නිර්වාන්ලු...මගෙන් සමාව ගත්තු එකාගෙ නම නිර්වාන්ලු...
මට පේන්නෙ උගෙ අම්මා තාත්තා අහක බලාගන ඕකට නම දාලා තියෙන්නෙ....බලපන් නම නිර්වාන්ලු....ඒ උනාට මූන නිකන් හිට්ලර්ගෙ rebirth එක වගෙ....
මගෙ පිටමැද බලපන් අයියෙ බෝල පාරවත් හිටලද කියලා ....
උඹට අමාරු නම් කියපන්...අප්පච්චි එක්ක ලීව් එකක් දාලා යමු...
පාන්ද...නැත්තන් හාල්ද...ගමේ ඉස්කෝලෙ කියල හිතුවද...
නිර්වාන්...සනාශ් නිර්වාන්ට හිට්ලර්ගෙ පුනරුප්පත්තිය කියලා කියනවත් එක්කම මම හිට්ලර් ව වගේම මට ගහපු උද්දච්චයගෙ මූන එක ගාවට තියලා චිත්ත රූපයක් මවනකොට මගෙ පිටේ බෝල පාර වැදුන තැන අත ගගා උන්න නිවුන්නා ගමේ ඉස්කෝලෙ වගේ ලීව් දාලා යමු කියනකොට මම නහින්න හැදුවා.....
හරි...ඔන්න පිහ දැම්මා..ලාවට දූවිලි පාර හිටලා..ඒක ගනන් ගන්න එපා තව ඇතිල්ලුවොත් මැද නැතිව යයි...ඇයි ඉතින් මෙව්වා යට සායවල් මහන රෙදිනෙ.....
කියල වැඩක් නෑ.....උදෙම්ම මොන මොකාව දැක්කද මන්දා....දවසම මූසලයි...
සනාශ් පිහදාපු පිටම අත ගගා මම උදෙම්ම කාවද දැක්කෙ කියලා කියන ගමන් කුනු කුනු ගාන්න ගත්තා වගේම මං බලාගන සනාශ්ගෙ මූන ඇඹුල් වෙලා යනවා..හරිනෙ...ඌයි මායි එක ඇදේනෙ නිදියන්නෙ....උගෙ මූනනෙ....ඉතින් ආය අහන්න දෙයක් ඉතුරු වෙලා තියනවද මට නෑනෙ.....
ලොකූ...චූටි...
අප්පච්චි ...
මමයි සනාශුයි අප්පච්චි ගාවට ගියා...දැන් තියෙන්නෙ දෙමව්පියන් විසින් මැනික්කැට වන් දරු දෙපළ පන්ති භාර ගුරුමාතාවට භාර දෙන එක...සනාශ්ගෙ වැඩෙම කොන්ඩෙ හදපු එක වෙනකොට මගෙ වැඩෙම පිට අත ගෑවා....අවසානෙදි අප්පච්චි පස්සෙන් අපි දෙන්නම කලා වගෙම වානිජ පන්ති තියන බිල්ඩින් එකට යනකොට පහල තට්ටුවෙ උන්න මේ පාර අපෙ සාපෙ කරන අංගනාවියො ටිකක් අපි දෙන්නා එබි එබි බලනකොට මං බලාගන සනාශ් ආයම උගෙ පෙට්ටි හිනාව දැම්මා...මං දන්නවා..වැඩි කල් නොයා මු අපේ අප්පච්චි ගෙ ලොකු ලේලිව හොයා ගන්නවා...
සයාශ්...
අප්පච්චි .....
එහෙනම් මං යන්නම්....මේකනෙ පන්තිය.....
අනේ අප්පච්චි මිස්කෙනෙක් වත් මොකෙක් වත් නෑනෙ...
මේක එකවසර නෙවෙනෙ චූටි....ඉස්කෝලේ ඉවර වෙලා දෙන්නම එකට බස් එකේ යන්න ඕනා ආ..එකට කියන්නෙ එකට...විශේශෙම්ම ලොකූ.....උඹ...
හිමින් හිමින් අනේ...කාට හරි ඇහුනොත් චක්කියනෙ...ආව දාම ඔහොම කෑගහන්න එපා අප්පච්චි ..කව්ද දන්නෙ අප්පච්චි ගෙ අනාගත ලේලිත් මේක අහන් ඉන්නවද කියලා ....
මම අහක බලාගත්තා ...මුගෙ කට...මං දන්නෙ නෑ...අම්මා කියනව වහෙ මූට කොහෙන් මේ කට ආවද කියලා .....කොහෙන් හරි වචනෙකුත් අල්ලගන ඒකම පට්ට ගහන සනාශ් අප්පච්චි අපි දෙන්නටම එකට බස් එකේ එන්න කියලා සනාශ් දිහා බලල අර ළමයි බලන් ඉන්න කොටම ඒකගෙ පැත්තට ඇගිල්ල උරුක් කරනකොට මේකා තවත් මගුලක් කියවන්න ගත්තා ....
අප්පච්චි මං යන්නම්....සනාශ් මං යනවා.....
ම්ම්...හොදට ඉගනගනින් මල්ලි....අපේ අම්මලා අප්පච්චි ලාට අපිට වගේ සැප තිබුන් නෑ.....
මං එන්න ආවා...කොච්චරවාත් කියවන...අනුන්හෙ ඇගේ ලේ කෝපකරන සනාශ් අප්පච්චි කියන්න ඕන ලයින් එකක් ඌම කියාගන්නකොට අපිව බාර දෙන්න ආව අප්පච්චි ඉවසන්න අමාරු තැනද කොහෙදෝ යන්න ගියා...අරූ නගරන් වගේ තනියම 12 කොමර්ස් එකට ගියා.....
මෙ...මෙතන කවුරු හරි ඉන්නවද....
ඉස්සරහම පේලිය....දෙවියනේ...කියලා ඉස්සරහම පේලියෙ කොට බිත්තිය ගාව ඩෙස්ක් එකක් හිස්වෙලා තියනකොට මම එතන උන්න කොල්ලගෙන් මෙතන කවුරුත් ඉන්නවද අහනකොට ඒක නෑ කිව්වා..අනිත් හැමෝමත් නෑ කියනකොට පලවෙනි දවස නිසාම මම හරි තැම්පත් විදිහට ඉදගත්තා .....කොට බිත්තිය...ඊට එහාපැත්තෙ පන්ති වලට යන කොරිඩෝව...එතන ඉදගත්තම පහල තියන බාගෙට බාගයක් පේනවා.....ඔෆිස් එක...කැන්ටින් එක...ලැබ් එක විතරක් නෙවෙ...තවත් පන්ති කාමර පෙනුනා...මොනවා උනත් මට හම්බෙලා තියෙන්නෙ හොද සැටලයිට් එකක් අල්ලන්න පුලුවන් තැනක්....
මං එහෙම්ම කලු ලෑල්ලෙ පැත්තක ලියල තිබුන කාල සටහන බැලුවා.....
මුලිම්ම තියෙන්නෙ සිංහල...ඩබල් පීරියඩ් ....
පස්සෙ....ඉංග්‍රීසි ....
ආයම ආගම/ඉතිසය/නාට්‍ය හා රංගකලාව/සංගීතය/ච්‍රිත්‍ර කලාව....
ආයම...Git
Interval එක....ආසම කොටස....අවසානම පීරියඩ් හතරම දේශපාලන විද්‍යාව / ආර්තික විද්‍යාව/තර්ක ශාස්ත්‍රය....
මොන මගුලටද අප්පා පීරියඩ් හතරක්ම ...මං හිතන්නෙ අපි වගේ උන් ලොකු වෙලා චන්දෙ ඉල්ලයි කියල බයටද දන්නෙ නෑ.....පීරියඩ් හතරක් දේශපාලනෙ ගැන අනන්මනන් ගැන උගන්නන්නෙ නේ...වෙන්න ඇති...
මං කලු ලෑල්ලෙ තිබුම විශයන් ටික දිහා බල බල පොත්ටික අතට ගත්තා ...අරන් මේසෙ යටින් දානකොට මගෙ ගාවින් කවුරු හරි එකෙක් පාස් උනා...පාස් උන එකා මොකාද දන්නෙ නෑ.....ඌ ගාවින් පුදුම සුවදක් ආවා....
ගිය එකා මොකාද හොයාගන්න බැරි උන මම ගිය එකාව හොයන්න උන්න තැන ඉදන් කොට බිත්තියෙන් එහා පැත්තට බෙල්ල දැම්මා...
ආ...අර අරූ...කැප්ටන් අල්කසාස්...බාස්කට් බෝල් ටීම් එකෙ කැප්ටන්.....ඌ ගාව සුවද අඩේ...මෑන් කොමර්ස්ද කොහෙද .....
මං බලාගන උන්නා...කොමර්ස් නම් කොයි එකටද යන්නෙ බලාගන...මොකද අපේ එකත් කොමර්ස්....ඕකා මූට ගහයිදෝ....කියන්න නොදන්න නිසා මන් බලාගන උන්නා...ඇති යාන්තන්....ඌ ලොකු එකෙක්13 කොමර්ස් එකේ.....
මං ආයම ආයම මගෙ බෙල්ල තිබ්බ තැනට අරන් වටපිට බැලුවා....අද සිංහල උගන්නන සර් හරි මිස් හරි නැද්දෝ කොහෙදෝ...ඒක තමයි මුන් මෙ කල්ලි ගැහිලා කෝප්පා හෝදන්නෙ...
මට පිටිපස්සෙන් උන්න කොල්ලො සෙට් එකම මොනවාහරි මගුලක් ගැන කියවනකොට කෙල්ලො ටික මොකක් හරි පොතක් දිහා බලබල හිචි හිචි ගෑවා...
නෑ..නෑ...බ්ලින්ක් එකේ...
නැ..අනෙ....බ්ලින්ක් නෙවෙලූ....මොමො ලෑන්ඩ් ලු....
අනේ මන්දා...ඒ දෙන්නා ඩේටින් කියලා කියනවා....
කව්ද.....අයු යූ.....අයි යූ.....
එ උනාට මං ආස මින්හොට....අනේ මන්දා...කොච්චර උනත් එයා වයසට යන්නෙ නෑනෙ.....
අ..ආ..ආ...කේ පොප්...කේ පොප්.....අනේ...අම්මො.....කොරියානු විප්ලවෙ.....
කල්ලි ගැහිලා කිචි බිචි ගාන බවලතීලා කියවන්නෙ කේ පොප් ගැන වෙනකොට අයියෝ...අයියෝ...ගාලත් මොකක් හරි කියෙව්වා...මං හිතන්නෙ කාට හරි කරදරයක් වෙලා ඇති උන්ගෙ සංගමේ...ඒකනෙ අයියො...අයියෝ....ගාන්නෙ...
මචන් ...හැරියන් මෙ පැත්තට....
කිචි බිචි ගාන කෙල්ලන්ගෙ කොරියානු විප්ලවේ ගැනයි...උන්ගෙ කොරියන් පෙම්වත්තු ගැනයි කන් දාගන උන්න මම ඈනුමක් අරින ගමන් අනිත් අතට හැරෙනවා එක්කම කල්ලි ගැහිලා උන්න කොල්ලො ගොඩෙන් එකෙක් මට උන්ගෙ වට රවුමට ආරදනා කරනකොට මමත් හැරුනා...
නෑ බන්...මං හිතන්නෙ....ලැන්වේජ් කෝස් එක කෙරුවා නම් හරි.....අපේ අයියා බන් අවුරුදු හතරක් ඉස්කෝලේ ගියා එහෙ.....හතරක් ඉස්කෝලෙ ගියා..ඒ අතරෙ පාර්ට් ටයිම්...
ස්ටුඩන්ට් වීසා තමයි....ගොඩ ගියොත් ගේමක් ගැහුව හැකි...
සල්ලි තමයි හැබැයි...යන්ඩ විතරක් ලක්ශ විස්සකට වඩා ගියා....
මෙතන ජපන් යුද්දෙ...අරුන් අහරෙ කොරියාව අල්ලන්න හදනකොට මුන් මෙහෙන් විභාග ලියන්නත් කලින් ජපන් යන්න ලෑස්ති වෙනවා....ජපන් යන්න මං හිතන්නෙ දැන් ලක්ශ විසි පහක් තිහක් වත් ගනී.....කොරියන් එක කෙරුවත්....රජයෙ එක කරල සෑහෙන කල්ඉන්න ඕනා...
අරුයි මායි නම් බලන් ඉන්නෙ කෝස් එකක් කරලා අම්මයි අප්පච්චි ගාවට ගිහින් එහෙන් මොකක් හරි කරන්න...අපිට ඉතින් ජපන් යන්න වත්කම් කොහෙන්ද ....මම තනියෙන් යන්නෙත් නෑ...අරූ තනියෙන් යන්නෙත් නෑ...අම්මලා අප්පච්චි ලා ගාවට යනවා නම්....දෙන්නටම ලක්ශ දහයෙන් දොලහෙන් ගේම ගැහුව හැකි..ඒත් ඉතින් ලක්ශ දහය දොලහා හොයන්නත් අම්මයි අප්පච්චි කොච්චර නම් නහින්න ඕනද...අවංකවම අපි දෙන්නා කොච්චර නාහට නෑහුවත් ඔය වගෙ දේවල් වලදි නම් සෑහෙන්න සීරියස් වෙනවා....මොකද .....ලක්ශ දහය නෙවෙ...අද කාලෙ නෑදෑයෙක්ගෙන් සතදහයක් වත් ගන්න බෑ.....
කොරියන් යනවා නම් මෙච්චරක් යනවලු...මං ජපන්ම යනවා...අයියා ඉන්න එකේ ගේමක් නෑ....
මම මොකූත් කිව්වෙ නෑ....මම කිසිම දෙයක් කිව්වෙ නෑ...මොකද උන් උන්ගෙ හීන අපේ වගේ නෙවෙ හරි ලොකුයි කියන එක තත්පර ගානෙන් මට තේරුනා..සමහරු නම් ඉතාලි යන්න කතාව...සමහරු නම් වෙන වෙන රටවල් ගැන කතාව.....ඉතාලි යන්න බැරි උන් රුමේනියා ගිහින් එහෙන් බෝඩර් පනින්න කතාව.....
.මුන් යකො බෝඩර් පැනිල්ල ගැන කියන්නෙ හරියට කම්බි වැටකින් පැනලා අනිත් ඉඩමට යනව වගේ....හැබැයි...මොන දෙඋනත්...මෙතන උන්න එකම එක කොල්ලෙක්වත් ලන්කාවෙ ඉදන් ජොබ් එකක් කරනවා කියලා නම් විහිලුවට වත් කිව්වෙනෑ....මොකද පාන් රාත්තලක් දෙසීයට එකසිය හැටට යන රටෙ....දහයට දොලහට කාපු බිත්තරයක් ගිනි ගනන් වෙන රටේ...කොත්තුව රයිස් එක අටසීය දාහට යන රටේ....කිරි තේ එක එකසිය දහය වෙන රටේ කව්ද දෙයියනේ ලංකාවෙ ඉන්න කැමති...
නැති එකා දුක් විදි....තියන එකා කොහෙන් හරි රට පනී....අපේ අම්මා අප්පච්චි උනත් කියන්නෙ කොහොම හරි මේ අවුරුදු දෙක ඇදල වරෙල්ලා කියලා ....එතකොට අපිටම කියලා ගෙයක් අරන් අම්මට අප්පච්චි ට පිට වැඩ කරන් අපිටත් මොකක් හරි කරගන්න පුලුවන් කියලා ...
ඇත්ත ..අපි හතර දෙනත් දැන් අවුරුදු ගානක් ඉදන් දෙතැනක....
කොල්ලො කොල්ලො හරි හරියට උන්ගෙ අනාගත සැලසුම් ගැන කියවනකොට ඒ නඩේට මම තවමත් අකු හන්දා උන්ගෙ කටවල් දිහා උන්ගෙ ඇදුම් පැලදුම් දිහා....මූනවල් දිහා බලන ගමං එක එකාගෙ පවුල් මට්ටම් මොන වගේද කියලා මම හිතින් මනින්න ගත්තා ...කොහොම උනත් මෙතනින් බාගෙට බාගයක් උන්ගෙ අම්මා තාත්තා හරි ගෙදර මොකෙක් හරි රටක උන්නා...
සයාශ්....
මාව ගැස්සිලා ගියා.....මොකද ...මං මේ පන්තියට ආවත් හරි තවමත් කවුරුත් මගෙ නම දැනන් උන්නෙ නෑ.....එහෙම එකේ කවුරු හරි එකෙක් මගෙ පිටිපස්සෙන් නම කියලා කතා කරනවත් එක්කම මම හැරිලා බලනකොට කොල්ලො ටික කතා කරපු එකා දිහා බලල මීක් නොගා ඉන්නකොට කෙල්ලොත් ඒකිලාගෙ අර කොරියානු විප්ලවවාදි පොත හැංගුවා
D.prefect
මං මුලිම්ම දැක්කෙ ඒබැජ් එක....
ඊට පස්සේ මූන.....ශෙනිරු...

සනාශුත් ඉන්නවා...මේ යකා එන්න කලින් මොන මගුලක් හරි නටලද??
ඩිෆියුටි ප්‍රිෆෙක්ට් ඒ වෙනකවුරුත් නෙවෙ...අර සුවද ගගහා ගියපු කැප්ටන් අල්කසාස්.....බාස්කට් බෝල් කැප්ටන්...මීට කලින් හිනා උන ඒකට වෙස් පෙරලිලා තිබුනා...අර හිනාව අතුරුදහන් වෙලා තිබුනා..කොටිම්ම අර මට ගහපු බස්සට හපන් මුන රවාගන උන්නා.....මම එයාට පිටිපස්සෙන් උන්න සනාශ් දිහා බලල ඇස් වලින් ඇයි කියලා අහනකොට ඒකත් පිටිපස්සෙන් ඉදන් උරහිස් ඇකිලුවා හරියටම "මාත් දන්නෙ නෑ බන්"කියන්න වගෙ
සයාශ් ....හුරතල් වෙන්න වෙලාවක් නෑ.....එලියට එන්න.....ඔය මල්ලි ....කොන්ඩෙ වැඩී ආ.....මන් ගිය සිකුරාදත් කිව්වා අඩුකරන්න කියලා .....කෝ මෙහෙ එනවා බලන්ඩ ...
මන් වෙඩිල්ල වගෙ එලියට දිව්වා ...ඒ එක්කම සනාශ් මගෙ ගාවට ආවා...
මූ ඩිෆියුටියා බන්.. බලපන්කො අතනදි දාපු හිනාව දැන් හොයන්නත් නෑ....ඊටත් මූ කිව්වනෙ මගෙ කලිසමෙ ෆෝල්ඩ් එක හීනියි කියලා.....
....මං කිව්වා උඹට ඕක...
උඹ කියන්නෙ මට බෙල් බොටම් ඇදන් එන්න කියලද...ඔන්න බලපන් මල්ලි...මං හූනා කිව්වා වගෙ කියන්නම්.....මූ ඩිෆියුටි නම්....අර උඹට ගහපු එකා.. නිර්වාන්ද මොකාද... ඕකා අනිවාර්යයෙන්ම හෙඩා වෙන්න ඇති..... එව්.....මුට්ටියො
......
මං මීක් නොගා උන්නා අපි දෙන්නා සරනාගතයි දෙන්නා වගෙ කොරිඩෝවෙ ඉන්නකොට ශෙනිරු ....එහෙම නැතිනම් අර ඩිෆියුටියා කොන්ඩා වැඩි කොල්ලන්ගෙ කොන්ඩා අත ගගා ඉන්නකොට මගෙ ගාව උන්න සනාශ් ඌට දෙහි කපන්න ගත්තා ....
මං හිතන්නෙ මුන් හිතන් ඉන්නෙ ඉස්කෝලෙන් අවුට් උනහම මුන් දෙන්නගෙ පිළිරුවක් හදලා වන්දනාමාන කරයි කියලා වෙන්න ඇති...මට මූව දිරවන්නෙම නෑනෙ.....
කට පියාගන ඉදින් සනාශ් ....උඹ හදන්නෙ ආව දාම ඇදිවත ගලවගන්න.....අනික ඌටයි අරූටයි බය වෙන්න මොකද මුන් දෙන්නා මේකෙ අයිතිකාරයො නෙවෙනෙ....
..යැයි යැයි තමා තොට හප් කිව්වත් ඇඩෙනවා...මං නැත්තන් ඉදී උඹ....මං දැක්කනෙ බෝල පාර වැදුන වෙලෙත් අම්මගෙ චූටි පුතා අඩන්න කට හැදුවා ....
මම යටි තොල හපාගත්තා ....ඇත්තනෙ යකො...රිදුනනෙ ...
මට එහා පැත්තෙ උන්න නිවුන්නා කුටු කුටු කුටු ගගා ඉවරයක් නැතිවම කියවනකොට රාජකාරිය දේව කාරිය වගේ කරපු ඩිෆියුටියා එලියට ඇවිදින් මගෙත් උඩ ඉදන් යටටම බලලා ශර්ට් එකෙ අත දිහා බැලුවා ....මේකටත් මොකක් හරි කියයිද මන්දා ...
සයාශ් ....අත හිර වැඩි...ඕක ටිකක් ලොකු කරන්න බිඩි බිල්ඩර්ස්ලා නෙවෙනෙ....
හ්...හරි...අයියෙ
මං බිම බලා ගත්තා. .අරූගෙ ෆෝල්ඩ් එක පොඩී කියපු ඩිෆියුටියා මගෙ අත හිර වැඩී කියන ගමන් ඒකගෙ පස්සෙන් එන්න කියලා සිග්නල් එකක් දුන්නා.....
මන් කිව්වෙ...මූ හිතන් ඉන්නෙ අවුට් උනාම පිළිරුවක් හදලා වන්දනාමාන කරයි කියලා .....
කටපියවපියකෝ....ඕකට ඇහෙයි....
මං ආයම සනාශ්ට අනිනකොට ඒකා ළඟින් ගිය කෙල්ලෙක්ට ආයමත් උගෙ අර පෙට්ටි හිනාව දැම්මා...සනාශ් ට තිබුනෙ පෙට්ටි හිනාවක් වෙනකොට මට තිබුනෙ බනී හිනාවක් ...ඌයි මායි නිවුන්නු කියලා කියනවටත් පාඩු තරම් ....
එන්න...මේක තමයි අපෙ ස්පොර්ට් රූම් එක...
එහෙමයි...
කට වහපන්කො...මං වදින්නම්...
අරූ ආයම කියෙව්වා ....අපිට ඉස්සරහින් ගියපු ඩිෆියුටියා මේක තමයි ස්පෝර්ට් රූම් එක කියන ගමන් ටිකක් විතර දිග හෝල් එකකට අපි දෙන්නව එක්ක යනකොට මේ උදේ පාන්දර දෙතුන් දෙනෙක් කරාටිද මරාටිද ගහගන්න ගමන් උන්නා මං හිතන්නෙ උන්ට ටූනර්මන්ට් එකක් ඇති ඒක තමයි නැත්තන් විනය බාර සර් කාරයා කිව්වනෙ ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ බෑ කියලා ...
මල්ලි කැද බීලද ඉන්නෙ...ඔය කකුල හොදට දිගෑරලා ගහනවා...
අපිට වඩා අවුරුදු දෙක තුනක් බාලයි කියන්න පුලුවන් කොල්ලො දෙන්නෙක් දාඩිය නාගන උන්නා...කටට දාලා තිබුබ ගාර්ඩ් එක හන්දා උන් දෙන්නගෙම දත් විල්ල වෙලා තිබුනා.....
සුදු පාටට එන උන්ගෙ අර යුනිෆෝම් එක පරන වෙලාද කොහෙද පොඩ්ඩක් පැනි පාට වෙලා තිබ්බා වගේම එකෙක් අඩන්න ඔන්න මෙන්න උන්නා...ඒ ඔක්කොටමත් එක්ක හරියන්න උන් දෙන්නටම කවුරු හරි එකෙක් බැන්නා වගේම මං ආපිට බෙල්ල හරවලා බැලුවා ....
අර ඉන්නෙ....
නිර්වානයක් පේනතෙක් මානෙක නැති හිට්ලර් ගෙ පුනරුප්පත්තිය .....
උදේ ඇදන් උන්න ඇදුමෙන් ආපහු යුනිෆෝම් එකට මාරුවෙලා උන්න නිර්වාන් කොන්ඩෙ එක ගහක් වත් එහා මෙහා නොවෙන්න පීරලා තිබුනා වගේම අත් දිග කිරිපාට ශර්ට් එකට ටයි එක ගැටගහලා උන්නා....හරියටම කම්පැනියක ceo කෙනෙක් වගේ...මං ඒ අහන්කාර මූන දිහා බලාගන උන්නා වගේම ඊලග පාර මටත් නොදැනිම කෙල ගිලුනා වෙනමොකටවත් නෙවෙ මගෙ නිවුන්නා කිව්ව විදිහටම මිනිහගෙ සාක්කුවෙ තිබුන බැජ් එක දැකලා....
H .prefect .....
දෙවියනෙ මගෙයි මුගෙයි ආත්මෙ ඔබවහන්සේලාටම බාරයි...
අර ලමයිට බැනපු අහංකාරයා ඒකා දිගෑරන් උන්න පොතට ආයමත් මූන ඔබා ගත්තා අනිවාර්යයෙන්ම ..මේ හෙඩා එක්කො මැත්ස් එකෙක්....නැත්තන් බයෝ එකෙක් .....මං හිතන්නෙ ඔය පාඩන් කරන්නෙ අයිලන්ඩ් ෆස්ට් වෙන්න වෙන්න ඇති...

නිර්වාන් ...
අපි දෙන්නා ගාව උන්න ඩිෆියුටියා ගිහින් අහංකාරයට කතා කෙරුවා .. .මෙච්චර වෙලාම පොත අස්සෙ මූන ඔබාගන උන්න එයා පොත වහලා ඔලුව උස්සලා බැලුවා වගෙන මායි මගෙ නිවුන්නයි දිහා බැලුවා ...
මං උඹට කිව්වෙ මූ වෙන්න ඇති හෙඩා කියලා....අමෝ...අමෝ.....හිම්චි පිනා.....
උඹ හින්දා මමත් කොයි වෙලේ හරි ඇඩ්රස් නැතිවෙන්න ගුටි කනවා ....මං උඹට කීයක් හරි දෙන්නම් කට පිටවපන්කො ලොකු....
ඇයි බයද.....
බය නෙවෙ යකො.
මං අරූව කෙනිත්තුවා ...ඉදගන උන්න නිර්වාන් පුටුවෙන් නැගිටලා ආවෙ සාක්කු දෙකටම අත් දෙක දාගන වෙනකොට මේකා නම් ඉස්කෝලෙ ලමයෙක්ට වඩා කම්පැනි එකක ceo කෙනෙක් කියලම මගෙ හිත කියනකොට මං මෑන්ගෙ අතෙ බැදන් උන්න ඔරලෝසුව දිහා බැලුවා ...කිව්වත් වගෙ හිච්චි පිනෙක් තමයි..
ඔයා ඇහුවද
නෑ....
ම්න්....අහලා බලන්න ...අනිවාර්යයෙන්ම එකක් තෝර ගන්න කියන්න.....
හරි..
මායි සනාශුයි උන් දෙන්නා දිහා කටත් ඇරන් බලන් උන්නා.උන් දෙන්නට දෙන්නා හැසිරුනෙ පුදුම අහංකාරකමකින් වෙනකොට උන් දෙන්නා කතා කෙරුවෙත් නිකන් පිටකරන වචන ගානට කවුරු හරි ගානක් කඩා ගනී කියලාද කොහෙදෝ...වචන ප්‍රමානෙ පුලුවන් තරම් අඩු කරලා වෙද්දි නිර්වාන් අර පුරුදු අහංකාරකමින්ම සාක්කුවට අත් දෙක දාන් ඇස් හීනි කරන් මූනෙ කිසිම හැගීමක් නැතිව බලන් උන්නා ....
කොහෙන්ද ආවා කිව්වෙ හොරොව්පතානෙන් කිව්වා නේ....
නෑ ....
එහෙනම් කිව්වෙ....
ඒක මේ....
ඒක මෙ එවෙලෙ කටට ආවට කිව්වෙ .....
වැඩක් නෑ...මං හැදුවෙ වෙන මගුලක් සාමකාමිව කරගන්න වෙනකොට සනාශ් ආයම උගෙ වක්කඩේ කැඩුවා ... .
කොහෙන්ද ආවෙ කිව්වා නම්.....
ආව තැන වැඩක් නෑ ශෙනිරු...අහන්න ඔය හිටපු ඉස්කෝලෙ මොනවා හරි කෙරුවද කියලා ....
මේක නම් පුදුම අහංකාර කමක්....අවංකවම හෙඩාට තිබුනෙම පුදුම ඔලුවක් වෙනකොට ඩිෆියුටියා අහපු ප්‍රශ්නෙත් මග නවත්තලා අපි උන්න ඉස්කෝලෙ මොකක් හරි කෙරුවද ඇහුවා ....
ඔය දෙන්නා කලින් ඉස්කොලේ මොකඩ්බ කෙරුවෙ..බාහිර ක්‍රියාකාරකම් ....ස්පෝර්ට් .....
මං සනාශ් දිහා බැලුවා ..මොකද සනාශ් විතරයි කෙරුවෙ ...ඌ ක්‍රිකට් ගැහුවා .තව ෆුට් බෝල් ගහන්න ගියා මං ඔය මොකුත් නොකර උන්නා....වෙන හේතුවක් නිසා නෙවෙ මට පපුව මහන්සිය තිබුනා....
මං කෙරුවා ....
මොනවද ....
ක්‍රිකට් ටීම් එකෙ උන්නා...ෆුට් බෝල් කෙරුවා ...හැබැයි වැඩිපුරම ක්‍රිකට් ....
එතකොට මෙයා...
මොකුත් කෙරුවෙ නෑ...
මං හිමීට උත්තර දුන්නා.....මේ හැම දෙයක්ම ඇහුවෙ ඩිෆියුටිය වෙනකොට අනදෙන නිලධාරියා වගෙ අනිකා සාක්කුවට අත් දෙක දාන් මාව කටු පිටින් කන්න වගේ බලාගන උන්නා....
ඇයි ඒ....
අකලෙට වැහි වහිනවා කියන්නෙ මේවට වෙන්න ඇති...මෙච්චර වෙලාම සනාශ්ගෙන් ප්‍රශ්න කරනකොට වචනයක් කතා නොකරපු හෙඩා මං මොකුත් කෙරුවෙ නෑ කියනකොට ඇයි ඒ ඇහුවා ...ඒකත් නිකන් මං හරියටම අපරාදයක් කරපු ගානට....
.මල්ලි මොකුත් කෙරුවෙ නෑ....
ඇයි කියල ඇහුවෙ...මේක ගම නෙවෙ...මේක ගමේ ඉස්කෝලෙත් නෙවෙ...ඉස්කෝලෙ වෙනුවෙන් මොකක් හරි තෝරගන්න වෙනවා...බෑ කියලා බෑ...සනාශ් මං ඔයාව ක්‍රිකට් ටීම් එකට දානවා....කැමති නම් ෆුට් බෝල් වෙනුවට බාස්කට් බෝල් වලට එන්න පුලුවන් .....
ඩිෆියුටියා....සනාශ් මං වෙනුවට ආයම පාරක් උත්තර දෙනකොට ඩිෆියුටියා හෙන දිග දේශනාවක් දෙනගමන් කැමති නම් බාස්කට් බෝල් වලට එන්න කිව්වා මං හිතන්නෙ කැප්ටන් හින්දා කලර්ස් පෙන්නන්න වෙන්න ඇති....
සයාශ් .....සයාශ් නේද නම.....?
ඔ..ඔව්...
ම්න්.....ඇයි මොනවත් නොකෙරුවෙ.....?
මං...මං ඩ්‍රාමා ටීම් එකේ උන්නා....
රගපාන එක නෙවෙ....මට ඕනෙ අනිත් පැත්ත...
මට සනීප නෑ.....
කොහෙටද.....ම්ම්?
මට පපුවෙ මහන්සිය...

අලුතෙන් එන උන් හැමෝටම පපුවෙ මහන්සිය අර්ශස් අමාරුව ඔක්කොම....තව ටික කාලෙකින් ඔසප් වේදනාවත් අල්ලාවි....
මං යටි තොල හපාගන ඩිෆියුටියා දිහා බැලුවා .....ඌට ඒ මගුල් වලින් වැඩක් නෑනෙ...මන් කිව්වෙ ඇත්ත...ඒ අස්සෙන් අනිකා අහනවා කොහෙටද සනීප නැත්තෙ කියලා .....
සමාවෙන්න .....ශෙනිරු.....මල්ලිට සනීප නෑ කියලා කිව්වෙ විහිලුවකට නෙවෙ.....අසනීප එක්ක විහිලු කරන්න තරම් අපි කවුරුත් මෝඩයො නෙවෙනෙ...එයාට පපුවෙ මහන්සිය....මං එන්න බෑ කිව්වෙ නෑනෙ.....මං එන්නම් කිව්වනෙ....එච්චරයි ....ආය වැඩි කතා ඕන් නෑනෙ...
සනාශ් එපා සනාශ් .....
මං ලොකූගෙ අත මිරිකුවා ....ලාවට හරි මූනෙ හිනාවක් ඉතිරි වෙලා තිබුන ඩිෆියුටියගෙ මූන සම්පූරනම වෙනස් උනා ඒක නිකන් හරියටම ඒකගෙ අනට පිටින් ගියා වගෙ වෙනකොට මෙච්චර වෙලාම මේ දිහා බලන් උන්න හෙඩා මගෙ ගාවට ආවා....
හෙට උදේ හයවෙනකොට ග්‍රවුන්ඩ් එකේ ඉන්න....හය කියන්නෙ හය ..හයයි පහවත්....හයට පහවත් නෙවෙ....හරි....
හෙට උදේ හය වෙනකොට ග්‍රවුන්ඩ් එකේ ඉන්න කියලා අන දීලා මගෙ දිහා බලන් උන්න හෙඩා සාක්කුවට අත් දෙක දාගනම ඩිෆියුටියවත් දාලා යනකොට ඩිෆියුටියා සනාශ් ගාවට ලන් උනා....
ගම හොරොව්පතානනෙ.....හොරොව්පතානෙ ලයින් මෙහෙට බෑ හරි....
උන් දෙන්නම යන්න ගියා....මමයි සනාශුයි ගල් ගැහිලා වගෙ බලන් ඉදලා අවසානෙදි මූනට මූන බලාගත්තා ....
අරූ අපි දෙන්නව ගෙන්න ගත්තෙ ඉස්කෝලෙකටද නැත්තන් මේ ෆෝසස් ට්‍රේනින් එකකටද..
මොකද සනාශ් කරන්නෙ.....
මොකද කරන්නෙ කියන්නෙ හය වෙනකොට වැඩලා ඉන්න වෙනවා...
මාත් එන්නම්....ආව මුලම ප්‍රශ්න දාගන්න බෑ ලොකූ...
චූටි මේ...තමුසෙ අප්පච්චිට හොරෙන් මැරතන් දුවලා පපුව අතේ අරන් ආවා මතකනෙ...තමුසෙ ඉන්නවා මං එන්නම්....මොකද ඌට ගියපු ඉස්කොලෙද....නෑනෙ...ඌ හෙඩා මිසක් පිනා නෙවෙනෙ .....
"ම්න්....ඇත්ත.. මං හෙඩා මිසක් පිනා නෙවෙ ...ඒත් හය වෙනකොට ඇවිත් ඉන්න....මං දෙපාරක් කියන්නෙ නෑ කාටත් . ...සයාශ්....."
න්...න්..නිර්වාන් ...
මාව සීතල වෙලා ගියා ...කොටිම්ම මාව උස්සල පොලවෙ ගැහුවා වගෙ උනා ....අරුන් දෙන්නා ගියා කියලා හිතාගන සනාශ් පුලුවන් තරම් උන්ට දෙහි කැපුවා වගේම දාලා ගියපු පොත ගන්න ඇවිත් උන්න නිර්වාන් සනාශ් කියපුදේට උත්තර දුන්නෙ මගෙ මූන දිහා...මගෙ ඇස් දෙක දිහා බලාගනම වෙනකොට මාව සීතල වෙලා ගියා ....එයා මගෙ නම කියපු විදිහට මාව ගල් ගැහිලා ගියා.....ඒක නිකන්....අනේ මන්දා.....මට ඒක කියන්නෙ තේරෙන්නෙ නෑ.....සයාශ් කියපු විදිහට මාව නිකන් උස්සලා පොලවෙ ගැහුවා වගේ උනා....ඒක තනිකරම අනක්...තනිකරම අනක් .....!
එයා යන්න ගියා...ඇස් කොනින් මා දිහා බලාගන යන්න ගියා ඒ එක්කම මං අතදිගෑරලා සනාශ්ගෙ පිට මැදටම ඩෑස් එකක් දෙනකොට ඌ ඇඹරිලා ගියා...
ආදර මල් පවනේ.....ඈ යන මේ ගමනෙ...
කව්දෝ...දන්නෙ ....කොහෙදෝ....යන්නෙ....අමන්දී....
අමන්දී...
සුගන්ධී....
නිමන්තී.....
පලවෙනි පීරියඩ් දෙකම හිස්.....සිංහල උගන්නන සර් කාරයා නැති තැන පන්තියෙ උන් තැන් තැන් වල කල්ලි ගැහිලා කොල්ලො ටික මුනු මුනු ගගා සිංදු කියන ගමන් උන්නා වගේම හෙඩාගෙ සීතල බැල්මටගල් වෙලා පන්තියට ආව මම මගෙ පුටුවෙන් ඉදන් කල්පනා කර කර ඉන්නකොට සනාශ්ලාගෙ පන්තියෙනුත් කොල්ලො තුන් හතර දෙනෙක් ආවා....ඒ විතරක් නෙවෙ...සනාශුත් ආවා...ඌට මේ හදිස්සියට ගැන්සියක්ම සෙට් වෙලා...මම වගේ නේ ඌ හරිම ඇක්ටිව්..මං වගෙ ලෙඩ කාක්කෙක් නෙවෙ.....ඌත් ගිහින් අර සින්දු කියන ගොඩේ ඉදන් සින්දුවක් කියන්න ගන්නකොට ආදර මල්පවනෙ කිය කිය උන්නු උන් ටික අර ඊයෙ පෙරාදා ආව රෝස බටිත්තිද ...රෝස පැටික්කිද මොන මගුලද කියන්න ගන්නකොට මම විතරක් කොට බිත්තියෙන් එහා..බලන් උන්නා..කොටිම්ම කියනවා නම්..හෙඩා උන්න සයන්ස් එක පැත්ත බලාගන උන්නා.....ඒ තත්පර ගානක් යනවත් එක්කම හැම සංගීත සාජ්ජයක්ම නැවතුනා...
මොකක්ද උනෙ...
මේසෙට වැදුන වේවැල් පාරක් එක්ක මාව උඩ ගියා.....
සර් කෙනෙක්...මොනවා උගන්නන නම කව්ද මේ මොකුත් නොදන්න මාව උඩ ගියා වගේම මෙ පන්තියට අදාල නැති 12හෙ කොමස් එකෙ උන් පවා අනුන්ගෙ පුටුවල ඉදගත්තා වගේම සනාශ් මගෙ පුටුවෙන් බාගෙක ඉදගත්තා ....දැන් මුන් ඔක්කොම අපේ පන්තියෙ උන්....
ආයුබෝවන් ...
ආයුබෝවන්...මොනවද දැන් තියෙන්නෙ??
......
මීක් නෑ...එකෙක් මීක් නෑ....අනිවාර්යයෙන්ම මේකා නෙවෙ වෙන්න ඕනා සිංහල සර්...නැත්තන් මොනවද දැන් තියෙන්නෙ අහන් නෑනෙ...මෙච්චර වෙලාම රෝස බටිත්තියො එක්ක පියාඹපු උන් ගොලු වෙලා ගියා වගේම වේවැල අතට ගත්තු සර් පන්තිය ඉස්සරහා එහා මෙහා කැරකුනා.....

(අයාන් ශ්වේත)
මොනවද දැන් තියන විශය...
සිංහල සර්...
.සාහිත්‍යද...නැත්තන් අද ව්යාකරනද.....?
සාහිත්‍ය.....
ඉස්සරහම පේලියෙ උන්න කෙල්ලෙක් කනට නෑහෙන ගානට වේවැල අතේ තියන් න්න සර්ට උත්තර දෙනකොට කොමර්ස් එකෙන් මෙහෙට ආව උන් තක්කු මුක්කු වෙලා උන්නා...උන් තක්කු මුක්කු වෙන එක කෙසේ වෙතත් මම බයේ උන්නා මොනවම හරි ප්‍රශ්නයක් අහලා ඒකට සනාශ්ට උත්තර බදින්න වෙයි කියලා .....
හරි....සිංහල සාහිත්‍ය නේ....පොත් ගන්නෙ නෑ .....එකෙක් පොත් අල්ලන්නෙ නැ...තමුන්ලා දැන් මෙතන සාජ්ජ දාගන උන්නෙ හොදට පාඩම් කරලා උන්න හන්දනෙ...එකෙක් පොත් අල්ලන්නෙ නෑ.....මං ප්‍රශ්න අහනවා.....මං අහන එකා උත්තර දෙන්න ඕනා.....වැරදුනොත්....මුලු පන්තියම ඔෆිස් එක ඉස්සරහා දනගස්සනවා ...හරි....
ඒක ඊටත් හපන්...මං මෙසෙ යටින් අත දාලා සනාශ්ගෙ අත මිරිකුවා...ඔෆිස් එක ඉස්සරහ දනගස්සනවා කියන්නෙ යකො...අරුන්ගෙ ලැබ් එක....ඊටත් චූටි අයියා ඉන්නෙත් එතන....ආව දවසෙම දනගහන්න උනෝතින්....
මං මොකටත් කියලා සනාශ් ගෙ අත අල්ලගනම ඉන්නකොට වේවැල අතේ තියන් උන්න සර් කාරයා ප්‍රශ්නෙ මතක් කරනකන් මං වටින් පිටින් මෙ මොන විශේ බාර ගුරාද හොයා ගත්තා....ඒකලු නාට්‍ය හා රංග කලාව් කරන්නෙ...මොන.මගුල උනත්....
හරි.....පලවෙනිම සංදේශ කාව්‍ය මොකක්ද....කව්ද ලිව්වෙ....ඔන්න ප්‍රශ්නෙ....
මං බිම බලාගත්තා .....උත්තරේ දන්නවා උනත් මං හිමින් සැරේ උත්තරේ නොදන්න සනාශ්ට උත්තරේ මිමිනුවා...වෙන මොකටවත් නෙවෙ...කරුමෙ කියන එක ඕනාවටත් වඩා අද දවස ඇතුලෙ අපි දෙන්නට පඩිසන් දුන්න හින්දා මං ඔලුව නවාගන අරූට මිමිනුවා...
ඔය ඔතන ඔලුව නමන් ඉන්න ළමයා...
...දෙවියන්ටම ඔප්පු වෙන්න...අද නම් මහ මූසලම දවසක්.....
බිම බලාගන උන්න මාව කරුමෙටම අහු වෙනකොට මම හිමීට ඔලුව උස්සලා මමද ඇහුවා...
ඔව්...ඔයා...අලුත් මූනක්.....නම මොකක්ද....
මං නැගිට්ටා.....අරු මගෙ පුටුවෙ ඉතුරු බාගෙ ඉදන් ඉන්නකොට මම නැගිට්ටා....නැගිටලා මගෙ නම කිව්වා...
සයාශ් ශෙහාර...
හරි...සයාශ්....දන්නවද ප්‍රශ්නෙට උත්තරේ....
දන්නව සර්....
මොකක්ද....
කාලි දාසඝෙ මේඝ දූතය.....
හරි...කාලි දාස කොහෙ කෙනෙක්ද.....
කාලිංඝ දේශයේ හරි උජ්ජේනියෙ හරි.....සමහරු කාශ්මීරෙත් කියනවා....
ම්ම්ම්...බොහොම හොදයි...හරි...වාඩිවෙන්න...එහෙම්ම.....එයා ගාවම ඉන්න අනිත් අලුත් මූන...
අනේ..දෙයියෙ...මං නිකන්ද කිව්වෙ අද මහ මූසල.දවසක් කියලා .....ජම්මෙ බේරන් ඉදගත්තු මගෙ සැනසීම නැත්තටම නැති උනා....ඊලග පාර නැගිට්ට්ටෙව්වෙ සනාශ්ව.....
නම මොකක්ද...
සනාශ් නිහාර....
සනාශ්...සයාශ්.....අයියයි මල්ලීද
ඔව් සර්.....
.හරි....සනාශ්..මට කියන්න බලන්න....සැලලිහිනි සංදේශෙ රචනා කෙරුවෙ කව්ද...මොන යුගේද...
මන් නම් නෙවෙ සර්...
මං ඔලුව මේසෙට ගහගත්තා .....අරූ ගත්තු කටටම සැලලිහිනය ලිව්වෙ ඌ නෙවෙ කියනකොට මුලු පන්තියම හිනා වෙනකොට මම.ලැජ්ජාවටම ඔලුව ගහගත්තා ..හරියටම මූ නම් මගෙ අයියා නෙවෙ කියන්න වගේ...
හරි විහිලු කාරය වගේ නෙ.....සැලලිහිනිය ලිව්වෙ තමුන් නෙවෙ..ඒක හරි....එහෙනම්....සැලලිහිනි සංදේශෙ තියන කවියක් කියනවා බලන්න....
අනේ....සනාශ්....දන්නෙ නෑ කියලා ඉදගනින්කො .....
මන් ඩෙස්ක් එකට මූන ගහන් අරූට ඉදගන්න කියලා මුමුනවත් එක්කම ඒකා මුලු පන්තියම සිහිසුන් කරවන ගමන් සැලලිහින් සංදෙශෙ කවියක් කියන්න ගත්තා ....
"සැලලිහිනියෝ.....
නුඹ දන්නෙ....නෑ....
සැලළිහිනියො....
නුඹ දන්නෙ....නෑ.....
පෙම් හිතක...සුවය....අදුනන්නෙ...නෑ...."
ඇති ...!!!!
යනවලා...මුලු පන්තියම ගිහින් ඔෆිස් එක ඉස්සරහා දනගගනවලා....යනවල කිව්වම අහල.....!

දනහගපියව්!!!!
හිහිම්.....ඔන්න දෙවනි කොටසත් දැම්මො...
හෙට බෝගම්බර එක්ක එන්නම්...සදුදට පුරුදු විදිහටම නරි පැංචා එක්ක වික්‍රමසිංහ එක්ක එනකන් පරිස්සමින් ඉන්ඩෝ....!!!
මම
Ferdeesha ❤️💚😘 ....