල්ලට කන්නත් දීලා ආපිට එන්න ආවෙ බිම වැටිල තිබ්බ බාස්කට් බෝලෙත් අතට අරං..
" ඒ ඕක පොඩ්ඩකට දාහන් අභී.. කාලෙකින් බෝලයක් අතට ගත්තේ.. "
" ඇයි මෙතන බාස්කට් බෝල් ගහන්නද උබ? "
" පන්ඩිතයා නොවී ඕක මෙහෙට දාහන්කෝ.. "
දාඩිය නාගෙන හිටපු යොහානයා ඈත ඉදලා මගෙන් බෝලෙ ඉල්ලද්දි මං බලන් උන්නෙ ඊට පිටිපස්සෙන් තියන ගේට් එක දිහා.. ගේට් එකෙන් ඇතුලට ආව රුව දිහා.. වෙන කවුරුත් නෙමේ ඒ ආවෙ භාශ්වරසිංහ.. දාඩිය පිහමින් මං බලන් උන්නෙ ජාන්විගෙ දාලා ආව කිව්ව කෑම පෙට්ටියද්ස් කොහෙද අතේ තියන් හිටපු එයා දිහා.. ඒත් මාව දැක්ක එයා... එයත් බලන් ඉන්නෙ මගෙ දිහා.. ඒත් ඒ මූණෙ තියන බැල්ම.. ඒක මට තේරුම් ගන්න බෑ..
" අභී ඕක දාහන්... "
යොහාන්ගෙ කටහඩට එයාගෙ දෑස් වලින් මිදුන මං ගැස්සිලා බැලුවෙ යොහාන් දිහා..
" මොන ලෝකෙද ඉන්නෙ ඕක දාහන් බං.. "
අරූ ආයෙම කියද්දි ඌටත් බැන බැන මම බෝලෙ උගෙ පැත්තට වීසි කෙරුවා...
" ආහ්හ්හ්හ්හ්හ් "
දෙයියනේ.. මම භාශ්වරසිංහ දිහා බලාගෙනම බෝලෙ යොහාන්ට දැම්මත් උගෙඔලුවටත් උඩින් ගිය බෝලෙ කෙලින්ම එයාගෙ ඔලුවෙ වැදුනා.. ඒ වැදිච්ච පාරට යොහානයා නලල අත ගහගත්තෙ මං මට කරකියා ගන්න දෙයක් නැතුඅ ගල් ගැහෙද්දි වගේම කෑම පෙට්ටියත් එක අතකින් අල්ලන් අනික් අතින් ඒ ඔලුව අල්ල ගත්ත භාශ්වරසිංහ අපි දිහා කන්න වගේ බලන් උන්නා..
ඒ බැල්ම එක්ක මං හොරා වගේ යොහාන්ගෙ පිටිපස්සෙන් හැංගෙද්දි එයා කේන්තියෙන්ම බෝලෙ අතට ගත්තා..
" අදනම් අපි ඉවරයි වගේ අභියා "
බෝලෙත් අරං අපේ පැත්තට එන භාශ්වරසිංහ දිහා බලන් මුමුනපු යොහාන්ට මං තව ටිකක් කවර් උනා...
" අප්පත්තීහ්හ් "
ඒත්.. ඒත් ඒ එක්කම දුවල ඇවිත් ජාන්වි එයාගෙ කකුලෙ එල්ලෙද්දි එයා මට රවාගෙනම නැවතුනා වගේම ඒ අතේ තිබ්බ බෝලෙ දමල ගහන්න වගේ බිමට අතෑරියා. මං බලාගෙන ඒ නලල උඩ නිල් වෙලා.. මගෙ අතින් වැදුන බෝල පාර එයාට සැරටම වැදිලයි කියන්න ඒ නිල් වෙච්ච නලලෙන් මට පේනකොට කොච්චර උනත් මට ටිකක් දුක හිතුනා.. පව්.. රිදෙන්න ඇති ඒ පාර...
" අප්පත්ති අයී... අයි අප්පත්ති ආවෙ.. "
" මගෙ වස්තුව මේ කෑම එක දාලා ඇවිත්නෙ පුතේ.. බලන්නකො අම්මි උදේම සැන්ඩ්විච් හැදුවනෙ ඔයාට.. "
" ම්ම්හුක් මං තැන්විත් තෑවා ආප්පත්ති "
" ඒ කොහෙන්ද? ඔයා කෑම එක ගෙදර දාලානෙ ගියේ "
ජාන්විට එයා කෑම ගෙනල්ලා.. ඒකත් සැන්ඩ්විච්ලු.. මාත් එයාට ධුන්නෙ සැන්ඩ්විච්නේ... මගෙ කෑම ගත්තා කියලා ආයෙ මට බනීද දන්නෑ? එයාගෙ දුවට ලං වෙන්නවත් එපා කිව්වනේ... ලං උනේ නෑනෙ ඉතින් දරුවා අඩනකොට මට එහෙම බලන් ඉන්න පුලුවන්ද.. මට බැන්නොත්නම් මං අකිල අයියට කියන එක කියනවා..
" ඒන්තල් මත තැන්විත් තුන්නා අප්පත්ති "
මං අහහෙන ජාන්වී මං සැන්ඩ්විච් දුන්න වගක් එයාට කියනවා.. දැන් බනී දැන් බනී කියලා හිතුවත්.. නෑ.. එයා නෙමෙයි මට වචනයක්වත් කිව්වෙ. කෙල්ලට එහෙම්මම කෑම පෙට්ටිය දීපු එයා කෙලින්ම ගියෙ ඔෆිස් එකට වෙද්දි ගැහෙන පපුවත් අල්ලන් මං යොහාන්ට වාරු උනා...
" අම්මෝ බං.. මං හිතුවෙ අර යකා අපි දෙන්නට බැන්නා තමා කියලා "
මං වගේම යොහානුත් පපුව අල්ලන් කිව්වෙ මං එයා ගිය දිහා බලාගෙන එහෙම්මම යොහාන් එක්ක ඒ හරියෙන් වාඩි වෙද්දි...
.......................
"මේ බං උබට අද තනියම යන්න පුලුවන්ද. මං මෙහෙම්මම කැලණි යන්න ඕනා "
බස් හෝල්ට් එකට වෙනකම් මාත් එක්ක ආව යොහාන් ඇහුවෙ අද ඌට මොකක්දෝ වැඩක් නිසා කැලනි යන්න වෙලා තියන නිසා..
" මට යන්න පුලුවන් බං "
" හ්ම්ම් බය වෙන්න එපා හරිද.. බස් එකෙන් බැහැලා කලර් ලයිට් එකෙන්ම පාර මාරු වෙයන්. සෙනග එක්කම යන්න එතකොට හරිනේ "
තනියම මං පාර පනින්න බය බව දන්න යොහානයා මට කියනකොට මං ඔලුව වැනුවෙ හරී කියන්න. එහෙම්මම මගෙ ඔලුවත් අත ගාලා යොහාන් යන්න ගියෙ බස් එකක් එනකම් මං බස් හෝල්ට් එකේ බලන් ඉද්දි. නර්සරි ඇරුන ටයිම් එක නිසාම බස් හෝල්ට් එකේ සෙනග පිරෙද්දි සෙනග අතරින්ම මං බල බල හිටියෙ බස් එක.. ඒත් බස් හෝල්ට් එක ඉස්සරහින්ම එකපාරට නවත්තපු කාර් එක ගහපු හෝන් පාරට මාව ගැස්සිලා ගියේ ඒ හිටියෙ භාශ්වරසිංහ නිසා.. මෙයා මොකද මේ?
පීක්ක්ක්ක්ක්ක්...
පීක්ක්ක්ක්ක්ක්.....
එකපාරක් දෙපාරක්... නෑ එකම දිගට එයා හෝන් කරනවා.. බස් හෝල්ට් එකේ මිනිස්සු මගෙ දිහා අමුතුවට බලද්දි ඇස් කොන් වලින් එයාට රවපු මං ඇයි අහන්න වගේ එයා දිහා බලද්දි එයා වාහනේ ශටර් එක පහත් කෙරුවා..
" මෙතන මැජික් එකක් වෙන්නැතුව නගිනවා වාහනේට "
" ඕන නෑ සර් බස් එ...."
පීක්ක්ක්ක්ක්ක්...
ආයිශ් මේ මනුස්සයගෙන් තියන වදයක්.. මං කියන්න හදපු දේ කියල ඉවර කරන්නවත් නොදී එයා ආයෙම හෝන් එක උඩ නැගන් ඒක ගහද්දි වටේ ඉන්න මිනිස්සු කුටු කුටු ගගා මට මොනවදෝ කියනවා ඇහුන නිසාම දැනුන ලැජ්ජාවට මං එයාගෙ වාහනේට නැග්ගා.. මොන මල වදයක්ද මේක..
" දෙයක් එකපාරක් කීවම අහන්න පුරුදු වෙනවා සරූ.. "
තරවටු හඩකින් එයා කියද්දි එයාට කුටු කුටු ගගා බැන බැන මං හිටියෙ අහක බලන්.. ඒත් ඒ එක්කම එයා මගෙ ඇගට බර උනේ මං නොහිතුව වෙලාවක වගේම ජාන්විත් ඉද්දි.. ඉහලට ගත්ත හුස්මත් මං අල්ලන් හිටියෙ එකපාර වෙච්ච දේට.. එයාගෙ රැවුල් කොට වගේම ඒ මූන ලාවට මගෙ පපුවෙ වැදුනා දැනෙද්දි මටත් නොදැනිම මගෙ ඇස් පිය වෙලා ගියෙ ඒ පහසට... එහෙම්මම මට දැනුනෙ එයා මගෙ සීට් බෙල්ට් එක දැම්මා වගේ... ඒ සුවද මේ තරම්ම ලගින් දැනෙද්දි සත්තයි මට ලෝකෙම අමතක උනා වගේ දැනුනා...
" ඒත්තල් නෝතීත අප්පත්ති "
පිටිපස්සෙන් හිටපු ජාන්වී අහනකොට පිටිපස්ස හැරුණු මං කෙල්ලගෙ කම්මුලක් මිරිකුවා..
" ම්න්.. ඒන්ජල් නෝටී නේන්නම්.. අප්පච්චි එක පාරක් කිව්වම දෝනි අහනව වගේ ඒන්ජලුත් අහන්න පුරුදු උනානම් අප්පච්චි නෝටි කියන්නෙ නෑනෙ නේද.. "
" හුම්ම් ඒත තමා"
අප්පච්චී දූයි දෙන්නා තරහෙට වගේ මට නෝක්කාඩු කරද්දි මං හිටියෙ එයාට රවාගෙන.. ඔන්න අකිල අයිය කිව්වනම් තව කමක් නෑ.. මෙයා කියන දේ අහන්න මට වැඩක්ද.. පිස්සුද කොහෙද...
මං බලාගෙන හිනාවකුත් ඒ තොල් අතර රදවන් එයා එහෙම්මම වාහනේ ඩ්‍රයිව් කරනවා..
" ගෙවල් කොහෙද? මට පාර කියන්න "
" මාව පංසල ලගින් දාන්න සර්. ලොකු අම්මා එතන ඉන්නෙ. "
අදත් එයාට ගෙදරට යන පාර කියන්න අකමැති නිසාම පංසල ලගින් මාව දකින්න කිව්ව මට එයා රැව්වෙ ඇස් හීනි කරන්.. රැව්වට වැඩක් නෑ.. ගෙදරට යන පාර කියන්නෙම නෑ...
" අප්පත්ති බීත් යමූඌඌ? "
" දැන් බෑ වස්තුව. බලන්නකො අව්ව සැරයිනේ.. අපි වෙන වෙලාවක යමු ම්ම්? "
" අතේ අප්පත්ති තැන් තමුකෝ.. ඒන්තල් අප්පත්තිට තීන්තකෝ බීත් තමු තීලා.. "
" අහ් මේ.. ඔයා නර්සරි එකෙත් හුගක් සෙල්ලම් කරානෙ මැනික.. මගෙ ජාන්විට මහන්සිනෙ රත්තරන්.. අපි වෙන දවසක යමුද ම්ම්? "
එයා එක්ක බීච් යන්න අපහසුවක් දැනුන නිසාම මම ජාන්විට වෙන දවසක යමු කියද්ශි අනේ මං බලාගෙන කෙල්ලගෙ මූන කලු වෙලා ගියා.. එහෙම්මම වචනයක්වත් නොකියා කෙල්ල ජනේලෙට ඔලුව තියන් වේදනාවෙන් එලිය බලාගත්තා.. කොච්චර උනත් මට ජාන්වි පව් කියලා හිතුනා.. මං එහෙම්මම බැලුවෙ භාශ්වරසිංහ දිහා.. ඒත් ඒ වෙද්දිත් එයා බලන් ඉන්නෙ මගෙ දිහා..
" ඔහොම හිටියා කියලා ඔයාට ඕන හැමදෙයක්ම අප්පච්චි කරන්නෑ ජාන්වී තේරුණාද? අම්මා වගේම මූණ දෙක කරන් මාව නටවන්න හදන්න එපා.. "
" අප්පත්ති ඔද නෑ.. ම.ට. ම.ට ඕ.න්නෑ.. ඔයා තිව්වා.. ඔයා තිව්වා අම්.මි එක්.ක. අම්.ම් එක්...."
" ජාන්වී!!!! "
කිව්වට විස්වාස කරන්න මාව ගැස්සිලා ගියා.. පොඩි එකී ඉකි ගගහම මොනව හෝ කියන්න ගියත් වාහනේ දෙදරලා යන්නම එයා කෙල්ලට කෑගහද්දි අඩ අඩා උන්න ජාන්විත් හුස්ම අල්ලන් බයෙන් වගේ බලන් උන්නා... මට සාමාන්‍යයෙන් කේන්ති යනව හරි අඩුයි. අනේ ඒත් ජාන්විගෙ මූණ දැක්ක මට ඇති උනේ එයා එක්ක කියාගන්න බැරි තරමෙ කේන්තියක්..
" නාඩා ඉන්න ම්ම්ම්.. අපි බීච් යමු.. අපි මේ දැන්ම බීච් යමු හොදද.. "
" සරූ ඒත් දැ... "
"අර්ජුන් මං සැරයක් කීවා...!! කරුනාකරලා බීච් එකට යමු. අනික් දේ.. මේ තමුන්ගෙ දරුවා බව ඇත්ත.. ඒත් ආයෙ මගෙ ඉස්සරහා , මට පේන්න දුවට ඔය විදිහට කතා කරොත් මං නරකයි කියන්න එපා.. "
මොන හයියකටද මන්දා දත්මිටි කාගෙන මං එයාට සද්දෙට කියනකොට ඒ ඇස් ගැස්සිලා ගියා.. කවදාවත් නැතුව මගෙ කටින් එයාට අර්ජුන් කියලා එයාගෙ නම කෙලින්ම පිට වෙනකොට ඒ ඇස් අමුතු වෙලා යනවා මං බලන් උන්නා.. මට වැඩක් නෑ.. මං දරුවො කාටත් පණ වගේ ආදරෙයි.. එහෙව් මගෙ ඉස්සරහම එයා මේ ලමයට අර කතා කරපු විදිහට මට අවංකවම තරහ ගියා...
ඉන් එහාට එයා නෙවේ වචනයක්වත් කතා කෙරුවෙ.. එයා කලේ වාහනේ දෙහිවල පැත්තට අද්දපු එක වෙද්දි පිටිපස්සෙන් හිටපු ජාන්විව මං ඉස්සරහට අරන් මගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා...
" බහින්න "
දෙහිවල බීච් එකට ඇවිත් වාහනේ නවත්තපු එයා බැහැලා මටත් බහින්න දොර ඇරියා.. ජාන්වි එහෙම්මම මගෙ බෙල්ල බදාගෙන කම්මුලට හාදුවක් තියද්දි කෙල්ලවත් වඩාගත්ත මං වාහනෙන් බැහැගත්තා..
" ඒන්තල් තාන්විව බත්තන්න බත්තන්න.. "
ඈතින් පේන මුහුද දැක්කත් හරි මගෙ අතේ උන්න ජාන්වී කෙලින්ම බිමට බැහැගත්තා..
" ජාන්වී.. වතුරට යන්න එපා ම්ම්ම්... මේ වැල්ල හරියෙන් ඉන්න. පස්සෙ රැල්ල පාගන්න යං "
දුවන්න ගිය කෙල්ලව නවත්තන් එයා කියද්දි එයාගෙ වචනෙට අවනත උන ජාන්වී හරී කියන්න ඔලුව හොලවලා එහෙම්මම ඉස්සරහට දිව්වා.. කෙල්ලගෙ පස්සෙන් අපි දෙන්නත් හෙමීට හෙමීට අඩි තිබ්බා.. හැබැයි මට දාන් උන්න සපත්තු දෙක ගලවන්න අමතක උන නිසාම වැල්ලෙ ඇවිදිනකොට මගෙ කකුල් වැලි වලට බර උනා වගේම මාව වැටෙන්න ගියා..ඒත්,
" පරිස්සමින් "
නෑ.. මං වැටුන් නෑ.. මොකද එයා මාව බද වටෙන් අත යවලා අල්ලගත්තා..
" මාව අල්ලන් ඇවිදින්න "
ඒ අත් බාහුව ඇස් වලින් පෙන්නමින් එයා කියද්ඩි ඇත්තටම ඇවිදගන්න අමාරු නිසාම මං ඒ අත් බාහුව අල්ලන් ඉස්සරහට අඩි තියන්න පටන් ගත්තා...
මම දන්නෙ නැහැ මේ වෙලාවෙදි මට මේ දැනෙන හැගීම කොහොම විස්තර කරන්නද කියලා... ඒත් මම එක දෙයක් දන්නවා... මේ වෙලාවෙ මේ මොහොතේ මම ඉන්නෙ සතුටෙන්... මගේ හිතට දැනෙන්නෙ පුදුමාකාර සැහැල්ලුවක් වගේම නිදහසක්... ඒකට හේතුව අපි බීච් ආව එකද එහෙම නැත්තම් ජාන්විද කියලා මට හිතාගන්න බෑ.. ඒත් මගේ හිත සැරෙන් සැරේම කිව්වෙ ඒ සතුටට හේතුව ජාන්විගෙ අප්පච්චි කියලා... ඒත් ඒ ඇත්ත පිලිගන්න මං කැමති උනෙත් නෑ...
" ඇයි ම්ම්ම්ම්? "
කල්පනාවෙ උන්න මගෙ මූනට ලං වෙලා එයා අහද්දි දැනටමත් මං අල්ලන් උන්න එයාගෙ අත අත ඇරලා දැම්මා.. මොකද මට ලැජ්ජා හිතුනා.. මං හිතන්නෙ මගෙ මූනට එයා ලං උන නිසාද මොකක් නිසාද මන්දා මගෙ මූන ලොවි ගෙඩියක් වගේ රතු වෙලා ගියා..
" අහ් මේ.. නෑ සර්.. කාලෙකින් මෙහෙම මුහුදට ආවෙ.. "
" ම්න්... මමනම් එයා එක්ක නිතර දෙවේලෙ මෙතනට ආවා ගියා.. "
" ආවා ගියා? "
" නෑ මං කිව්වේ... එනවා යනවා.. "
ඈත මුහුද දිහා බලන් එයා කියද්දි මං බැලුවෙ ඒ මූණ දිහා... ඒ මූනෙ තියෙන්නෙ තේරුම් ගන්න බැරි හැගීම් ගොන්නක්...වෙලාවකට යකෙක් වගේ තවත් වෙලාවකට හිනාව හංගන් මාව සෙල්ලමකට ගන්න එයා තවත් වෙලාවකට කතා කරගන්න දන්නෙ නැති ගොලු මනුස්සයෙක් වෙනවා...
මං කොහොමද සර් ඔයාව තේරුම් ගන්න ඕනා.. ඔයාව තේරුම් ගන්න ගතවෙන හැම තත්පරයකම මම ඔයාට බැඳෙනවා... ඒ බැඳීම හයිය වෙන්න වෙන්න හදවතින් , මනසින් මම තවත් ඔයාව අල්ල ගන්නව වගේ දැනෙනවා... ඔයාම මට ලං වෙන්න එපා කියලා ඔයාම මේ විදිහට මට ලං වෙනකොට ඒක කාටත් වඩා දරාගන්න අමාරු වෙන්නෙ මට.. ඔයා ලග ඉද්දි මේ දැනෙන සතුට අකිල අයියගෙ එක කෝල් එකකින්වත් මට මීට කලින් දැනිලා නෑ කියල තේරෙනකොට අනේ මට බය හිතෙනවා අර්ජුන්..!
මුහුද දිහා බලාගෙන ඉන්න එයාගෙ මූන දිහා බලන් හිතපු මම බරම බර හුස්මක් ගත්තා...
" ඒත්තල් එත්ත වැලි මාතිගාවත් හතන්න "
ජාන්වී වැල්ලෙ වාඩි වෙලා වැලි ඒ පුංචි අත් වලින් හාරන ගමන් මට කතා කෙරුවා.. එහෙම්මම එයා දිහා බලපු මම ඇස් වලින් ලැබුනු එයාගෙ අවසරයත් එක්ක ජාන්වි ලගට ගිහින් වැලි ගොඩේම දනගහගත්තා...
" වැලි මාලිගාවක් හදමූ "
හිනාවෙලා කෙල්ලට කීව මං එහෙම්මම මගෙ ලොකු ස්වරූපය පොඩ්ඩකට හංගන් මාත් ජාන්වි වගේම ලමයෙක් උනා.. අපි දෙන්නා වැලි ඇල්ලුවා නෙමේ වැලි නෑවා.. මාලිගාවක් හදන්න ගිය අපි දෙන්නා අන්තිමේදි අපේ කකුල් වැලි යට හංගන් සෙල්ලම් කෙරුවා.. විනාඩි ගනන් පැය භාග උනා.. පැය භාග පැය උනා.. වැලි නාපු කෙල්ලයි මායි අන්තිමේදි වතුරත් නෑවා... ජාන්වි ඒ පුංචි අත් වලින් මට අතුර ගහද්දි ඒ හා සමානව මාත් කෙල්ලට වතුර ගැහුවා.. අපි හති වැටෙනකම් සෙල්ලම් කෙරුවා... ඒත් එයා.. එයා නෙමෙයි අපි දෙන්නට දැන් ඇති කියලවත් කිව්වෙ.. සාක්කු දෙකට අත් දෙක දාන් එයා අපි දෙන්නා දිහා බලන් හිටියා... අන්තිමේදි මහ හයියෙන් වහිනකම්ම අපි සෙල්ලම් කෙරුවා... වැස්ස එන්න එන්නම වැඩි කරද්දි ලොකු කුඩේකුත් ඉහලන් එයා අපි ලගට ආවා...
" දෝනී... දැන් ඔය සෙල්ලම නවත්තන්න.. ලොකු ලමයටත් එක්ක කිව්වේ.. ඔය ඇති ම්ම්ම්.. "
ජාන්විගෙ ඔලුව අත ගාලා කීව එයා එක අතකින් ජාන්විව වඩාගෙන ඒ එක්කම මගෙ දිහා බලන් ලොකු ලමයටත් එක්ක කිව්වෙ කියද්දි මං බිම බලාගත්තා.. ඒක කියපු විදිහට මට ලාවට හිනාවක් ගියා වගේම මං බිම බලාගෙන හිනා වෙනකොට මගෙ උරහිස වටෙන් ඒ අතක් යවලා එයා අනික් අතින් මාව ඒ ඇගට තද කරගත්තා... මොකද වහිනවා.. ජාන්විව වඩාගත්ත අතින් කුඩෙත් අල්ලන් අනික් අතින් එයා මාව ඒ ඇගට තද කරගත්තෙ වැස්සට තෙමෙන්න නොදී කියන්න දැනුනු මං එහෙම්මම එයා දිහා බැලුවා..
" වැලි නාලා ඔයා "
මගෙ ඇස් දිහාම බලන් කීව එයා එහෙම්මම වාහනේ ලගට ආවෙ මාත් එයාව අල්ලන් අඩි තියද්දි...
.......................
වැලි වගේම වතුර නාපු අපි දෙන්නගෙම ඔලුව එයා එයාගෙ ජැකට් එක ගලවලා පිහදැම්මා.. ඒ ටිකෙන්ම ජාන්විට නින්ද ගියා වගේම එයා එක්ක මං විතරක් ඉතුරු උනා.. වාහනේ තාමත් බීච් එකේ.. ගොරව ගොරව වහිනවා... එහෙම්මම වාහනේ තිබිලා එයා මට දුන්නෙ පැනඩෝල් දෙකක්.. ඒ දිහා බලපු මං එයා දිහා බැකුවෙ මේ ඇයි අහන්න වගේ..
" ලෙඩ වෙන්න කලින් මේක බොන්න "
එයා කියද්දි මං මූන බෙරි කරගත්තා.. මොකද මං බෙහෙත් බොන්න ටිකක් හොරයි.. එහෙම්මම දෙපැත්තට ඔලුව වනපු එයා වතුර බෝතලේ අරන් බලෙන්ම වගේ මගෙ කටට තිබ්බෙ බලෙන්ම පැනඩෝල් දෙකත් මගෙ කටට දාද්දි වෙනකොට මං ඒ අතට පාරවල් දෙක තුනක් ගහගෙන ගහගෙන ගියා...
" මොකක්ද ඒ කරේ ආ.. "
" එහෙම තමයි බෙහෙත් බොන්න හොර උනාම.. "
" ඉතින් මං බොන්න බෑ කිව්වෙ නැහැනෙ "
" කිව්වෙ නැති උනාට මූන දැක්කම ඒක තේරෙනවා.. සමහරු ඉන්නවා බොන්නම් කියලා අතට ගන්න බේත් අහුර හොරාට විසි කරනවා.. අර පිටිපස්සෙන් නිදන් ඉන්නෙත් ඒ වගේ හෙරක් තමයි "
ඒ කියන්නෙ ජාන්විත් මං වගේ.. බෙහෙත් බොන්න හොරයි.. ඔය වැඩේ මාත් ඔහොම්මම කරනවා.. මං අනන්තවත් යොහාන්ගෙන් ටොකු කාලා තියනවා ඔහොම කරන්න ගිහින්...
" ඔහොම ඉන්න. මං ඉස්සො වඩේ අරන් එන්නම් "
මං කන්න තවත් ආස කෑමක් එයා අරන් එන්නම් කියලා කුඩෙත් ඉහලන් බැහැලා එහෙම්මම යන්න ගියා වගේම එයා එයාගෙ ෆෝන් එක වාහනේ උඩ දාලා ගිහින් තිබුනා.. විනාඩියක් යන්න නෑ වාහනේ තිබ්බ එයාගෙ ෆෝන් එක රින්ග් වෙද්දි ඒක අල්ලන්න ගිය මගෙ අතින් කෝල් එක ආන්සර් කෙරුනා... දෙයියනේ ඒ කෝල් කලේ මිස් නේද?..
" නුරේන්ද්ර ඔයා ඇයි මෙහෙම කරන්නේ? ඔයා. ඔයා කිව්වා ඔයා දැන් ඔෆිස් ඉන්නෙ කියලා. දුවව අරන් මීටින් එකක් කිව්වා.. ඒත් නුරේන්ද්ර ඔයා ඔෆිස් එකෙත් නැහැනේ.. ඇයි මට බොරු කරන්නේ? ඔයා මට කවදාවත් බොරු කරේ නෑ නුරේන්ද්ර ඔයා වෙනස් වෙන්න ගත්තෙ එදා අපි සිංහරාජෙ ගිය දවසට පස්සෙ දවසෙ ඉදන්.. ඇ.යී... ඇයි නුරේන්.ද්‍ර ඇයී..ම.මගෙ අති.න් මොකක්. හරි අඩුවක් උනාද නු.රේන්ද්‍ර? කියන්නකො මහත්තයෝ... ඔයා. ඔයා හොදටම දන්නවා නුරේන්ද්ර මං ඉන්න තත්වෙ.. වමනෙ යනවා. ඉවරයක් නෑ.. කන්න පිරියක් නෑ.. එහෙ.ම ඉද්දිත් මං. හොය.න්නෙ ඔයාව.නේ නුරේන්ද්ර.. ඒත් ඔයා.. බොරු.කරනවා නුරේන්ද්ර ඔයා මට බොරු කරනවා..!!"
අඩ අඩා මිස් කියවගෙන යද්දි අන්තිමේදි කිව්ව වචන ටිකට මගෙ පපුව කඩාගෙන යන තරමෙ වේදනාවක් දැනුනා.. මිස් ප්‍රෙග්නන්ට්ද? මිස් කියනවා එයා වෙනස් උනේ එදා සිංහරාජෙ ගියාට පස්සෙලු.. ඒ මදිවට ඔෆිස් කියලා බොරුත් කියලා... වාහනෙන් බැහැල ගිය එයා වඩේ විකුනන මනුස්සය ලග හිටන් උන්න විදිහ මං ඇස් වල කදුලු පුරවන් බලන් උන්නා... එයාට කතා කරල කරලා මිස් අඩාගෙන ෆෝන් එක කට් කරද්දි මිස් ප්‍රෙග්නන්ට් කියන කාරණාව මගෙ හිතට පුදුමාකාර විදිහට වද දුන්නා.. හේතුවක් නැතුව මට ඇඩුනා.. හිත කිව්වෙම මිස්ගෙ වේදනාවට මං වගකියන්න ඕන කියල වෙද්දි තත්පරයක්වත් නොයිද මහ වැස්සෙම මම වාහනෙන් බැහැලා එයාට නොකියම ආපිට දුවගෙන ආවා...
" ස්.සරූ!!!! "
වැස්සෙම ආවත් මගෙ පස්සෙන් එයාගෙ හඩ ඇහෙද්දි ඒ දිහාවත් නොබලපු මං කෙලින්ම එන්න ආවා.. මට ඕන නෑ තවත් ඉන්න..
" සරූ ඔහොම ඉන්න "
" සදීශ මං කිව්වෙ තමුසෙට නවතින්න කියලා!!"
මගෙ පස්සෙන් අඩියට දෙකට ආව එයා මාව වැලමිට ලගින් ඇදලා ගත්තෙ එහෙම්මම ලග තිබ්බ තාප්පෙට තියලා එයා මාව තද කරගනිද්දි..
" අ.අතා.රින්න මා.ව "
එයාගෙන් ගැලවෙන්න දැගලුවත් බැහැ.. එයා ඒ අත් වලින් අල්ලන් උන්න මාව තවත් තදින් අල්ලගත්තා..
" නෑ.අතාරින්නෑ.. මේ වැස්සෙ මොන ලෝකෙද ඔය යන්නෙ ආ...? පිස්සු හැදිලද කියනවා.."
" ඔව් පිස්සු.. දැ.න්වත් මට යන්න දෙන්න. සර්.. මාව. අතා.රින්න රිදෙ.නවා.. "
" මගෙ මාරයා අවුස්සගන්නෙ නැතුව ගිහින් වාහනේට නැගපන් "
තාප්පෙට ඒ අත මිටමොලවලාම ගහපු එයා දත් මිටි කාගෙන මං වාහනේට නැගපන් කිව්වා.. මෙච්චර වෙලාම ඉවසන් උන්න මගෙ ඉවසීම නැත්තටම නැති වෙලා යද්දි ඒ පපුවට අත් දෙකම තියලා එයාව මං තල්ලු කරලා ඇරියා...
" මොන අයිතියකටද ආ? මට බැරිනම් මට එන්න බෑ සර්.. සර්ට කොහෙන් ආව අයිතියක්ද මට ඔහොම බල කරන්න.. ඇරත්.. ඇරත්.. ඔයාට තේරෙන් නැද්ද මං ඔයා එක්ක තව විනාඩියක් හරි මෙතන හිටියොත් එහෙම.. මට ඔයා ගැන ආ..... "
" ඔව්... මොකක්ද ම්ම්ම්? ඔයාට මං ගැන මොකක්ද සරූ?"
මගෙ වචන එක්ක අර නපුරු ඇස් ආයෙම අමුතු විදිහට වෙනස් උනා... ඒ මූණ බලන් ඉද්දි මොකක්දෝ හැගීමකින් වැහිලා ගියා එක්කම ඒ අත් දෙකෙන්ම මගෙ මූන අල්ලපු එයාගෙන් මිදෙන්න මං තව තව දැගලුවා.. එයා අහනවා මොකක්ද කියලා... මට එයා ගැන මොකක්ද කිය කියා මට කියවෙන්න ගිය වචනෙ හාර අවුස්සපු එයාගෙන් මං මිදෙන්න පුලුවන් තරම් දැගලුවා..
" ආයෙ සැරයක් කියන්න සරූ.. ඔ.ඔයා මොකක්ද ඒ කියන්න ගියෙ ම්ම්ම්ම්? "
එයා එයාටම පාලනය නොවී මගෙන් එකම දේ උමතුවෙන් වගේ අහනකොට අකමැත්තෙන් උනත් මං ඇස් වහලා ඇස් ඇරියා... අකමැත්තෙන් උනත් මං එයාගෙ ඇස් දිහා බලාගෙන කිව්ව වචන වලට එයාගෙ අත් ඉබේටම මගෙ මූනෙන් මිදිලා ගියා..
" බඩදරු ගෑනියෙක්ට බොරු කියලා මේ වගේ විකාර කරන සර් වගේ මිනිස්සුන්ව මං පිලිකුල් කරනවා මිස්ටර් භාශ්වරසිංහ.. මං තමුන්ව පිලිකුල් කරනවා... කරුනාකරලා මගෙන් ඈත් වෙලා ඉන්න සර්.. මීට වඩා පිලිකුල් සහගත විදිහට හැසිරිලා මගෙ හිතේ සර් ගැන වෛරයක් හදවන්න එපා.. පිං සිද්ද වෙයි මගෙන් ඈත් වෙලා ඉන්න "
අත් දෙක එකට එකතු කරලා වැදලම මං එයාගෙ මූනටම එයාව පිලිකුල් කරනවා කියද්දි අනේ ඒ ඈ වැස්සෙම උනත් රත ගැහිලා යන විදිහ මං බලන් උන්නා.. මගෙ වචන වලින් ඒ ඇස් වලට දැනුනු වේදනාව මං බලන් උන්නා... තවත් හිටියොත් මට එයා ඉස්සරහම ඇඩෙයි කියන බයට මං එහෙම්මම එන්න ආවා....
එයාව දාලා ආවත් මොකද මගෙ කටින්ම කියපු වචන මගෙ පපුව පැලෙන්න තරම් වේදනා දෙනකොට මගෙ හිතින් මං එයාගෙන් සමාව ගත්තා....
" මට සමාවෙන්න අර්ජුන්...! "
❤️ අමන්දා ප්‍රෙග්නන්ට් ද?
❤️ සරූ කරපු දේ හරිද වැරදිද?
❤️ කතාව ලස්සනයිදෝ...?
❤️ හිතෙන දේ කියන් යන්න හර්තේ..
❤️ ආයෙම ඒශ් එක්ක එන්නාම්...
❤️ සසේ අක්කා ආතරෙයි