Cherreads

Chapter 7 - 07

දෙවියනේ...මං ඉවරයි...මං නම් ඉවරෙටම ඉවරයි.......

ඉදගන ඉන්නකොට මගෙ පන යන්න ආවා...කේක් සුවදයි ගගා ඉව කරලා තියෙන්නෙ හෙඩාගෙ කලිසම පිච්චෙන ගදට වෙනකොට මම දනි පනිගාන් අයන් බෝර්ඩ් එක ගාවට දිව්වා...

අනේ...ලොකූ....

ගෞරවයෙන් බුදු සරනයි චූටි උඹට.....

මගුලක් කතා නොකර ඉදපන් http...

කලිසම දැකපු මට ඇඩෙන්න ආවා....එ අස්සෙන් අරූ කැඩුන අඩු දෙක එල්ලන් අනම් මනම් කියනකොට මම ලොකුවටත් බැන්නා...

කෝ බලන්ඩ පෙන්නපන්....චූට්ටක් නම් පිච්චිලා තියෙන්නෙ ශේප් එකේ දිලා දාමු....

අරූ අරහෙන් ආයම කියවනවා....ඉරි ගහන්න කියලා දීපු කලිසමේ පුක නෑ.....එහෙම්ම අයන් අච්චුවක්ම හිටලා කොටිම්ම මගෙ ඔලුවත් දාන්න පුලුවන් .....

මේ බලපන්...මේක කොහොමද ශේප් එකේ දෙන්නෙ කියලා ....මං ඉවරයි ලොකූ..මං ඉවරයි....my time has coming ...

මං අර පිච්චුන තැනින් කලිසම මගෙ ඔලුවට දාගන ඇවිදින් ඉදගන පපුව ගැලවෙන්න තරම් ලොකු හුස්මක් ගත්තා ...

උඹට අඩන්න ඕනා නම් දුක හිතෙන සිංදුවක් දාන්නද....

දාපන්....ටිකක් දිග එකක්...නැත්තන් සින්දුව නැවතුනාම ආය මුල ඉදන් අඩන්න ඕනා...

අර සාරුක්කාන් පපුවෙ අමාරුව හැදිලා මැරෙන තැන එකේ එක දාන්නද....

ම්ම්ම්...දාපන්...සාරුක්කාන් විතරක් නෙවෙ මාත් දැන් හෙට මැරෙයි.....

මං මගෙ තුවාල උන අන්ඩත් උඩට අරගන ඇද පත්තට පිට දීලා හේත්තු වෙනකොට අඩන්න ඕනා උනත් එකපාර අඩාගන්න ගැම්ම ගන්න බැරි හන්දා ලොකූ එහා පැත්තෙ ඉදන් සාරුක්කාන් පපුවෙ අමාරුවෙන් මැරෙන සින්දුව දැම්මා වගේම ඊට සුලු වෙලාවකින් මගෙ ඇස්වලින් කදුලු වාන් දාන්න ගත්තා ...

මට දැන් මැවෙනවා....සුදු වෑන් එකක යනවා....පුටුවක බැදලා ඔලුවට පිස්ටල් එකක් තියනවා හෙඩා යකෙක් වැහිලා වගේ හහ්...හහ්...හහ්....ගගා හිනා වෙනවා....ඩිෆියුටියත් තඩි පොල්ලක් අතේ තියන් බලන් ඉන්නකොට ස්ලෝමෝසන් එකේ ලොකූ දූ...වගන ඇවිත්....එපා.....එ.....ප්...පා....හ් ගාලා කෑ ගහනවා....

ලොකූ....

මං දැන් අඩනවා මගෙ මල ගෙදර ගැන හිත හිත මං දැන් අඩනවා .....මගෙ හීන කොයි තරම් නපුරුද කියනවා නම් හෙඩා මගෙන් පලි ගන්නෙ මට මැරෙනකම්ම අයන් එකකින් මූනට ගහලා...නිකන් නෙවෙ අර බරම බර රෙඩ් හාර්ඩ් අයන් එකකින් .....

කියපන්.....අවසානම කැමත්තද...

ලියාගනින්.....මගෙ..පාලොස් දවසෙ දානෙ දෙනකන් ඵෝන් එකෙ ලොක් එක අරින්න එපා.....

ම්ම්ම්...

කොහෙන් හරි වැරදිලාවත් ගෲප් චැට් එකකින් ආව වැලක් වත් තිබුනොත් ඒ ඔක්කොම මකපන්...උඹ පස්සෙ වෙලාවක හොරෙන් බලපන් ...

විශේශෙන්....කවුරු හරි මං නැති දාක උඹට මොකක් හරි එව්වොත් අමතක නොකර හෙඩ් සෙට් ගහන් බලපන්....මතකනෙ ගියපාර අවුරුදා නොනගතෙ වෙලේ අප්පච්චි ඉන්න තැන ගෑනු හූල්ලන වීඩියො එකක් ප්ලේ වෙලා මට නොනගතේ දා කැදත් නැති උනා...

ම්ම්ම්ම්ම්...හරි....

මෙව්වා ඇවිත් සහොදරකම්....බැංකුපොතෙ තියන සල්ලි වලින් මගෙ මරනෙට වියදම් කරපන්...අප්පච්චි ට කියපන් මාරි බිස්කට් එපා කියලා ...

නෙස්කෙෆෙ දෙමු...එව්වා එක්ක වේෆස්.....

ඔව්.....පුලුවන් නම් මිනි ඇදුමෙ සාක්කු තිබුනොත් මට එකක් දෙකක් දාපන්.....

මං දැන් මගෙ මරනෙන් පස්සෙ වෙන්න ඕනා ටික අකුර නෑරම කියනකොට ලොකුව උගෙ බ්ලොක් ලිස්ට් එකේ උන්න පොඩි නැන්දගෙ චැට් එකේ කොටාගන්න ගමන් උන්නා....ඒ එක්කම සාරුක්කාන් මැරිලා ඉවර උනා එතනින් එහා මගෙ දුකත් තුනී වෙලා ගියා .....

උඹටයි මටයිමනෙ වෙන්නෙ.....

මං හිතන්නෙ අඩ හෝරාවක් ගෙවෙන්න ඇති....ලොකූ උන්නෙ ආයම උඩබෙලි අතට හැරීගන..මං තාම හෙඩාගෙ පිච්චුන කලිසම ඔලුවෙ දාගන...අපරාදෙ ගමේ උන්නා නම් අලි වෙඩිල්ලක් දාන් පාඩුවෙ ඉන්න තිබ්බා.....

චූටි....

ම්ම්....

වසී ගුරුකමක් වත් කරලා බලමුද...

සාපද උඹට...

ඇයි බන් ඔය එක එක වල්ලියො ඉන්නෙ....මුන් දෙන්නා අපි දෙන්නා පස්සෙ පන්නන්නෙ පරන කෝන්තරයක් පිරිමහන්න වගේ.....

කම්බි කනුවෙ ඇනුන හන්දද කොහෙද ලොකූ විකාර කියවන්න ගත්තා ....උගෙ පෙට්ටි කට දැන් සෑහෙන්න ඉදිමිලා ...අතත් ඉදිමිලා වැඩි කමටද කොහෙද දිලිසනවා....ඒ අස්සෙන් ඌ වසී ගුරුකම් කරන්න අහනව....ඌට තියෙන්නෙ දැන් වෙනමම ලෙවල් එකේ පිස්සුවක්....ඌ තාම දන්නෙ මෙච්චරයි .....හෙඩා මගෙ හිච්චි සයාශ් ව දැක්කා කියලා දන්නවා නම් මූ මාව මේ රෑම මැනික් හින්නට ඇදන් ගිහින් අරුන් දෙන්නව ඇඹරිලා යන්න තඹ තහඩු පුච්චනවා ...අනික ලොකුවා ගුරුකම් එහෙමත් ලොකුවට විස්වාස කරනවා....විස්වාසෙ කොච්චරද කියනවා නම් මූට බැනපු සීයා තාත්තව බය කරන්න හිතාගන මූ අමු පොල්කොලයක් මැදට කහයි රතුයි නූල් දෙකක් දාලා සීයා තාත්තා යන එන වෙලාවක් බලලා ඒ එන පාරට දාලා සීයා තාත්තා නිස්කාරනේ බය වෙලා තුන් වරුවක් බඩ ගියා, මූව අප්පච්චි වරු දෙකක් ගස් බැදලා තිබ්බා විතරක් නෙවෙ තව වරුවක් දනත් ගස්සලා තිබ්බා .....

ඒක හරියන් නෑ....මං හෙඩාගෙ කලිසම් ආපහු ඔලුවෙන් ගලවලා මගෙ ඇගට තිබ්බා මගෙ එකක් වත් මාරු කරන්න...බෑ....උගෙ කකුල් බොරු කකුල් කාරයෙක් වගෙ දිගයි....ඊටත් ඉනත් ලොකුයි.....ඇයි ඉතින් අම්මා මන්ත්‍රීනෙ....අම්මෙ....හෙන හොරෙක් වෙන්න ඇති....

චූටි ...එක්කො.....උඹ ඇත්තම කියපන්...ඒ කියලා එකපාරක් සමාව ඉල්ලපන් ....එයින් එහා මොකුත් කියන්න එපා....හැබැයි ඌ සමාව දෙන්න අදිමදි කරනවා වගේනම් මං ඕකට නූලක් පන්නන්නන්....

අනෙ මේ නිකා ඉදපන් ලොකූ....උඹ හිතන්නෙ මේක හොරොව්පතාන කියලද.....එදා සීයට බඩ ගියෙ නිකන් බයවෙලා නැතුව උඹෙ ලබ්බෙ නූලෙන් මොකුත් වෙලා නෙවෙ ...

මං හිතුවා හරි...මුගෙ පෙට්ටි මොලේ අස්සෙ තාම ගුරුකම් කැරකෙනවා ...අපරාදෙ මූට පොලී මුදලාලියෙක් නොවී කපුවෙක් වෙන්න තිබ්බෙ ..එහෙනම් පලවෙනි හූනියම පොඩි නැන්දට ...

ඇදවිට්ටමට හේත්තු වෙලා උන්න මං ඔහේ බලාගන උන්නා....උදෙ දවල් රෑ කියලා වෙනසක් නෑ මුන්ගෙ බයිලා කරදරෙ...තනිකරම කොරියාව වගෙ...එක එකාගෙ ගෙවල් වල දාලා තියන කතා වල කෑලි අරක මේක ඔක්කොම ඇහෙනවා...නී.....ල පබලූ....ඌ....ගගා සිය පාරක් ඇහුනා...වස්තුවව මරනවා කියලා වසන්ත ලොක්කගෙ ගෑනි අඩි හප්පනවා ඇහුනා.....අගුලානෙ බන්ටිගෙයි රීටගෙයි වලිය ඇහුනා මේ ඔක්කොම කතා අස්සෙ බල්ලොත් රෑට ගහන්න තියන සන්දර්ශනේට එක පාරක් දෙපාරක් වොයිස් ටෙස්ට් කරනකොට මං ඇදෙන් බැස්සා .....

උඹ මොකක්ද කරන්න හදන්නෙ...

මං හෙට යනවා ග්‍රවුන්ඩ් එකට...

ඒ චූටි මේ තමුසෙට පෛත්තියන්ද ඔන්න ඕක තියපන්...මං ගිහින් ඕක දීලා එන්නන්....

උඹ ඔය අත් කඩන් කොහෙ යන්නද උඹ හෙට ගෙදර ඉදින්....

අනෙ අම්මෙ මට දවසම පාඩම් කරන්නද ලියන්න බැරි උනත් කමක් නෑ මං එනවා තමුසෙ පිස්සු නොකර ඔන්න ඕක පැත්තකින් දානවා.....

මෙච්චර වෙලාම වහල දිහා බලාගන විකාර කියපු ලොකුවා මං අල්මාරියෙන් ට්‍රැක් කිට් එක ගන්නවා එක්කම නැගිට්ටා ...උගෙ අර විකාර පෙනුම එක තත්පරෙන් මාරු උනා...කොච්චර කා ගත්තා උනත් ඌ මටත් මං ඌටත් මරාගන මැරෙන්න තරම් ආදරෙ කරබ හන්දද කොහෙද ඌ මට කෑ ගැහුවා .....ඒත් බෑ කියලා අඩලා දොඩලා වැඩක් නෑ....මට ඌට දෙන්න කලිසමකුත් නෑ....අනික අසනීපයි කියලා මං දවස් කීයක් මග අරින්නද්.....

චූටි....උඹට කන් ඇහෙන් නැද්ද .....?

අපි දෙන්නට හැමදාම උන් දෙන්නගෙන් හැන්ගෙන්න බෑ ලොකූ...අනික හෙඩා මා එක්ක එසේ මෙසේ තරහවක් නෙවෙ පිරිමහන්නෙ...බලමු....හෙට වෙන දේ අනුව...ඌ අපිව අතාරියි . නැත්තන් නෑ....

චූටි...

මං මොකුත් නොකිය මගෙ යුනිෆෝම් එක හැගර් එකේ එල්ලුවා එහෙම්ම හෙඩාගෙ එක...ඒ ලගිම්ම ලොකූගෙ එක...ඒ එල්ලලා මන් ඇවිත් ලයිට් එක නිවලා ඇදට නැගලා බිත්තිය අයිනට රෝල්.වෙලා මගෙ තුවාල කකුල ලොකුවගෙ ඇගට දානකොට අත් දික්කරන් උන්න ලොකුවා උගෙ ඉදිමුන අත මගෙ පපුවට උඩින් දාගත්තා ...

ටික්....ටික්.....ටික්...

ගේ අස්සෙ මීක් සද්දයක් නෑ... සාකෙ එල්ලලා තිබුන බිත්ති ඔරලොසුවෙ කටු කැරකෙන සද්දෙ විතරයි ..

ලොකු මාමා පාන්දර වැඩට යනවා...අපි තුන්දෙනත් ඉස්කෝලේ යනවා ඒ හන්දම අනිත් ගෙවල් වලට කලින් අපේ ගෙදර ලයිට් නිවුනා....

මං බලාගත්තු අතේ බලාගන ඉන්නකොට ලොකුවටත් උගෙ අත් වේදනා දෙන හන්දා ඵෝන් එක ඔබාගන්න බැරිව උන්නා ඒ එක්කම මගෙ කොට්ටෙ යට තිබුන ඵෝන් එක දෙදුරුම් කෑවා...

මැසෙජ් එකක්.

කාගෙන්ද බලපන්....කරුමෙ ඩබල් පින සිංගල් කියලා අර ඇනේද දන්නෙ නෑ....

නෑ...නෑ..ඌ නෙවෙ මේ අර අයියා අනික හෙඩා ගාව කොහෙද මගෙ නම්බරෙ....

අපි දෙන්නා අතර ඒ කාලෙ ඉදන් හොර බොරු රහස් නැති හන්දා මං ලොකුවටත් පේන්නම අර අයියා එවලා තිබ්බ මැසේජ් එක බැලුවා ....ලින්ක් එකක්...

මොකක්ද ඒ....

ලින්ක් එකක්.....

වැලක් වත්ද චූටි...

සාපද උඹට.....එෆ් බී ලින්ක් එකක්....

පොඩ්ඩක් හිටපන් මොකටත් අපි හෙඩ් සෙට් ගහමුද....මේ ටිකේම උඹගෙ මගෙ කලදසා හොද නෑ කව්ද දන්නෙ ගෑනු කෑගහන එකක්ද කියලා .....

අරූ මට මොකටත් හෙඩ් සෙට් එක ගන්න කියනකොට මං අත පත ගාලා දහ අට වංගුව වගෙ ඇඹරිලා තිබ්බ හෙඩ් සෙට් එක අතට ගත්තා ...ඒ මගුලෙ තියන ගැට බේරලා ගද්දි රටේ ඉන්න ජනාධිපති පවා මාරු වෙලා ඒ වෙනුවට වෙන එකෙක් පත්වෙනවා ඒ තරම් ගැට .

හරි....දැන් බලපන්....

ඌයි මායි ඇබ දෙක කන්වල ගහන් අර ලින්කුව දිගෙ මුහුනු පොතට රිංගුවා....

අම්මටම සිරි...මේ හෙඩා නේ.....

අර කොල්ලා එවලා තිබුනෙ එෆ් ෆ්‍රොෆයිල් එකක්....නිකන් නෙවෙ ඒක හෙඩාගෙ ....පැයකට කලින් අප්ඩේට් කරපු ප්‍රොෆයිල් පික්කුව දිහා අපි දෙන්නා නියන් කාක්කො දෙන්නෙක් වගෙ කටත් ඇරන් බලන් උන්නා....

මුගෙ ගැම්ම බලපන්කො චූටියා....

-NIRVAN ABEYSEKARA -(NIRU💪)

මං හෙඩාගෙ නම දිහා බලන් උන්නා නිර්වාන් අබේසේකර ....පුහ් නික් නේම් එක නිරූ.....

පොඩ්ඩක් පෙන්නපන් චූටියා ඕකගෙ මූන....

මගෙ අතේ තිබුන ඵෝන් එකට බෙල්ල දාපු ලොකූ උගෙ පෙට්ටි කටත් එහා මෙහා කර කර හෙඩාගෙ පික්කුව දිහා බලන් උන්නා .

අමෝර්...අමෝ....ර් රැන්ඩම් ක්ලික් එකක්.....බොහොම අගෙයි පොඩි ගස්බල්ලා ඉන්න විලාසිතාව ...බලාන්කො චූටියා....

අමෝ...පිච්චමල් බිසව්තමෝ!

පොඩ්ඩක් හිටපන්...මේ මූ වදනකුත් දාලානේත චූටියා ....අමෝර්...හිම්චි කවිකාරයෙක්.....

හිම්චි කපුගේ!

මායි අරුයි කැඩුන අඩු බඩු එල්ලන් හෙඩාගෙ ප්‍රොෆයිල් එකට දහසකුත් ඇදකුද කිව්වා වගේම ඒකා ඵොටෝ එකට උඩින් වදනකුත් දාලා තියනකොට අපි දෙන්නම ඒක කියෙව්වා ....

"අවාරෙක මෙහි ඇවිත්

මගේ හද කියවන්න

ලියාලමි ගැඹුරු තැන්

ආදරෙයි උතුරන්න....

හමායන සුලගකින්

මගෙ නම විමසන්න

තබාගිය පනිවුඩෙන්

ආදරෙද පවසන්න...."

ආ...ආ....ආතරෙක හිත පටලන් වගේ....ආදරෙද පවසන්න කියන්නෙ....හරිම අගෙයි මන්ත්‍රී තුමීගෙ පුතුනුවන්....ප්‍රීතී....ප්‍රීතී....

ඔන්න බලපන් චූටියා ඕකට කෙල්ලො ඇති රොත්තක් බොරු නම් කමෙන්ට් ගොඩේම බලපන් ඕකගෙ උඩැක්කිය මයින් පන ගාලා කමෙන්ට් කරලා ඇති....

ප්‍රොෆයිල් එක දිහා බලන් උන්න මං ලොකුවා දිහා බලලා ආදරේක හිතපටලන් කියලා කියනවත් එක්කම මගෙ නිවුන්නා කිව්වා කමෙන්ට් ගොඩෙ උගෙකෙල්ල ඇති කියලා .....හෙඩාගෙ කෙල්ලව හොයන බලාපොරොත්තුවෙන් ගිය අපිට දකින්න හම්බුනෙ දාලා තිබුන කමෙන්ට් එකකට දාපු එකම එක රිප්ලයි එකක් විතරයි ...මූ කෙල්ලන්ගෙ ඒවට අඩුම ගානෙ රියැක්ට් එකක් වත් දාලා නෑ....ඒකට අපි දෙන්නා.

..අපි දෙන්නා කමෙන්ට් වලින් කසාද විතරයි බදින් නැත්තෙ...

මං හෙඩා රිප්ලයි කරලා තිබුන එකම කමෙන්ට් එක දිහා බැලන් උන්නා....

-BRO..!-

චූටියා ...ඔය ඉන්නෙ ඩිපූටියා නේද .....?

ඔව්මයි...හෙඩා රිප්ලයි කරලා තිබුන එකම කමෙන්ට් එක ඩිපූටියගෙ කමෙන්ට් එක වෙනකොට අපි දෙන්නා තවත් ඕපයක් හොයන්න කියලා උගෙ ප්‍රොෆයිල් එකට යන්න හැදුවා විතරයි මගෙ අතින් හෙඩාගෙ පික්කුවට ලයික්කුවක් වැටුනා....

යො...හ්...ලොකූ...

එබුනා නේත.....

දැන් ඉතින් අහුවෙනවනෙ....

මායි ඌයි ආයම මූනට මූන බලාගත්තා ...හොරාවට අනුන්ගෙ මගුල් වල රිංගන්න ගියපු අපිදෙන්නව ආයමත් අහු වෙනකොට ආය අමූතුවෙන් නැති වෙන්න දෙයක් නැති අපි දෙන්නා හිමින් සීරුවෙ ඩිපූටියගෙ එකවුන්ට් එකට රිංගුවා ....

-SHENIRU ABEYSEKARA -(shenu💪)

ඌත් පැයකට කලින් ප්‍රොෆයිල් එක අප්ඩේට් කරලා .....

අමෝර්...අමෝර් ...රෝස බටිත්තිත් වදනක් දාලා මේ බල චූටියා....

මගෙ අතේ තිබුන ඵෝන් එක උදුරගත්තු මගෙ නිවුන්නා කෑ ගහන්න ගත්තා ...හෙඩා වගේම රැන්ඩම් ක්ලික් එකක් දාන් උන්න ඩිපූටියත් වදනක් දාන් ඉන්නකොට මමත් ඉක්මනට බෙල්ල දාලා බැලුවා ...

"නුඹ ළඟ මගෙ පාලු මැකේවි

මගෙ අඳුරට නුඹ සඳ වේවි

නුඹ වෙත මගෙ රහස ඇසේවි

සඳ අද මගෙ අහසෙ දිලේවි...."

වෙනසක් නෑ...හෙඩාගෙ එක වගේමයි...අනිත් හැම කමෙන්ට් එකක්ම සතේකට මායිම් නොකරපු ඩිපූටියා හෙඩාට විතරක් රිප්ලයි කරලා තියනකොට කැත නැතුව අපෙ එකා තව පාරක් ලයික් බට්න් එක ඔබලා ඇරියා ....

දෙන්ඩ හිතයි මූට...!

ලොකුවා ඵෝන් එක පැත්තකින් දැම්මා...

තව දුරටත් අපි දෙන්නාඋන් දෙන්නගෙ ප්‍රොෆයිල් එකෙ කරක් ගහන එක නවත්තලා කටත් ඇරන් සිවිලිම දිහා බලන් උන්නා...උන්ගෙ ෆ්‍රොෆයිල් ගාව අපේ ඒවා තියන්නත් බෑ...ලොකුවගෙ ප්‍රොෆයිල් එක උගෙ පෙට්ටි හිනාවෙන් එකයි...මගෙ ප්‍රොෆයිල් එක මගෙ හා දත් දෙකෙන් එකයි....ඊටත් බාගෙට බාගයක් අපිට කමෙන්ට් කරලා තිබුනෙ අම්මා අපච්චිගෙ යාලුවො වෙනකොට ඒ ප්‍රෆයිල් තනිකරම මල් පෝච්චි ,බූට් වදන් දාපුවා විතරක් වෙනකොට අප්පච්චි ගෙ සමහරක් යාලුවො

"Ubala.hadune.ape.at.wala."

ඔහොමත් දාලා තිබ්බා...ස්පේස් එකක් වෙනුවට තිතක්...ඌට ඉක්කා වැටෙනවද කොහෙද...

අම්මගෙ යාලුවි තනිකරම කමෙන්ට් වලට දාන්නෙ...

"ස්තූතියි මාව යාලුවෙක් කර ගත්තට...මේ මල් මිට ඔයාට"

ඔය වගෙ කුරුම්බා ලොඳ කමෙන්ට් වෙද්දි ඩිපූටියගෙ භෙඩාගෙ එකවුන්ට් එකත් එක්ක අපේ එක තියන්නත් මොකක්ද හිතුනා ....

ලොකුවගෙ බයො එක ඔක්කොටම හපන්.....වර්ක්ස් ඇට් හොරොව්පතාන නෝ ජොබ් කම්පැනි ....

මගෙ එක ඒකටත් හපන් ...මොන ජොබ්ද අනේ තාම සූටියිනෙ.....

ඊටත් අපේ නික් නේම් දෙක ...චූටියි ලොකුයි.....

ඇත්තටම ඇයි ඒ...සමහරක් වෙලාවට අප්පච්චි කමෙන්ට් වලිනුත් බනිනවා

...අප්පච්චිගෙ කමෙන්ට් වලටත් ඉක්කා වැටෙනවා...

"චූටි.උඹ.ඉස්කෝලේ .ගියාද?"

අපි අසරන වෙලා.........වගේ...

නිදාගනින් චූටියා....ඔක්කොම වෙන්නෙ හොදටනෙ...

ම්ම්ම්..හුම්..හුම්....

ඵෝන් එක පැත්තකින් දාපු මා දිහා බලපු ලොකූ මට නිදාගනින් කියනකොට මං හූමිටි තියන ගමන් ඌවයි මාවයි දෙන්නම පෙරෙව්වා ...මේක අපෙ හැටි...චූටි කාලෙ ඉදම්ම අපි දෙන්නම නිදියෑවෙ මෙහෙම...මං උගෙ ඇගටත්....ඌ මගෙ ඇගටත් අඩු බඩු දාගන.....වැස්ස දාට අපි දෙන්නම එකට ගුලි වෙලා...කොච්චර කොහොම උනත් අර ලේ බැදීම කියන දේ නම් අපි දෙන්නා ගාව උපරිමේටම බැදිලා තිබුනා ...

ගුඩ් නයිට් චූටියා....ගුන බුස ටකෙ කරේ...

Hnb boc dfc lolc ආතරෙයි ලොකූ....

උම්මියා....!!

උම්මියා ටූ....!

උම්මියා ගොඩක් එක්ක ඌයි මයි ගුඩ් නයිට් කියාගන ඇස් පියා ගත්තා ....ඒ උනත් සැරින් සැරේම මගෙ වැහුන ඇස් පියන් අස්සෙ සුදු වෑන් කැරකෙනකොට බයටම මං ඉතිපිසෝව කියන්න ගත්තා උනත් ලිරීක්ස් වැරදුන මට ජයමංගල ගාතා කිය උනා .....

චූටි...චූටි....

ලොකූ.....නැගිටින්න ...ඉස්කෝලෙ යන්නෙ නැද්ද...චූටි.....

ම්හුක්....අම්මියේ...තව...චූ...ට්

අම්මියෙ නෙවෙ මං චූටි අයියා නැගිටපන් ඉස්කෝලේ යන්නෙ නැද්ද ...

ඉර පායලා පාට පාට මල් පිපිලා ...සමනල්ලු ඇවිදින් මල් පැනි බොනවා කියලා කියන්න තිබුනා ඇත්තටම ඉර පායලා තිබුනා නම්.....ඉරපායලා නෑ තාම....ඊයෙ රැයෙන් බාගයක් විකාර හිත හිත උන්න මට මහ පාන්දර කීයට නින්ද ගියාද කියන්න දන්නෙ නැති වෙනකොට ඉර පායන්නත් කලියෙන් චූටි අයියා අපිව ඇහරවද්දි ආව අන්දුන් කුන්දුන් වෙලා ගියා ....

හැබැයි තත්පර ගානයි... .ඒ අන්දුන්කුන්දුන් ගතිය තිබ්බෙ තත්පර ගානයි . ...පිච්චුන කලිසමයි හෙඩාගෙ අහංකාර මූනයි මතක් වෙනවත් එක්කම මට නිකන් ඊයෙ නොදැනුන මරන බය අද දැනෙන්න ගත්තා .....

අවසාන මොහෝත මාගෙ...

පෝරකය දෑ....ස මානෙ....

කෑහ්...තුහ්...මූසලයා.....මුස්පේන්තුවා ...තොට ඔය බුරුසුව ඇනියන්....

ඇද උඩ ඉදන් නහින්න හැදුවා ...වෙන මොකුත් හන්දා නෙවෙ මරන බයේ උන්න මට බය ඩබල් වෙන්න ආව...ඉර පායලවත් නැති පාන්දර ජාමෙ එහා ගෙදර එකා පාරදිගට දත් මැද මැද එහා මෙහා කැරකෙන ගමං උගෙ තනිකම පාලුව යන්නද කොහෙද සින්දුවක් දාගන උන්නා ඒකත් බාචි සුසාන්ගෙ අවසාන මොහොත මාගෙ එක වෙනකොට ම්න් ඌට බුරුසුව ඇනියන් කියලා සාප කරන ගමන් ඇදෙන් බැස්සා....ඒ එක්කම අරූට මගෙ සාපෙ වැදුනා.....

කැහ්...කැහ්....කෑ......ක්‍රෑ.....හ්....කැහ්...

!!

චූටි පුතා.... උඹ දැන් ඔව්වා ඇදන් ගියාට උඹට දුවන්න කරන්න හොදද....

ඒකනෙ ලොකු නැන්දෙ මං මූට කියන්නෙ....අහන් නෑනෙ...තරහා නැතුව ඔය හොදි වැදුන ඉදිආප්පයක් කවන්න අනෙ.....

මං උන්නෙ කෝටා කොල කන එලුවා වගේ ඉදි ආප්පයක් ඒ හක්කෙන් මේ හක්කට මාරු කර කර වෙනකොට යුනිෆෝම් නැතුව ට්‍රැක් කිට් එකෙන් උන්න මා දිහා බලන් උන්න ලොකු නැන්දා ඊලග ඉදිආප්ප කට ලොකුවට කවන ගමන් මට අනම් මනම් කියනකොට කට පොඩ්ඩක් හොද වෙලා තිබුන සැලලිහිනියත් පෝර දාන්න ගත්තා ...පෝර දදා ගිල්ලා...

උඹ ඉදපන්කො ලොකූ මුදුනා නොවී...මට පුලුවන් හින්දනෙ මං යන්නෙ... ඔන්න ඔහෙ මටත් තව දෙකතුනක් කවන්න ලොකු නැන්දෙ.....

මං කට ඇරලම ආ ගෑවා....ආ ගාපු මගෙ කටට ඉදි ආප්පයක් ඔබාපු ලොකු නැන්දා කිඹුලා කිරි මැටි ගිලින්නා වගෙ කට ඇරන් උන්න ලොකුවගෙත් කටට ඉදිආප්පයක් ඔබද්දි මං පොඩ්ඩක් උගුර පෑදුවා ...

ලොකු නැන්දෙ ...

ම්ම්ම්....

අප්පච්චිට කියන්ඩකො....මගෙයි ලොකූගෙයි වෙලාව ටිකක් බලන්ඩ කියලා ...

ඒ මොකද ....

මූටයි මටයි නොසෑහෙන්න කරදර ලොකු නැන්දෙ.....පොඩි නැන්දා හූනියම් කරනවා වත්දෝ මන්දා ....චූටියටත් අපල මටත් අපල...

උඹලට තියන එකම අපලෙ ඔය මුරන්ඩු කම.....නැතුව උඹලට හූනියම් කරන්නම බඩුනෙ...ගුටි නොගා ආගාපන් ...

මං ආයම බැනුම් අහන් ආ ගානකොට ලොකුවා ආයම කල්පනා කෙරුවා ....

අපල නැත්තෙ නෑ ලොකු නැන්දෙ...මං අපේ අම්මගෙ මැරිච්ච අප්පච්චි ව ඊයෙ පාන්දර හීනෙන් දැක්කා....

හැබෑට උන්දා මොකද කිව්වෙ...

මටයි චූටිටයි ජීවත් උනා ඔය මදැයි දැන් වරෙල්ලා කිව්වා....

ඉතින් බලන්නකො...ලොකු නැන්දේ...මාත් ඔය ලොකූගෙ හීනෙම ඔය ආකාරෙම්ම එක අකුරක්වත් ඉස්පිල්ලක් පාපිල්ලක් එහා මෙහා නොවීම දැක්කනෙ....

ඕන්න කිව්වා ඕන්න කිව්වා කතාවක්....උඹල දෙන්නා නම් මැරුන මිනිස්සුන්ගෙ වලවල් වලටත් හෙන අද්දනවා...මේක කාලා දුවපියව්...ආවා මෙතන උදෙම්ම බොරු කියන්ඩ...උඹලට ඇති අපලයක් නෑ උඹලා දෙන්නා එක එකාට අපල ගේනව මිසක් .....

වැඩක් නෑ.....

අපි දෙන්නගෙ මූන දැන් තිත්ත කැකිරි පන්තියෙ පූසගෙ වගෙ....බොරු මවන්න ගිහින් බැනුම් අහපු අපි දෙන්නා හිරු කිරන මිහිතලේට පතිත වෙන්නත් කලිම්ම අඩ අන්දකාරෙ මරන්න ගෙනියන හරක් දෙන්නා වගේ වේදනා දෙන අඩු බෆු එල්ලන් ඉස්කෝලෙට ගාටන්න ගත්තා .....

නිවුන්නගෙ පෙට්ටි කට තවමත් ටිකක් ඉදිමිලා හන්දා ඌ මාස්ක් එකක් දාන් ඉන්නකොට මං නොන්ඩි ගගගා ඇවිද්දා .....

පාන්දර ජාමෙ වැටුන පිනිබින්දු මල් ගස් උඩට වගේම තාර පාර තෙමලා තිබුනා....ලාවට වගෙ දැනෙන සීතලත් එක්ක මං මගෙ අත් දෙක ඇදන් උන්න සාක්කු අස්සෙ ඔබා ගන්නකොට ලොකූ උගෙ අත් සාක්කුවෙ ඔබා ගත්තා ....

බලු බල්ලෙක් නෑ තාම...උදේ පාන්දර වෙනකොට ග්‍රවුන්ඩ් එකට එන්න කියපු හෙඩාට වගේම ඩිපූටියට මග දිගටම මායි ඌයි දෙහි කැපුවා උනත් හෙඩාගෙ කලිසම ගැන හිතන වාරයක් වාරයක් ගානෙම මෆෙ බඩ කැලතෙන්න ගත්තා ...මට පයින්ම හොරොව්පතානෙ දුවන්න හිතුනා...

ලොකූ...

අපි දෙන්නම උන්නෙ ඉස්කෝලේ ගේට්ටුව ඉස්සරහා ....බස් එකට එනකනුත් ,බස් එකේ එනකනුත් ගල් ගිලලා උන්න මං අවසානෙදි ඉස්කෝලේ ගේට්ටුව ගාවදි සීල් කරන් උන්න කට ඇරියා .....

තවමත් ඉස්කෝලේ ළමයි කවුරුත් නැති උනත් ස්පෝර්ට් කරන උන් නම් ග්‍රවුන්ඩ් එක අරක් අරගන ඉන්නකොට මගෙ තනියට ආව ලොකූ බය් ණොවී ඉදපන් කියන්න වගෙ මගෙ පිටට තට්ටු කරනකොට මං ඒකා එක්කම හෙමින් හෙමින් බාස්කට් බෝල් ගහන තැනට ආවා.....

ලොකූ අර වසවර්ති මාරයව හොයපන්කො .....

දැලේ එල්ලීගන උන්න මට මෙච්චර වෙලාම නොතිබුන නිදන්ගත ලෙඩ රෝග එකින් එක උඩට ගහන්න ගත්තා වගේම ප්‍රැක්ටිස් කරන උන්ට ඇගට කික් එකක් එන්නද මන්දා උන් jbl එකකින් සින්දුවකුත් දාන් උන්නා නිකන් නෙවෙ...මැඩෝනගෙ frozen එක...

චූටියා....අර....අර...අර ඉන්නෙ හෙඩා...

අන්න ඉන්නවා ඩිපූටියා...

අතේ තිබුන බෑග් එකේ තිබ්බ යුනිෆෝම් එකයි....බෝලෙන් පලිගන්න වගේ බෝලෙ පොලවෙ ගහන හෙඩාවයි දැක්ක මගෙ බොක්ක කූල් උනා...

මං දැන් කිව්වා කියලා මතක තියාගනින් ලොකූ...මූ මේ කලිසම දැක්ක ගමන් මාව බිම ඉන්දවලා පයින් ගහයි අර රින්ග් එකට වැටෙන්න ....

පුක ලෙප්ට් !!!අන්න අන්න .....අරූ අර ඩිපූටියා ...කැටයම කැටයම...මුන් මේ යන සින්දුවට රගපානවදෝ මන්දා

මායි සනාශුයි දැලේ එල්ලිගන බලන් උන්නා මුලු බාස්කට් බෝල් ටීම් එකටම උන්න උසම දෙන්නා හෙඩා වගේම ඩිපූටියා වෙනකොට අපි දෙන්නා චීනෙට යන්න ඉන්න රිලව් දෙන්නෙක් වගෙ දැලේ එල්ලීගන බලන් ඉන්නකොට මං මෙතන ඉදන් ශූ ශූ ගෑවා ...

ස්ස්...ස්ස්....හූ...හූ.....සෙනිරූ...

දැලේ එල්ලීගන උන්න මං හෙඩාට නැතිව ඩිපූටියට කතා කෙරුවා

උඹ මොකක්ද කරන්න හදෙන්නෙ.....

කෙලිම්ම අරූට නොකියා මුගෙ මාර්ගෙන් යමු ලොකූ...එතකොට සැර බාල වෙනවනෙ...

ම්ම්...එහෙනම් අඩගහපන්කො බලන්න.....

මං ආයමත් ඩිපූටියට සූ සූ ගෑවා....

ස්ස්...ස්ස්.....හූ...මේ....සෙනිරු...අයියෙ....මේ සයාශ් ආවා...මේ බලපන්කෝ ....අඩේ.....

මං පොඩ්ඩක් කට උල් කරලා ටිකක් කට ඇරලා මං ආවා කියලා විතරක් නොකියා මේ බලපන්කො අඩේ කියනවත් එක්කම අර දාලා තිබුන සින්දුවත් කරුමෙටම ඉවර උනා විතරක් නෙවෙ මගෙ කට බීරංගයක් වගෙ සද්දෙන් ඇහෙනකොට මුලු බාස්කට් බෝල් ටීම් එකම මගෙ දිහා බැලුවා ...

හරි.....my time has coming ලොකූ....අන්න ඩිපූටියා එනවා....

ඒ විතරක් නෙවෙ....හෙඩත් එනවා ..අප්පච්චිට කියපන් අපි දෙන්නට කලු කපුටා රක්ශනාවරනයක් වත් දාන්ඩ කියලා ....

මොකද සයාශ් .....

ප්‍රැක්ටිස් කරන එක පැත්තක දාපු අයියා මලෝ අපි දෙන්නා ගාවටම එනකොට මමයි සනාශයයි මුනු මුනු ගෑවා...ඒ එක්කම ඩිපූටියා ඇවිත් මගෙ ඉස්සරහින් හිටගන්නකොට එක අතකට බෝලෙ හිරකරන් උන්න හෙඩා මා දිගා..මගෙ ඇදුම දිහා හොදට බලාන් උන්නා . 

අයියෙ...මට...උදෙම්ම එන්න කිව්වා ..

ඔව්....එන්න කිව්වා ...හැබැයි දෙන්නටම....

මට සනීප නෑනෙ....මගෙ අත් දෙකටම ලෙඩ හැදිලා ....පේනවනෙ ශෙනිරු ඔයාට...

පේනවා....ඒත් කකුල් දෙක පනයිනෙ නේද සනාශ් ....

නැ...කකුලුත් එච්චර පන නෑ....ඊයෙ වැටුන පාරට තැල්ම හිටලා.....

ඇත්තට...

නැතුව ඉතින්....බොරුවට කියනවද ...

කියන්න බෑබෙ නේ....ම්ම්

අනෙහ්....මේ...බොරු කියලා මං මොනවා ගන්නද ශෙනිරු....

ම්ම්ම්...ගන්න දෙ පස්සෙ දවසක කියන්නම්...

මේ ඔව්වට නම් එන්න එපා හරිතේ.....අනික ඔයා ගාව අද කැරමල් සුවදයි ....

ම්ම්ම්....තමුන් ඒකටත් ආස නැද්ද ...?

එව්...ඒව්ව්....මේ මොකත මේ...ගෑනියි මිනිහයි වගෙ......

මගෙ ප්‍රශ්නෙට උදව් කරන්න ආව සනාශයා ඩිපූටියා එක්ක පැටලෙනකොට මං බලාගන හෙඩා තාමත් ඇහි පිල්ලමක් වත් නොගහා මා දිහා බලන් ඉන්නව ...ගෑනිටයි මිනිහටයි රන්ඩු කරගන්න දීපු මං හිමින් හිමින් හෙඩා ගාවට රීට්ටුවා ...

ගුඩ් මෝර්නින් නිර්වාන්...

ම්න්...මෝර්නින්

කොහොමද අයියෙ ඔයාට.....ම්ම්..මේ.....මං නම් ටිකක් සනීපෙන් ඉන්නවා ...අද නම් ක්ලයිමේට් එකත් හොදයි නේද ....

මොකක්ද වෙන්න ඕනෙ....

මටද...මට මොකුත් වෙන්න එපා....

........

අද සම්පූරනම වැරද්ද තියෙන්නෙ මගෙ අතේ බව දන්න මං පූසා වගෙ ඉදන් මගෙ මුතුවන් දත් පෙලම එලියට දාලා හිනා උනත් හෙඩා නෙවෙ මාව තඹේකට මායිම් කෙරුවෙ...ඒකගෙ ඇස් දෙක මගෙ මුනෙ වගේම මගෙ අතේ තිබුන බෑග් එක දිහාවට යනකොට මං බිම බලාගත්තා ...

සයාශ් ...

සමාවෙනවද .....

කොහෙද පිච්චුවෙ...ම්ම්ම්

මේ...කලිසම ...හරිය...ඇබිත්තක් විතර පිච්....

වට පහක් දුවනවා

මො...මොකක්...ව්....වට....පහක්.....

.......

මාව භ්‍රමණය වෙන්න ආවා...කියන්නත් කලියෙන් කලිසම පුච්චලා කියලා තේරුන හෙඩා මගෙ අතේ තිබුන බෑග් එක දිහාවත් නොබලා වටපහක් දුවනවා කියලා මට තර්ජනේ කරනකොට මං බලාගෙන අප්පච්චි ගෙ ඉල්ලීගල් බෑනා සැලලිහිනියව ඇදන් බාස්කට් බෝල් ගහන්න ගනවා ...

නිර්වාන් ...මට එච්චර දුවන්න බැ නිර්වාන් ...මට ස්නීප නෑ...

අදාල නෑ...තමුන්ට පුලුවන් එක්කො මට කීකරු වෙන්න ...නැත්තන් ඉස්කෝලෙන් පස්සෙ මාව හම්බවෙන්න ...හැබැයි...පහු පහු වෙනකොට හැම දේම නරක අතට හැරේවි සයාශ් හරිද....තමුන් මට එක වරදක් නෙවෙ කෙරුවෙ...

ම්..මං ....මං...මොනවද ...ඒවා අතපසු වීම්.....නිර්වාන් ...මට...මං ඒ එකක් වත්...හිතලා කෙරුවෙ නෑ නිර්වාන් .....

ඇත්තට තමුසෙ ඌට මැසේජ් කෙරුවෙත් හිතන් නැතුවද ම්ම්ම්...

න්...න්.නිර්වාන්.....

මං අඩියක් පස්සට ගියා ....අතේ තිබුන බෝලෙ කිටි කිටියට මිරිකන් උන්න නිර්වාන් මගෙ ලගට ඇවිත් අනිත් හැම දේම අතෑරලා මං තනුසෙ ඌට මැසේජ් කෙරුවෙත් හිතන් නැතුවද අහනකොට මට එක පාරම අර කොල්ලව මතක් උනා...

මූ මාව පාවා දීලද??ඒත් මං.අනවශ්‍ය දෙයක් ඇහුව්‍ර් නෑ...අනික මං කාට මැසේජ් කෙරුවත් එයාට මොකක්ද රුදාව...

නිර්වාන් ...මං කාට මැසේජ් කෙරුවත් ඔයාට ඇති රුදාව මොකක්ද ...මං මැසේජ් කෙරුවෙ ඒ අයියා එක්ක...

......

මම කාට මැසේජ්

දුවනවා....

නිර්වා...න්

එක පාරයි....දෙපාරක් කියන්න ඕන නෑනෙ.....වට පහයි...හරියටම ....වටපහයි සයාශ්....තමුසෙ කරපු හැම වැරද්දක් ගානෙම වට පහයි...

මං නිර්වාන් දිහා බලාගන උන්නා...අර කොල්ල කිව්වෙ ඇත්ත ..මුන් මහ ඕන් නෑ.....අම්මගෙ තාත්තගෙ ඌස්නෙ ගහල ඇති...මන්ත්‍රී පුතන්ඩියනෙ...අපි ඉතින් ගමේ උන්නෙ....කමක් නෑ.....මාව මග වැටුනොත් ....ඒ ඔක්කොටම වග කියන්න ඕනෙ උඹ නිර්වාන්...

හිතින් බැනපු මං එතනම මගෙ බෑග් අනම් මනම් ඔක්කොම ගලවලා ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න ගත්තා .....පලවෙනි වටේ මං ගානක් නැතුවම දිව්වා .....දෙකත් ඒ විදිහමයි.....මන් බලාගන නිර්වාන් ඉනට අත් දෙක තියාගන මා දිහා බල්ස්න් උන්නා වගේම මං ඒකා දිහා නොබලා මා එක්කම දුවපු තවත් ඇත්ලටික් කරපු කොල්ලෙක් එක්ක කතා කරන ගමන් හිනා වෙන ගමන් දුවන්න ගත්තා ....

මං හිනා උනා ....කතා කෙරුවා ....දෙවනි වටෙත් දුවාගත්තු මට තුන් වෙනි වටේ මගක් යනකොට ටික ටික පපුව ගැහෙන්න ගත්තා ...

ඇයි මල්ලි...

මො..කුත් නෑ අයියෙ....

ඔයාට මොකක් හරි අසනීපයක්ද ...

න්...නෑ...නෑ.....

දේශාන්....ඔය ඇති ....ඉන්ඩෝ එකට යන්න පුලුවන් ....ගිහින් ඩිෆ් පනහක් ගහලා ප්‍රැක්ටිස් වෙන්න,පටන් ගන්න....

හිනා වෙවි කතා කර කර දුව දුව උන්න අපි දිහා බලන් උන්න නිර්වාන් අර අයියට ඩිෆ් පනහක් ගහන්න කියනකොට අර කොල්ලගෙ මූන ඇද වෙලා ගියා ...මගක් ආව ඒ කොල්ලා යන්න යනකොට නිර්වාන් එයා ගාවට ආව ෆුට් බෝලෙට මා දිහා බලාගනම පයින් ගැහුවා වගේම බෝලෙ ගන්න ආව කොල්ලට බෝලෙ පස්සෙන් වෙන අහකට දුවන්න උනා....

චූටී.....සයාශ් ...

මං දුවනවා ...දැන් දැන් මගෙ නලල දෙපැත්තෙන් දාඩිය මතුවෙන්න ගත්තා ...හයියෙන් හයියෙන් හුස්ම අල්ලපු මට තුන්වෙනි වටේ ඉවර කරගන්න පුලුවන් උනේ නොසෑහෙන්න මහන්සියක් එක්ක වෙන කොට දුවන මාව දැකපු සනාශ් සයාශ් සයාශ් ගගා කෑ ගහනකොට මගෙ පපුව ගිඩි ගිඩි ගාන්න ගත්තා ...ඉහලට පහලට දාන හුස්න පවා ටික ටික උනුසුම් වේගන එනකොට දුවනවට වඩා මාව වැනෙන්න ගත්තා වගේම සනාශ් කෑගහන සද්දෙ මට ලාවට වගේ ඇහුනා....

ල්...ලො...කූ.

දුවාගන්න තියා තව අඩියක් ඉස්සරහට යන්න බැරි මට මගෙ ඉස්සරහා තිබුන හැම දේම බොද වෙලා පේනකොට නලලට මතු උන දාඩිය බින්දුවක් එහෙම්ම තනකොල ගොඩ උඩට වැටෙනවා එක්කම මාව නිකන් කැරකිලා යනවා වගේම ඈතින් කෑගහන් එන සනාශ් ව වගේම මගෙ ගාවට දුවන් එන නිර්වාන්ව බොදවෙලා වගේ පෙනුන මාව එහෙම්ම ඇදගන වැටුනා මගෙ ඇස් දෙක පිය උනා...

අනේ....අනේ....චූ.....ටීහ්......

සයාශ් ...සයාශ් ....

කරුනාකරලා මගෙ මල්ලි ගාවින් අහකට පලයන් නිර්වාන් !!! අනෙ චූටි....

😒ඔව් ..පලයන් නිර්වාන් !

ජොබී නිදහාස් .....

ආයම එන්නාන්....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters