මන් දිව්වා...ගුවනින් ආව පොත කෙලිම්ම මගෙ ඔලුවටත් උඩින් යනකොට හුනු පිටින් උන්න මං ආවේසෙන් කෑ ගහන සර් දිහා බලල එලියටම දිව්වා.....
ගනන් වැරතුනා....මම පන දමා හැදූ...
හුනු කොට්ට පාර වැතුනා...අපේ ගුරුතුමා ගැසූ....ටැනන්..ටැනන්....ටැනන්....ටැනන්....!!
ශිහ්...මූනෙන් එකයි හුනු.....ඊටත් ටැප් එක ගාව මගෙ සෙනූ විතරක් නෙවෙ මස්සිනා පොඩ්ඩත් ඉන්නවා...ශිහ්...මම මෙහෙම ගියොත් අපේ එකාටත් එක්ක ලැජ්ජාව...මොනා උනත් උගෙ තත්වෙ තියන්න එපැයිනෙ....අමු බිබික්කමා උනත් කව්ද දන්නෙ ඌ හෙඩා ගාව ගැම්මෙන් ඉන්නවද කියලා ...
පඩි පෙල දිහේ පහලට පහලට දුවගන ආව මම ක්‍රීඩා සර් ගාව ඉන්න " අපේ මිනිස්සු " දෙන්නා දිහා බලන් උන්නා...
අමොර් ..අමොර්....හුසෙන්ට් බෝල්ට්ලා...ජාතික වස්තු...ක්‍රීඩා අමාත්‍ය....ආදරේ ආදරේ නෙවෙ....සෙනිරුවගෙ මුනෙ තියන පන්ඩිත ලයින් එක බලකො.....දෙන්න හිතයි මූට.......ඇඹරිලා යන්න...මහා නපුරා තමයි ඕකා...හුරතල් කර කර ඉදලා තමයි මූ ගේම ගහන්නෙ...නැත්තන් ඉතින් මීට කලින් කා එක්ක හරි යාලුවෙලා හරි...කාට හරි කැමැත්තෙන් ඉදලා තියනවද ඇහුවනෙ....
ඊටත් ඕකා මේ ඇස් දෙක හරි ලස්සනයි කියලා....හරි හිමීට මගෙ ඇසුත් අතගාලා....චුක් එකකුත් තියලා....ඊලග තත්පර්රදි කිව්වනෙ...මෙ ඇස් වලින් වෙන උන් දිහා බලලා අහු උනොත් උගුල්ලනවා කියලා ....
මෝ....හ්...මේ සෙනිරුවා අවයව ජාවම් කාරයෙක්තෝ....මන්තා.....අනේ...අනේ....සෙනිරුවෝ.....උඹෙ ආදරේ නම්....අනේ..අනේ...
බිත්තියට හේත්තු වීගන උන්න මම ටැප් එක ගාව උන්න හෙඩා දිහා වගේම සෙනිරුවා දිහා බලන් ඉදලා සර් කාරයා යන්න යනවත් හිමින් හිමින් ටැප් එක දිහාවට ගාටන්න ගත්තා ...
ආ...නිර්වාන්....අයි....යේ...
කොහොමද අනේ ඔයාට....හොදින් නේද අපේ චූටියගෙ බෝයියො....?
ම්න්.....
මගෙ මුන පුරාවටම පාන්පිටි ගාලා වගේ ...හත් අවුරුද්දකින් ගසපු නැති හුනු කොට්ටෙ හින්දා මගෙ මූන තනිකරම ජයරත්න එකේ එම්බාම් පාරක් ගහපු මිනියක් වගේ වෙනකොට මොනා උනත් කියලා මන් මුලිම්ම් මස්සිනාට ටෝක දාලා සිරික්කිය දානවත් එක්කම මං බලාගන අපෙ එකාගෙ මූන තනිකරම කුන්ඩටහට්ටියක් වෙලා ගියා...එක හරි මගුලක්නෙ....මස්සිනානෙ...වෙන එකෙක් ඈ....මොකද වෙන්නෙ පොඩ්ඩක් ආස්සරෙ කෙරුවට....
මං ආයම මගෙ සිගිති දසන් එලියට දාලම හිනා උනා...මං දන්නවා...අනිවාර්යයෙන්ම මම නිකන් කැස්පර් පුංචි භූතයා වගේ ඇති....කමක් නෑ....හිනාව කැත උනත් මං හදවතින්නෙ මෙ හිනා වෙන්නෙ...මොකා උනත් අපේ චූටියගෙ වෙන්ඩ මිනිහනෙ.....අපේ චින්තකගෙයි....චින්තකගෙ වයිෆ්ගෙයි බෑනා පොඩ්ඩනෙ...
මොකද සනාශ් ඔය මුන.....මූන පුරාවටම හුනු ගාන්...පන්තිය ඇතුලෙ නාඩගම් නටනවද ඒ පාර ආ??
මෝ.....මෙයාගෙ සැර අනේ..... ඇයි අනේ...මම නටපු නාඩගමක් නෑ...මේ මට පිටිපස්සෙන් උන්න කොල්ලට ගහපු කොට්ට පාර මගෙ මුනට වැදුනෙ සෙනු....
මොකාද හුනු කොට්ටෙන් ගැහුවෙ උගන්න වෙලේට විකාර කරන්න එපා සනාශ්.....ඉගන ගන්න වෙලාවට ඉගන ගන්නවා...මගුල් නටන් නැතුව....අර අම්මා අප්පච්චි පව් ....විගඩම් නටනවා.....
මේ මොකත මේ....උදේ පාන්දර පෙරෙන්න ආදරෙ දීලා දැන් ඇඩෙන්න බනින්නෙ.....ඇයි වදෙ රවනවත් එක්ක...අනෙ උඹ නටපන් ඩිපූටියො මං යනවා මස්සිනා ගාවට....
හේතුවක් නැතිවම බනින පුපුරන මීට තත්පර ගානකට කලින් මගෙ සෙනූ උන....මට බැන්න හන්දම ආය පුරුදු විදිහටම නරක ඩිපූටිය උන ඒකගෙ මූන දිහා බලලා ගස්සලා අහක බලපු මං සුදු පාට කොල මිටියක් තියන් උන්න හෙඩා ගාවට කිට්ටු උනා.....
මොනාද නිර්වාන් අයියෙ මේ....
හවුස් හතරෙ ලමයිගෙ නම් ඇයි....මොකටද අහන්නෙ..?
මං ඔයාගෙන් ඇහුවෙ නෑනෙ මං ඇහුවෙ නිර්වාන්ගෙන්....මේ බලන්නකො අනෙ මෙයාගෙ ලයින් එක..මෙ සෙනූ මේහ්...මගෙත් කට නම් අවුස්සගන්න එපා ආ.....බබා බබා කියලා අර බාර් කාරිව නලවපු හැටි මතකයි හරිතෙ...අමතක නෑ.....හොදද.....හේතු නැතුව පුප්පන්නෙ....ඇයි වදෙ .....ඔයාට මාව එපා නම් කියන්න අනෙ....හේතු නැතුව සැර නොවි...මේක හරි මගුලක් උනානෙ අනේ....අපේ අප්පච්චි දැනගත්තින් තකහනියෙ ඇවිත් මාව ඇදන් යයි .. .නිස්කාරනේ බැනුම් අහනවට මොන දෙමව්පියද කැමති...
ශෙනිරු මේක ගනින් මං යනවා....
මං ගස්ස ගස්ස බනින්න ගත්තා ...නිර්වානයගෙන් මොනවද තියෙන්නෙ කියලා ඇහුවත් ඌ කෙරුවෙ පුරුදු විදිහටම උගෙ වචන ඉතුරු කරපු එක වෙනකොට නැට්ට පාගන් උන්න ශෙනිරුවා මට ආයමත් පිප්පුවා ...ඒක්කම මාත් ඌට පිප්පුවා ....
මාත් එනවා....පොඩ්ඩක් ඉදින්...
ඒ...ඒ.....දැන් ඔය දෙන්නම මාව දාලා යන්නද යන්නෙ...මේ මොකද මේ....මාව නොදන්න එකෙක් නෙවෙනෙ නිර්වාන් .....ඇයි කතා නොකරන්නෙ....ඇයි වදේ...මං චූටියගෙ අයියනේ...ඇයි මේ වෙනස් කම්...
මං කතා කරන්න ගත්තොත් ඔය සමහරු පැලෙන හින්දා ....සනාශ් චූටිට කියන්න බෙහෙත් ගන්න කියලා .....
කාවද පැලෙන්නෙ...කාවද.... ඈ නිර්වාන් .....අනේ මේ....පැලෙන උන් පැලුන දෙන්....මේක හරි මගුලක් උනානෙ...මුන් ඔක්කොටම වෙස් පෙරලෙනවා.....චූටිට බෙහෙත් ගන්න එක්ක යන්න වෙන්නෙ නෑ....ඌට බෙහෙත් ගෙනත් මං බොන්නද.....ඌ බේත් බොන්න හොරයි...අනික උගෙ ගාව සල්ලි කීයක් හරි තිබ්බා නම් උගෙන් සල්ලි අරන් ඌ වෙනුවට උගෙ බෙහෙත් මං වත් බොනවා....ඒත් ඒක හරියන් නෑ මස්සිනා . ලොකු නැන්දා මීටරෙ...ඔයාට තෙරෙනවනෙ නිරූ..
ඔය කට රිදෙන්නෙ නැද්ද සනාශ් ආ???කියවනවා ඉවරයක් නෑ .....හුස්මක් වත් ගන්නවකො අයිසෙ...
අරූ ආයම බැන්නා ...ආයම සැරකෙරුවෙ ....චූටිගෙ අසනීප තත්වෙ ගැන මස්සිනා එක්ක ඩිස්කස් කර කර උන්න මා දිහා රවාගන බලන් උන්න ඩිපූටියා ආයම නහිනකොට මම බලාගන හෙඩා කට කොනින් හිනා වෙලා ඒකගෙ අතේ තිබුන කොල ටික අපේ මිනිහගෙ අතට දුන්නා....
මං මූව අරන් යන්නෙ නෑ.....තියාගනින්...
කව්ද දන්නෙ...දවසෙම උන්නෙත් සාංකාවෙන්නෙ.....
ම්න්...කියන්න බෑ....හිතුනොත් හංගපු ආයුද හොයන්න කියලා හරි අරන් යනවා.....
ඇත්තට. ..අම්මගෙ හයිය වෙන්න ඇති.....පව් ඉතින්.....උඹට...දවස් ගානක් නැගිට ගන්න බැරිව ඉන්න තමයි....මොකද.....මටත් අතපය නැතුව නෙවෙනේ .....
ම්ම්න්න්....එහෙමද ආස.....ගනින් මේ මගුල මට උබේ බිබික්කම ඕන් නෑ.....මට මගෙ බිබික්කම හොදයි...මොකද ..මූට වඩා...උගෙ තියනවා....
මේ මොන අප්රබ්රංසයක්ද මේ....මුන් දෙන්නට උදේ ඉදන් ගුටි පොර අල්ලා මොල හෙලවිලාවත්ද...අනික...මට වඩා මොනාද අපේ එක්කාගෙ තියෙන්නෙ....මොනාත...මොනාත...
අනේ....හ්.....මට නැති...ඌට තියන දේ මොකක්ද.....
හෙඩා වගේම ඩිපූටියා එකාට එකා කුනු කුනු ගානකොට කම්පියුස් උන්ගා බුන්ගා වෙලා උන්න මං නියන් කාක්කා වගේ කටත් ඇරන් බලාගන උන්නා වගේම අවසානෙදි මා දිහා බලලා කට කොනකින් හිනා උන නිර්වාන් යන්න හැදුවා .....
නිර්වානයා....
...?
අද ක්ලාස් .....
තියනවා....
ඒත් හෙට මැච් එකනෙ...
ඒ හෙටනෙ....හෙට වෙන්න පැය කීයක් තියනවද.....ඇරත්....මේ අවුරුද්ද විතරයි මං මේ මගුල් කරන්නෙ....මෙතනින් එහා නෑ...පිස්සු විකාර තනිකරම ...සනාශ් මල්ලිට අසනීපයිනෙ....එන්න එපා කියන්න...උනුවතුර බොන්න කියන්න...හොදට නිදා ගන්න කියන්න....
මං....කියන්නම් නිර්වාන් ...
නිර්වාන් යන්න ගියා...මුල තත්පර ගානෙදි ලාවට හරි හිනා උන නිර්වාන්ගෙ මූනෙ හිනාව අවසානම හරියෙදි සම්පූරනම නැති වෙලා යන්න ගියා ....එයා ඉන්නෙ තරහවෙන්...හොබී එකක් විදිහට කරාටි මරාටි ගහගන්නවා කිව්වට....මං නිර්වාන්ගෙන් ඒ සම්බන්ද කිසි සතුටක් දැක්කෙ නෑ....අනේ මන්දා....මිනිස්සු විනෝදාංශයක් තෝර ගන්නෙ තමා වෙනුවෙන්නෙ.....ඒත්...මේක....?
ඔය කට වහගන්නවා.....තවත් පෙට්ටි කට ඇරන් ඉන්නවා....දෙනවා උඹට මං වෙලාවක අඩාගන දුවන්න....
උ..ඌයි....හ්....අනේ....ම්හුක්...මොකද සෙනූ වෙලා තියෙන්නෙ.....මිරිකන්නෙ.....ඌයියා....
රිදෙනවා.....මිනියෝ.....හ්
වෙලා තියෙන්නෙ....උඹට මං ඉන්නකොට මා එක්ක හිනා වෙන්න බෑ....නේ.....ම්ම්ම්
යෝ....ඉරිසියා හිතිලනෙ...ඉතිම්...මහ නරකයා සෙනූ ඔයා නම්....චූටි දේවල් වලටත් රන්ඩු වෙනවනෙ.....අනෙ....ඒ උනට හයියෙන් මිරිකුවා.....
එහෙම තමයි....ගලවනවා ඇස් දෙක.....හයියෙන් මිරිකන තැන් තව තියෙනවා.....මිරිකගන්න ඕනෙද....ම්ම්ම්ම්ම්...
ම්හුක්...නරකයා...අනේ....ඔයා නම්...අනේ....සෙනූ එපානෙ ඔව්වා කතා කරන්න....බබීත ලැජ්ජයිනෙ.....👉👈
ඇත්තද...මගෙ බබීට ලැජ්ජද....ඇයි ඉතින් ලැජ්ජා වෙන්නෙ.....මගෙනෙ...මමනෙ මිරිකන්නෙ...ම්ම්ම්.....මොකද බබී ඔය මූනෙ හුනු....
ආ..මේ.....මං කිව්වෙ.....අනේ.....මට පිටිපස්සෙ උන්න්න් එකාට ගහපු කොට්ට පාර අනෙ මේ.....
යන්න ගිහින් හෝදන් එන්න....ඔව්වා ඇස්වලටත් යනව දැන්
මං ටැප් එක ගාවට දිව්වා.....මීට විනාඩි ගානකට කලින් ඊරිසියාව ඉහවහ ගහපු මගෙ සෙනූ ආයම පුරුදු විදිහටම මට බබී කියනකොට ඇවිලුනු ගිනි නිවුන බව දන්න මං එයාට මගෙ පෙට්ටි හිනාව දාලා ටැප් එක ගාවට දිව්වා.....ම්හුක්...මගෙනෙ අනේ ඉතින්....
ආදරේට කෝටු කෑලි!
සෙනූ...
ම්ම්...
මායි අපේ චූටියයි මොකෙද ඉන්නෙ සෙනූ.....
ම්ම්...දෙන්නම එකක ඉන්නෙ....හැබැයි බබී....චූටියට නම් මොකටවත් එන්න දෙන එකක් නෑ අපේ එකා....
ම්ම්ම්...එයා එහෙම කිව්වද....අපේ පොඩි නිවුන්නව ගන්නෙ නෑ කියලා ...?
මට කියන්න ඕන නෑ...මං ඔය මිනිහව දන්නෙ ඉපදුන දා ඉදන්....ඒක හින්දා මං දන්නවා ඔය පොලවෙ හිටින්න බැරි පොඩි නිවුන්නට ග්‍රවුන්ඩ් එකාට පැත්තට වත් එන්න දෙන්නෙ නැති වෙයි කියලා .....
ශෙනිරු ....
කියන්න බබී...
එයා අපේ සයාශ්ට ඇත්තටම ආදරෙයිද ...
මමයි එයයි උන්නෙ ටැප් එක පහු කරන් ඇවිත් බෙහෙත් නෙල්ලිගහ යටට වෙලා.....මෙතනින් එහා තියන සබ්ජෙක්ට් එක පවා ඒ මුන දැක්කට පස්සෙ අමතක උන මාව පන්තියට යනවා වෙනුවට ශෙනිරුගෙ පස්සෙන් කාන්දමක් වගෙ ඇදිලා ගියා .....
චූටි චූටි කොල තිබුන මහ විසාලෙට හැදුන බෙහෙත් නෙල්ලි ගහේ අතු පුරාවටම චූටි චූටි ගැට ගෙඩි හැදිලා තිබුනා...කහ ගැහුන චූටි කොල අතුගාපු මිදුල පුරාවටම හැලිලා තිබුනා....මෙතනින් එහාට තිබුනෙ තනිකරම හාස්‍යක් නැති හුරතලයක් මුරන්ඩු කමක් නැති කතා බහක් වෙනකොට මං ශෙනිරු ගාවට වෙලා ඉදන් නිර්වාන් ගැන කතා කරනකොට කාටත් හොරාවට ශෙනිරු මගෙ අතේ චූටි ඇගිල්ල එයාගෙ අතට හිරකරගත්තා ...මගෙ ඇගත් එක්ක හිරිවැටිලා ගියා...
බබී.....
ම්ම්ම්.....
ඇයි නිර්වාන් සයාශ්ට ඇත්තටම ආදරෙයිද අහන්නෙ....එහෙම අහනවා නම්...උඹට මගෙ ගැනත් අවිස්වාසද සනාශ්.....මං අහන්නෙ විහිලු කතාවක් නෙවෙ..ඒක නිසා...මට හරි උත්තරයක් දීපන් ලොකූ....
නෑ.....ඒත්...නිර්වානුයි...ඔයයි....දෙන්නම.....එක්කෙනෙක්...නෙවෙනෙ....මම...
කැමති නෑ.....මගෙ මල්ලි....අඩනවා රැවටෙනව බලන්න...කවදා හරි...නිර්වාන් අතින් වරදයක් උනොත්...ඒකට ඔයාටත් එක්ක වන්දි ගෙවන්න වෙයි ශෙනිරු..... ...මොකද ....අපි දෙන්න වගේමයි...ඔය දෙන්නත්...ඒක නෑ කියන්න බෑනෙ....මම මගෙ මල්ලි ගැන දන්නවා වගේමයි....ඔයත්...
සනාශ් .....සනාශ්...සනාශ්...දෙයක් කියන්නම් සනාශ්.....මම තමුසෙට හරි ආදරෙයි ඕයි....ඒක ඇත්ත...ආය එතන ඥන් පඥන් ගෑවිලි නෑ..මං තමුසෙට ඇත්තටම හරි ආදරෙයි,
හැබැයි.....ඔය අඩමානෙට ජීවත් වෙන්න හදන එක නවත්තනවා....මම වත්...ඌවත්.....මෙතන බොරුවක් කරන්නෙ නැ....බොරුවක් කරන්න.....කාලෙ කාගෙන බොරු කරන්න.....අපිට පිස්සුද සනාශ්...??අනික කොල්ලො දෙන්නෙක් එක්ක යාලුවෙලා....තමුසෙ ඔය පොඩි නිවුන්න ගැන හිතනවා වගේ තමයි මාත් මගෙ එකා ගැන හිතන්නෙ.....අන්න ඒකත් දැනගන්නවා....
.හරි....හරි..අනේ....බයින්නෙ ඉතින්.....බයින්න එපානෙ සෙනූ.....බබීත බය හිතෙනවනෙ....
බය හිතෙනවනෙ කියන්නෙ...මෝඩ කතා අහන්න එපා දරුවො ...බබී.....දෙයක් කියන්නද....
මං බිම බලාගන උන්නා...වචනයක් කියපු ගමන් ඇස් පිල්ලම ගහන පමාවට යකාට ඇදගත්තු ශෙනිරු මාව බෙහෙත් නෙල්ලි ගහ යටිනුත් තවත් ඈතට එක්ක ගියා විතරක් නෙවෙ ..දැන් එයයි මායි උන්නෙ එයාලා ඔය කරාටි මරාටි ගහගන්න තැන තිබුන හෝල් එකේ ස්ටේජ් එකේ තිර රෙදි අස්සෙ ....ඒ තැනට ආවෙ කොහොමද කියන්න දන්නෙ දෙයියොම විතරක් වෙද්දි මෙවෙලාවෙ ශෙනිරු උන්නෙ මාව එයාගෙ ඇගට හේත්තු කරගන.....
සැර උන එයා අනිත් පාර ආයමත් මට බබී කියල කතා කරනකොට මම එයාගෙ මුන දිහා බැලුවා....
සනාශ්.....ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ගෙන් කවදාවත් ආදරේ කරන්නෙ ඇත්තටද කියලා අහන්න එපා ලොකූ...සමහර විට ඒ මිනිස්සු ආදරයක් හොයන්නෙ.....ආදරයක් ඕනම වෙලාවක වෙන්න පුලුවන් .....ඔයාගෙ චූටිට කියන්න....නෑ එක්කො....ඔයා කියන්න ඕන නෑ එයාම තේරුම් ගනීවි ....ඌ නපුරුයි ..ඌට යකාට වගේ තරහා යනවා ...ඕනා කිව්වොත් ඕනමයි....ඌව කවදාවත් හදන්න බැරි තරන් ඌ හරි මුරන්ඩුයි ...මං දන්නෙ නෑ...සනාශ් මට නිර්වාන්ගෙ චරිතෙ ගැන කියන්න තේරෙන්නෙ නෑ ..හැබැයි ...සයාශ් ඌට ආදරේ කරන්න ගත්තොත් ...ඌ පන උනත් දෙනවා...එච්චරයි මට කියන්න තියෙන්නෙ.....
මේ හැම දේටම වැරදි ලොකු අම්මා බබී...වැඩකාරයො ගාව හැදුන ඌට ඕනෙ අම්මා අම්මා විදිහට ඉන්න.....අම්මෙක් කියන්නෙ....මොන තැනට ආවත් අම්මමයි සනාශ් .....ඒත්...ලොකු අම්මා.....ලොකු අම්මා.අනිත් ලමයිගෙ අනාගතේ ගැන ගිරිය පුප්පන්කෑ ගැහුවට....තමාට ඉන්න එකම පුතාගෙ අනාගතේ කාපු අම්මෙක්.....
මං අහන් උන්නා.....ඒ වගෙම තිර රෙදි අස්සෙන් ලාවට වගේ පේන නිර්වාන් දිහාත් බලාගන උන්නා...එයාගෙ ඇගට හේත්තු වේගන උන්න මාව එයා තවත් ටිකක් ලගට ගන්නකොට කොච්චර අහංකාරයා කියලා බැන්නත් මට නිර්වාන් ගැන දුක හිතෙනකොට මටත් නොදැනි පව් කියලා කිය උනා....
පව්.....
ම්ම්ම්...එතකොට සෙනූ පව් නැද්ද....ම්ම්
ම්හුක්.....ඔයා මොකටද පව්.....
මං මොකටද පව් අහන්නෙ.....මං ගැන දුක හිතෙන් නෑනෙ මගෙ පොඩි කොල්ලට....
නිකන් ඉන්නකො....සෙනූ.....ලැජ්ජයිනෙ අයියො...
ආ..ආ....මගෙනෙ...ම්ම්...මගෙනෙ...මේ සැලලිහිනියා...මගෙ නෙවේද....ම්ම්ම්ම්ම්.....කෝ ඉතින්....ඇයි අහක බලන්නෙ.....
යෝ...හ්හ් නිකන් ඉන්නකො...සෙනූ.....
මට ලැජ්ජ හිතුනා.....මගෙ බඩ රිදෙන්න ගත්තා ...කොටිම්ම කිව්වොත් බඩ අස්සෙ මහා විප්ලවයක් වෙන්න ගත්තා .....මම එයාගෙනෙ...එයාගෙනෙ...එයාගෙනෙ ගගා උන්න ශෙනිරු බිම බලන් උන්න මගෙ නිකටෙන් උස්සලා ඇස් දෙක අඩවන් කරන් මගෙ යටි තොල දිහාම බලන් ඉන්නකොට මාව. දිය වෙලා වැක්කෙරෙන්න ආවා....
චුක් එකක් දෙන්නදෝ...මන්දා යන්නෙ.....අනේ එපානෙ සෙනූ...මට නිකන් මොනින් සික්නස් වගේ...බඩ රිදෙනවනෙ........
සෙනූ....ඔයා...ඔය...ඔහොම...බලන් ඉන්නෙ...මගෙ...කට කන්න නේද...අනේ....
පිස්සුද....?
ආ..ආ..ආ...මේ මොකත මේ....මෙච්චර වෙලාම ඇස් අඩවන් කරන් කට දිහා බලන් ඉදල නෑ කියලා කියපු අපූරුව අඩේ...මේ මුන්ට නම් රෝමාන්තික භාවයක් ඇත්තෙම නෑනෙ....ඇ...ඇත්තෙම නෑනෙ.....
පිස්සුද ..පිස්සු නෑ හැටි...අතෑරපන් සෙනූ මාව...උඹල දෙන්නා හැමදාම ඔය කරාටි මරාටි එක්කම ඉදපල්ලා....අපේ චින්තකයි...චින්තකගෙ වයිපුයි දැනගත්තා නම් බෑනලාගෙ කෙරුවාව...ඇත්තමයි හොරොව්පතානෙ අපේ සීයගෙ වෙලේ පඹයින්ට හිටවයි.....
ම්ම්ම්...හොරොව්පතාන ලොකුද හුගක්....
මහ වනචරයෙක් සෙනූ.....අතෑරපන් මාව.....
මන්දැගලුවා....ඒත් ඉතින් තනිකරම ප්‍රෝඩාව මගෙ...යන්න පුලුවන් කම සීයට දාහක් විතර තියාගනම තමයි මං දැගලුවෙ....
දගලපු මම අනිත් පාර ගැස්සුවා....බොරු බලාපොරොත්තු දුන්නට තරහව පිරිමැහුවා.....
හවසට ආවම දෙන්නම්...සෙනූගාව දාඩියයිනෙ බබී...
ම්හුක්...හවසට දෙනවද.....
ම්ම්ම්...ම්ම්..දෙන්නම්...එකක් නෙවෙ....මේ පෙට්ටි කට ඉදිමෙන්න හුගක් දෙන්නම්....
යෝ.....හ්...එකක් ඇති අනෙ....එකකින් සෑහීමකට පත් වෙන්න පුලුවන්
ඒ උඹටනෙ.....මට නෙවෙනෙ....
සෙනු ...ඌ....ඌ...මේ අයි...යෝ....
ම්ම්ම්...ම්ම්...මොකද...
බඩ්ඩක් අහන්නද....
හ්ම්....ලේ කෝප වෙන්නෙ නැති ඕන.කතාවක්....නැත්තන් වැඩි කල් නොයා චින්තකගෙ පුත්තු දෙන්නා ගුටි කාලා මැරෙනවා....
යෝ...අහන්නකො අනේ.....
.....
අර නිර්වාන් මොනාද අනේ කිව්වෙ...
මොනාද....
උඹගෙ එකාට වඩා මගෙ එකාගෙ ලොකුයි කියලා .....මට වඩා අපේ චූටියගෙ ලොකු මොකක්ද සෙනූ ...ආ අනේ...බබීට වඩා චූටියගෙ ලොකු මොනාත...ඔව්....මොනාත...
බබීට වඩා....චූටියගෙ ලොකුද....
ඔව්...ලොකු මොනාත...
පුක...පුක...
අතෑරපිය වලත්තයා මාව....!
.............
Sayash pov....
සුතර්මා....
මොකද...දැන් ඕක ගිලල ගිහින් බුදියනවා නෙවෙ චූටියා...මේ බෙහෙත් බොන්න ඕනා තේරුනානෙ....
ම්හුක්...යෝහ්....බෙහෙත් ඕන් නෑ...ලොකු නැන්දේ...පමනට වඩා...බෙහෙත් බීමෙන් වකුගඩු නරක් වෙ...අහළ නැද්ද.....
මං උන්නෙ කුසියෙ පුටුව උඩ...ඉහෙ ඉදන් පොරවන් උන්න මම මගෙ අඩු දෙකත් මෑ කරල් දෙකක් වගෙ ඔතාගන නහයෙන් අඩලා අඩලා ගෙන්න ගත්තු කොත්තුමීය සුරුස් සුරූස් ගාන ගමන් ඉහලට ඇද ඇද හොරාවට බිත්ති ඔරලෝසුව දිහා බැලුවා....ම්ම්ම්ම් තව පැය කාලයි...අපේ ලොකුවා ගෙදර එනව....අද නම් ඉංග්‍රීසි පන්ති යන්නම ඕනෙ...ම්හුක්....යෝ....හ්...මට දැන් හෙඩ් පිපෙට් අයියව මතක් වෙනවනෙ හරීයට ....
එහෙ බැලුවත් හෙඩා මෙහෙ බැලුවත් හෙඩා....හතර වටම ඉන්නෙ හෙඩානෙ...
ගමෙ ගෙදර වගේ දර ලිපක් නැතිව ගෑස් වලින් උයන ලොකු නැන්දා සට බට සට බට ගගා උයන හැටි මං ගිල ගිල බලන් උන්නා.....වෙලහට පුත්ත රත්නෙට ගිල්ලවන්න වෙන්න ඇති...
සුතර්මා .....මේ අනේ.....
ඒ පාර මොකද උඹ...
යෝ...බයින්න එපා අනේ...දරු පැටියට උන ගැනිලා ඉන්න නොදරුවගෙනෙ මේ හිත කැක්කුම් කරවන්නෙ...
කියපන් ඉතින් කෙකර බාන්නෙ....
ම්හුක්....අපේ චූටි අයියා ඉන්නෙ...
ඉතින්.....
මෙහෙමයි...අනේ.....මේක...මේ....සුලූ....
සැකයක් පමනයි ....හොතත.....මේක ඇවිත්....ඉතාම....සුලූ....සැකයක්...පමනයි....මේ කනින් අහලා...අනිත් කනින් හලන්න ඕනා...ඈ...පපුවට එහෙම ගන්නවා නෙවෙ සුතර්මා .....
උඹ කියන මගුලක් කියලා ඉක්මනට ඕක කාලා බේත් ටික බීපන් චූටියා....හොර කර කර හොර කර කර මග අරින්ඩ හදන්නෙ...
යෝ....සුතර්මා ...බේත්ම නෙවෙ....අනෙ ජීවිතේ....අප්පච්චි ගෙ දරු පැටියගෙ වකු ගඩ්ඩක් නරක් උනොත් ඔයා දෙනවද නෑනෙ....දෙනවා නම් හා....පෙනඩෝල් පෙත්ත පවා අගුන වෙන වෙලාවල් තිබේ.....අහලා නැද්ද අනෙ...ඇගටත් පන නෑ බැනුම්ම අහලා...සත්තිය කියන දේ හීන වෙලා ගිහින්.....ම්හුක්...
උඹගෙ ඇගට පන නැතිඑක අහන්න දෙයක්ද ඇගේම හයිය කටට ගිහින් තියනකොට .....කටු ගැහිලා ඒත් කට...කට නම් තියනවා බෝක්කුව වගේ....
ලොකු නැන්දා මගෙ මූන දිහා බලාගන ඉදලා කැත නැතුව මගෙ කටට බෝක්කුවක් කිව්වා....
ආ....ආ....ආ...සුතර්මා ....හරිම අගෙයි...හරිම අගෙයි ආ....මල්ලිගෙ දරු පැටියට කරන අරියාදු නම් හරිම අගෙයි ආ.....නැන්දා කෙනෙක් නේද....හරිම අගෙයි....ප්‍රීතී.....ප්‍රීතී.....ඈ...ලොකු නැන්දේ....ප්රීතීහ්හ්.....!
ම්හුක්.....හරි...හරි ...අහන්නකො...අනේ.....
නූඩ්ල්ස් ගිල ගිල කට බෙරි කර කර ..බෙහෙත් බොන කතාව අමතක කරවන්න හිතාගන " පාවා දෙන පන්තියෙ" උන්න මං ඊයෙ මහ රාත්තිරියේ සේපාලිකා ගස් අස්සෙ රිංගන් පෙම් බස් දොඩාපු චූටි අයියව පාවා දෙන්න හරි බරි ගැහුනා....
සුතර්මා ...අපේ....චූටි අයියට.....කුමක් හෝ....පෙම් පලහිලව්වක් තියනවද....
කව්ද දන්නෙ...
මං නම් හිතන්නෙම.....තියනවා...
ඇයි උඹ එහෙම.කියන්නෙ....?අපේ එකා කිව්වද?
එහෙම කියන්නෙ.....මං බලාගන....ඊයෙ පාන්දර....අපි ගෙදර ආව වෙලාවෙ චූටි අයියා මොනවතෝ....හුචු හුචු ගානවා...ගැටිස්සියෙක් වත් හොයාගනතෝ.....මන්තා.......ආතරේ.....වෑහුනා....සුතරමා.....
මොනාද ඌ කියෙව්වෙ....
හරියටම ඇහුන් නෑ...මොනවා කිව්වා..ඇබරුනා...ගේ දිහාත් හොදට බැලුවා...ඔලුව වැනුවා.....හිනා උනා...සමහර විට.....යාලු කරන් ඉන්න ගැටිස්සිට...මේ ගේ තියෙන්නෙ චූටි අයියගෙ නමට කිව්වත දන්නෙ නෑනෙ...
.......
ඔන්න සුතර්මා ....මං දැම්ම කිව්වා....ප්‍රාන බුත්තිය තියාගන ලියන්ට ඇ.....පුතාල උනත් වෙනස් වෙනවා....ගෑනුන්ගෙ පදේට නෙ නටන්නෙ....දැන් ඔය අපෙ....චින්තකගෙ වයිප් උනත්...හරි සැරයිනෙ.....මොනා උනත්....ලොකු නැන්දයි...මාමයි...එකානෙ...එකානෙ.....
ඉන්නෙ.. කිය කිය කරන්ඩ පුලුවන් හැම දේම ඕකා වෙනුවෙන් කෙරුවනෙ... එහෙම කරාපු...එකා....ගෑනුන්ගෙ පදේට නැටුවොත්....අනේ....අප්පෙ...ඉතින්.....උඩ ඉන්න...දෙයියෝම...බලා ගන්න ඕනා.....කැහ්...කැහ්....
මං ගානට ගුලිය ඇඹරුවා...එක ගලයි...කුරුල්ලො...දෙන්නයි...
මෙච්චර වෙලාම බේත් ගැන මතක් කර කර මගෙ දනිස් තුවාල වෙනකම්ම මානසීකව වට්ටපු ලොකු නැන්දගෙ මූන දෙක වෙලා ගියා ....පුතුකිගෙ ක්‍රියා කලාපෙ ගැන මාතා ජීට බලවත් අප්‍රසාදය වගෙ යසයි .....යසයි චූටි අයියෙ . ..අපි නොදන්න බොහෝ දේවල් තියනවතෝ.....මන්තා ...
ඔව්වා හිතන්න එපා සුතර්මා ...ලමයිනෙ කොල්ලොනෙ.....ගමේනෙ...දරු පැටියට කන්ට දුන්නට බොන්ට පින් සිත්ත වෙනවා.....
චූටියා .....චූටියා ...මහ ඇරලා ගියානෙ.....මෙහට වර....මාව ගෙන්න ගන්න නම් එපා චූටියා...
ම්හුක්.....බොරූවට කෑ ගහනවා.....
බගෙ තරු පැටව් අහසට දෑත දිගුකරග්.....අම්බා එයි කියා...ගබටම හඩ තලයි.....වැරෙන්.....සින්න වෙන...ඉඩම බට ගොඩ ගන්ඩා බෑ...ඉතින්...
අපි....අයින්...වෙලා...පයින්....යමු....පුතී...
මම උන්නෙ ඇදුමක් තෝර තෝර...අදිනවා ගලවනවා...අදිනවා ගලවනවා.....
ලොකු නැන්දේ...මේ ලොකු ලමයා ගෙදර ආවා...බත් බෙදන්ඩෝ....පන්ති යන්ඩ ඕනෝ...
මං උන්නෙ ලොකුවගෙ ටී ශර්ට් එකකට අත තියන ගමන්.....එකපාරම උගෙ කටහඩ ඇහුනත් එක්කම මං ඉක්මනට අත අහකට ගත්තා...ඕකා මහ වසවර්තියා....උන කියලා බලන්නෙ නැතුව උන දෙපිටින් යන්ඩ දේවි....ඕන් නෑ මට ඕකගෙ ඇදුම්...
ආ....මේ....චූටියා...උඹට දැන් හොදද චූටි....
හ්ම්ම්...හ්ම්.....
උඹ ඔය කොහෙ යන්ඩද ලෑස්ති වෙන්නෙ....
පන්ති යන්ඩ...පන්ති යන්ඩ....
උඹට දැන් පන්ති යන්ඩ පුලුවන්ද ....උඹ මැරෙන්ඩ වැටිලනෙ උන්නෙ...
නෑ...මට දැන් සනීපයි ....
එහෙමද...එහෙනම් මේක පොඩ්ඩක් ඉඹලා බලපන් ගදද කියලා...
ය්...යෝ...මූසල....යෝ...කැහ්....කැහ්....අහකට....අනේ....සුතර්.....මා....හ්..මේ බාන්ඩකො...මූ....ජන්ගිය මූනෙ අතුල්ලනවා...හ්.....බ්බ්වෑක්....බ්.....පලකෝ...යකෝ...කැහ්...බ්බ්...බ්බ්..බ්වෑක්.....
ඉතින්...උඹගෙ සෙන්සරේ වැඩද කියලනෙ බැලුවෙ...න හොදයි කිව්වට පුලුවන්ද ...
මන් මැරෙන්ඩ හැදුවා.....තුවාය ඉනට ඇදන් ඇදුම් වල හැඩ බල බල උන්න මගෙ මූනට තුවායක් ඇද ගන්න ගමන් උන්න ලොකුවා උගෙ ඇදන් ගියපු ජොකාව මගෙ නහය ගාවට කරලා ගදද බලපන් කියනකොට නහින්න හැදුවා.....
සෙන්සර් හොදද අහන්නෙ....ගද නැත්තන් තෝ ඕක කනපිට ඇදන් යන්නද?
ම්ම්...ඔව්.....දවසක් අයන් කරලා.අදිනවා...දවසක් අයන් කරන් නැතුව අදිනවා.....දවසක් හොද පිට....අනිත් දවසෙ කනපිට.......මුල් දවසේ හෝදලා....ඔන්න බලපන්.....දවස් පහ එක ජොකාගෙන් බැලන්ස් කරන හැටි...
එව්ව්.....උඹ.....අරූට හොරි දායි...එව්....
දැන් උඹට හොදටම සනීපද....අසනිප පිට ඇවිත් අර නඩාර්ගෙන් බැනුම් අහන්නෙ නැත්තන් ඕන එකක්....අන්තීමට අපේ සෙනූටයි බැනුම් අහන්න් වෙන්න...." සෙනූ...මං ගෙදර ආවා අනේ...මේ අපේ චූටියත් එනවලූ.....හාද....බබී එනකන් පයිස්සමින් ඉන්න සෙනූ...හාද අයියො...."
එව්...විතරක් ....බිබික්කම වගේ....නැලවිල්ල බලකො..හාද නෙවෙ...හරිද...හරිද.....මොන හාදයක්ද මේ......හරිම අගෙයි සැලලිහිනියගෙ පෙම් කෙලිල්ල නම්...ආ...හරිම අගෙයි...ආ....චින්තකගෙ නොදරු පැටියා විතරයි හොද...හරිම අගෙයි මුගෙ හැදියාව.....ප්‍රීතී....ප්‍රීතී....
තිරිසන්නු වගේ අනේ....

මම ඩෙනිම ඇදගන්න ගමන් ඵෝන් එක කට ගාවට අරන් වොයිස් මැසේජ් දාන ලොකුව.දිහා බලලා ඇස් දෙක හීනි කරගත්තු මං මගෙ ටීශර්ට් එකත් ඇදගන කන්නාඩිය දිහා බැලුවා....
යූ.....ඔය ඉන්නෙ...ඔය ඉන්නෙ....ම්ම්ම්.....යෝ....ඉතින්...නිරූගෙ චූචියගෙ ලස්සන....ම්හුක්...කාටත ඉතිම් ආඩම්බර ....හෙඩ් පිපෙට් අයියට මිසක්.....
චූටියා....
ම්ම්ම්ම්....
උඹට පනිවිඩයක් කියන්න කිව්වා....එකක් නෙවෙ...දෙක තුනක්....
ඇදුම් සීයකට පස්සෙ ඇදුමක් ඇදගත්තු මම තුවායක් විතරක් පටලවන් ඉන්න ලොකුවා එක්ක මේසෙට වෙලා බත් කන්න ගත්තා .....බත් කන්න ගත්තා කිව්වට ඌ විතරයි ...මං නෙවෙ....මගෙ කට තිත්තයි....ඇග පන නෑ...ඇත්තටම වෙනද වගේ නම් මම කරන්නෙ උන හොද වෙලත් නිදියන එක වෙනකොට හෙට දවසෙත් නිර්වාන් නැති හන්දා මට එයාව බලන්නම ඕනා හිතුනා...මගෙ ගාව උන්න ලොකුවා බත් කනකොට මම ඌකන දිහා බලාගන කෙල ගිල්ලා...බඩගින්නත් එනවා..ඒ උනත් කා ගන්න බෑ...කටට නිකන් කරවිල අතුල්ලලා වගෙ.....
අනෙ ලොකූ බත් කටක් කවපන්කෝ.....
බලන් ඉදලා බලන් ඉදලා බැරිම තැන මං උගෙන් බත් කටක් ඉල්ලනකොට ඌ බත් කටක් අනලා මගෙ කටට ඔබලා නලලට අත තියලා බැලුවා ...
උඹට තාම උන චූටි....එක්කො ඔන්න ඔහෙ ඉදපන්....උඹ යන්නෙ ඌව බලන්නනෙ....මං කියන්නම්
ම්ම්ම්....හ්හ්....
දෙන්ඩ හිතෙනවා තොට...
මොකක්ද පනිවිඩෙ....
බත් කට කටේ තියන් උන්න මං හපන්නෙත් නැතුව ගිලින්නෙත් නැතිව සනාශ් දිහා බලන් උන්නා....
ඩ්‍රාමා සර් උඹව ඇහුවා ...
ඇයි...එ...
උඹව ඇහුවෙ ඉතින් මොකටද ...මොකක්ද මන්දා නාට්ටිටක් තියනවලු....ඒකට ගන්න....
ඉතින් උඹ මොකද කිව්වෙ...
මං කිව්වා උඹට උන....මං කියන්නම් කියලා .....ඊට පස්සෙ කිව්වා....ඉස්කෝලේ ආවම හම්බෙන්න කියලා ...උඹට ස්ක්‍රිප්ට් එක තියනව කියවලා දෙන්න බලන්නම් කියලා .....
ම්ම්ම්...
මං කල්පනා කරන්න ගත්තා ....පරන ඉස්කෝලෙත් මං වේදිකා නාට්ටි (නාට්‍ය) වල උන්නා....තරගවලට ත් ගියා ....අවුරුදු ගානක් ...හයවසර ඉදන් මං ආසාවෙන්ම කරපුඑකම දේ.....සහතික ඇති මිටි ගනන්....හොදම නලුවට හිමි සම්මාන ඇති දහයකටත් වැඩිය....පුංචි පුංචි සම්මාන උනත්....මගෙ ජීවිතේම ඒ සම්මාන අස්සෙ තිබ්බා...ඉස්කෝල ගානකින් තේරිලා තේරිලා එන හොදම පිටපත්....හොදම රංගවස්ත්‍ර....හොදම සංගීතෙ .හොදම නිලිය ...හොදම නලුවා ....හොදම සහය නිලිය...හොදම සහය නලුවා ....වේශ නිරූපන....මේ දේවල් කියන්නෙ වෙනමම ලෙවල් එකක් වෙනකොට නලු ඌශ්නෙ තියන මගෙ හීන පොත අස්සෙ සුදු පිටුවක මං ආස කරපු තවත් හීනයක් තිබ්බා....
ඒ...රාජ්‍ය ලමා නාට්‍ය උලෙලක හොදම ලමා නළුවා වෙන එක.....ටීවි එකක යන ඩ්‍රාමා එකක වැරදුනත් ඒ ශොට් එක ආය ආය ගන්න පුලුවන් ...ඒත් වේදිකාවක වැරදුනොත් වැරදුනාම වෙනකොට මං ඒ පොඩි දේ පවා හරි උනන්දුවෙන් කෙරුවා ....එක මගෙ ආසාවක්... ..
චූටි....චූටියා.....
ම්ම්..ඕ...ඕ...
උඹ යනවද ...
ඔව්.....මං චූටි අයියා ආවම සර්ට කතා කරන්නම්.....
හ්ම්ම්ම්...
මං ලොකුවට තිබ්බ වතුර වීදුරුවෙම්ම උගුරක් බීලා නැගිටිනකොට ඌත් අත හෝදගන්න නැගිට්ටා ...
වෙලාව තුනට කාලයි ..තව පැය කාලයි...අරූ තාම කන්නඩිය ගාව...
ආ ලොකූ ...දැන් තුනට නේද පන්තිය උඹලා තාම ගෙදරද....බයිසිකලේ නම් යන්ඩ ලෑස්ති වෙනවා නෙවෙ උඹලා ආ ...
නෑ අනේ...මූයි මායි පයින් යන්නම්...
යෝ..මේ ගිනි පුටකෙ....
මගෙ මූනත් එක්ක මෙව්වා වෙලා ගියා ....සිය පාරක් විතර ක්‍රීමුත් ගාලා කම්මුලෙ තිබුන පිම්පල් එක උඩට ලොකු නැන්දගෙ බීබී ක්‍රීම් තලියකුත් උලාගන ඉගන ගන්නවට වඩා නිර්වාන් ව බලාගන්න යන්න උවමනාව තිබ්බ මට අරූ පයින් යන්නම් කියනවත් එක්කම වහ කන්න හිතුනා ...
තොට පාන්ද මේ පූටකෙ පයින් යමු කියන්නෙ...
කෑ නොගහ හිටපියකො....මං සෙනූට මගට එන්න කිව්වා .....
ආ යසයි බේසමා...උඹ ඩිපූටියා එක්ක යන්න මං පයින් ලගා ගහන්න ....
කට පියන් ඉදපන්...මං බලාගන්නම්....දැන් වර යන්ඩ මැරෙන්ඩ හදනවා පොඩ්ඩ බැරි වෙනකොට ...
මං කුටු කුටු ගෑවා ..වගේ වගක් නැතුව පයින් යමු කියපු සනාශයා ගාව මං නහින්න හැදුවා අවසානෙදි ඌ ඩිපූටියට එන්න කියනවත් එක්කම මං ඉක්මනටම නිර්වාන්ට මැසේජ් එකක් දැම්මා
නිරූ....ඔයත් එනවද අනේ අපිව එක්ක යන්න...
මං ටුකු ටුකු ගාලා මැසෙජ් එකක් දැම්මා...දාලා බල්ද්න් උන්නා ....සෙන්ඩ් උනා ඒත් ඩිලිවරි උනේ නෑ....තාම ඕෆ් ලයින්ද.....යෝ...මට යන කලදසාව මොකක්ද එතකොට ...
චූටියා ....වරෙන් යන්ඩ....උඹ තාම ඇතුලෙද.....
මේ එනවා....සුතර්මා දරු පැටව් දෙන්නා යනවා....දොරවල් වහන් පයිස්සමින් ඉන්ඩ ඕනා ආ....
මං එලියට පැනලා ගේට්ටුවෙනුත් එලියට ආවා .....ඒ එනකොට මං බලාගන සැලලිහිනියා ඵෝන් එක කනෙ තියාගන පාරට එබෙනවා .....ඒ එක්කම්ම මන් බලාගන කලු පොරවගත්තු එකෙක් කාගන මේ පැත්තට එනවා ....
චූටි ....නගින්න.....අරූගෙ බයික් එකෙ තෙල් නෑ කිව්වා .....
සෙනූ චූටියව මැදට දාමුද මූට උන හුලන් වදිනවනවනෙ....
ම්ම්ම්....හා....
මං බබා වගෙ ගිහින් අරූගෙ උස බයික් එකට නැගගත්තා ....අම්මො යකො මුන් ගාව සුවද ...අපේ ලොකුවගෙ වාසනාව නේන්නම් ඉතින් මේ වගේ සුවද ගහන මිනිහෙක් හම්බ උන එක....
මට ඉස්සරහා ඩිපූටියා ....මට පිටිපස්සෙන් සැලලිහිනියා ඉදගන්නකොට මං උන් දෙන්නටම මැදි උනා...නිර්වාන් ගෙ ගෙදරට යන පලවෙනි දවස හන්දමද කොහෙදෝ මගෙ පපුව ඩඩ්...ඩඩ්...ඩඩ්...ගාලා ගැහෙන්න ගන්නකොට ඩිපූටියගෙ පිටට හේත්තු වෙලා උන්න මං ඒක ඌටත් දැනේවි කියලා බය උනා.....නිකන්ද ...මන්ත්‍රී කෙනෙක්ගෙයි....පොලිස් ඕ අයි සී කෙනෙක්ගෙයි ගෙයක් කියන්නෙ...මුන්ට සල්ලි ඇති පීනන්න.....
එයාලගෙ අම්මා ගෙදර ඉදීද....
අනේ උන්නෙ නැත්තන් හොදයි අප්පා...මං ඒ ගෑනිට බයයි...මහ නපුරු ගෑනියක් වෙන්න ඇති....
එයාලගෙ අප්පච්චි .....
අනේ මන්දා....අප්පච්චි ත් ඒ වගේ වෙන්න ඇති නේ ....ආල්කින්කාර මිනිස්සුනෙ අනේ අපේ අප්පච්චි ලා වගේ මිනිස්සු ඒ මිනිස්සු ගාවට ගියහම.කතා කරනකොට ඉබේම කොන්දත් නැවෙනවා...මට ඉවසන්නම බැරි ඕක....ඇයි ඒ.....මැති ඇමතියෙක් ගාව මොන රෙද්දටද කොන්ද නවන්නෙ....උනුත් මිනිස්සුනෙ....අනික උන් එතනට ආවෙ අපේ චන්දෙන්නෙ....
බයික් එක යන වේගෙට එන හුලන් පාරට මගෙ ඇස් දෙකත් වැහෙන්න එනකොට මං නිර්වාන්ගෙ ගෙදර ගැන කල්පනා කරන්න ගත්තා....ඒ එක්කම.මෙච්චර වෙලාම කාගන ආව ඩිපූටුයා කලුම කලුපාට දඩාරියන් සයිස් ගේට්ටුවක් කිට්ටුවදි බයික් එක ස්ලෝ කෙරුවා ...
මගෙ...දෙයියනේ ....
බොරු කියන්න ඕන් නෑ...අවංකවම මගෙ කට ඇරුනා....ගේට්ටුවෙ තිබුන යකඩ ගුලි ඔබ්බාපු කැටයම් දිහා බලන් උන්න මට.....කරන්ට් එකෙන් ඇරුන ගේට්ටු පියන් වලින් වහන් උන්න ගේ දැකලා කට ඇරුනා...මෙක තනිකරම භවනක් නෙ...
මට ඉබේටම ලොකුවා දිහා බැලුනා...වෙනසක් නෑ...උගෙත් කට එහෙම්මමයි....මට ඒ ගේ දකිනකොට මතක් උනේ ..අවුරුදු ගානක ඉදන් තාමත් ගලෙන් ගල බදින අපේ ගෙදර ...ඒ ගෙදර මේ ගෙදරින් කාලක්වත් නැද්ද මන්දා.....
අම්මයි අප්පච්චි අවුරුදු ගානක් රට ඉදල නැහිලා නැහිලා ගන්න පඩියෙන් හදන ගේ තවමත් තිබුනෙ අත්තිවාරමෙ ඉදන් ගල් පෙලි හත අටයි....අම්මා අප්පච්චි ගෙ පඩ් දෙකම ලක්ශ දෙකහමාරක් ඇති...ඒකත්....රේට් එක නගින බහින වෙලාවට හබක් වෙලා යනවා.....පඩිය අතට එන දවස් බලලා අප්පච්චි ගෙ පැත්තෙ ඉන්නෙ නෑ දෑ සනුහරේම දුක කිය කිය අහවල් දවසට දෙන්නම්... අහවල් දවසට දෙන්.කිය කිය වද දිදි සල්ලි ගත්තා...හැබැයි...ආපිට කවදාවත් ඒ සල්ලි හම්බුනෙත් නෑ....ඉතින් කොහොමද අපි අපිටම කියලා ගෙයක් හදාගන්නෙ.....
සනාශ් එන්න....
තාමත් කට ඇරන් ගේ දිහා බලන් උන්න මාව වගේම ලොකුවව ඩිපූටියා ඇතුලට එක්ක යනවත් එක්කම ඒ ටයිල් කැටවල දිස්නෙ ගාවදි ඒවා පාගන්නත් මට බය හිතුනා....ලෝභ හිතුනා....
ඒ...ඒ...සෙරෙප්පු ගලවන්න ඕන නෑ ළමයො...මෙහෙ මොකෙක් වත් සෙරෙප්පු නැතුව ඉන්නෙ නෑ....
මං කිව්වනෙ....මට වගේම මගෙ නිවුන්නට ටෙලිපති කියන දේ උපරිමයි කියලා .....ටයිල් කැට පාගන්න බය හිතිලා තිබුනෙ මට විතරක්ම නෙවෙ.... ..මගෙ නිවුන්නටත් බය හිතිලා තියනකොට ඌ දාගන උන්න පටි අලවන සපත්තු ගලවන්න හැදුවා විතරයි ඩිපූටියා ඌව නවැත්තුවා ...ඒ එක්කම ආව අඩිසද්දයක් එක්ක මං ඔලුව ඉස්සුවා ....
නිර්වාන් .....
වෙන කවුරුත් නෙවෙ ...නිර්වාන් .....පඩිපෙල දිගේ පඩියෙන් පඩිය බැහැගන ආවෙ නිර්වාන් ...පුරුදු නපුරු මූනමයි....හිනාව කියන එක කලදක් වත් නැති නිර්වාන් පඩි පෙල.දිගේ බැහගන හැටි නිකන් ඩිස්නි කාර්ටුන් එකක කුමාරයෙක් වගේ වෙනකොට මං ඒ නපුරු මූන දිහා බලාගන උන්නා.....

නි...ර්වා....න්
මං මිනිනුවා.....
බහින පඩියක් පඩියක් පාසාම ඒ ඇස් තිබුනෙ මගෙ මූනෙ වෙනකොට මට ඒ බැල්මවත් දරා ගන්න බැරිව ඇගේම ලේ හිදිලා ගියා වගෙ දැනෙද්දි අන්තීම පඩියත් බැහැපු නිර්වාන් කෙලිම්ම මගෙ ගාවට ආව...ඇවිදින් හාත් නෑ හූම් ත් නෑ මොකුත් නැතුවම මගෙ නලලට අත තියලා බැලුවා ....
ඇග රස්නෙයි....
ම්..මං...උන පෙති....බි...ව්වනෙ...
ම්න්....
බේබී .....මොනවද බොන්න හදන්නෙ....
මගෙ නලලට අත තියපු නිර්වාන් මා දිහා බලාගන ඇග රස්නෙයි කියනවත් එක්කම ඩිපූටියා සැලලිහිනියව එක්කන් එක පාරම වාශ්ප වෙලා යද්දි මන්දීරයක් වගෙ ගෙදර මම නිර්වාන් ගාව තනි උනා....උන පෙත්තක් බිව්වා කියපු මං හරි අමාරුවෙන් වචන ගැටගහන් ආයම බිම බලනකොට කොහෙන්දෝ ආව මැදිවයස් පහු වේගන එන ගෑනු කෙනෙක් මේ නපුරට බේබි කියලා කතා කරලා මොනවද බොන්න හදන්නෙ ඇහුවා ...නිර්වාන් ආයම මගෙ බෙල්ලට අත තිබ්බා...
කීයටද උන පෙත්ත බිව්වෙ.....ම්ම්ම්
මේ....ම්ම්..ද්...දො...
බොරු කියන්ඩ ලෑස්ති වෙන්න එපා.....
දොලහට....ත..මයි....
තව එක පාරක් අහන්නම්....කීයටද බිව්වෙ...
උදෙ බලෙන් වගෙ පොවපු උන පෙති ඇරුනම ලොකු නැන්දගෙනුත් බේරුන මට නිර්වානයගෙන් බේරෙන්න බැරි වෙද්දි මං මගෙ සපත්තුවෙන් බලි කුරුටු අදින්න ගත්තා ...
බයින්න . .එපා....නෙ.....නිරූ....චූචිට.....
ම්න්....සීතම්මා මට තද උන පෙති දෙකක් ගේන්න....
ඒ. ඒ...නිර්වාන් ....එපානෙ....අනෙ...අම්මෙ....සීතෝ.....බේත්....එපානෙ...මං...අවෙ...
පන්ති...ඉංග්‍රීසිනෙ.....
බිම බලන් කපටි කම් කරන්න හදපු මට වැඩ වැරදෙන්න ආවා...තද උනපෙති දෙකෙ රෝස පාට මතක් වෙනකොටත් බඩ කැලතෙන මන් වචනත් මාරු කරන් සීතම්මද අම්මා සීතාද දිහාට හැරිලා එපා එපා කියන්න අත් වනනකොට රවාගන උන්න නිර්වාන් ඒ මනුස්සයා දිහා බලලා එක පාරයි ඇස් හීනි කෙරුවෙ...ඒ මනුස්සයා හිතන්න බැරි තරම් වේගෙන් අතුරු දහන් උනා...
න්..නිර්වාන් ....මට බෙහෙත් බිව්වම....හරි....අමා...
මං පොවන්නම්....ම්ම්ම්
එ...එපා...අනෙ...
උදේ පෙව්වා වගෙ පොවන්නද ...ම්ම්ම්...නැත්තන් ....බොනවද .....
එ...එ...නිර්වාන් ....මේ අහන්නකො...
අහන්න දෙයක් නෑ...මං පොවන්නම්....ම්ම්ම්...
මං දුවන්න හැදුවා ...උදේ පෙව්වා වගෙ පොවන්නම් කියනකොට උදෙ පොවපු විදිහ මතක් උනත් එක්කම මං දුවන්න හැදුවා උනත් අර නපුරුම නපුරු නිර්වානයා මාව එක පාරම ඉන වටේ අත යවලා ඒකා ගාවට ඇදලා ගන්නවත් එක්කම මුලින් මුලින් බොරුවට දගලපු මං පහු පහු වෙලා හොරෙක් වගෙ උන්නා ...ම්හුක්....සුවතයි අප්පා.....
නිරූ.....
ම්ම්ම්...
චූචිට බෙයියන් බොන්න බෑනෙ.....
ම්න්...නොබී කොහොමද
ම්හුක්...එපානෙ ...නිරූ...
හුරතල් වෙන්න හදන්නෙ ඇයි....ම්ම්...
යෝ...ඔහොම බලන් ඉන්න එපානෙ අනෙ....බඩ රිදෙනවනෙ....
කොයි හරියද ....මෙතනද .
ඉ...ඉ....ඊව් ..ක්...ක්..කිචී...කිචී...හ්...නේහ්...
ම්ම්ම්...මගෙනෙ.....!
මං ඇඹරුනා ...සැලලිහිනියගෙ පිහාටුවක් වත් පේන්න නැති වෙනකොට බේත් ගේන්න ගියපු අම්මා සීතා බේත් හදන්න ගිහින්දෝ කියලා හිතුනා ...තවමත් බිත්තියකට හේත්තු වීගන උන්න මාව නිර්වාන් තවත් චුට්ටක් බිත්තියට තද කරනකොට ලැජ්ජාවෙ උපරිමේ උන්න මට එක පාරම බඩ රිදෙන්න ගත්තා වගේම කොතනද රිදෙන්නෙ අහපු මන්ත්‍රී පුතා මාව ස්වර්ගස්ත කරන ගමන් ටී ශර්ට් එක යටින් අත දාලා මගෙ ලෑලි බඩට අත තිබ්බා මං ඇඹරුනා ....
එ..එපානෙ...නිරූ...අයියෙ.....චූචි...ආස...නෑනෙ...
....
ලැජ්ජයිනෙ....
.....
මට නිකන් කලන්තෙට වගේනෙ....
...
මාව භ්‍රමණය ...වෙන....වනෙ...
"මගෙ මෝඩයා..."
න්...නිර්....වාන්...
මාව ගැස්සිලා ගියා ...මාව බිත්තියට තද කරන් වචන වලින් නැතිව බැල්මෙන් අඩපන කරන් උන්න නිර්වාන් මොකූත් නොකිය නොකිය ඉදලා එයාගෙ මහපට ඇගිල්ලෙන් මගෙ යටි තොල අත ගාන ගමන් මගෙ මෝඩයා කියනවත් එක්කම මට සිහිමුර්ජා වෙන්න ආවා .....එයා හිනා උනා...ඒ එක්කම අඩිසද්දයක් ඇහුනා...
සීතා....සීතා.....වාහනෙ බඩු වගයක් ඇති ඇවිල්ලා අරගන්න....
ටකස්...ටකස් ...ටකස් ..ටකස් ...
නිර්වාන් ගාව උන්න බිත්තියෙ ඇලීගන උන්න මන් කරන්ට් වැදුන එකා වගෙ පස්සට පැන්නා...
ඒ ආවෙ නිර්වාන්ගෙ අම්මා....තද කටහඩක් තිබුන නිර්වාන්ගෙ අම්මගෙ කටහඩ ඇහෙනවත් එක්කම පැත්තට පැනපු මං එයාගෙ අම්මා කව්ද කියලා ලගටම බලන්න බෙල්ල දානවත් එක්කම මෙච්චර වෙලාම මගෙ මූනෙ තිබුන අර හුරතල් ගතිය නැත්තටම නැතිවෙලා ගියා ....
ටානි....එන්න.....
නිරූ බනීද ආන්ටී ...
එයා මොකට බනින්නද....
ටානියා ...ඒ ඇවිදින් තිබුනෙ ටානියා ...මං එහෙම්ම නිර්වාන් ගෙ මූන බැලුවා ...ඒ මුන එක තත්පරෙන් කලු වෙලා ගිහින් තියෙද්දි එයා මගෙ දිහා බැලුවා ...
අඩන්න ලෑස්ති වෙන්න එපා...මං ඉන්නවා .....
න්...නිර්.....
ගිහින් බෙහෙත් පෙති දෙක බොන්න යන්න ....
හායි.....නිරූ....
මට යාගන්නත් බැරි උනා....එයාට තව මොනවත් කියන්නත් බැරි උනා....ලැජ්ජාව කියන දේ නාමයක් නැති බාර් කාරි අපි දෙන්නා ගාවට එනගමන් හායි කියනකොට නිර්වාන්ගෙ අම්මත් එතනට ආවා....

නිර්වාන් ....අද ඉදන් ටානිත් ක්ලාස් එකට එයි...තව එකක්...හෙට ටූනර්මන්ට් එකෙන් පස්සෙ මං ඔයාගෙ කෝච්ව මාරු කරනවා .....ඒ වෙනුවට මං ඔයාට වෙන කෙනෙක් දෙන්නම්...
මං හිතන්නෙ ඔයාට දෙයක් කරන්න කලින් මගෙන් අහන්න කියලා මන් මීට කලින් කියලා තියනවා...අනික....ක්ලාස් එකට ඉන්නෙ හතරයි ...පහක් නෑ.....කොල්ලො හතරයි....
නිර්වාන් ..කියකිය කරන්න මං තමුන්ට වැරද්දක් කෙරුවෙ නෑ....අනික ක්ලාස් එකට හතරයි කියන්නෙ....පීස් ගෙවන්නෙ මම.....කරුනාකරලා කියන දේ කරනවා නිර්වාන් ....
හරි....කියන දේ කරන්නම්....එන්න කාමරේට මට කතා කරන්න ඕනා විනාඩි පහයි.....
නිර්වාන් ..මට කතා කර කර ඉන්න කාලයක් නෑ.
.
අනේ..ආන්ටි.....මං කිව්වනෙ.....නිරූට තරහ යයි කියලා ....
තරහ ගියත් එකයි නැතත් එකයි....ටානි ඔයා යන්න ඩාලින් ගිහින් වාඩි වෙන්න තව ටිකකින් සර් ඒවි.....
මන් බලාගන උන්නා....එයාගෙ අම්මා තනිකරම අහංකාර චරිතයක් වෙනකොට නිර්වාන් දත්මිටි කාගෙන බලන් උන්නා....මේ හැම දේම මැද අවදානෙ ඉල්ලන බාර් කාරි නිර්වාන්ගෙ අම්මගෙ අතේ එල්ලිලා ආන්ටි....හුන්ටී ගානවත් එක්කම මෙච්චර වෙලාම අතුරුදහන් උන ඩිපූටුයත් එක පාරම මතු උනා....දැනටමත් බය වෙලා උන්න මං ඩිපුටියා දිහා බලනකොට ඒකා ඇස් වලින් මට බය වෙන්න එපා කියනකොට අනේ මන් මගෙ අයියා ගාවට ලන් උනා.....
ටානියා....ඉංග්ලිශ් ක්ලාස් එකක් ඕනා නම්....වෙන එකක් සෙට්ල් කරලා දෙන්නම්.....මට ඕනෙ ඉගන ගන්න මිසක්....වෙන මොකුත් නෙවෙ...ඒක නිසා කරුනාකරලා ඔයාට පුලුවන් ආපිට යන්න....මං දෙපාරක් කියන්නෙ නෑ...
නිර්වාන් .....තමුන්ට මොකක්ද වෙලා තියෙන්නෙ ආ....ටානියා ආවා කියලා තමුන්ට වත් මෙතන ඉන්න අනිත් උන්ට වත් කරදරයක් වෙන්නෙ නෑනෙ.....
මං කිව්වෙ කාමරේට එන්න අම්මා...මං.කිව්වෙ....කාමරේට එන්න...මට කතා කරන්න ඕනෙ කියලා ...අනික අනිත් උන්....අනිත් උන් කියන්නෙ...මෙතන සත්තු සරපයි නෑ මිසිස් ප්‍රේමචන්ද්‍ර .....හරි....මන් තමුන්ගෙන් ඉල්ලුවෙ එක විනාඩි පහයි....කරුනාකරලා ....උඩට එන්න පුලුවන් ...
මාව ගැස්සිලා ගියා....නිර්වාන්ගෙ ඇස් දෙක රතුම රතු වෙලා යනකොට මට බයටම මම ලොකූගෙ අත අල්ලගත්තා.....මේ හැමදේම බලාගන උන්න ටානියා ආයමත් සැරයක් බොරූවට අඩාගන වගේ එතනට දුවනකොට ඩිපූටියා ගිහින් ටානියව අල්ලගත්තා ....
..ආ..ආව්ශ්.....ස්...ශෙනි.....රු....අත...
ටානි...කරුනාකරලා පැත්තකට වෙලා ඉදපන්...උඹ අවදානෙ ගන්න ඔතනට ගිහින් අඩනවා නම්...වරෙන් මං උඹව ගිහින් දාන්නම්....හරි...කරුනාකරලා ගිනි අවුලන්නෙ නැතුව හිටපන්...
අනේ..ලොකූ.....නිර්වාන් .....
බය නොවි ඉදපන් චූටියා. ...බාර් කාරි ගැන අපේ මින්හා බලාගනී.....
නිර්වාන් ..මාව නිකන් කෑ ගස්සන්නෙ නැතුව ඉදපන්...මගෙ ඔලුවෙ ප්‍රශ්න් දාහක් එක්ක මං ඉන්නෙ...කරුනාකරලා මාත් එක්ක කට නොගහා ...දැන් ක්ලාස් එකට පලයන්...හවස උඹගෙ අලුත් කෝච් එයි....හෙට උඹගෙ ටූනමන්ට් එක....අමතක කරන්න එපා නිර්වාන් හෙට උඹට මිනිස්ටර්ගෙ පුතාව වැටෙන්නෙ කියලා ...කරුනාකරලා මම උඹට වියදම්....
සලාන්.....!!!!!
අනේ...නිර්....වාන්...
රෑට වික්කමසිංහ එක්ක එන්නා....ම්
ආතරෙයි...
පයිස්සමින් .....
මම...ජොබී....