Cherreads

Chapter 8 - 08

චූටි.....චූටි....අනේ චූටි....ඇස් ඇරපන් චූටි...

සනාශ්...

අහකට පලයන් ශෙනිරු...මං තොපි දෙන්නටම කිව්වා...මං තොපි දෙන්නටම කිව්වා මූට සනීප නෑ කියලා ....මං කිව්වා ....මම විතරක් නෙවෙ මූත් කිව්වා...චූටි.....අනේ...ඇස් ඇරපන්කො....මගෙ මල්ලි....

සනාශ්....මං...බලන්නම්.....

අහකට පලයන් යකො...නිර්වාන්...උඹ අත තියන්ඩ එපා හරි ...තොපි කාගෙ කවුරු මොක්කු උනත් මට අදාල නෑ.....හෙඩාද ඩිෆියුටියා ද මට අදාල නෑ...තොපෙ අම්මා තාත්තා මොකා උනත් මට අදාල නෑ.....අතැරපන් .....අතෑරපිය....අල්ලන්න එපා...තොපි එකෙක් අල්ලන්න එපා.....චූටි.....චූටි....චූටි මල්ලි.....ඇස් ඇරපන් මගෙ චූටී.....

මං උන්නෙ ඇස් වහගහන...සිහියත් අවසිහියත් අතර.....මගෙ ගාව වැටීගන උන්න ලොකූ පුලුවන් තරම් මගෙ කම්මුල් වලට තට්ටු කර කර මට ඇස් අරින්න කිය කිය කෑ ගහනකොට මගෙ ගාවට ආව නිර්වාන්ව වගේම ශෙනිරුව පවා ලොකූ කෑ ගගහා එලෙව්වා වගේම මාව අල්ලන්නවත් ඉඩක් නොදී තල්ලු කරලා යැව්වා ....

චූටි.....චූටී...අනෙ ඇස් ඇරපන්කො....මං කිව්ව්නෙ ...මං කිව්වනෙ මේ මගුල් නොකර ඉදින් කියලා ....අප්පච්චිට අම්මට මං මොනාද කියන්නෙ චූටි ....අම්මට මං මොනාද කියන්නෙ..

සනාශ්...සනාශ් ....පොඩ්ඩක් ඉන්නකො....නිර්වාන් ඔය ලමයව ගනින්.....

එපා....මං ගන්නම්..නිර්වාන් උඹ නම් අතක් තියන්න එපා මට පුලුවන් ...මට පුලුවන් මගෙ .....

කිව්වම අහලා පැත්තකට වෙන්න සනාශ් ..නිර්වානයා ගනින් ඔය කොල්ලව සික් රූම් එකට අරන් යමන්....

මං උන්නෙ හුස්ම අල්ලන්නවත් බැරිව ...වැටුන විදිහටම.උන්න මාව ලොකූ කිසිම කෙනෙක්ට අල්ලන්න නොදුන්නත් අවසානෙදි ශෙනිරු ඇවිදින් ලොකූව එතනින් ඇදගන යන හැටි මට දැනුනා.....නිර්වාන්ට මාව අරගනින් කියන එක පවා මට ඇහුනා....මං උන්නෙ ඇග පන නැතිව..කොටිම්ම මගෙ ඇගේ තිබුන හැම හයියක්ම දියවෙලා ගියා වගේ දැනුනා.....

සයාශ්.....සයාශ්...

හෙඩා..... ඒ හෙඩාගෙ කටහඩ...මම ඇස් අරින්න හැදුවා ..ඒත් බෑ..කෙදිරි ගාන්න හැදුවා ඒත් බෑ..ඈතින් ඇහෙන ලොකූගෙ සද්දෙට පස්සෙ මට ඇහුනෙ හෙඩාගෙ කටහඩ වෙනකොට අවසානෙදි ඒකා මගෙ මුනට පවා හිමින් තට්ටු කරලා මාව උස්සගන්නවා එක්කම මට එතනින් එහා කිසිම දෙයක් ඇහෙන් නැති උනා....මට දැනෙන් නැති උනා...

එයාට කොහොමද .....

....

නිර්වාන්....මං ඉන්නම්...දැන්වත් උඹ ක්ලාස් එකට පලයන්....උඹ මෙතන ඉන්නවා දැක්කොත් මගෙ එකා උඹව මරයි.....

.....

නිර්වාන් ....ඇහෙනවද මං කියන දේ...මං මේකව ගිලින් නෑ...දැන් උඹ පැය කීයක් මෙතන මෙතන බලන් උන්නද...උඹට ක්ලාස් මිස් වෙනවා නේද....

....උඹ යමන් ශෙනිරු .....මං එන්නම්....

හරි හරි...මං ඉන්නම්..මං කිව්වනෙ...මං උඹගෙ මේ හුරතලේව කන්නෙ නෑ...

ශෙනිරු ...ඵෝන් එක අතේ තියනවද....

බෑග් එකේ.....ඇයි.....

සුදූට කෝල් එකක් අරගනින්...

මෙවෙලෙ වෝර්ඩ් එකේ වෙන්න ඇතිනෙ....

ඒක හින්දා තමයි ගන්න කියන්නෙ...මට ප්‍රයිස් එක කීය උනත් වැඩක් නෑ.....දන්න කියන හොදම....

ම්ම්....හ්හ්.....

මං කෙදිරුවා.....හැබැයි මං හිතන්නෙ මං කෙදිරි ගෑවට මගෙ කටහඩ එලියට අවෙ නෑ...

ම්ම්ම්හ්හු...ක්...

මෙච්චර වෙලාම කෝමා වෙලා වගේ උන්න මං ආයම ඇහැරෙනකොට දෙපාරක් තුන් පාරක්ම කෙදිරි ගෑවා උනත් මගෙ කටහඩ එලියට ආවෙ නැති උනා.....

මං ආයම කෙදිරි ගෑවා...ඒත් නෑ....ආයම කෙදිරි ගෑවා...ඒත් නෑ....ආය ආයමත් කෙදිරි ගෑවා...අනේ....ඒත් නෑ...

මං මැරිලා වත්ද....??අනේ..බදින්නෙවත් නැතුව.....????

ම්ම්ම්හු...ක්...අම්මියේ....

මං ආයම කට ඇරල කතා කෙරුවා ....

ඒත් නෑ.....ඒත් නෑ.....මගෙ කටහඩ එලියට ආවෙම නෑ...වහන් උන්න ඇස් පියන් පියන් පවා මට ඇරගන්න බැරි තරම් බර වෙනකොට මම ඇස් ඇරගන්න දැගලුවා .....

ම හිතුවා හරි....මං හිතුවා හරියටම හරි....මන් මැරිලා.....ග්‍රවුන්ඩ් එක මැද වැටුන මාව මැරිලා ගිහිල්ලා....

අයියෝ....කසදයක් බැදලා මොනවතත් කරගන්නත් කලින්ම මැරිලා ගිහිල්ලා...

හෙඩා....

ඔව්..මගෙ මරනෙට සම්පූරනම වග කියන්න ඕනේ හෙඩා...ප්‍රතම ලිංගික අත්දැකීමවත් නැතුවම මට මැරිලා යන්න උන එකම හේතුව හෙඩා...

නිර්වාන් ...

ඇහුවද.....?

ම්ම්ම් ඇහුවා...හවස ගෙනේවි.....

ම්න්....

මං ඉන්නම්...උඹ යමන් නිර්වාන් ...දැන් ඉන්ටර්වල් එකටත් ලගයි..මං දන්නවා බෙල් එක වැදුන ගමන් සනාශ් මෙතනට එනවා....

...ඩ්පූටියා නේද....ඩිපූටියා විතරක් නෙවෙ....හෙඩත් ඉන්නවා....

උන් දෙන්නා මගෙ තනි රකිනව වත්ද.....???

මැරිලා උන්න මන් මගෙ මලකද ගාව තනිරකින හෙඩා වගේම ඩිපූටියා කියවන හැටි අහන් උන්නා...මිනිමරුවො දෙන්නා...මාව මරල දාලා දැන් මෙතන කියවනවා ....හෙඩා ඩිපූටියගෙන් මොනවා හරි අහනකොට ඩිපූටියා කිව්වා හවස ගෙනේවි කියලා ..මං හිතන්නෙ මං ඉන්නෙ මේ මෝචරියෙ වෙන්න ඕනා...හවස ගෙනේවි කියන්නෙ මිනිය හවසට ගෙනේවි කියන එක වෙන්න ඇති.....

මොනවා කියලා බැනර් එකට ගහයිද දන්නෙ නෑ.....

අකාලයේ මිලිනව ගියපු

වන මල....

පොඩි නැන්දා මං වෙනුවෙන් බැනර් එකක් ගැහුවොත් නම්....අනිවාර්යයෙන්ම පොල් සම්න්දව ගහයි....

කලටි හඬයි

ඔබ නිහඩයි ....

ඔය වගේ එකක්.....

අප්පච්චි අඩයි...අනේ...අම්මත් එයි .....අම්මා ගේන ඔක්කොම අරූ තනියම කයි.....පරන ඉස්කෝලෙ ලමයිනුත් එයි නේ.....මිනිය එක දවසක් ලොකු නැන්දලා ගෙ ගෙදර තියයි නේ.....නැත්තන් මෙහෙ ඉස්කෝලේ ලමයිට මට අවසන් ගෞරවය දක්වන්න බැරි වෙනවනෙ....

රතුපලස් මැදින් ගෙනියයිද දන්නෙ නෑ....තරුන මහතා කියලා ලියයිනෙ ..ඇයි ඉතින් බැදලත් නෑනෙ...අප්පච්චි ගෙ පොඩි එකා...පව්....

මගෙ ඉංග්‍රීසි මිසුත් එයිද දන්නෙ නෑ...ආවත් කමක් නෑ...මිස්ගෙ මිනිහා නැතුව...මං ආස නෑ එයා ගාව කවුරුත් ඉන්නවට...කමක් නෑ....මං දැන් මිස්ට කලින් මැරුන එකේ....මිස්ට කලින් ඉපදිලා ඊලග ආත්මේ අයියෙක් වෙලා කොහෝම හරි ඕකිව දාගන්නවා...හැබැයි ඔක්කොටම කලින් කන පුපුරන්න ගහනවා....මොකද මට කලින් වෙන උන්ව බැන්දට...

ම්හුක්....ආතරෙයි මගෙ ඉංග්‍රීසි මිස්.....

මල කදක් උන මගෙ ආත්මෙ දැන් අරුන් දෙන්නා කියන එව්වත් අහගන ඔහේ කල්පනා කරනවා..ජිවත් වෙලා උන්න කාලෙත් මා එක්කම උන්න මගෙ යටි හිත මැරුනට පස්සෙත් මා එක්කම උන්න නිසා මට ගේමක් නැතිවම හුගාක් දේවල් තනීයම හිතන්න පුලුවන් වෙනකොට මම මගෙ මල ගෙදර ගැන හිත හිත දුක් උනා...දාල යන්න වෙන ඉංග්‍රීසි මිස් ගැන දුක් උනා...

උන් මගෙ පෙට්ටිය වටේ වටවෙලා අඩන හැටි මව මව මමත් දුක් උනා...

අර අලුත් ත්‍රෙන්ඩ් එකක් ආවෙ...පෙට්ටිය වටේ ඉදන් සින්දු කියන...උනුත් මගෙ වල වටේ ඉදන් සින්දු කියාවිද දන්නෙ නැ.....

ලොකුවා නම් කියයි...ඇයි ඉතින් මං ගියහම ඌ තනිවෙනවනෙ....

මා ඉතින් යන්න යනවා....

මට යන්න අවසරයි.....

මට අරන් යන්න...ඇත්තෙ...

මේ මතකය විතරයි...

නිර්වාන් .....දැන් උඹ එන්නෙ නැද්ද...මෙතන උන්න කියලා තේරුමක් නෑනෙ...

ශෙනිරු ...උඹ යමන් මන් එන්නම්....

මන්දා උඹට කිව්වට තේරුම් ගන්නෙ නෑනෙ....

සනාශ්ව මේ පැත්තට එවන්නෙ නැතුව තියාගනින්...ඒ ඇති....මට මෙතන ඉන්න ඕනෙ....

මන්දා...මට එයාව තියාගන්න පුලුවන් වෙයිද කියලා ...බලමු...බලමු...හරි මං යන්නම් එහෙනම්...උඹ උඹගෙ චූටි පැටියා එක්ක ඉදින්කො...හැබැයි උන්නට කමක් නෑ....උඹ මොකුත් කරනවා නෙවෙ....මොකද මුන් දෙන්නට තියෙන්නෙ කටවල් නෙවෙ වක්කඩ....උඹටයි මටයි මුන්ව මුල ඉදම්ම හදලා ගන්න වෙයි.....

ම්න්.....

මො..මොකක්...චූටි පැටියා...කවුරු ..කාගෙද....??චූටි පැටියා....!!අනික අපි දෙන්නව මුල ඉදන් හදා ගන්න...අපේ මොනවා හදා ගන්නද.....

හරිම අගෙයි පොඩි ගස්බල්ලා කියපු කතාව....ප්‍රීති....ප්‍රීතී...අමෝර්...

අමෝර්....විණය බාර...

මම උන්නෙ මගෙ මල ගෙදර ගැන හිත හිත....ඒ අස්සෙන් මගෙ මලකද ගාව උන්න හෙඩා ඩිපූටියා මොන මොනවදෝ කියාගත්තා වගේම ඩිපූටියා මට චූටි පැටියා කිව්වා..නිකන් නෙවෙ...හෙඩාගෙ...

හෙඩාගෙ...දෙයියනේ...හෙඩාගෙ .....

ඉස්කෝලෙම හිම්චි පිනාගෙ...

ම්ම්ම්...මොකක් හරි යම්කිසි දෙයක් වෙනවා වgay...වැඩක් නෑ...මං දැන් මැරිලා ඉවරනෙ නිර්වාන්...ඊළඟ ආත්මෙ වත් බලමු....ඊලග ආත්මෙ අනිවාර්යයෙන්ම මං ඔයාගෙ චූටි පැටියා වෙන්නම්....දැන් ඔයා ප්‍රමාදයි නිර්වාන් ...

හැබැයි..අනියම්..මොකත..මට ඉංග්‍රීසි මිස්ව ඕනෙ....ම්ම්ම්...බලමු....ඈ..

සයාශ් ...

.....

සයාශ් ....ඔයාට මාව ඇහෙනවද .....

මට සමාවෙන්න ...

මං හිතුවෙ නෑ ඔයාට ඇත්තටම අසනීපයි කියලා ....

ආ...ආ...ඒ මොකත මේ...දුක කියන අයියා වෙලා....සමාව පවා ඉල්ලනවා....කමක් නෑ මං ඉතින් ඔයාගෙ චූටි පැටියනෙ නිර්වාන් නාඩා ඉන්න....එක අතකට ඔයා හොද වෙලාවට මාව මැරුවෙ....ජීවත් වෙලා උන්නා නම් මට ඒලෙවල් ලියන්න වෙනවනෙ...

සයාශ් .....පුලුවන් නම් ඇස් අරින්න ....මං බලන් ඉන්නවා .....

හෙඩා තනියම කියවනවා .....කියවනවා කියන්නෙ ඒකා දත්මිටි කාගන වගේ හරි හිමීට මුමුනනවා...එතනත් මුගෙ අහංකාර කම....එතනත් අලි ඔලුව.....ඒ අස්සෙන් මගෙ මූනත් අතගානවා...මලකදක් උනත් මගෙ ආත්මෙ තාම හරියට පිට වෙලා නෑ එකයි මට දැනෙන්නෙ.....

කරලා තියන පින් වල බලේට වෙන්න ඇති....සමහරවිට මං පින් බලෙන් දිව්‍යලෝකෙ වත් ඉපදෙන්න යනවදෝ මන්දා ....එහෙම උනොත් තිස්තුන්කෝටියක් දෙවිදේවතාවො +සයාස්.....33.01kdp!!

මං අහන් උන්නා හෙඩා සමාව ඉල්ලනවා.....ආයම මට ඇස් අරින්න කියනවා ...වදින නොවදින ගානට ඒ දිග ඇගිලි තුඩු මගෙ හිස කෙස් පුරාවටම යනකොට මැරිලා උන්නත් මට පුදුම සනීපයක් දැනුනා විතරක් නෙවෙයි මට නින්ද පවා යන්න එනකොට මෙච්චර වෙලා හොරට කෙදිරි ගගා උන්න මගෙ "ආත්මෙ" ඇහුනා හෝ නැතා කියලා මගෙ ඔලුව අත ගාන හෙඩා ලව්වා තවත් චුට්ටක් හොදට අතගාවගන්න කියලා කට ඇරියා.....

ම්හුක්.....නිරූ...තව චූට්ටක්....අතගාන්නකෝ...මං දන්නවා...ඔයාට දැන් මං ගැන දුකයි කියලා.....ඒ උනාට...දැන් මං මැරිලා ඉවරනෙ....

.....????

ඔයාගෙ චූටි පැටියා මැරිලනෙ නිරූ....

...!?

මැරිලා උන්න මගෙ ආත්මෙ ගල් කැට එල්ලා තිබ්බ වගේ බර ඇහි පිහාටු ඇරවගන මගෙ මිනිය දිහා බලාගන ඔලුව අත ගගා ඇස් අරින්න කිය කිය නැගිටින්න කිය කිය නාහෙන් අඩන හෙඩා දිහා ඇස් ඇරලා බැලුවා.....ඒකා මගෙ මුන දිහා කන්න වගේ බලන් ඉන්නවා..මැරුනට දුක ඇති...

එයාට ඉතින් මගෙ මලකද විතරනෙ අල්ලන්න පුලුවන් ..අනික මං කොච්චර කතා කෙරුවත් එයාට ඇහෙන්නෙත් නෑ...මං එයාව අතපත ගෑවත් එයාට දැනෙන්නෙ නෑනෙ....

මම ඇස් දෙක ඇරන් මැරිලා උන්නත් මාව කන්න වගේ බලන් ඉන්න හෙඩා දිහා බලන් ඉදලා ඇස් කැරකෙව්වා...තනිම තනි සුදුපාට බිත්ති ...සුදුම සුදු සිවිලිම....

මං හිතන්නෙ මං ඉන්නෙ අර බටෙ අස්සෙ...අර මරණින් මතු ජීවිතෙත් තියෙන්නෙ එහෙමනෙ...සුදුපාට ආලෝකයක් එක්ක නලයක් දිගෙ යනවා කියලා ...හැබැයි මොකක් හරි වෙලාද මන්දා...මගෙ බටේ වෙනස් වෙලා තිබුනා...රවුම් වෙනුවට කොටු වෙලා වගෙ පෙනුනා...

සමහර විට...මං අසනීපෙන් මැරුන නිසා එකපාරම ස්වර්ගෙට ආවා වෙන්නත් පුලුවන් ..ඒත් මේ හෙඩා...ඌ මොන මගුලක් කරනවද....මූ ඉන්න ඕනෙ හරිනම් අපායෙනෙ....නිකන් නෙවෙ මූව යවන්න ඕනෙ අවීචි මහ අපායට...

කමක් නා..සමහර විට...මගෙ පින් බලෙන් හෙඩත් ආවද දන්නෙ නෑනෙ...අර අලියගෙ නැට්ටෙ එල්ලිලා ගියපු ගමරාල වගේ හෙඩත් මගෙ පස්සෙන් ආවද දන්නෙ නෑනෙ....

සයාශ්.....

මැරිලා උන්න මම ඇස් කරකව කරකව මම ඉන්නෙ දිව්‍ය ලෝකෙ මොන කොටසෙද කියලා හිතන ගමන් කල්පනා කරනකොට මගෙ ගාව උන්න හෙඩා ආයම කතා කෙරුවා ...යෝ.....මැරිලත් සැනසීමක් නෑනෙ...

ඇයි අප්පා ඇයි ...නහින්න හදන්නෙ ඇයි....මැරිලත් පස්ස පාරෙ එනවනෙ...අනෙ ඇත්තමයි නිර්වාන් .....අපේ ලොකූ කිව්වත් වගෙ උඹට නම දාපු එකා නම දාලා තියෙන්නෙ අහක බලාගන.....

හරි මං කොච්චර කටකඩන් කියෙව්වත් ඔයාට ඇහෙන් නෑ...ඒක මං දන්නවා ...ඒ උනාට ඔයා මට කතා කරන වාරයක් ගානෙම ඔයාගෙ චූටි පැටියට ඇගෙනවනෙ නිරූ.....

ආ...ඔන්න...පටන් ගත්තා ....ඔන්න පටන් ගත්තා රවන්න....හරිම අගෙයි මන්ත්‍රී පුතුනුවන්ගෙ දස් කම්....මැරිලා ඉන්න මටනෙ රවන්නෙ...මං දන්නවා ඔයා දැන් බයවෙලා ඉන්නෙ මගෙ මරනෙට හේතුව කියලා අපෙ ලොකූ කට උත්තර දෙයි කියලනෙ...?

ම්ම්....එහෙන වෙන එකක් නෑ....බය නොවී ඉන්න....අපි හොරොව්පතානෙ මිනිස්සු...

මං මගෙ කටත් උල්කරන් කියන්න ඕන ඔක්කොම කියනකොට මං බලාගන මගෙ මලකද දිහා බලන් උන්න හෙඩාගෙ කන රතූ වෙනවා ....ඒකා රවාගන ඉන්නවා ඒ මදිවට මං බලාගන ඌ ඇද රෙදි පවා මිරිකනවා...ඌ රැව්වා කියලා මට පාඩුවෙනවද...නෑනෙ ..මං දැන් මැරිලා ඉවරයි ...

සයාශ් සෙල්ලම් කරන්නෙ එපා.....

ඔයාට කොහොමද කියන්න.... ?

යෝහ්.....ඇත්තමයි නිර්වාන් ...කටපියන් ඉදපන්කො චුට්ටක් මට දැන් හිතන්න දේවල් හුගක් තියනවා ....අනික ..ඇයි අර ඩිපූටියා මං ඔයාගෙ චූටි පැටියා කිව්වෙ.....මැරුන මිනිස්සුන්ට හොදට කන් ඇහෙනවා...හොදට පේනවා....

ඔයාගෙ හිතෙ මං ගැන යම් අදහසක්වත් තිබ්බද නිර්වාන් ... ..👉👈

ම්ම්ම්.....ඒ තිබ්බත් දැන් වැඩක් නෑනෙ...මං දැන් මැරුන මිනිහෙක්.....

මං ආයමත් කියෙව්වා ....මගෙ දිහා බලන් උන්න හෙඩාගෙ ඇස් හීනි වෙලා ඇහිබැම පවා ඇකිලිලා ගිහින් තිබුනා ....සමහර විට එයා මං ගැන හෝප්ස් තියන්වත් උන්නද දන්නෙ නෑ.. මොනවා කරන්නද අපේ අප්පච්චිට පොඩි බෑනාකෙනෙක් නැති වෙනවා ...

තවමත් මැරුන විදිහටම උන්න මං චුට්ටක් බෙල්ලෙන් ඉස්සුනා....බෙල්ලෙන් ඉස්සුනා කියන්නෙ කොටිම්ම මං මගෙ අත් දෙක බෙල්ල වටේ දාලා හෙඩාගෙ බෙල්ලෙ එල්ලුනා....

මොනා කරන්නද...මං මොනවා කෙරුවත් හෙඩාට දැනෙන්නෙ නෑ ඇහෙන්නෙත් නෑ....එක්කො වෙච්ච වැරදි වලට සමාව ඉල්ලලා මේ තුච්ච කූර ලෝකෙන් මිදිලා ගියා නම් මට සැනසීමයි...

තත්පරයක් දෙකක් කල්පනා කරපු මං ආයම හෙඩා දිහා බැලුවා ඒකා ඒපාර ඇද රෙද්ද අතෑරලා බිත්තිය මිරිකන් උන්නා සමහර විට මගෙ වියෝව දරා ගන්න බැරිව ඇති...ඒක තමයි කියන්නෙ ළඟ ඉන්නකොට පරිස්සම් කරගන්න කියලා ....

නිර්වාන්....මං දන්නව...ඔයාට මන් කියන ඒව ඇහෙන් නෑ කියලා . . ඒත්...මටවත් ඇහෙනවනෙ ....මට ඕනෙ මෙච්චරයි ....මගෙන් උන හැම වැරද්දකටම සමාව දෙන්න.....

කලිසම පිච්චුවට.....චූටි අයියා කියලා හිතාගන ඔයාගෙ අතට උම්මියක් දුන්නට... . තව කකුල පෑගුවට...අනික ..හොරෙන් ඔයාගෙ එෆ් බී එකට රිංගුවට ...මෙ ඔක්කොටම සමාවෙන්න.....

.මං දැන් එයාගෙන් සමාව ගන්නවා....ජෝක් කරලා කරලා මුලු ජීවිතේමත් ජෝක් එකක් වෙලා තිබ්බ මං හෙඩාගෙ බෙල්ලෙ එල්ලීගන කියවලා කියවලා අවසානෙදි ඒ දුශ්ට මූන දිහා බලන් උන්නා....

ඔච්චර රවන් ඉන්න එපා නිර්වාන් .....ගොබ්බ පාටයි.....

ඇරත්...මං ඔයාගෙ චූටි පැටියා කිව්වෙ ඔයාට මං ගැන හෝප්ස් තිබුනද .... .දැන් ඉතින් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි නිර්වාන් මං මැරිලා ඉවරයි....කමක් නෑ.....මං ඔයාට සමුදීමෙ උම්මිය වත් දෙන්නම්...කලින් එක අත්වැරද්දක් උනත් මේක අත්වැරද්දක් නෙවෙ....

සුදුපාට බිත්ති දිහා බලාගන කියවපු මං හෙඩාගෙ රතු වෙලා කන්වලින් පවා දුම් දාන මූන දිහා බලන් උන්න මට රෝමියො ජුලියට් මතක් උනා....රෝමියො මැරිලා වගෙ ඉන්නකොට තමා ජුලියට් අක්කා රෝමියගෙ කට කෑවෙ....ජුලියට් අක්කත් රෝමියා කට කෑවෙ.....

ම්ම්ම්ම්ම්....අවසානම හාදුව ....

මං රෝමියෝ ජුලියට් ගැන කල්පනා කරලා අවසානෙදි පුපුරන රෝමියෝ දිහා බැලුවා...

ඌ.....ලෝමියෝ.....ලෝමියෝ....

නාට්ටි වල රගපාන විදිහටම ඇස් නටවලා එක අතක් මගෙ පපුවට තියලා මගෙ හොල්මන හෙඩා ගාව රගපානකොට ඒක මගෙ මලකදට එකසිය ගානට රැව්වා ...ඒ උනත් මං නෙවෙ නැවතුනෙ....මම දිගටම රග පෑවා....දිගින් දිගටම මං ලෝමියෝ....ලෝමියෝ ගගා කියෙව්වා .. ..

ඕ....ලෝමියෝ.....ලෝමියෝ...උම්මියක් දෙන්නත ...

අතට උම්මියක් දුන්න මං දැන් ඉතින් මොනදේ උනත් දන්නෙ මන් විතරක් හින්දා කටත් උල් කරන් ඇස් දෙකත් වහන් ගෙම්බෙක් උන රාජ කුමාරයව හාදුවක් දීලා ආයමත් රාජකුමාරයෙක් කරන්න යන කුමාරිකාවක් වගෙ මං ගිනි ගන්න හෙඩාගෙ කටටම උම්ම්ම්ම්...මියා....ගාලා හාදුවක් තිබ්බා ....

උ....ම්ම්ම්....මියා....චුක්....චුක්....චුක්.....!!!!

මං කට කපලා හෙඩාගෙ කට කෑවා...නිකන් නෙවෙ මං ඇසුත් වහගත්තා හැබැයි මං විතරයි හෙඩා නම් දුන්නෙ නෑ...ඇයි ඉතින් හෙඩාට තේරෙන්නෙ නෑනෙ මට විතරනෙ මේ නාඩගම් ඔක්කෝම පේන්නෙ දැනෙන්නෙ...

උම්මිය දුන්නා විතරයි මං බලාගන රතූ වෙලා කන් දෙකෙන් දුම් දදා උන්න හෙඩාව එකපාරම සුදු පාට වෙන්න ගත්තා ...සමහර විට මගෙ උම්මිය නිසා යම්කිසි රසායනික ප්‍රතිකියාවක් වත් උනාත . ....මොනා උනත් ඉස්ටෝබෙරි රසයි...

චූටි අයියා පවා කියනවනෙ ඕනම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් හෑව් කියලා ...සමහර විට මං වගෙ හොල්මනක් එයාට හාදුවක් දුන්න නිසා මොකක් හරි වෙන්න ඇති . ....

ඔයාට මාව අහිමිවෙලා ඉවරයි නිරූ.....වැඩක් නෑ....ඔයාට තේරෙනවනෙ ...මං හොල්මනක් ...ඔයා මනුස්සයෙක් ..ඇරත් මං හිතන්නෙ නෑ අපේ ගෙදරින් පවා මේ මගුලට කැමති වෙයි කියලා ..ඇරත් මට කෙනෙක් ගැන ආදරයක් ඇතිවේගන ඇවිත් තියෙන්නෙ.....ඒත් ඉතින් ඊට කලින් ඔයා මාව මරාගත්තනෙ...කමක් නෑ දැන් ඉතින් මැරුන එකේ වැලෙන්න යන මගෙ ආදරෙ ගැනත් කියලම මං යන්නම්.. ...මොකද මං දන්නවා ඔයාගෙ චූටි පැටියා මෙව්වා කිව්වා කියලා ඔයාට ඇහෙන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ.....

තවමත් බෙල්ලෙ එල්ලීගන උන්න මං සුදුපාට වෙලා උන්න හෙඩා දිහා බලාගන අඩුම ගානෙ ලොකූටවත් නොකියපු මගෙ ඒක පාර්ශවීක ආදරේ ගැන කියන්න ගත්තා .......

මං ඉංග්‍රීසි මිස්ට හිතින් ආතරේ කරනවා ...

අන්සතු...ඔබ වෙත මගෙ හිත

බැදිලා.....

හිත තුල සෙනෙහස.....

ම්හුක්.....අනෙ ඉංග්‍රීසි මී....ස්....

බෙල්ලෙ එල්ලීගන උන්න මං දත්මිටි කාගන උන්න හෙඩා දිහා බලාගන සින්දුවකුත් කියන ගමන් ආයම පාරක් කට උල් කෙරුවා ...හැබැයි මේ පාර ඒ උම්මිය දෙන්න කට උල් කරන් ලන්වෙනවත් එක්කම මාව විතරක් නෙවෙ හෙඩාවත් ගස්සවගන ඉන්ටර්වල් එකට ගහන බෙල් එක වැදුනා.....හෙඩා කොච්චර බය උනාද කියනවා නම් බිත්තිය මිර්‍රිකන් උන්න හෙඩාට බිත්තියත් අතෑරුනා වගේම මගෙ මලකද යටකරන් ඒකව මගෙ ඇග උඩට වැටෙනකොට මගෙ ඔලුව පත්තෙ වැදුනා..වැදුන පාරට මැරිලා උන්නත් මට වේදනාවක් දැනුනා

ඒ එක්කම මගෙ නිවුන්න යටිගිරියෙන් බෙරිහන් දෙන සද්දෙ ඇහුනා!!

හත්තිකේ....නිර්වානයා......හ්!!

🙂ආයම කොටසකින් එන්නම්..

බයින්න එපා...ජොබී ඕනාවට එපාවට වගෙ ලිව්වෙ...

ඔන්න ඔහෙ හිතෙන දෙයක් කියන් යන්ඩෝ.....

Ferdeesha ❤️💚😘

More Chapters