මොන මගුලක්ද සනාශ් උඹ ඒ කෙරුවෙ.....
ඇයි....සැලලිහිනි සංදේශෙ කවියක්නෙ කිව්වෙ..
උඹගෙ රෙද්ද.....තමයි....
කෙල්ලො කොල්ලො එක පෝ....ලිමට ඔෆිස් එක ඉස්සරහා දනගහන් ඉන්නකොට මන් අරූව පුලුවා....න් තරම් කෙනිත්තුවා .....එතනින් එහාට මෙහාට පාස් වෙන උන් අපි දිහා බැලුවෙ හරියටම පන්සලෙ පින් කැටෙ කඩපු උන් ගානට වෙනකොට කොයි මගුලටත් යැයි යැයි ගාන පබලු වැලක් බෙල්ලෙ අටවගත්තු පර්ස් එක කොයි වෙලෙත් කිහිල්ලෙ ගහගත්තු ජීවිතේටවත් ලමා කාලයක් තිබුනයි කියලා මතකයක් වත් නෑ වගෙ හැසිරෙන සමහර මිස්ලා කම්මුලට අත ගහන් තවත් මිස්ලා එක්ක කෝප්පෙ හේදුවෙ මුන්ව කවදාවත් හදන්න බෑ කියලා වෙද්දි අච්චරත් දෙයක් කියපු සනාශ් ඔලුවත් කස කස ඈනුම් යැව්වා ...ඒ විතරක් නෙවෙ ආව දවසෙ පැයක් යන්නත් කලින් ඌ ඌටම කියලා කාර්ඩ් එකකුත් හදාගත්තා ....."සැලලිහිනියා" කියලා ...
මං පුලුවන් තරන් මගෙ නිවුන්න උන සැලලිහිනියට දෙස් දෙවොල් තිබ්බා...අනේ ඌට නෙවෙ ගානක් උනේ ඌට විතරකුත් නෙවෙ....
දන්ගහන් උන්න උන්ටත් නෙවෙ ගානක් තිබ්බෙ....උන් එතනත් පෝලිමෙ ඉදන් අපේ එකාට තවත් අනම් මනම් කියනකොට මුගෙ පෙට්ටි හිනාවෙනුයි වක්කඩ කටටයි ආර්ට් එකේම උන් වසී වෙලා ඉද්දි අප්පච්චි ගෙ අනාගත ලේලි වෙන්ඩ මාන බලන එකියෙක්වත් මට ලාවට ලාවට වගෙ මීටර් වෙද්දි තවත් රවාගන ඉන්න ඇස් දෙකකුත් මං අහම්බෙන් දැක්කා.....
හෙඩා නේද....
ඔව්මයි.....පන්තියෙ ඉදගන ඒකා දනගහන් උන්න අපිදිහා මරාගන කන්න තරම් බැල්මකින් රවාගන උන්නා....
සනාශ්....
ම්ම්.....ඇයි...මොකද...
සනාශ් උන්නෙ එහා පැත්තෙ කොල්ලා එක්ක අපේ පරන ඉස්කෝලේ කෙරුවාව කියන ගමන් වෙද්දි හෙඩාගෙ උකුසු ඇස්වලට අහු උන මම සනාශ්ට වැලමිටෙන් ඇන්නා...
අර බලපන් අර අරූ...
මොකාද..
අර හෙඩා....
කෝ කෝ..කොහෙද ඕකා...
අර සයන්ස් එකේ....
මොකේද...
දහතුන සයන්ස් එක බලපන්...අර...
අම්මට සිරි....මූ මොකද පිලිකුල් භාවනාව කරනවා වගේ අපි දිහා බලන් ඉන්නෙ...අපි දිහාමත් නෙවෙ...මූ උඹ දිහාද කොහෙද චූටි බලන් ඉන්නෙ...
මොන මගුලට මා දිහා බලන්ඩද....
මං දන්නවද...උඹ දිහා මොන මගුලට බලන් ඉන්නවද කියලා ...
ලොකු බලපන් මගෙ ඇදුමෙ මොකක් හරි ඇදයක් තියනවද කියලා නැත්තන් කොන්ඩ කට් එකේ වත්...
හෙඩාගෙ ඇස් වලින් මූන හංගගත්තු මං පුලුවන් තරන් මගෙ ඇදුමෙ තියන වැරදි අඩුපාඩු තියනවද බල බල ඒවා හදන්න ගත්තා .....පැත්තට පීරපු කොන්ඩෙ පුලුවන් තරන් අතින් තද කෙරුවා ...මං නිකන් දැන් ලෙඩ කාක්කෙක් වගෙ...
මේක මහ මගුලක් උනානෙ.....ගමෙ ඉස්කෝලේ වත් මෙහෙම නාටක තිබුන් නැ....
ඒ ගමනෙ මේක ඇවිත් සිටි එකනෙ.....මුන්ගෙ තියෙන්නෙ පුදුම ලයින් තමයි...සමහර විට මුන් හිතනවද දන්නෙ නෑ අපි ගමේ කාක්කො දෙන්නෙක් කියලා .....
මමයි අරුයි බිම බලාගන කුටු කුටු ගගා ඉදල මං ආයම ඔලුව ඉස්සුවා....
නෑනෙ.....
අර රවාගන උන්න ඇස් දෙක නෑ...
බිම බලන් ඉදලා ආයම ඔලුව උස්සපු මම හෙඩා බලන් ඉන්නවද බලන්න සයන්ස් එක දිහා බලනකොට එතන උන්න අර බකුසු මුන තිබුන් නැති වෙද්දි මම ආයම සනාශ්ට වැලමිටෙන් ඇන්නා...
මේහ්.....
මොකද යකො කොයින් වෙලෙත් අනින්නෙ අනින් නැතුව කියකො...තෝ ඇනලම ඉලේ ගෙවෙනවා දැන්....
හිමින්...හිමින්...හිමින් කතා කරපන්කො සනාශ්...
ඇයි දැන් ඇන්නෙ....
අර අරූ නෑනෙ.....
හෙඩාද. ..
ම්ම්ම්ම්.....
ඔව්මයි ....ඒකා නෑ..සාපකාරයා...කොහෙ හරි යන්න ඇති.....
මායි සනාශුයි දෙන්නම ඇස් කරකව කරකව හිට්ලර්ගෙ පුනරුප්පතිය උන නිර්වාන්ව හෙව්වා....ඒත් එයා
තව දුරටත් ඒ පන්ති කාමරෙ කොහෙවත් නැතිව යනකොට ඇත්තමයි ඒ උකුසු ඇස් වලින් ගැලවුන මට පුදුමාකාර සැනසීමක් දැනුනා....
ඔයා පුලුවන් තරම් පේපර්ස් කරන්න නිර්වාන් ...
ම්න්....
බලන්න..තේර්‍ර්න්නෙ නැති තැනක් තිබුනොත් අහගන්නකො....
චූටි අයියා....
බිම බලන් බිම උන්න කූඹි දිහා බලන් උන්න මම එක පාරම ඔලුව ඉස්සුවා....මොකද එකක් චූටි අයියගෙ කටහඩ...අනික ඒ නම...නිර්වාන්.....
කූඹි ගුලක් දිහා බලන් කූඹි ගැන ගැන උන්න මම ඔලුව උස්සලා බලනවත් එක්කම මම එයාව දැක්කා....
චූටි අර.....
.....
.අර ඉන්නෙ අරූ අපේ චූටියා එක්ක....
සර් කියපන් මෝඩයො...උඹට ඔනෙ නෑකම් කියන්න ගිහින් තවත් වරුවක් දැනගහගන්නද ...
අමෝ...අමෝ...හිම්චි විසේසඥ්ඥයෙක්ද කොහෙද ...පොත අතේමයි.....
චූටි අයියා ගාව පොතක් තියාගන උන්න නිර්වාන් මොන මොනවදො අහගන්න ගමං ඉන්නවා දැක්කෙ මම විතරක් නෙවෙ....ඒකම සනාශුත් දැක්කා විතරක් නෙවෙ...මෙච්චර වෙලාම ඌට ඇන ඇන උන්න එකේ වාඩුව ගන්නද කොහෙද මගෙත් ඉල ඇටයක් අනිත් අතට නැවෙන්න ඇනපු සනාශ් මට නිර්වාන්ව පෙන්නුවා...
ඒ මූනෙ අහංකාර කම පිරිලා ....පොතක් අතේ තියාගන උන්න නිර්වාන් මොන මොනවදො අහනකොට මං බලාගන චූටි අයියා උනත් පුදුම උනන්දුවකින් අරූට පාඩම කියලා දෙනකොට මම බලාගන උන්නා...ප්‍රජනනය ගැනද දන්නෙ නෑ කියලා දෙන්නෙ....
අරූට ප්‍රජනනය ගැන වගේ කියලා දෙන්නෙ...නැත්තන් ඔච්චර උනන්දුවෙන් අහන් ඉන්නෙ නෑනෙ....
දෙවියන්ගෙ නාමෙට සනාශ් පොඩ්ඩක් හිමින් කියනවකො...
අනිත් මගුල් කොහොම අසමාන උනත් ටෙලිපති කියන දේ උපරිමේටම තිබුන සනාශ් මම හිතින් හිතපුදෙ කටින් කියනකොට මම ඒකගෙ අත මිරිකුවා..මොකද ඌ ඉපදෙනකොට ගන්ටාරයක් ගිලලා එලියට ඇවිත් තියෙන්නේ එතරම් ඒ කට සද්දයි.....
ඉතින් ඇත්තනෙ.....බලපන්..මුගෙ උනන්දුව...ගුරුවරු පස්සෙ දුව දුව යන්නෙ...අමෝ..අමෝ....හිම්චි සාෆි කෙනෙක්...ඕන් බලපන්...මං අද කිව්වා කියලා හිතාගනනින් මූ අර වද දොස්තරයා වගේ හොරෙක් වෙන්නෙ නැද්ද කියලා ..අනිවාර්යයෙන්ම ඕකා ප්‍රසව හා නාරි එකෙක් වෙයි...ම්ම්ම්....නැත්තන් ...දත් දොස්තරයෙක්.....
මම අහක බලාගන අහන් උන්නා....අරූ කුටු කුටු ගගා ඉවරයක් නැතිවම නිර්වාන්ට බනිනකොට මම බයේ උන්නා ඕකත් කලින් එක වගේ ඇහිලා ඒවටත් එක්ක මට හෙට උදේට වන්දි ගෙවන්න වේවි කියලා .....
සනාශ්....සයාශ්....ඇයි මේ...
චූටි අයියේ....ආව්....හ්හ්.....ඌ.....ආ..ස්..අඔරි....සොරි..සර්...
මං අරකගෙ ඇගිල්ලක් අනිත් අතට යැව්වා.....මෙච්චර වෙලාම පාඩම කියා දිදි උන්න චූටි අයියා දනගහන් උන්න ළමයි පෝලිමෙ උන්න අපි දෙන්නව දැකලා අපි ගාවට එනකොට නිර්වානුත් පස්සෙන් ආවා...උ මොන ලබ්බට එනවද. ආව නම් ආව පාඩුවෙ අහගන යන්නෙ නැතුව....ඊටත් මං බලාගන සනාශ් චූටි අයියෙ කියනවත් එක්කම ඒකගෙ අර බකුසු ඇස් දෙක පොඩ්ඩක් ලොකු වෙනවා.....හොද වැඩෙ...ඕකා දැන් වත් බය වෙයිනෙ.....
සයාශ් ඇයි මේ....
...
මම බිම බලාගත්තා .....
මගෙ ගාවට ආව ආරව් සර් ඇයි මේ අහනකොට අපේ එකාගෙ හපන් කම් කියන්න බැරි හන්දා මම කටවහගත්තා හැබැයි ඌ කට ඇරියා ....
මං මේ සැලලිහිනි සන්දේශෙ කිව්වා කියලනෙ මේ....
පෙට්ටි හිනාවත් දාගන ආයමත් අර දනගහපු උන්වත් හිනස්සවගනම සනාශ් උත්තර බදිනකොට මං හිමීට ඔලුව උස්සලා බැලුවා ...ආයමත් අර යකා මාව කන්න වගේ බලන් ඉන්නවනෙ...මුගෙ ඇස් වලට මොකක් හරි බලයක් තියනවදෝ දන්නෙ නෑ...අර සුපර්නැචුරල් ෆිල්ම් වල වගේ...අපි ඇදුම් ඇදන් උන්නට මුගෙ ඇස් වලට අපි ඇදුම් ඇදන් නැති විදිහට පේනවද කව්ද දන්නෙ....
තත්පරයක් යන්න කලින් මගෙ මූන රතු උනා වගේම මම ඉක්මනටම මගෙ අත් දෙකෙන් කකුල් මැද වගගත්තා ....මෝඩ කම් හිතුවා උනත් අද කාලෙ වෙන දේවල් එක්ක ඒකත් වෙන්න බැරි නෑ කියලා හිතපු මම හිච්චි සයාශ්ව අත් දෙකෙන් වහන් ආරව් සර් දිහා බැලුවා...
ඉතින්...සැලලිහිනි සංදේශෙ කොහෙද කොමර්ස් වලට...
මං උන්නෙ චූටිලාගෙ පන්තියෙනෙ චූටි අයියේ...නෑ...මං කියන්නෙ...සර්....
හරි හරි මං ගෙදර ආවම විස්තරේ අහගන්නම්...දැන් ඉතින් දනගහම්ම ඉන්න....
අරූගෙ කටට බ්‍රේක් නැතිවෙයි කියලද කොහෙද චූටි අයියා ඉක්මනටම ගෙදර ආවම විස්තරේ අහගන්නම් කියනවත් එක්කම දනගහන් උන්න උන් ටික අපි දෙන්නාදිහා බැලුවෙ හරියටම ස්වර්ගෙන් බැහැපූ දෙන්නෙක් ගානට වෙනකොට අපේ මෝඩයා ඒ ඔක්කෝටම ආරව් කියන්නෙ අපේ...අප්පච්චි ගෙ අක්කග් පුතා කියන එක බරකරලම කිව්වා....ඒ වෙනමොකටවත් නෙවෙ....කොයි වෙලෙට් රවාගන ඉන්න එකා ආය ආයම මොකක් හරි කියයි කියලා හිතලා වෙනකොට මං බලාගන එකත් පෙනෙන නොපෙනන ගානට ඔලුව වැනුවා....හරියටම " ආ..මුන් දෙන්නා අපේ සර්ගෙ මල්ලිලද " කියන්න වගෙ...
නිර්වාන්....තව මොනවා.හරි අහන්න තියනවද...
නෑ....මගෙ පොත ගන්න....
ආ....සොරි .....ආ ඔයාගෙ පොත....
ම්න්....
ආ නිර්වාන්.....
සර්....
චූටි අයියගෙ අතේ තිබුන පොත නිසාඅපි ගාවට ආව නිර්වාන් ආයම යන්න හදනකොට එයා නිර්වාන්ව ආයම නැවැත්තුවා.....
නිර්වාන් ..මේ ඉන්නෙ...මගෙ මල්ලිලා දෙන්නා...මේ දෙන්නා තවම මෙහාට අලුත්...මං වෙනුවෙන් පොඩ්ඩක් බලන්න.....
ඔය කෙරුවෙ...ඔය කෙරුවෙ ...හරිම අගෙයි චූටි අයියෙ...හරිම අගෙයි...ප්‍රීතී...ප්‍රීතී...
මගෙ මුනෙත් එක්කම ලේ හිදිලා ගියා.....චූටි අයියා අර බමුනට අපි දෙන්නව බලාගන්න කියනකොට ඒකා ඇහිබැම රැලි කරගත්තා .....මගෙ ගාව උන්න සනාශ් පොලවෙ පස් කන්න හැදුවා....
"ම්න්...."
එච්චරයි ....එච්චරම තමයි ආය හරි සර් මන් බලන්නම් සර් ඥන් පඥන් ගෑවිලි මොකුත් නෑ.....ම්න් ගෑවා අනිත් අතට යන්න ගියා.....
ටින් ටින්.....
පීරියඩ් එක ඉවර උනා....බෙල් එක වදිනවා ඇහුන අපි දනහිස් වල තිබුන වැලි පිහිදගන නැගිටිනකොට කෙල්ලන්ගෙ දනහිස් සමහරක්ගෙ රතු වෙලා තිබ්බා වගේම කොල්ලන්ගෙ දනහිස් ගාව දූවිලි පාරවල් රවුම් රවුම් හිටලා තිබ්බා....
කෝ...මෙහාට මෙහාට....
යන්න ගියපු අපි ආපිට පෝලිමට යනවත් එක්කම අපිව දනගස්සපු සර් කාරයා වේවැලත් අරන් අපි ගාවට එනකොට සැලලිහිනිය කියපු මගෙ නිවුන්නා හිමින් සීරුවෙ මගෙ පිටිපස්සෙන් හැංගීගන උන්නා.....
..කෝ..කොමර්ස් එකෙ උන් මෙහාට වරෙව්...
අද නම් පුකට බඩු හරි වගේ....සට පට සත්ත පඩි වෙන්න ගහන්නද කොහෙද යන්නෙ...චූටි අප්පච්චිට කියපන් අපි දෙන්නව ආපහු අර වන්නියටම අරන් යන්න කියලා ....
කෝ අර සැලලිහිනියා....ඒකා ආර්ට් එකේ නෙවෙනෙ.....අලුත් කොල්ලා කෝ ...
මගෙ පිටිපස්සෙන් උන්න සනාශ් අප්පච්චිට අපි දෙන්නව ආපහු වන්නියට එක්ක යන්න කිය කිය මුනුනවා එක්කම කොමර්ස් එකේ උන්න උන් දිහා හොදට බලපු සර් ආපහු සනාශ්ව හෙව්වා. ..නිකන් නෙවෙ.....අර කාර්ඩ් එකෙම්ම....
සර්...
මෙහාට...මෙහාට.....
සනාශ් කක්කුට්ටා වගේ පැත්තට පැත්ත ගිහින් කොමර්ස් එකේ උන් ගාවින් හේත්තු වෙනකොට මං බලාගන අනිත් එකීලට වඩා අපේ එකාට ඇල්ම බැල්ම දාපු අප්පච්චිගෙ ලේලි පට්ටම ගහන්න අදහස් කරන් ඉන්න එකියක් ඒකිගෙ රෝස පාට ලේන්සුවෙන් කට වහගත්තා ...අමෝ...අමෝ...ලමාතැනී.....
සර්.....
තව සංදේශ කීයක් විතර දන්නවද....?
.....
ගිරාව එහෙම පුලුවන්ද ...සැවුල් සංදේශෙ.....කොමර්ස් එකෙන් ආර්ට් එකට ආවෙ ඒකනෙ...නේ.....
මම මගෙ අත් දෙකේම ඇගිලි එකට ගුලිකරගත්තා ....අනේ මූගෙ කට හොද නෑ සර් .....එපා ඕකව මඩවන්න....
මගෙ හිත එහෙන් මෙහෙන් වැලපෙනකොට මං බලාගන අපේ දවස අන්තීම සවුත්තු කරන ගමන් ඩිෆියුටියා චෝක් කෑල්ලක් ගේන්නද කොහෙද ඔෆිස් එකට යනවා....
මේ...මචන්..මේ මොනවා උගන්න සර්ද....
ඩ්‍රාමා.....
අපේ එකා ගිරා සංදේශෙ වගේම සැවුල් සංදේශෙ ගැන උඩ බලාගන කල්පනා කරනකොට මම ළඟ උන්න එකාගෙන් මේ මොන සර්ද අහනකොට ඩ්‍රාමා කරන එකා කිව්වා විතරයි මට තවත් දාඩිය දැම්මා....මූ හන්දා මමත් ඇඩ්‍රස් නැති කරගන්නවා...
මොකද.....සැවුලා කියන්නෙ මොකාටද කියන්නවත් දන්නවද අඩුම ගානෙ...
කුකුලනෙ සර්...
මම බිම බලාගත්තා අරකිලා ආයම කැකිරි පලනවා...විශේශෙම්ම අර ලේලි පොඩ්ඩ...බලන් හිටපන් අපේ එකාව දෙයි ..මං බලාගන ඕකි තමා අර කොරියන් විප්ලවේ මුල් පුටුවෙ උන්නෙ..මේකි එක්ක යාලු උනොත්....අපේ එකාට වෙන්නෙ ඔප්පා...ඔප්පා ගගා ඉන්න..ඇරත් ඔය කොරියන් ඒවට වහ වැටුන උන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ලා අපේ උන් නෙවෙනෙ....උන්ගෙ අර කොරියන් උන් නෙ...තෙඋඩිච්චි ...උඹ ඕන එකෙක් හොයා ගනින්....
සනාශ් සැවුලා කියන්නෙ කුකුලටනෙ කියලා කියනකොට අරුන් ටික ආයම හිනා උනා...කොච්චර කොහොම සැර කෙරුවා උනත් සර්ගෙ මූනෙ හිනාවක් ඇදිලා තිබුනා උනත් සර් හැදුවෙ ඒක වහගන්න වෙනකොට මම සනාශ් මා දිහා බලනකන් උන්නා....මට ඕනා උනේ ඌව මෙතනින් එලවගන්න....ඒ අස්සෙන් චෝක් ගේන්න ආව ඩිෆියුටියත් හූනියම වගේ ඇස් හීනි කරන් බලන් උන්නා....ඇත්තටම මේ හෙඩාටයි ඩිෆියුටියටයි තියෙන්නෙ පුදුම මූසල අහංකාර මූනවල් දෙකක්...හිනාව කියන දේ කලදක් නෑ...මුන් හිනාව බෙදන වෙලෙ කොහෙ හරි ගිහින් ඉන්න ඇති....
හරි ..සැවුලා කියන්නෙ කුකුලට නම් කියනවකො බලන්න.....
කියන්නද සර්....
කියන්න කියලා තමයි කියන්නෙ...
හැබැයි ඉතින් ආය දන ගස්සවන්න බෑ...මට ඔස්ටියෝපොරෝසිස් .....
හා .කියනවකො බලන්න....
සනාශ්....ඇයි දෙයියනේ මෙහෙම.....
සනාශයා උගෙ පෙට්ටි හිනාව දානගමන් ඔස්ටියෝපොරෝසිස් කියනකොට මං බලාගන ඩිෆියුටියා ලාවට ඔලුව වනනවා..හරියටම මුන් දෙන්නා මහ වැදගැම්මකට නැති උන් කියන්නද කොහෙද .....
සනාශ්....එපා...
මං මිමිනුවා...මුමුනලා සර් දිහා බැලුවා..මට ඕනා සමාව අරන් මූව උගෙ පන්තියට එලවන්න උනත් මං හිතන්නෙ මට ඒක කරගන්න තරම් කාලයක් තිබුන් නැති උනා අරූ උගෙ සැවුල් සන්දේශෙ කියන්න ගත්තා....
කුකු...කුකූ.....
තා ..තා...තා ....
කලවෙට්ටි.....
කුකු...කූකූ
කම්බිලි පූචී තන්ගච්චී...
කුකු..කුකූ.....

ඇති...ඇති...නවත්තනවා..... ..නවත්තනවා.....
මං නලලට අත ගහගත්තා ..සැලලිහිනි සංදේශෙට හපන් උනා.....මූකට ඇරලම කුකු කූකු කියනකොට මං ඇරෙන්න ඉතුරු ඔක්කොම හිනා උනා...කිව්වට විස්වාස කරන්න අර මුඩුම මූන තිබුන ඩිෆියුටියා පවා...ඌ අපේ එකා දිහා බලන් උන්නෙ උගෙ ගෑනි දිහා බලන් ඉන්න ගානට වෙනකොට මං බලාගන ඌටත් හිනා ගියා වගේම මොනවදො මුමුන මුමුන උගෙ කොන්ඩෙත් හද හද ආපහු යන්න ගියා ....
තමුසෙව හරියන්නෙ කොමර්ස් එකට නෙවෙ.....ආර්ට් එකට...සෙක්ශන් එක මාරු කරලා එනවා ඩ්‍රාමා කරන්න...
අපො..අපො...සර්...මට නම් ඔය රගපාන වැඩ බෑ...මේ අපේ මූට පුලුවන් ....මූ දස්සයා....
සනාශ් කට පියවපන්....
මං අඩියට දෙකට ගිහින් අරූගෙ කට වහන්න හැදුවා ..
සර් මූ හොද නලුවා...
ඇත්තට...
ඔව්.....මූ එකපාරක් මනමේ කුමාරයට ..භ්භ්...භ්භ්..භ්භ්...
මං අත් දෙකෙම්ම අරකගෙ පෙට්ටි කට මිරිකුවා....ඒකා මනමේ කතාව එලියට අදිනව එක්කම මං සනාශ්ගෙ කට අත්දෙකෙම්ම මිරිකුවා උනත් මගෙ වාසනාව අද මගෙ ඇස් පනාපිට පෑලදොරෙන් පිටවෙලා එලියට දිව්වා...
සර්...මූ එකපාරක් මනමේ කුමාරයට ඉදලා....මනමේ කුමාරිව.....භ්භ්
....
සනාශ්.....!!
.මනමේ..කුමාරිව..දාල....වැද්දා...එක්ක.....පැනලා යන්න ගියා ..
මං දිව්වා...මං පස්සවත් නොබලා කෙලිම්ම පන්තියටම දිව්වා....."අමන ගති ඇති මෙවැනි අගනුන් අමන ගතී...ඇති මෙවැනි අගනුන්" කොටස මගෙ කන් අස්සෙ ආය ආය ඇහෙනකොට මම පෝලිමක් වත් නැතුවම පන්තියට දිව්වා...
පන්තියට ආව මම මගෙ පුටුවෙන් ඉදගන්නකොට මෙච්චර වෙලාම පහල උන්න උනුත් පන්තියට ආවා ...මෙතනින් පස්සෙ තිබුනෙ සුද්දගෙ බාසාව වෙනකොට මම එතනින් එහා මීක් නොගා අහන් උන්නා .....උගන්න දෙවල් මොනවා උනත් උගන්න මිස් දිහා බලන් ඉන්නවා ඇරෙන්න මට කියන මෙලෝ දෙයක් ඔලුවට ගියෙ නැති වෙද්දි මං ඉංගිසී මිස්ගෙ ලස්සන දිහා බලන් උන්නා...
මොකද මන්දා....මෙ හැම ඉස්කෝලෙම ඉංග්‍රීසි මිස් මෙච්චර ලස්සන.....මං හිතන්නෙ එච්චර වයසත් නෑ.... ...චූටි අයියගෙ වයස වගෙ ඇති...කොන්ඩෙත් රෝසිකට් කපලා හදලා....මූනෙ ලස්සන.....මං හිතන්නෙ මුලු ඉස්කෝලෙම උන් මෙ ඉංග්‍රීසි මිස් එක්ක ඊරිසියා ඇති....බැදලද දන්නෙ නෑ....අපෙ චූටි අයියත් තනිකඩ එකෙ....බැන්දනම් මොකද ....ඌට එපා නම්...මට වත්...අනේ....බන් ඔය ආදරේට කොහෙද වයස....ඇරත් ....අක්කි බබාලගෙ ආදරේ සදාකාලිකයිනෙ.....
මගෙ ඉන්ග්‍රීසි මිස්...!
සයාශ්...
ඔ..ඕ....
මොනවද තනියෙන් හිනා වෙවී කල්පනා කරන්නෙ.....ලියාගන්න.....
මාව ගැස්සිලා ගියා.....ඉංග්‍රීසි මිස් එක්ක අනාගතේ ගැන හිත හිත උන්න මට තනියෙන් හිනා ගිහින් මදිවට ඒක මිසුත් දැකල තිබුනා...

මොකක්ද මචන් ලියාගන්න කිව්වෙ....
මස්ගෙයි මගෙයින් වෙඩින් එක පවා ප්ලෑන් කර කර උන්න මට අනිත් පාර ලියාගන්න දුන්නෙ මොනවද කියන්නවත් දන්නෙ නැතිව මම ළඟ උන්න එකාගෙ පොත දිහ බලනකොට ඌත් මොනවදො කුරුටු ගාලා තිබ්බා වගේම ඉන්ග්‍රීසි අකුරු මැද නමක් ලියලා හාර්ට් එකක් ඇදලා තිබ්බා...
Nishela❤️...
නිශේලා....කව්ද නිශේලා කියන්නෙ...?
ඉංග්‍රීසිටීචර්ගෙ නම බන්...ඉගන ගන්න හිතෙනවද බලපන්කො....අවුරුදු ගානක මගෙ ක්‍රශ් එක...මගෙ...ආදරේ...හිමි .....කා.....රි.......ම්ම්ම්.....
මට පොලව පලාගන යන්න හිතුනා...දෙවියනේ ඒකියන්නෙ මට විතරක් නෙවෙ ඉංග්‍රීසි මිස් එක්ක පවුල් කන්න ඕනෙ...මුන් ඔක්කොටම ඉංග්‍රීසි මිස්ව ඕනෙ.....
පොතේ තිබුන නම දිහා බලපු මම උගෙ විජාබහු කතාව අහගන නිකමට කොල්ලන්ගෙ මූනවල් දිහ බලනකොට උන් ඔක්කොම ගෙවල යක්කු වගෙ "මගෙ ඉංග්‍රීසි මිස්"දිහා බලන් උන්න්න වගේම මම ඉක්මනට ඉංග්‍රීසි මිස් දිහා බැලුවා....
මුන්ට යක්කු වැහෙන් නැතුව තියෙයිද...තනිකරම බඩි බෝතලයක්නෙ....අනේ....දෙයියනේ.....ගුරුගීතෙ යතාර්තයක් වෙන්නද කොහෙද යන්නෙ....
උන් හැමෝම ඉංග්‍රීසි මිස්ට ලයින් කරන බව දන්න නිසාමද කොහෙද බොනික්කෙක් වගේ මිසුත් අර ටකස් ටකස් ගාන සපත්තු කුට්ටම් දෙක දාන් පන්තිය පුරාවටම නැලවි නැලවි ඇවිදිනකොට අපේ උන් මෙහෙ නාරිලතා මල දැකලා දැහැන් බිදගත්තු තවුසො වෙලා ඉන්නකොට මාත් සිල් බිදගත්තු තවුසෙක් වෙලා උන්නා....
අම්මාපා...මේ ඉන්නෙ මනමේ කුමාරි නම්...වැද්දවත් මරලා මාත් මැරෙනවා...
ටින්....යින්...ටින්....ටින්....
මගෙ මනමේ කුමාරි අපි හැමෝවම.අසරන කරලා කරලා යන්න ගියා....එතනින් පස්සෙ තිබුනෙ බකට් සබ්ජෙක්ට් වෙච්ච ආගම ඉතිහාසෙ සංගීතෙ ඩ්‍රාමා වෙනකොට පොත් ටික ගත්තු මම එහෙම්ම ඩ්‍රාමා සර් ඉන්න රූම් එකට ගියා..මායි තව හය දෙනෙක් ඩ්‍රාමා කරන්න උන්නා...එතනින් පස්සෙ පැරනි නාට්‍ය කලාව..නූර්ති ..නාඩගම්....මේ ඔක්කොම ගැන කියන හැටි මං අහන් උන්නා.....නැටුම් සංගීතෙ....නාට්‍ය...සමහර තැන්වලදි මේ විශයන් තුනම එකම ලක්ශ්‍යකට ආවා...
වේදිකා නාට්‍ය...වේදිකා නාට්‍ය ගී....ලංකාවට වේදිකා නාට්‍ය ගෙනාවෙ කව්ද....මේ හැම දේම සර් උගන්නකොට මං ඇහි පිල්ලමක් වත් නොගහා අහන් උන්නා...මොකද ...අවංකවම මම මේ විශයට පුදුම තරම් ආස උනා....සනාශ් කිව්වා වගේම මට හිනයක් තිබුනා....නලුවෙක් වෙන්න....මට හීනයක් තිබුනා....නලුවෙක් වෙන්න ඉගන ගන්න...ගමේ ගොඩේදි වෙසක් කාලෙට පෙන්නන නාට්ටි අනම් මනම් වරද්දන්නෙ නැතිව බලපු මට රගපාන්න ආසාව ගෙනාවෙ ගමේ පන්සලෙන් පෙන්නපු නාට්ටිමද මන්දා .....
.නලුවෙක් වෙන එක ලේසියි ..හැබැයි...හොද නලුවෙක්...ප්‍රශස්ත නලුවෙක් වෙන එක...ඇත්තටම හරි අමාරුයි....
මට ඕනෙ වේදිකා නාට්‍ය නලුවෙක් වෙන්න...ටීවි එකෙ රගපාන එකෙක් නොවී මට ඕනෙ සජීවීව රගපාන්න...
.
මං සර් කියන වචනයක් ගානෙම හරි ආසාවෙන් අහන් උන්නා...නාට්‍ය කලාව බිහි උනෙ කොහොමද මේ හැමදේම සර් අකුරක් නෑරම හරි හිමීට පැහැදිලිව කියනකොට මං අහන් උන්න.....
ලමයි....මේ නාට්‍ය කලාව ලෝකෙට ආවෙ කොහොමද කියලා දන්නවද ...?
.....
ලෝකෙ පලවෙනිම නාට්‍ය බිහිවෙන්නෙ දෙවියන් වගේම පුදපූජා ඇසුරු කරගනිමින් හරි...ලෝකයේ පලවෙනිම නාට්‍ය කලාව ආරම්භ වෙන්නෙ ග්‍රීසියෙ .....
ළමයි..මේ ග්‍රීසියෙ උන්නා..."දියෝනිස්"කියල් දෙවි කෙනෙක්...අමතක වෙනවා නම්...ඕනා කියලා හිතෙනවා නම් පොඩි නෝට් එකක් දාගන්න පුලුවන් හරි ....
මේ දියෝනිස් කියන දෙවියන් තමයි ඒ ගොල්ලො විස්වාස කරපු විදිහට සාපල්ලතාවට වගේම මද්‍ය සාරයට අධිපති වෙන්නෙ...එවගෙවම..මේ දියෝනීසියස්ව ශස්ස්‍රීකත්වයට අදිපති කියලත් අදුන්නන පුලුවන් ....හරි....
ළමයි..ග්‍රීසිය කියන්නෙ මිදි අස්වැන්න සරුසාර රටක්....මෙ ග්‍රීසියෙ මිදි අස්වැන්න නෙලුවට පස්සෙ ඒ මිදිවලින් වයින් හදනවා....ඔය රතු වයින් කියන්නෙ.....ඉතින් ඔය මිදිවලින් හදන වයින් බීලා බීමතින්.....නිරුවතින් පෙරහැරක් විදිහට පූජා පවත්තනින් පාරවල් වල සංචාරය කරනගමන් ඇවිදින එක මෙ ග්‍රීසියෙ තිබුන එක සාම්ප්‍රදායක්..... ඉතින් ඔතනදි ළමයි...."තේස්පීස්" කියන එක්කෙනා යම් කිසි උස් තැනකට...අපි හිතමු පොඩි කදු ගැට්ටකට.....නැත්තන් මොකක් හරි පඩියක් උසට...හරි.....යම් කිසි උස තැනකට නැගලා මම තමයි "දියොනීසියස්" කියලා තමන්වම අදුන්වාදීලා තියනව වගේම මේ තේස්පීස් කියන කෙන තමයි ළමයි ලොව ප්‍රතම නිරූපන ශිල්පියා විදිහට හදුන්වන්නෙ.....මෙ අනුව..ඔහුට ගෞරවයක් වෙනුවෙන් නලුවන් සදහා "තෙස්පියානුවෝ" කියලත් අදුන්වනු ලබනවා.....
එවගේම ළමයි....පලමුවන නාට්‍ය අද්‍යක්ශක විදිහට දෙවනි ජෝර්ජ් කියන එක්කෙනාව හදුන්වා දෙනවා.....
ඉතින් මේ නාට්‍ය කලාව හැදෙන්නෙ ග්‍රීසිය මූලික කරගන වගේම පස්සෙන් පහුවෙනකොට ළමයි මෙ ග්‍රීක නට්‍ය ටිකෙන් ටික ටිකෙන් ටික දියුනු වෙලා ඉතාමත් දියුනු නාට්‍ය කලාවක් බවට පත්වෙනවා...
ළමයි ග්‍රීක නාට්‍ය ප්‍රභේද ...විදිහට කැමති අය ලියාගන්න...
ශෝකාන්ත නාට්‍ය....ට්‍රැජඩි....
සුකාන්ත නාට්‍ය...කොමඩි
ප්‍රහසන නාට්‍ය සැටර් කියන ප්‍රබේද තුනකට බෙදෙනවා....
ටින්....ටින්....ටින්.....
ආයමත් බෙල් එක වැදුනා.....උගන්න උගන්න ඉන්න සර් කලු ලෑල්ලෙ ප්‍රභේද තුන ලියනකොට මාත් පාට පාට පෑන් වලින් තරු මල් ලකුනු අකුනු ඔක්කොම දාලා මම ලියන්න ඕන ටික ලියාගන්නවත් එක්කම බෙල් එක වැදුනා....
ඇති යාන්තන් ...ඉන්ටර්වල් එක...
මං පහලින් එනවත් එක්කම කැන්ටිමට යන්න ආව සනාශ් මාව හොයාගන ආවා වගේම ආයම උඩට නොයා අතේ තිබුන පොත් ටිකත් එක්කම මම ඌත් එක්කම කැන්ටින් එකට හැරුනා....
අම්මටම සිරි .....අර .....
උතුරනවා....
කැන්ටිම වටේට පොඩි උන් උතුරනකොට මායි සනාශුයි රිංගන්න තැනක් හෙව්වා...
චූටි උඹට මොනවද...
කල්කිරි එකයි බිත්තර රෝල්ස් එකකුයි ....
සල්ලි දියන්.....
මං පිටිපස්ස සාක්ක අත දාලා සීයෙ කොල දෙක ගන්නකොට අරූ ඒ දෙසියම ඇදගන කැන්ටින් එක පැත්තට දුවනකොට මම පැත්තකට වෙලා බලන් උන්නා....
හරියන් නෑ ලොකු නැන්දට කියන්න ඕනා මූටයි මටයි බත් එකක් වත් දෙන්න කියලා ..ඇයි යකො...දෙසිය ගානෙ දවස් පහට...නිකන්ද...ඇරත් බිත්තර රෝල්ස් වල බිත්තරෙ කහමදේ නෑ....සමහරදාට සුදු මදේ නෑ....සමහර දාට ඒ දෙකම නෑ...
මල්ලි...මෙහෙ වරෙන්.....
කොහෙද යන්නෙ....
කැන්ටිමට....
කීයක් තියනවද...
මම උන්නෙ සනාශ් එනකන්.....කැන්ටිම ගාවම තිබුන අරලිය ගහ යට උන්න කොල්ලො නඩයක් කැන්ටිමට ආව පොඩි උන් අල්ලන් කප්පන් ගන්න හැදුවා....අර පොඩි එකා අතෙ තියන දහයෙ කොල දෙක තියාගන ඇබරෙනකොට අරුන් ටික අර විස්සට විදින්න හැදුවා.....
අනේ..අයියෙ.....මුරුක්කු පැකට් එකක් ගන්න ගෙනාවෙ....
මොන මුරුකුද ගනින් ඔතනින් දහයක්.....මුරුක්කු කාලා උඹල මැරෙන්නද....
මොන මගුලක්ද .....මන්දා එදත් දහයක් ගත්තා...අදත් දහයක් ගත්තා..මං ගිහින් ටීචර්ට කියනවා....ඇයි ..යකෝ....
දුවපිය දුවපිය....ටීචර්ට කියලා ඉතින් උඹ ගෙදර යන්නද...
.මං බලාගන උන්න...අරූ අඩන්න ඔන්න මෙන්න....අතේ තිබුන දහයෙ කොලෙන් එකෙක් දහයක් උදුරගන්නකොට ඉතුරු දහය අතේ තියන් උන්න කොල්ල අඩන්න කට හද හද කැන්ටිම දිහාවට යන හැටි මං බලාගන උන්නා...
මෙව්වා අර ගෝතයො දෙන්නට පේන්නෙ නැද්ද දන්නෙ නෑ....
චූටි ඉදා....
ඉතුරු....
ඉතුරු නෑ යකො...බිත්තර ගනන් කියලා මේකත් සීයයි.....කල් කිරි එකත් සීයයි.....
උඹ මොනාද ගත්තෙ....
මාත් ඔව්වම තමා.....මං හිතන්නෙ කිකිලිගෙ පුක දැන් සෑහෙන්න ලොකු ඇති දහයට පහලවට දාපු බිත්තරෙ දැන් හැටට හැත්තෑවට දානහන්දා...මදැයි....
මම අතේ තියන් උන්න කල් කිරි එකෙන් උගුරක් බොන ගමන් කියව කියව යන සනාශ්ගෙ පස්සෙන් යන්න හැරුනා....
හැබැයි එච්චරයි ...හැරුන හැරිල්ලත් එක්කම මගෙ ගාවින් දුවපු කොල්ලෙක් මාව පෙරලගන යන්න හදනවත් එක්කම වැටෙන්න ගියපු මාව කාගෙ හරි ඇගක හැප්පුනා වගේම අතේ තිබුනෙ කිරි බෝතෙලෙන් බාගයක්ම මාව හැප්පුන එකාගෙ ඇගේ හැලුනා...
ස්...සමාවෙන්න...අනෙ...සමාවෙන්න....හිතලා.....හැලුවෙ...නෑ....සමාවෙන්න....
අතේ තිබුන කිරි බෝතලේ වැලි පොලවට වැටෙනවත් එක්කම මගෙ ගාව උන්න එක්කෙනාගෙ සුදු ශර්ට් එකේ පපුව පලාතම චොකලට් කිරිවලින් නෑවිලා තිබ්බා විතරක් නෙවෙ...පහලට පෙරුන කිරි කලිසම් ගොල්පිත් තෙමාගනම පහලට ගිහින් තියනකොට බය උන පාර මම කාගෙද කියලා මුනක් වත් නොබලම සාක්කුවෙ තිබුන ලේන්සුව අරන් සමාව ඉල්ල ඉල්ල එයාගෙ පපුව වගේම කලිසම පිහ පිහ පහලය එනවත් එක්කම එක පාරම ඒ හැප්පුන එකාමගෙ අතෙ මැනික් කටුව මිරිකලම අල්ල ගත්තා ....නිකන් නෙවෙ...රිදෙන්නම මිරිකලා අල්ලගත්තා .....
තමුන් ඔය මොකක්ද කරන්නෙ....
අම්මට සිරි මූ නිර්වානයගෙ ඇටෙත් එක්කම පිහදැම්මා නේද...!
.දෙවියනෙ....හෙඩා...කිරිබින්දු දෙක තුනක් මූනෙත් තිබුන හෙඩා.....සමාව ඉල්ල ඉල්ල අත් දෙකෙම්ම මං වැරදි තැනුත් පිහලා දාපු හෙඩා.....
න්....න්.....නිර්...වා...න්....
🥲ඥිර්වා.....ඥ්.....යැයි...යැයි.....!!!
හිහි .ඓයුස් දෙයියා එක්ක එනකන් පරිස්සමින් ඉන්ඩෝ...
මම
Ferdeesha ❤️💚😘 ...