එක දෙක මොනර කාසි
පර්ස් එකට එන්නෙ....
දැබ් ෆුල් ආතල් එකෙ
මං හිදින්නෙ...
වැරදුනයා යම් තැනක
දැන් මට හැගෙන්නෙ...
කෙල්ලට දන් දීලා
රිම් එකෙන් උන්නෙ....
චොකලට් කෑල්ල මගෙ....
සූකිරි බට්ටියා මගෙ
ඔයා නොලැබුනොත් අනෙ
පනිනවා ලෝකාන්තෙ....
ඉස්සර කිව්වට අපි ආයෙත් නෑ කියන්නෙ.....
ඉස්සර කිව්වට අපි ආයෙත් නෑ කියන්නෙ.....!
අනූ.....කල්පනට සෑහෙන්න අවුල් වගේ නේද....
ම්න්....අවුක් නැතුව ඉදීද වස්තු.....ඒකි උරචක්කර මාලෙ උනත් මූ ඒ මල් පෑන්ටියට බොක්කෙම්ම කෙරුවනෙ....ඒකයි ඔය...
ඔයත් මං හින්දා බොනවද අනේ...මං අහන්නෙ මන් ඔයා එක්ක තරහා උනොත්...මං ඔයාව ගනන් නොගෙන උන්නොත්.....
අපො...මට ඒ තරම්ම ගැට්ටෙ අමාරුවක්නෑ....අඩ අඩ පීචන් වෙන්න...ඇයි මේ ලෝකෙ තව කොල්ලො නැතුවද...පිස්සු...ආය....ඌව්ව්හ්....
ම්හ්ක්...කිසි ගානක් නෑ ...නෙ....අපි දැන් කසාද බැදපු ජෝඩුවක් හයිද අනූ...
හයි...හයි.....හයිද...බැයිද....එතෝට....
මොනවද බන් ඔය ළපටි බාසාව
ඔලුව කැක්කුක් එන්න යන්නෙ...පීනසේට වගේ...
...කොයි වෙලෙත් කැක්කුම....කොයිවෙලෙත් කැක්කුම.....
ම්හ්....ක්...සවුත්තු කමනෙ...මට ඕනෙ මං තරහා උනාම අතපය කපාගන්න කොල්ලෙක්....
එහෙනම් කල්පනයව දාලා දෙන්නම්...යමන්....යමන්...පේනවනේ...සූර් වෙලා අඩන ඇඩිල්ල....දුවපන්....ඌ තමයි අඩන්නෙ වැලපෙන්නෙ.....
හරී....වේසයි ....අනූ ඔයා..දැන්..මගෙ හිත කැකුමක් හැදීගන එන්නෙ ඇයි අනේ....
අපි දෙන්නම උන්නෙ ගේට්ටුව ගාව....මගෙ අතෙ ලයන් එකේ බියර් දාපු උරයක්.....උදාරයගෙන් ආව මැසේජ් එකත් එක්ක මට ආපහු එයාව එක්කගන මාරවිල වයින් ස්ටෝර්ස් එකට යන්න උනා... මෙච්චර දවස් බූට් එකේ වේදනාව සමසිතින් දරා ගත්තු කල්පනයට අද නම් ඒ වේදනාව දරාගන්න බැරිවෙලා තිබුනා....වෙඩින් කාර්ඩ් එකක් දකින ගානෙ යකාට අදින කමනි කසාදෙ ගැන කිය කිය බනින්නෙ මට විතරක්ම නොවෙච්ච කොට කල්පනයටත් බනින්න ගන්නකොට ඒකගෙ සුදාම්මියගෙ හපන් කම් එලි පැන්න වෙලේ ඉදලා ඌ උන්නෙ ආය කරටි කැඩේන්න බොන මූඩ් එකකින්
..
කොහොමත් හවහට අඩියක් ගහනවයි කියලා හිතන් උන්නත්...ඒ තරම්ම බරපතලෙට ගහන්න තුන් හිතකවත් නොතිබුන අපිට කල්පනයගෙ බූට් එකට කරටි කැඩෙන්නම බොන්න සිද්ද උනා...
ඒක පොදු දෙයක්....එකෙක්ට හරි ගියොත් ..අපි ඔක්කොටම හරි ගියා කියන තියරිය ළඟ තිබ්බ අපිට...මේක කල්පනයට විතරක් අයිති බූටක් කියලා කොහොමත් අපිට හිතන්න බැරි උනා..මොකද...අපි හතර දෙනා හරියටම අර වරත්තු හාවා වගේ...ඔක්කෝටම අත දික් කරන් " අපේ..."ගානවා...
ඉතින්....මේකත්....අපේබූට් එකක් වෙද්දි මම ආයම මදි වෙච්ච අඩු පාඩු උස්සන් මොකාද වගෙ ගෙදර ඇවිදින් ගේට්ටුව ගාව හිටන් උන්නා වගේම මගෙ " පොඩි"නිම්නයට එයා තරහා උනොත් අත කපාගන්න කොල්ලෙක් ඕනා ගගා කුනු කුනු ගාන්න ගත්තා.....
මයුරයා....
ඉදා.....
මං හිතන්නෙ අපිට හෙට ඉස්කෝලේ යන්න බැරි වෙයි නේ....අරූට වෙරි..වෙරි කියන්නෙ.....ගූ හැත්තෑවයි.....අපි දෙන්නා ගැහුවෙ තාම එකයි ...අරකා සෝමාලියන් කාරයට පාන් හම්බුනා වගේ ඔල්කොම ගැසුවා .....
මං ඇවිත් අඹගහ යට සෙට් කරලා තිබුන මේසෙ ගාවින් ඉදගන්නවා එක්කම රවිදුවා මට වෙච්ච කෙරිච්ච දේවල් රිපෝර්ට් කරන්න ගත්තා...
අරූ අඩනවා.....චොකලට් කෑල්ල මගෙ කියන ගමන් ඇයි සදුනිකා මගෙ මොනවද.මදි උනේ අහනවා.....ආය ඒකිට බනිනවා....ඒ ටිකකිම්ම....සින්දුවෙ ඉතුරු ටික කියනවා...ඔක්කොමත් අස්සෙන් නිම්නයා මාව කොනිත්තනවා...
ඇයි.....
මාත් එන්නම්....
දහ අටට අඩු උන්ට එන්න බෑ....
මං ලොකු නිම්න....
දුප්...
ගන්නකො අනේ....මං ඔව්වා බීලා නෑ....
ඉතින් ඕවා රහද හලෝ....
අනේ.....
මං.අපේ අම්මට කියනවා....
සුලු සුලු බඩේ අමාරු එනකොට ඔව්වා චුට්ටක් එහෙම දෙනවා නේ.....
අනූ.....මට..නිකන්.....කලන්තෙට වගේ එන්නෙ ඇයි.....?
ම්හ්ක්...ගනන් ගන්නෙම නෑනෙ.....මාව....
හරිම සවුත්තුයි.....සවුත්තුවා....
චපලයි දැන්....
අපි දිකසාද වෙමු....මේක හරියන් නෑ.....
ම්හ්ක්...මං ආයම සින්ගල්.....හයිද....
මම නෙවෙ හා කිව්වෙ...මම නෙවෙබෑ කිව්වෙ....මම නෙවෙ කට වහපන් කිව්වෙ.....මම ලොකු නිම්න කිව්වට මොකද ළඟ උන්න නිම්නයා හුරතල් උනේ පොඩ් එකා විදිහට වෙනකොට මම ළඟ තිබුන බොක්ස් ගිටාර් එක අතට ගන්න ගමන් බජව්වට සැරසුනා...
ඒ අස්සෙන් බැදලා පැයක් යන්න කලින් මට ඩිවෝර්ස් එකත් හම්බ උනා...
ම්..මයුරයා....අ..අල්ලපන්.....ක්..
කොස්තගෙ....සින්දුවක්....කොස්තගෙ....ගමෙ...කෙල්ලො..උනත්...ආ.....එක...අල්ලපන්...
අරු වැනෙනවා.....සින්දු කනවා....අන් බලාගන ටේබල් එක උඩ තිබුන බයිට් ගොඩෙන් බැදපු සොසේජ් එකක් පාවෙලා අතුරු දහන් වෙනවා...
අන් හිතන්නෙ මගෙ දික්කසාද පෙම්බරා බයිට් ඉවර කරනවද කොහෙද .....
ඒක එපා...ඒක එපා...ඒක සෙට් නෑ....අල්ලපන්....මලකට මැස්සා...
ඒකත් එපා බන්....වෙන එකක් අල්ලකො....
වෙන එකක් කියන්නෙ....එහෙනම්....මයුරයා...
මොකක්ද අල්ලන්නෙ කියපන්....
චොකලට් කෑල්ල අහවර වෙනවත් එක්කම කල්පනයා පුටුවට කඩාවැටෙන ගමං කොස්තගෙ එක ඉල්ලනකොට උදාරයා එපා කිව්වා....
එහෙනම්....අල්ලපන්....ත්...තක්...තක්...
දිග පතෝල...බ් .බිලින්...කොහිල ...තක්කාලි.....කතුරු...මුරුංගා.....
ඒ...ඒ.....උඹට දැන් දුක් වෙන්නේද ඕනෙ.....
ඔ..ඔව්...හැබැයි...එවෙලෙම....සතුටු...වෙන්නත්...ඕනෙ...එකක්....ඒකි....මට...බොරු කෙරුවට....අනික.....අ..අනික....තමයි....
වට....බඩ්ඩකගෙ...න්...ගැලවුන...එකට...
ද් දැන්...අහන්...ඉන්න...තොපි....ලා....මට කියන්ඩ....එපා....කෙල්ලන්ට...බඩු....කියන්නෙ.....තොපෙ...අම්මත්....ගෑනියෙක්..නේද.....අක්කලා....ඉන්නවා...නේද...
see...more.....ය් .යකො....අපෙ...අම්මලා....චපල...උනෙ.....නෑ..යකො...අම්මා...හොද ...පුතෙක්...හැදුව....හින්දා....තමයි.....අපි...අහු..මුලු...ගානෙ...කාමර...ගානෙයි.... එක්කන්....නොගියෙ.....අප්පච්චි ....හොද ....කොල්ලෙක්...හදපු ..හින්දා තමයි....යකො....රෑට...රෑට.....ලින්ගික...
අවයව වල..ඵොටෝ ...ඉල්ලුවෙ..නැත්තෙ...
ශොට්...එකක්...ගැහුවට.....මේ ..කල්පනයා..... හොද කොල්ලෙක්....යකො....අපි.....ඔන්න..
මීයව....යවලා...
ඒ..ඒ.....හරි..හරි...කමනි ගෙදර ..කමනි...ගෙදර...
මං ඉක්මනට නිම්නයගෙ කන් දෙක වැහුවා උදාරයා අරකගෙ කට වැහුවා.....මේ මොකුත් ගානකට ගන්නෙ නැති මගෙ නිම්නයා දික්කාසද උන දුකටද කොහෙද කට පුරවන් රටකජු කන ලේනා වගේ අර මිනි සොසේජ් පිගානම කටේ ඔබාගන තිබුනා...
වෙන එකක්...වෙන එකක් අල්ලපන්...
වෙන...මො..කක්ද...එහෙනම්....සුදු අම්මියා අල්ලපන්....දුක...වේදනාව....යන්ඩ....
ගහපන්...අනුස්කයගෙ....සුදු....අම්මියා අල්ලපන්.....මයුරයා....මා....මල..දවසට...ගම...වටෙ....තියන...තා....ප්ප...පුරා.....ඔය ..සුදු.....දෑතින්.....පාප්ප...අරන්.....පාප්ප..අනේ...රෙද්ද....මං..මැරෙනෙ...ඇයි...කියපන්....
උදාරයා....උ..උදාරයා...ආ.අදර්යි...ඈ.....
ආදරෙයි....ර්...රවිදුවා....ක්..කොට උනාට...කාරි...නැ...උඹලා හැදුනේ...අපේ....අත්...වල....හුත්තො...
ම්.....මයුරයා...ආදරෙයි ..ආ.....ආදරෙයි...කියන්නෙ...ආය....පැලෙන්ඩ.....පැලෙන්ඩ....ආදරෙයි....වුබර්ට...
අනූ.....ම්හ්....ඔයත්....හැදුනෙ...අපේ...අත්.....
බලන්ඩ කියපන් ...කට කඩනවා...දුවපිය ගෙට....මෙතන ඉදන් කුනු හර්ප පලනවා....දුවපන්..දුවපන්....
අරකා කියවනවා.....අරූ කෑ ගහනවා...කුනුහර්ප වපුරනවා....ගමටම ආදරෙයි කියනවා.....සදුනිකාට කෑ ගහනවා..ආයම ආදරෙයි කියනවා...මේ ඔක්කොමත් අස්සෙ....හොරා වගේ උන්න මගෙ නිම්නයත් කට හදාගන මම හැදුනෙ ඒකගෙ අත් වල කියලා කියනවත් එක්කම මම ඒකටත් දෙකක් දෙන්න අත උස්සල නිකමට වගෙ ගෙදර මහ දොර දිහාව බැලුවා....
කමනි.....කමනි විතරක් නම්...කාරි නෑ....නැන්දම්මත් ඉන්නවා.....
කමනි දන්නෙ නෑ කමනිට එහා පැත්තෙ මගෙ විනය භාර නැන්දම්මා ඉන්නවා කියලා ....
ඉනට අත් දෙක තියාගන මූන දෙක කරන් ඉන්න නැන්දම්මව දැක්කම මතක් වෙන්නෙම ඉනටඅත් දෙක තියන් තට්ටයව වෙනකොට නැන්දම්මගෙ උකුසු ඇස් කුනු හර්ප පලන කල්පනයව පන පිටින් හම ගහන්න තරම් තරහකින් දිලිසෙන ගමන් තිබ්බා....
එක සින්දුවක් අල්ලල...මේක නවත්තමු බන්..හෙට ඉස්කෝලේ ....
නවත්තන්ඩ....තොට පිස්සුද...පටන් ගන්ඩත් කලින් විරහා වේදනා.....අහවර කරන්ඩ....සාපද...රව්දුවා...උදාරයා....අල්ලපන්.....රමනියයි...මෙ..මදුර ජවනිකා...
මට පේන්නෙ අපිට අද මදුර ජවනිකා පෙන්නයි වගෙ....මං හිමීට මගෙ ගාව උන්න උදාරයට ඇන්නා.....
අනූ....මේ....වස්තුත් චුට්ටක් බීලා බාන්නද....
මේවට හුගක් වෙරි හැදෙනවද අනෙ..
නිම්න අම්මා බලන් ඉන්නෙ ඔන්න ඕක තියලා දුවපන්...
අරකා එහෙන් කතා කරනවා ..මට ඒ අස්සෙන් උදාරයට නැන්දම්මව පෙන්න ගන්න ඕන.....
...එ...කැහ්.... කැහ්...
තිත්තයිනෙ....හ්
කොල්ලා.....තූ....තූ දාපන්....තූ....දාපන් ඕක....අර අම්මා මගෙ බෙල්ල අනිත් අත හරවයි තූ දාපිය....
ගිලිලා ඉවරනෙ අනූ....
සීනි...චුට්ටක් වත්....දෙන්නකො....
කෝ.....මේකට වෙරි හැදෙන් නෑනෙ....
කෝ.....අනූ.....මාව කැරකෙන්නෙ නෑනෙ..
කැරකෙන්නෙ නැද්ද ....තව චුට්ටකින් උඹගෙ අම්මා මට කැරකිල්ල අල්ලන්න ගහයි වස්තු.....ඊට කලින්....හොද පුතා වගෙ ඇතුලට දුවපන්කො.....උඹට ඕනෙ කසාදෙ රෑම මිනිහව මරාගන්නද.....හනිමූනුත් නැති එකෙ
...මට උඹෙ කඩන්න දේකුත් නැති එකෙ අම්මා ලව්වා මගෙ අත පය කඩන්නද හදන්නෙ....
අපි දික්කසාද උනානෙ...මතක නෑද...
හ්ම්....එහෙනම් එච්චරයි .....මං ගිහින් අනිත් නිම්නයට ප්‍රොපෝස් කරනවා ඇති පදම් බීපන්.... කරටි කැඩෙන්න බීපන්.....බීලා වැටියන්....
දික්කසාද පෙම්බරා.....
මුරන්ඩු කම් කරන නිම්නයට ඇති පදම් බොන්න කියපු මං හිමීට උදාරයට ඇනලා නැන්දම්මව පෙන්නකොට මන් බලන් ඉන්නකොට උගෙ මූනෙ තිබුන අංශුවක තරම් වෙරි ගතිය හිදිලා ගියා වගේම කොට රවිදුවා නම් නැගිටලා හිටගන රැපට ඇදන් උන්න කලිසමත් බුරිය ගාවට ඉස්සුවා ....ඇයි ඉතින් විනය බාරනෙ බලන් ඉන්නෙ...
...ම්ම්ම්..හු.....ක්...කල්පන....තා....චුට්ටක්....චූටි....නිම්නට.....තා....චුට්ටක්.....සීනි....චූට්ටකුත් දෙන්න අයියො.....
බයිට් එකට පොල් ටොපි හොද නෑද....?
මෙතන ඉන්නෙ පොඩි ළමයා හින්දා....දැවිල්ල කන්න බෑනෙ...
කල්පන....ඇයි..මට...ඔයාව...පාවෙනවා...වගේ...පේ.....න්නෙ...
ම්හුක්....දතක්....කැක්කුමයිනෙ....කැහ්.....කැහ්...
මාව රත් උනා....මූඩියක් විතර බොයි කියලා හිතුවට මොකද මගෙ නිම්නයා එක උගුරට බියර් ටින් එකක් කටට හලාගන මූන ඇඹුල් කරන් කල්පනයට මොනවදෝ කිය කිය කහින්න ගත්තා වගේම නැන්දම්මගෙ මූනෙ සොබාවෙ දැකපු මටත් පිට උගුරෙ යන්න ආවා.....
අනේ අම්මෙ...මං නෙවෙ මූව නරක් කෙරුවෙ....මම නෙවෙනෙ...
ඔය ඇති නිම්න....ඔය ඇති....ඕක නවත්තපන්....උඹ හදන්නෙ මාවත් පරලොව යවන්න...
අ...අහකට...යන්නකො...වස්තුට...පාවෙන්න දීලා ...
උඹට පාවෙන්න නෙවෙ..මටයි පාවෙන්න වෙන්නෙ....උදාරය....ආන් අරකව ඉන්දවපන්....අදින් පස්සෙ බජව් හමාරයි.....නේ මූත් බීගන ඒ අස්සෙන්...රවිදුවා....ගෙවල් වලට යන්න ලෑස්ති වෙයව්...ඔන්න...එනව....ඔන්න..එනවා....
ර්...රමනීයයි...ඒ...මදුර....ජවනි....කා
වන...පෙත....එකලු.....මේ...මද්‍ය ..පානෙ....බීම ජොලිය....සදුනි....නොදන්නෙ.......
සදුනි.....නොදන්නෙ......
අද සදුනි පෙන්නයි...ඉදගන් යකො.....මයුරයගෙ නැන්දම්මා එනවා...
මෙතන එකම පිස්සුවයි.....ලාවට වැදීගන ආව උන්ටත් වෙරි හිදුනා.....නිම්නයගෙ අම්මගෙ අතේ තිබුන වේවැල දැල්ලා විතරයි කොට රවිදුවා හත්තක් ඇවිදිනවා වගේ මේසෙ වටේ වැටිලා තිබුන ටිශු කොල ඇහිද ඇහිද දුවන්න ගත්තා...
බෑ....බ්..බෑ...උ...උදාරයා...ම්..මට...කියපන්..මගෙ...ත්...තියන.....අඩුපාඩු...ව මොකක්ද.....ලස්සන.....මදිද....ක්..
කියපන්...
...ඔව්....කියපන්....උදාර..යා...වස්තු...ගෙ....අඩු පාඩු...මොනාද...?
ස් ...ස්ස්ලි..... අඩුපාඩු....වෙන්න... බෑ.....රන්...කැකුලු....
ගිනුමෙ.....පන්සීයක්ම තියනවා....කියපන්...
...ඔව්.....පන්සීයක්ම...ම්හුක්...අ..අනූ.....පන්සීයක්.....ද්...දෙන්න...
අනේ..නැන්දම්මෙ.....හ්...අනුකම්පා කරල....වෙන්න බෑනට සමා...
මං අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා....මට නැන්දම්මව පෙනුනෙ ට්ර්නච්බුල් වගේ වෙනකොට මම මගෙ ඔලුවත් මේසෙට ගහගත්තා...අරු එහෙන් පන්සීයෙ ඒවා ඉල්ලනවා...වෙරි වෙන්න කලින් පේන්න උන්නෙ නැති නිම්නයා සූර් වෙන්න වෙන්න පේන්න ගන්නකොට මට නිකන් අපස්මාරෙට එන්න ගත්තා වගේම හිතට දැනුන එකම සැනසීම නම්...කමනි මෙතනින් ගිය එක විතරක්ම වෙද්දි කල්පනය ගමම කලඹවන් සින්දු කියන්න ගත්තා.....
මා....දෑසෙ...වේ.....ජ...නා.....හ්
තොගෙ....දෑසෙ....පෙම්.....හි..නා.....
එනමුදු...මගෙ...හදේ....නැත....
වෛර චේතනා.....
ක්...කව්ද....චේතනා ....
පෙරදා....තොගෙන්....මෙමා....
ලැබු.....න්..නුරු....ක්..කල්පනා....
....ය්..යෝහ්...කල්පනා.....ක්.කෙනෙකුත්....ඉන්නවා....මටත්...ඔ..ඔනේ...කල්පනාව...අනූ....ක්..කල්පනාව...ක්..කීයද...?
සා..ගරය....ස්...සේ.....මතක...නෑ...සාගරය....බදු.....වේ...දනාවො.....සුන්...වෙලා.....
යනවෝ.....
ස්..සාගර...ටටා....බ්..බායි....
නිම්න.....ඇති ඔය...
...ඉතින්....ස්..සාගර....සුන්...වෙලා....යනවනෙ....ඒකනෙ....ට..ටා....බායි....කි...ව්වෙ.....
ජීවිතය...ගෙන...වන්දනාවක...යන්න....
අපි.....යනවො.....
ඔ..ඔයා...යන්න...අම්මා....එන්න..දෙන්නෙ...නෑ.....බා...යි.....වන්දනා....
පේනවද...පේනවද උඹ කරලා තියන හරිය...මගෙ අහිංසකයට...
තොපි තුන් හතර දෙනා.....දැන් ඉස්කෝලෙ යන්නෙ කොහොමද ...බලපිය.....අරූ කනමදයා වගේ නේද...
අනේ..අම්මෙ.....අදට විතර...ක්.....
අර...බලපන්....මගෙ ළමයා....
..න්..නිම්නලගෙ...අම්මෙ.....ම්.මට..දැන්.....ආ..ආවස්තික...පිරි...වැය...එහෙම...පුලුවන්...එකේ...අදට....යෝ....උදරයා.....
නිම්ගෙ...අම්මට...තරහ ගිහින්...නෙ.....
ඒ....කල්පනයා...ඉදගනින්....කල්පනයා...ඔය ඇති....උඹ හින්දා අර අරූගෙ පොඩි හොල්මනත් බීලා...ඒ අස්සෙන්....නැන්දම්මා...කෝප...වෙලා...ඉදගන්කො...
මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ....
මං නෙවෙ මීක් ගෑවෙ....සමාව ඉල්ලපු මම අනිත් පාර වේවැලට බයෙ තිබුන හැම හිස් බෝතලයක්ම ඇහිද ඇහිද දුවනකොට දහ අටේ නිම්නයා කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ අරකා කියන ඔක්කොටම අනන් මනන් කියනකොට මං වැඩි ලකුනු දාගන්න මේ මහ රෑ මිදුල අතු ගාන්න පටන් ගත්තා....
මේ කොල්ලෙක් බැදගන මං කරගත්තු විනාසයක්...අනෙ නැන්දම්මෙ..කොල්ලට මදුසමෙත් නැති එකේ ගහන්න නම් එපා.....
උදාරයා...මෙන්න මූව අල්ලගනින්.....අපි...ගිහි....න්.....තව..රෑවෙලා...එන්නම්..නේද...නිම්නගෙ...අම්මියෙ....ඈ.....
උඹලගෙ ළඟ ගද.....නාපියව් ගිහින්.....
ඒ....එක...ඇත්ත...ඒත්..මට පීනසේනෙ...නේ....උදරයා...රවිදුවට පීනසේ කියපන්කො....
.ඔව්...නිම්නගෙ...අම්මෙ..මූට..පීනසේ...
මූට.....ෆිට් එක හැදෙනවා...
ෆිට් එක හැදෙනව නම් බොන්නෙ?
.
ඌට විරහා වේදනාව අම්මෙ....චූට්ටක් කකුල ගනින් උදාරයා...අඹ කොලයක් පෑගිලා...
මේ රෑ අතුගාන්නෙ උඹට පෛත්තියන්ද...?මගෙ කොල්ලව ඉල්ලගන කරලා තියන විනාසෙට මට උඹව.....
..ඒ..ඒ..අනේ.....ගහන්න එපා..අම්මෙ...මුනුත් ඉන්නවනේ...
...අනූ...ටොප්...වෙනවා...කියන්නෙ....මොකක්ද ...ඔයා ..දන්නව...නේද......
අ..අනික...අපි...අද...බැන්දනෙ....
අම්මෙ.....ම්..මයුර.....ව්..වස්තුගෙ ...ප්..පපී...මා...ව බැන්දනෙ....ඒත් .අපි...අදම....දික්කසාදත් ..උනානෙ....
ම්හුක්.....මන්..මහ....චපලයෙක්....
සවුත්තුවෙක්....
මං....වේසයෙක්....වේගන....එන්නෙ.....නේ...අම්මෙ....
ට්...අපරා..දෙ.....
ඇයි...අම්මෙ...නිම්නගෙ...ඔලුව....කැක්කුමක්...හැදීගන...එන්නෙ....
මං...ඉතින්...දි...ස්ති...රික්කෙ...නුත්....ටොප්....නෙ....බ්..බැජ්...එකෙ..නුත්....ටො...ප්...නෙ...මට.....බැයිද...ආ..ආය...ටොප්...වෙන්න...මට...පුලු...වන්...නේ...අම්මෙ...එයා...කිව්වා...මිරිකන්න...භ්භ්...භ්භ්.....
ඒ.ඒ....හප්.....චුප්....උඹ හදන්නෙ මාව අඩු වයසින් දෙයියො ගාවට යන්න...තව සීයට හැත්තෑපැහක් ඔහොම්ම ඉතූරුයි..අනේ...වස්තු...මිනිහගෙ රෙදි ගලවන්න එපා....කෑ නොගහා.....ඉදපන්....නැත්තන් ..අතුරුදහන් වෙයන්කො.....ප්ලීස්...
මට ඉදලෙන් ඇනගන මැරෙන්න හිතුනා....වැඩි හොදට මිදුල අතුගාන්න ගිහින් බැනුම් අහපු මං බේබදු හොල්මන නටන විකාර වලටත් දොස් අහ අහ ඉන්නකොට අරකා එක පාරම අහපු කතාව එක්ක මගෙ සර්වාංගෙම පිච්චෙන්න ගත්තා හරියටම ගැරඩියට බූමිතෙල් ගැහුවා වගේ...එක්කො මාත් සමාදානෙන් සැතපුනානම් හරි වගේ....
මට දැන් කා දිහාවත් බලන්න බෑ...බැජ් ටොප් උන ඒකට...දිස්ත්‍රික් ටොප් උන ඒකට මෙතනත් ටොප් වෙන්න ඕනා කියනකොට මදුසමේ අවලංගු කරපු මගෙ බඩ රිදෙන්න ගත්තා...දැන් නම් මට ළමයෙක් හම්බෙන්න වගේ...
අරුන්ව සුදු මැලි වෙලා...කල්පනයගෙ පවා වෙරි හිදිලා ගිහිල්ලා...මං හිරකරන් උන්න මගෙ හොල්මන් ප්‍රේමවන්තයා අත පය ගගහා ටොප් වෙන්න අහනවා.....මේ ඔක්කොම එක්ක විනයබාර නැන්දම්මා වේවැල වන වන මා දිහා බලන් ඉන්නව...අනේ...කමනි....කොහෙන් හරි දුම්මල ටිකක් වත් අරන් වරෙන්කො.....
ම්ම්..මේ....ම්..මයුරයා...අපි...ගිහින්....වෙරි.....හිදුනම....එන්නම්.....එහෙම...හොදයි...නේ.....නිම්නගෙ...අම්මියෙ...ඈ...ක්..කල්පනයට.....ස්...සික්...ලිව්...එකක්...ගන්න....බැරිද දන්නෙ...නෑ....නෙ...හෙට...ඉස්කෝලෙ....නොයා..නෑ...නෑ...මං.ඉස්කෝලෙ...යන්න..එනවා...උගතමනා සිල්පයමයි....මතු...රැකෙනා.....එහෙනම්...කල්පනයා....ගියා....
දැන් මං විතරයි ඉතුරු ....බේබදු කෑල්ල මගෙ ඇගේ එල්ලීගන තනි අන්ඩෙන් හිටන් මමනෙ ටොප් ගගා තවමත් මුමුනකොට මම නැන්දම්මගෙ දේසනාව අහන්න සැදී පැහැදි උන්නා....
මයුර.....
අම්මෙ.....
නිම්නගෙ අම්මෙ...නිම්නගෙ අම්නෙ ගගා උන්න මං දැන් කෙලින්ම අම්මෙ කියලා කතා කරනකොට මං බලාගන ගවනර් ලුක් එකක් තිබුනත් අහිංසක නැන්දම්මා අතේ තිබුන වේවැල පැත්තකට දැම්මා.....
අපරාදෙ ...මේ මනුස්සටත් අපෙ කමනිට වගෙ කටක් තිබුන නම්....ඇත්තටම ...එය කමනි වගෙ කට සැර කෙනෙක් උනා නම්....ඒත්....කියන්න බෑ....එදා තුරුම්පුව කැරකුනෙ ඒකගෙ පැත්තට විතරමද දන්නෙ නෑ.....
අද ගියාද....
...ම්න්....අහන්න..දේවල්....ගොඩයි.....මට නිම්න කියන්නෙ නෑ....මං නිම්නා එක්ක කතා කරන්නෙ නෑ...කතා කරනවා තියා එයා දිහා බලන්නත් බෑ...අර කෙල්ල අපිව කන්න හදනවා....
මං ඇත්තම කිව්වා.....සධීරා...ඒකි අපෙ ඇස් ගලවන්න හදනවා.....ඒකි ඔක්කොටම හපන් ජෙලස් කාරියෙක්....මට අහන්න දේවල් ගොඩයි....නිම්නගෙන් අහන්න බෑ...නිම්නට රිදෙන තැන් වැඩී...රිදෙන තැන් වැඩි වෙන්න...වැඩි වෙන්න නිම්න හදන්නෙ වයසට වඩා පොඩි වෙවි...පොඩි වෙවි.....දුක කියන වචනෙ තේරුම මොකක්ද කියන්නවත් නොදන්න කාලෙට යන්න හදන එක වෙනකොට මන් අම්මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා...
අම්මා.....අහන්න දේවල්...හුගයි.....මට උත්තරයක්...දෙන්න.....මට උත්තර නැතුව මේ ගැට ලෙහන්න අමාරුයි අම්මා...
ඇයි ඔයාලගෙ කවුරුත් ඔයාලව හොයන්නෙ නැත්තෙ...
මනුස්සයෙක් ආදරෙයි කියපු පලියට...ජීවිතෙ වන්දි ගෙවන තරමට...ඇයි අම්මා එ මිනිහා ඔච්චර දරුනු උනෙ .....???
මම ගියා ...මම ගියා....මගෙ ඉස්සරහා..මගෙ කන් වලට ඇහෙන්න..ආතක් පාතක් නැති එකා කියල නිම්නට....මගෙ නිම්නට ලැජ්ජා කරාපු පලවෙනි එකා ගාවට ගියා...මං දන්නෙ නෑ...ඇයි මං ඌව ඉතුරු කෙරුවෙ කියලා...
මට හිතාගන්න බෑ...මොන හේතුවට මං ඌට ජීවත් වෙන්න ඉඩ තිබ්බද කියලා .....
ඒත් ...කරල තියන වැරදි අනුව....ඌට මේ ලෝකෙ මොන කොන වත් අයිති නෑ අම්මෙ...මට...හරි වේදනාවයි අම්මෙ...නිම්න හන්ගන....අම්මා විතරක් කියන...මහ පොලවට පස් උන.....සමහර තිත්ත ඇත්ත ආපිට ආපිට උඩට ඇද ඇද....මටම විතරක් කියනකොට මට හරි වේදනාවයි අම්මෙ....
මට රිදෙනව....ඇස් වල කදුලු පුරවන්...අරහෙම උනා..මෙහෙම උනා අනූ ගගා එයා කියවනකොට මට හරි වේදනාවයි....
විදින්න තියන ජීවිතෙ....ඔය තරමටම විදවන්න...එයා මොනවද අම්මෙ කෙරුවෙ.....?අනූ....අනූ....මෙහෙමයි...අනූ....අරහෙමයි.....ගගා...කියවනකොට මං හිනා වෙලා අහන් ඉන්නවා.....හැබැයි...ඒ,
අඩන්න බැරි කමට
අඩුම ..ගානෙ...අඩුම ගානෙ...ඇයි...මට එතනට ගිහින් මොනවත් කරගන්නවත් බැරි...මට පුලුවන් බලන් ඉන්න.....ඒක මොන වේදනාවක්ද.....මේක තනිකරම දුක්ප්රාප්තියක්නෙ...
.....වේදනාවෙ මුල...උඹට ඔහොම නම්.....මට කියපන් මයුර.....උඹ අවසානෙ දරාගන්නෙ කොහොමද කියලා ...උඹ.....කවදා හරි...නිම්නව දැක්ක දාට...උඹ කොහොමද නිම්න දරා ගන්නෙ....උඹට පුලුවන් බලන් ඉන්න එක කරන්න විතරයි පුතෙ.....උඹට වෙලාව නවත්තන්නවත්...ඉස්සරහට පස්සට කරකවන්න පුලුවන් කමක්වත් මීට එහා නෑ මයුර.....
මං ඇස්වල කදුලු කැට පුරවන් එයාවත් තුරුල් කරන් අහස දිහාව බැලුවා.....වෙලාව දහයට ඇති.....තව පැයදෙකකින්....අපි...ආයමත් අතිතේ.....
ආයමත් සේනානායකෙ ඉස්සරහා....
මං දන්නෙ නෑ...එයා අද කොහොම උන්නද කියලා ...එයා අද මොනවා කෙරුවද කියලා....එයා ලව්වා තව මොන තරම් වැඩ අරගනද කියලා ....
හැම නරකක් පිටිපස්සෙම හෙතුවක් තියනවා....හොදක් කරන්න හේතු නැති උනත්....මිනිස්සුන්ට නරකක් කරන්න ඕන තරම් හේතු තියනවා....
මම ඌට ගහන්න එකම හේතුව නිම්න....
අපි ආපිට අතීතෙට යන්න එකම හේතුව නිම්න...
මං අහන්නෙ....ඌ මෙච්චර වෛර බදින්නත්...එකම ජාතියට ආදරේ කරන මිනිස්සුන්ව දඩයම් කරන්නත් හේතුව මොකක්ද කියලා....පොතක කතාවක උනත්...දුශ්ටයට හේතු තියනවා...
සමහර හේතු මානුශීය වෙනවා.....ඒත්....සමහර හේතු.....ඇත්තටම ඒ හේතුවලට සමාව දෙන්න හිතන්නවත් බැරි වෙනවා.....
ෆිල්ම් එකක උනත්....හේතු තියනවා....
මන් අහන්නෙ...ඌ වියරුවෙන් වගෙ දඩයම් කරන්න හේතුව මොකක්ද.....?
මට නිම්නවත් උත්තර නොදුන්න එකේ...ඔයාගෙන් වත් උත්තර ඕනෙ අම්මෙ....
නිම්න දන්නෙ නෑ හේතුව...අඩුම ගානෙ....එයා ඔච්චර විදවන්න හේතුව මොකක්ද කියන්නවත් එයා දන්නෙ නෑ මයුර....
අම්මා දන්නවනෙ...???????
මං නිම්නගෙ අම්මා දිහා බලාගන උන්නා.....අම්මා අහක බලාගත්තා..මන් දන්නවා ...අම්මා හේතුව දන්නවා....
මෙච්චරත් දෙයක් වෙලා තියනකොට තවත් ඔය හේතු හන්ගන්න එපා අම්මෙ...ඌ සතෙක් නම්.....ඌ මෘගයෙක් නම්....අපි හතර දෙනා මේ මරු කටට පැනන් සෙල්ලම් කරන්නෙ මෘගයෙක් එක්ක...එහෙව් එකේ.....ඇයි....තවත් රකින්නෙ.....??????
නිම්නගෙ තාත්තා.....සමලිංගික කෙනෙක්.....
..... අ..අම්මෙ.....
මට හිතා ගන්න බැරි උනා.....තත්පර ගානක් යනකන් මට මොකක්ද කියන්න ඕනෙ කියන කාරනාව හිතා ගන්න බැරි උනා...
එයාගෙ අප්පච්චි සමලිංගිකයි.....
දෙයියනේ එහෙමනම්....ඇයිමෙහෙම කෙරුවෙ...ඇයි මෙහෙම කෙරුවෙ.....
නිම්න වත්....නිම්නා වත්...දන්නෙ නෑ...මයුර....ඒක...මගෙ....අම්මා තාත්තා...වත්..දන්නෙ නෑ...මයුර....මෙක...මේක...
නාඩා මට කියන්නකො...අම්මත් අඩනවා....එයත් අඩනවා..මට මේ කදුලු හරි බරයි අම්මෙ.....
මයුර....මගෙ...කසාදෙ....අපේ...කසාදෙ.....යෝජිතයි...ජයවර්ධනගෙ අප්පච්චි ....හරි ..නීති කාරයෙක්.....ජේවීපි ආන්ඩුව තියන කාලෙ උන්න.....හරි තද මනුස්සයෙක්...මයුර...මගෙ පවුල...හරි සාමකාමියි....අම්මා...අප්පච්චි එක්ක කතා කරන්න පුලුවන් ...එයාගෙ පවුල ඇතුලෙ එයාලා ජීවත් වෙලා තිබුනෙ...එයාගෙ අප්පච්චි ට යට වෙලා....හරියටම ....අසූ අටෙ වගේ....එක චිට් එකකින් ලාම්පු නිවන්න කියනව වගෙ එයාගෙ අප්පච්චි .....එක බැල්මයි එක වචනයයි දෙන්න ඕන මයුර.....
මං දන්නෙ නෑ....මං ඔයාට මේක ....මේක කියන්නෙ කොහොමද කියලා.....මම....මම...අම්මෙක්...වෙන්න...මම...අම්මෙ...වෙන්න....කල්...යන්න....ගත්තා...ගෙවල්...වල..මිනිස්සු...හේතු...අහන්න...ගත්තා..මං...මං.කොහොම කියන්නද ....බැදපු මනුස්සයා.....නිදියන්නෙ ඇදෙන් බිම කියලා ....එයා...මාව...බැදලා...තියෙන්නෙ...එයාගෙ අප්පච්චි ගෙ.....වද දරාගන්න බැරිව.....මේක..තනිකරම....බ්‍රේන් ...වොශ් එකක් වගේ.....මයුර....ඒ මනුස්සයා.....එයාගෙ ඔලුව...සම්පූරනම විකුර්ති....කෙරුවා...
සමලිංගිකත්වය....කියන්නෙ...පයට පෑගෙන ...දූවිල්ලක් තරම් වටින්නෙ නැති...පිලිකුල්...දෙයක් කියන්න..එයාගෙ....අප්පච්චි ..එයාගෙ මොලේ...සම්පූරනම හෝදල.....විස විතරක්...එකතු කෙරුවා....
එයාලා ඉගැන්නුවා....ඕක බෝ වෙනවා කියලා ....එයා ...ඒක විස්වාස කරන්න...ගත්තෙ.....නිම්න...එයා කව්ද කියලා එයාගෙ අප්පච්චිට කියපු දා.....
එයා හිතුවා...එයාගෙන්...මේක....ලමයිට බෝ උනා කියලා ....මයුර....ම්..මයුර....
ඇති අම්මා.....අපි මේ කතාව මෙතනින් නවත්තමු....මගෙ නිම්නට නිදි මතයි ....එයාට මහන්සි....තව පැයයි තියෙන්නෙ...මට ඒ පැය මෙයා එක්ක ඉන්න දෙන්න.....
මගෙ ඔලුවත් එක්ක හෙලවිලා ගියා වගේ...
හිතන්න කාරනා දහසක් තියාගන මං කාටත් නොපෙනන මගෙ නිම්නව වඩාගන කාමරේට ඇවිදින් එයාව ඇදෙන් තියලා මගෙ බ්ලැන්කට් එකෙන් පෙරෙව්වා.....
නාගන්න ඕනෙ.....
ඒත්..මට නාගන්නවත් සැනසීමක් නෑ....
ජයවර්ධන...මේ කරන්නෙ...මිනිහගෙ අප්පච්චි මිනිහට දුන්න වේදනාව තමනගෙ දරුවන්ට දුන්න එක...තව තව මිනිස්සුන්ට දෙන එක.....
ඇයි දෙයියනෙ...වේදනාව විදපු එකා කියනවනෙ....වේදනාවෙ තරම දන්නෙ.....
තුවාලෙ තියන එකා කියනවනෙ...තුවාලෙ වේදනාව දන්නෙ.....
ම්ම්ම්හු....ක්....අ..අනූ.....
..ඔ..ඕහ්...ජෝ නානවා...ඇයි.....
එන්නම්...
මං හෙලුවෙන් ඉන්නෙ.....
ඉ..ඉතින්...ඔයා...බයියෑවෙත්...
හෙලුවෙන්...නෙ.....න්..නිම්න....ආවනෙ....ඔයාගෙ...පස්සෙන්...න්..නිමන..ආවනෙ....පපී..මාලෙ...ප...ස්සෙන්.....න්..නිම්න...දැක්කනෙ.....අනූ...හැමදා...ම...බයියෑවෙ....හෙලුවෙන්...කියලා....
ගන්නකො.....
පා...වෙනවනෙ...
ඔලුව....කැර...කෙන්නෙ....ඇයි...අනූ....
වමනෙට...වගෙ....නෙ.....
ම්ම්ම්හුක්.....ඔලුව...කැක්කුම...මග...එනවනෙ...
ඇයි....අනූ.....මගෙ.....ඇස්....දෙ..ක...
පාවෙන්නෙ....
කකුලකුත් වෙව්ලනවනෙ....ඇයි.....ඒ.....
...යෝහ්....වරෙල්ලා.....බොන්න බැරි මගුල් බොනවා ....උඹට ගහනවා කොල්ලො මං අනිත් දවසෙ....
සබන් බෝලයක් පුම්බන්න....සැම්පු ටිකක්....දෙනවද👉👈
විකාරනැතුව ඉදගන්නවද.....
මට දැන් දෙන්න උත්තර නෑ....පපී මාලෙ පස්සෙන් ආව එයා මං හෙලුවෙන් නිදියන්නෙ කියලා දැකලා තිබුනා...පපුව ඉස්සරහට දාන් කතා කෙරුවට මොකද මගෙ කන් දෙක රතු වෙලා....ඒකා කොමඩ් පියන වහලා ඒක උඩ ඉදන් වැනි වැනි නාන මා දිහා බලන් ඉන්නවා...
ඇයි...අනූ....ඒ ඔයාගෙ....කන් දෙක රතුවෙලා....දැලඹුවෙක් වැදුනද...
ඔව්....දැලඹුවෙක් වැදුනා...
.....එව්වත් තියනවා...
මො...මොනාද
ම්හුක්....ඔය තියෙන්නෙ.....එව්වා
කොල්ලො මේ...ගුටි කන්ඩ තමයි ආ....
ඉ...ඉතින්...අපි....බැන්ද මිනිස්සුනෙ....අනික...මං....චූටි...නිම්නනෙ... .
ඇයි...උඹ චූටි නිම්න කිව්වම මට කිරි එරෙනවද..... කම්පැනි විතරයි පුතා ....ප්‍රඩක්ශන් ඉල්ලෙ....වෙන ජාතියක් නම් තියනවා.....ඕනෙ නම් දෙන්නම්.....
හරි..සවුත්තුයි....සවුත්තුවා .....ම්ම්හ්....පිට් එකට වගෙනෙ....ඇයි....අනූ....ඒ....පිට් එකට එන්නෙ.....
යකඩයක් තියනවා දෙන්නද??
අරකා කියෝනවා....කුනු හර්ප අමුවෙන් පැලුවට මොකද මට ලැජ්ජයි දෙයියනෙ....පිට් එකට වගේලු....ඌට නෙවෙ ඒ බලන් ඉන්න විදිහට මටයි ෆිට් එක....අතපය දිගෑරලා අතුල්ලගන්නත් බෑ....සබන් ගාගන්නත් බෑ.....ඔක්කොටම වඩා බයයි සැහැල්ලු වස්තුව නැගිටියි කියලා ....
ගේට්ටුව ළඟදි මාව දික්කසාද කරාපු කපටි නිම්නයා මගෙන් ලිංගික අල්ලස් ගන්න ඕනාවට අපි බැදපු මිනිස්සුනෙ කියලා හරි ඉක්මනට මං චූටිනිම්න කිව්වා.....
ඉවරද...නාලා
ම්න්....දුවපන් ඇදට...
බයිනවා...නිම්නට....
බයිනවා....බයිනවා.....එතෝට...බැයිද...
හයිද...ම්හුක් ගානවා....හුකුක් ගානවා...දොන්ත රෙද්දක්නෙ.....බොරුව උඹෙ...මාව දැලේ දාගන්ඩ තමයි....හයියෙන් දුවපිය ඇදට....
හොරට නාපු මං ටවල් එක පිටින්ම කාමරේට එනකොට අරකා දූවලා ගිහින් ඇදට නැගලා තට්ටුවකුත් දැම්මා..වෙරි හිදුනට මොකද තවමත් මතෙ ගහපු පොඩි එකා තනිකරම කෝලමක් වගෙ හිනා වෙනකොට මං ටවල් එක පිටිම්ම ගිහින් ඇදේ පෙරලුනා.....තව පැයයි හරියටම දොලහ වෙන්න.....පොත් බෑග් එක අස් කරපු මං පොල්ටොපි පැකට් එක අඩියටම දැම්මා....
ඒ තරමට මට මිනිහව විස්වාස නෑ....තමන්ටම ඊරිසියා කරන එකෙක් වෙච්ච ඒකා ඕක උස්සයිම කියලා හිතුන හින්දා මං ඒක හැංගුවා ...
අනූ.....
ම්න්න්න්න්න්
මං බරයිද....අනෙ....
. නෑ....තව චූට්ටක් ඉසාරහට ඇවිදින් ඉදගනින් ...නැත්තන් අගල් දෙක තුනක් පස්සට ගිහින් ඉදගනින්....ඔතන ඉදන් ඇඹරෙන්න ගත්තොත් මට ඉස්කෝලේ යන එක පැත්තකින් දාලා....
.....ඒව්....ම...හ....සවුත්තුවෙක්....නෙ.... ....
ඇත්තනෙ ....මොකක්ද එක වගෙ ගිහින් එතනින් ඉදගත්තෙ.....
ම්හ්ක්....
ඇයි දැන් ආය...කොයි වෙලෙත් ම්හුක් ගානවා....ඇයි ඒ පාර.....ඔලුව රිදෙනවද ....ම්ම්ම්.....කව්ද ඉතින් මගෙ මෝඩ වස්තුවට ඔව්වා කටෙ හලාගන්න කිව්වෙ ම්ම්ම්ම්...
යන්න එපානෙ....අනූ....
කොහෙද
එහෙ....නිම්නට...පාලුයිනෙ...
නොයාත්....බෑනෙ වස්තු.....ගිහිනුත්....බෑ... කොහෙන් ගියත් මට මව ඇරෙන්නෙ උඹවමනෙ.....
හ්ම්....මයුර ගියහම මට පාලුයි...වෙලාව යන්නෙත් හෙමිහිට...මයුර නැති තැන....මට හරි හිස් වගෙ...ඒක මට ලොකුවටම දැනෙනවා මයුර....
.....
මන් බහින්නම්.....ඔයාට බරයි මාව.....
එයා වෙනස් උනා....අර හුරතල් පිස්සු කතා කියපු නිම්න එක පාරම පරිනත උනා.....අවදානෙ වැඩියෙන් ගන්න තියන උවමනාවට කොහෙ හරි රිදෙනවා කියන එයා හරි ඉක්මනට වෙනස් උනා...
දැන් මෙතන ඉන්නෙ මං අර මුලින්ම දැකපු පරිනත නිම්න.....

එයා මගෙ ඇගෙන් බැස්සා .....බැහැල මගෙ ගාවින්ම දිගා උනා....එක ඇද රෙද්ද ඇතුලෙ එයයි මමයි තුරුලු උනා....
අපි අපිවම තුරුලු කරගත්තා ...
අනූ....
ම්න්...වස්තු...
අනූ...අහල තියනවද කතාවක් තියනවා.....ආදරෙ කියන්නෙ තනිකරම මායාවක් කියලා .....සමහරුන්ව පිස්සු වට්ටන තරමටම .....
ම්න්...මගෙ වස්තු දැන් ..පිස්සු වැටිලද ඉන්නෙ...
එයා මගෙ ඔලුව අත ගානවා...මගෙ ඇහිබැම උඩ රටා අදිනවා....ආදරෙ කියන්නෙ මිනිස්සුන්ව පිස්සු වට්ටන මායාවක් කියපු මගෙ නිම්න හරි වේදනාවෙන් වගේ මගෙ දිහා බලන් ඉන්නවා.....
.....මයුර....මට...ආපහු ජීවත් වෙන්න ආසයි......ආදරෙන් පිස්සු වැටෙනවට වඩා.....මට...ආදරෙ ඇතුලෙ ජීවත් වෙන්න ආසයි....අනූ.....
දන්නවා...මං....මේ කියන්නෙ...කරන්න බැරිම දෙයක් කියලා ...සමහර විට...දැනටමත්...මාව දිරන්න පටන් අරන් ඇති.....ඒත්.....ආත්මෙකට පුලුවන් අනූ...ආයම...ඉපදෙන්න...
උඹ....ඇවිදින්...මාව පන ගැස්සෙව්වා....කිව්වත් වගෙ...උඹ මගෙ...පැලුන හදවතට පැලැස්තර ඇලෙව්වා.....අනූ අහල තියනවා...හැම මනුස්සයටම.....comfort zone එකක් තියනවා කියලා .....
..අනු...දන්නවද....මගෙ එකම...comfort zone එක....ඔයා කියන්න....අම්මගෙ උකුලයි...අම්මගෙ පපුවයි කියන්නෙ...කාටත් සම කරන්න බැරි තැනක්.....එතනින් එහාටත් මිනිස්සු ලෝක දකිනවා අනූ....
අම්මගෙ උකුලෙනුයි....අම්ම්ගෙ පපුවෙනුයි පස්සෙ...මං නිවුන එකම තැන...මයුරගෙ උරහිස උඩ...
ආදරේ කරන එක...හරි අමාරුයි මගෙ මයුර....වෙලාවකට දරාගන්න වෙනවා....වෙලාවකට...අත අරින්න වෙනවා...
ලොකුම වේදනාව.....තමයි....අත ඇරෙන බව දැන දැනම...ආදරෙ කරන එක මයුර.....
මං ...මෙ ආදරේට හරි ලෝබයි...මගෙ...අනූ....ඒත්.....මට....යන්න...ලෝබයි ..අනූ....
.
ව්...වස්තුව.....අනෙ...ඇයි...නිම්න...මෙ..මං...උඹට කවදාවත් යන්න කියන්නෙ...නෑ..මගෙ....වස්තු...
ඔච්චරම ආදරනීය වෙන්න එපා මයුර....උඹ ඇවිදින් හරි ආදරනීය මනුස්සයෙක් .....මිනිස්සු වාසනාවන්ත වෙලා විතරක් මදි...මගෙ අනූ....භාග්‍යවන්ත වෙන්න ඕනෙ....සෙනෙහෙබර පපුවකින් ඉපදෙන ආදරෙන් දශමයක්..හරි ලබන්න...මිනිස්සු භාග්‍යවන්ත වෙන්න ඕනෙ....
උඹගෙ ආදරේ...මට...ජීවත් වෙන්න ආසාව ඇති කරනවා....ඒත්.....දැනටමත්...මං දිර දිරා යන හැටි..මමම..මෙඇස් වලින් දකිනවා...මම...තව දුරටත් ...මේ ස්වරූපෙන් නෑ....කියන්න...මං දකිනවා මයුර...මගෙ හදවත ..අවසානම තත්පරේදි පිපුරුවා...
මට.....දාලා යන්න ලෝබ හිතෙන්න...හිතෙන්න...මගෙ.....මයුරව...මට අරන් යන්න හිතෙන...තන්හාව වැඩි වෙනවා අනූ....
ආදරේ කියන්නෙ...අයිති කරගන්න...එක නෙවෙ....මයුර....ඒත්....උඹගෙ ආදරෙ...මාව දුර්වල කරනකොට .....අනේ..මං..පව් කියල....හිතෙනවා මයුර....
සෙනෙහසයි.....ප්ර්රෙමයයි...එකතු උන තැන්වලදි මැවෙන මිනිස්සු අසීමාන්තිකව ප්‍රේමාන්විතයි මගෙ අනූ...මං....උඹට දෙයක් කියන්නම්...
මයුර කියන ප්‍රේමනීයම මනුස්සයට.....මම නිර්ලෝභීව ආදරේ කරනවා අනූ.....
දවසක....ආදරය කියන මාතෘකාව ළඟදි.....මාව හරි ආදරෙන් මතක් කරපන් අනූ...ආදරයක් නැතිවම මැරුන මර්මස්තානෙට පන දුන්න උඹව හිමිවීමත්....හිමිව අහිමිවීමත්...මගෙ දෛවය ගලක කොටපු අකුරු වගේ ලියල හමාරයි...
මං...සතුටින්...අනූ...දුක් වෙන්න හේතු නෑ...එකම හේතුව...නම්...මං....දවසින් දවස...උඹට ආදරේ කරන ප්‍රමානෙ වැඩි වෙන එක.....
අනූ...මං කැමතියි...මේක හීනයක් වෙනව නම්....කවදාවත් උඹත් මාත්....ඇහැරෙනෙ නැතිවෙන.....

මගෙ ඇස් අස්සෙ කදුලු කැට නලියනවා....එයා මගෙ ඔලුව අත ගගා..අතගගා....කිව්වෙම.බර වචන වෙනකොට මං එහෙම්ම පරිනත නිම්නට තුරුල් උනා.....මේ කතාවෙ අවසානයක් දකින්න මම හිතලවත් නෑ...මේ කතාව අවසාන කරන්න මට ඕනකමකුත් නෑ...නිම්න..මගෙ නිම්න කියන්නෙම.....තාවකාලික හමුවීමක්...ඒත්....මං තදින්ම ඇස බැදගත්තු බැදීමක්.....නිම්න කියන්නෙම මයුරට ඇබ්බැහියක්.....
වස්තු....
ම්ම්ම්ම්ම්...
.....දාලා යන්න...එපා...පන...දවසක.....
හැමොම....තමන්ගෙ කුඩුවලට යන්න යාවි..මං.....උඹ නැතුව උඹ එක්ක ඉතිරි වේවි....ආදරේට එහා හාදුවකට එහා....මං උඹෙන් මොනවත්ම ඉල්ලන්නෙ නෑ ...මගෙ නිම්න...දාලා නොයා ඉන්නවද....
......ම්ම්ම්ම්....දාලා යන්නෙ නෑ....මයුරව...මං ඉන්නෙ අනූගෙ හිත ඇතුලෙ...තද විනාඩි හතලිස් පහක් ඉතිරියි.....මගෙ අනූ නිදාගන්න මට පුලුවන් ඔයාව පරිස්සමට තුරුල් කරගන්න...මට පුලුවන් ...අනු එනකන් බලන් ඉන්න...
මං එයාගෙ බෙල්ල අස්සට ඔලුව ඔබාගත්තා....රිදෙන වචන අදින් අහවරයි.....අදින් අහවරයි කිව්වට මොකද ....හැමදාමත් පපුව කොනිති ගැහෙනවා.....
.වස්තු...
ම්ම්...අනූ...
අමතක කරන්න එපා...කසාද සහතික නැති උනාට....අපි බැන්දා .....
අමතක නෑ...මං තව දුරටත්...තනිකඩ නැහැයි කියලා ....ඇයි...මගෙ අනූට මතක නැද්ද...මං අවසානෙදි ලිව්වා...විවාහකයි කියලා .....
මං ලාවට හිනා උනා...බෙල්ල ගාවට වැවුන කොන්ඩෙ මගෙ නිම්නව තවත් ලස්සන කරනකොට ....මං කතාවෙ අවසානම පරිච්චේදෙ ගැන නොහිතා කසාද අයිතියෙන් එක අංශුමාත්රයක් ඉල්ලුවා.....ඉන් එහා ගැඹුරක් ගැන විහිලුවකට වත් හිතපු නැති මං නිම්නගෙ ඉන්වටෙ අතක් දාගත්තා....
....වස්තු.....
මම්ම්ම්ම්ම්....
ඔයාට පුලුවන්ද .....මට ඔයා ගාව තියන ආදරනීයම හාදුව දෙන්න...
හාදුවකින් විතරක් නවතින්න අනූට පුලුවන්ද ....මන් අහන්නෙ...හාදුවකින් විතරක් සැනසෙන්න ...
අනිවාර්යයෙන්ම ..හැගීම් ප්‍රබල නම්....ආසාවන් කියන්නෙ හිස් දේවල් ....ඔයාග් අනූට....හාදුවක් කියන්නෙත්...මහ මෙරක්.....ඉතින්...ඇයි මට බැරි නිම්නගෙ හාදුවකින් සැනසෙන්න.....
...අනූට...මාව පිලිකුල්ද...
. මාව එක පාරම ගැස්සිලා ගියා ...හාදුවකින් නවතින්න අහපු මට නිම්නගෙ වචන කනට ගැහුවා වගෙ වෙනකොට මන් එයාගෙන් ඈත් වෙලා ඉදගත්තා...
ඔහොම වචන කියන්න එපා නිම්න.....මට ඕනෙ ගැලවිලා බිමට වැටුන මල්පෙති තවත් තලන්නෙ නැතුව පරිස්සම් කරගන්න...පිලිකුල් කියන්නෙ මොනවද...ආදරෙ පදනම ඕකම නෙවෙ නිම්න....
රිදුන් නැති උනත්....මට ඕනෙ...උඹට රිදෙනවා කියලා මාව.....වම....රවට්ටගන්න....මගෙ....
නිම්න....පරිස්සම කියන වචන...අස්සට..භ්භ්භ්....භ්භ්......භ්භ්.....
.....පන්ඩිතයි.....මං ආදරෙයි මගෙ අනූට ....ඔච්චර කියවන එපා....මෝඩයි වගේ..පේනවා.....මන් දන්නවා...පස්ස ගහන්නෙ....ඇයි කියලා....
මං කියන්නෙ නැ..ඉතින් උඹට....අඩාගන දුවන්න අල්ලන් අරිනවා අනිත් පාර ගොන් කතා කියවන්න ගත්තොත්...ඇයි කියපන්...මන් පස්ස ගහන්නෙ .....ඇයි...ඇයි.....කියපන්....
කියපන්කො...බලන්න...බලන් ගියහම හෙන වනචරයිනෙ නෙ උඹත්....මමමේ පව් හින්දා පස්ස ගැහුවෙ....
.....ඔහොමද තමන්ගෙ මිනිහට කතා කරන්නෙ.....මන් වැඩිමල් මයුර...අනික...ඒක කොහෙද වනචර කතාවක් වෙන්නෙ...මිනිස්සු උනහම...ලිංගික තෘප්තිය තියෙන්න ඕනෙ...මට ලාදුරු නෑ මයුර....
.ලොකු පොඩි අදාල නෑ.....ඕනම ගහක් කපන්නෙ...බිමදාල...ඒ වගේමයි.....ඔය මහත්තයටත්.....ලාදුරු නෑ කියන්න නම්...දන්නවා.....මටත් ලාදුරු නෑ....එක ගැහුවම බඩු වැඩ...උඹ අප්පච්චි ගෙ පොල්ටොපි බෝතලේ අස්සෙ තිබිලා සෙවනගල කාලද කොහෙද ....අවතක්සේරු කරන්න එපා අයියෙ...කොල්ලගෙ වයස විතරයි බාල.....
පව්....අමාරුවෙයි.....මල්ලිට....ඔව්..හැබැයි ....වයසෙ හැටියට නෙවෙනෙ මෙට්ටෙ යට තිබ්බ රෙදි ගොඩ.....
එව්...එක කට්....කට්...ඒ කෑල්ල කපමු....වස්තු.....
මේ ඔක්කොම අපහස..බාල හින්දනෙ.....මල්ලිට නම් අමාරුවෙයි තමයි.....වට්ටක්කෙ ආම්බාන් කරන්න ගියහම...මේන්...පුක...අත් දෙකෙන් එකයි.....ඇයි ...ඒ.....වස්තු ඒ...ඔච්චර ලොකු ඕක.....ම්ම්ම්.....තනිකරම ..තබ්ලාවක්...ඩින්තක...දින්තක....
ශිහ්...කේ...මහ....වලත්තයි....කියවන්නෙ නැතිව නිදියනවද...කිව්වොත් වලත්ත කතාවක්...ඇයි අනූ ඒ...ඔච්චර කට සවුත්තු....ඇත්තටම මට බඩ රිදෙනවා වෙලාවකට...
එහෙම තමයි...සම්බන්දෙ ගැඹුරු වෙන්න...වෙන්න...බාශාව.....අසභ්‍ය වෙනවා....බඩ රිදෙන එක නම්....එච්චර හොද නෑ වස්තු...ම්ම්ම්ම්ම්ම්
අනේ...මේ....මල්ලි...ඔව්වට නම් එන්න එපා.....
අනෙ..මේ...ඕන එකක් කියපන් මට මල්ලි නොකියා...පලනව අල්ල ගත්තොතින් මම....
ම්හ්ක්...අනූ.....
..යෝ.....ඔන්න...ඔන්න...දොන්තයව වැහුනා නේද.....බයියපන්.....බයියපන් ඉක්මනට බයියන් නැති උන් අල්ලන්න හොල්මන් එනවලු...ඔන්න...ඔන්න...අම්මො....
බිල්ලො.....එනවලු....ඉක්මනට බයියපිය.....
මාත් හොලමනක් තමයි මිනිහො....ආදරෙයි කියපන්කො.....
අමතක උනා...උඹ දොන්ත හොල්මනක් කියන්න.....ආදරෙයි මගෙ රත්තරන්ට......මං ඔයාට හැමදාම ආදරෙයි...
මාත්.....ආදරෙයි මගෙ අනූට....හැමදාමත් ආදරෙයි....ස්තූතියි මාව සතුටින් තියනවට...මාව ආදරෙන් පුරවනවට...
....ස්තූති කතා නැති උනාට කාරි නෑ.....නිම්න කියන්නෙම මයුරගෙම කොටසකට....ඔයාගෙ හිනහව විතරයි මට වැදගත් ...අදටත් වඩා...හෙට දවස ආදරනීය වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.....ගුඩ් නයිට්...මයුරගෙ නිම්නට.....ආදරෙයි...
.....ගුඩ්...නයිට්...නිම්නගෙ හැමදේටම....ආදරෙයි...!!

මයුරයා....අර අරකානේ බන්...
අම්මට...සිරි...ඔව් මයි...මූ ගුටි කන එකෙ සීමාවක් නැතිවෙයිදෝ....මන්දා...
ඊයෙ....ගසපුවලට තාම ඔලුව කැක්කුමයි යකො...ගෙදර ආව හැටි වත් ..ආපිට මෙතනට ආපු හැටිවත් මට මතක නෑ.....
අරුන් බෑග් චෙක් කරනවද.කොහෙද ....
ඒ මොන මගුලටද...
කව්ද දන්නෙ...
අපි හතර දෙනා ආයම උන්නෙ සේනානායකෙ ගේට් එක ගාව....ඊයෙ අම්බානෙක කාපු ඉදුනිලයා..අදත් අයියා පාට් දදා ගේට් එක ගාව ඉන්නකොට අපේ උන් තුන් දෙනා දහ වංගියකට වඩා මට මයුරයා ගග කතා කෙරුවත්....ස්වාමිපුරුසයගෙ අඩත්තේට්ටම් වලට ලක් වෙලා කට ඉදිමිලා තිබ්බ මං යටිතොල හංගන් ගල් ගිලලා වගේ උන්නා...
ගුඩ් නයිට් කියලා නිදා ගන්නම් කිව්වට මොකද ....පොඩි නිම්නයා වගේ නෙවෙ...මහ එකා රෝමාන්තික වෙන්න ගත්තම....එක අතකට ඒකට පොඩි නිම්නයම වැහෙන එක හොදයි වගේ...අඥූ.....මගෙ බඩ රිදෙනවා...පුක රිදෙනවා ගගා හරි ඉන්නවා...ලොකු එකාව ආන්බාන් කරන්න හරු අමාරුයි අප්පා.....
කමනි..කමනි.....කොල්ලගෙ කට කඩි කාලා වගෙ ඉදිමිලා කමනි....බෑනා...දස්සයා.....පුතාට....වැඩි කල් නොයා...දිනපතා වැල්පෙනල කැද බොන්න වෙයිතෝ...මන්තා....උදෙට...උදේට....වෙනිවැල්.ගැට බොන්ඩ වෙයිතෝ...මන්දා...කමනී....
ඔය ඔතන ඉන්න හතර් දෙනා....වෙනම බුලත් අතක් දෙන්න ඕනෙද පෝලිමට එන්න...
එව්...පටන් ගත්තා....මයුරයා ...උඹ මූට ගැහුව මදි බන්....මදි.....මූසල ලොබු මූන බලපන්...හනුමන්තා වගෙ...හනුමටත් අපහසයක්....රවිදුව....හෙමින් පලයන්...පෝලිමට.....
හරි පටන් ගත්තා.....කල්පනයට ඉදුනිලාව වහ කදුරු වගේ වෙනකොට ඒකා බැන බැනම පෝලිමට ගියා වගේම මං බලාගන අනේ හති දාගන මගෙ පොඩි නිම්න දුව දුව එනවා.....
කොල්ලට ඇහැරෙන්න වෙලා ගියාදො....
උදාරයටත් පස්සෙන් හිටන් උන්න මං ඉක්මනට තව අඩියක් පස්සට ගිහින් එයාව ඇදල අරන් මගෙ ඉස්සරහින් හිටවගත්තා.....අරකා මොනවා හරි කියපු දෙන්කො...සස්පෙන් වෙන්න හරි අද ඇට තලනවා...
ගුඩ් මෝනින් නිම්න....
ග්...ග්...ගුඩ්...මෝ...නින්.....
ඇයි දුවන් ආවෙ.....
ව්.වෙලා...ගියානෙ....ඇහැරෙන්න...අප්පච්චි ...අපි...ඔක්කොමව..මගින්...දාලා...යන්න...ගියා....
අනේ මේ කොල්ලා හති දානවා....මගෙ ගාව දොන්ත වෙන්න නිම්නට අහස පොලව වගේ වෙනස්...ඒ නිම්නයා මගෙ ආදරෙත් එක්ක නරක් වෙලා....මං මේ කොල්ලට ආදරෙ වෙයි කියලා බයට මුරන්ඩු වෙලා....ඒත්..මේ ඉන්නෙ...ඇත්තටම අහිංසක නිම්න කෙනෙක් වෙනකොට මට පව් කියලා හිතුනා....
ම්..මයුර...
ම්ම්ම්..කියන්න...ඔයාට මොනවද ඕනෙ.....
ව්..වතුර... හිහ්.....තියනවද ඔයා ල්...ළඟ..මට....ඉක්...කා....හිහ්...ව්....වැවැටෙනවා
ඔය කියවන එක්කෙනා.....කියවිල්ල තියල ඔය මල්ල ඇරලා පෙන්නුවා නම්....කියවන්න ගත්තම ඉවරෙකුත් නෑ...කොල්ලෙක් පේන්න බෑනෙ තමුසෙට.....අරිනවා ඕයි ඔය මල්ල....ඔව්වට අත දාන්න බෑ....මොන ලෙඩ තියනවද දන්නෙ නෑ....එසෙ මෙසෙ ලෙඩෙක් නෙවෙනෙ.....තිළිණ බලනවා මේ අස්සෙ මොන මගුල්ද තියෙන්නෙ කියලා ඔන්න....ඕක.....ආ....ආ...ආව්.....හ්හ්හ්...අ..නෙහ්.....අම්....මාහ්....
අ....අනේ....හ්...ම්..මයු.....ර ..!
හරිනෙ ලොන්ත පූස්ට ගැට්ටෙ අමාරුව සනීප වෙන්න ඇති....!
මං හිතන්නෙ මගෙ ඇගේම ලේ මූනට එකතු වෙන්න එක තත්පරයක් ගියෙ නෑ ....හති හලාගන දුවගන ආව මගෙ පොඩි නිම්නට ඉක්කා වැටෙන්න අරන් තිබුනා වගේම අනෙ කොල්ලා හරි අහිංසක විදිහට මගෙ දිහා බලලා වතුර ටිකක් ඉල්ලුවා විතරයි ඊයෙ අම්බානෙට කාල අදත් අම්බානෙකට කන්න හේතු රැස් කරන ඉදුනිලයා මගෙ නිම්නට ලෙඩා කිව්වා විතරයි ඒකගෙ නාස් පොල්ල ඥක්ක ඤරස් වෙලා ගියා....
මගෙ නිම්න බය උනා...කල්පනයා කියෙව්වා....අරුන් දෙන්නා පස්සට පැන්නා.....ඩෑස් පාර කාපු ඉදුනිලයා නහය අල්ලන් දෙකට නැවුනා....ඒ ඔක්කොමත් පැත්තම දාපු මං මොකූත් නොවුන එකා වගෙ බෑග් එක ඇරලා වතුර බෝතලයක් අරන් මගෙ නිම්නගෙ සිනිදු රතුපාට අත උඩින් තිබ්බා.....
ඉදුනිලයා මෙහෙත් ගුටි කනවා.....එහෙත් ගුටි කනවා
ඔයා වතුර ඉල්ලුවනෙ...ආ...මේක....මේක බොන්න.....
ම්.ම්.....මයුර.....එ...එයාගෙ....න්...නහය....හිහ්.....තුවාල....හිහ්
ඔච්චර අමාරු නම් උගෙ නහය ගැන වද නොවි මගෙ අත ගැන වද වෙන්නකො....මෙන්න මේ වතුර එක එකම හුස්මට බීලා දාන්න එතකොට ආය ඉක්කා වැටෙන් නෑ....අතීතෙ වෙනස් කරන්න බැරි උනාට කමක් නෑ...අලුතෙන් පාර්ට්ස් එකතු කරන්න බැරි කමක් නෑනෙ....ම්ම්ම්ම්..මේක බොන්න....ඔච්චර බය වෙන්නෙ ඇයි...උගෙ නාස් පොල්ල කැඩුනා විතරයි
කැ...ඩුනා...
අනේද කියන්නෙ.....කැත කතා කියනකොට සට පට සත්ත පඩිවෙන්න ගහන්න බැරි කමක් නෑනෙ.....උගෙ නහය ගැන හිතන්නෙ නැතුව අපෙ එකාගෙ අත ගැන හිතලා ඔයා ගුඩු ගුඩු ගාලා ඔය වතුර එක බොන්න නිම්න..... මොකද ඉක්කව අරන් දැන් ගාලු යන්න බෑනෙ....වෙලාව හතහ මාරයි....වරෙන් රවිදුවා ඇතුලට යන්න.....ඔය ඇස්වලින් පෙම් කෙලින එවුන් දැක්කම මට උඹලා දෙන්නා ගැනත් පෙම් හැගුම් පහල වෙනවා.....
.
අනෙ....මේහ්....කල්පන ඕවට එන්න එපා.....මං.....තනි කෙලින්....
මං කොහොමත් උඹට ට්ර්යි කරන් නෑ.... කොට උන් කපටියි...උදාරයට ඇල්ලුවොත් මිසක්....නැද්ද උදාරයා...
හ්ම්ම්ම්....!
🤭ආය.....එන්නා...ම්ම්ම්
ආතරෙයි
මම ජොබි
Nedeesha ❤️❤️❤️❤️